IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ හිටපු ඇමැතිවරු ගැන තොරතුරු ජනපති කොමිසමට

(මනෝප්‍රිය ගුණසේකර)

පාස්කු ප්‍රහාරයට පෙර හා පසු ඇති වූ සිද්ධීන් වලට හා  මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිද්ධියට සම්බන්ධ හිටපු රජයේ ඉහළම ඇමතිවරු පිරිසකගේ ඇති සම්බන්ධතාවයන් පිළිබඳ තොරතුරු පාස්කු ප්‍රහාරය සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති කොමිසමට ලැබී ඇතැයි වාර්තා වේ.

කොමසමේ විමර්ශන කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව මෙම තොරතුරු කොමිසමට ලැබී ඇති බවත් ඉදිරියේදී එලෙස කරුණු අනාවරණය වන අදාළ ඇමතිවරු කොමිසමට කැඳවා ප්‍රකාශ ලබාගැනීමට කටයුතු කරන බවත් වාර්තා වේ.

පාස්කු ඉරිදා කතෝලික පල්ලි තුනකට හා ප්‍රධාන පෙළේ හෝටල් වලට මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් පුද්ගලයින් 300 කට ආසන්න පිරිසක් ඝාතනය කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් පත් කරන ලද ජනාධිපති පරීක්‍ෂණ කොමිසම එලෙස නියම කර ඇත.

අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා සභාපතීත්වය දරන මෙම කොමිසමේ සෙසු සාමාජිකයින් වන්නේ හිටපු අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන බන්දුල කරුණාරත්න , සුනිල් රාජපක්‍ෂ , හිටපු මහාධිකරණ විනිසුරු බන්දුල අතපත්තු සහ අධිකරණ අමාත්‍යංශයේ හිටපු ලේකම් එච්.එම්.එස්.අධිකාරී යන මහත්වරුන්ය.

කොමිසමේ ලේකම්වරයා වශයෙන් එච්.එම්.බී.පී.හේරත් මහතා කටයුතු කරයි.

කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පසුගිය සතියේදී කොමිසම හමුවේ සාක්කි ලබාදෙමින් මෙම පාස්කු ප්‍රහාරයට පසුගිය රජයේ හිටපු ප්‍රබල ඇමතිවරු දෙදෙනෙකුගේ ඇති සම්බන්ධතාවය කරුණු සහිතව ඉදිරිපත් කර ඇති අතර උන්වහන්සේ ප්‍රසිද්ධියේ මෙන්ම අප්‍රසිද්ධියේත් කොමිසම හමුවේ කරුණු අනාවරණය කර ඇත.

 



අදහස් (3)

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ හිටපු ඇමැතිවරු ගැන තොරතුරු ජනපති කොමිසමට

රවින් Sunday, 08 December 2019 03:20 PM

ඇදලා ගන්න එළියට... එතකොට ඔයගොල්ලන්ට දඬුවම් දෙන්නේ එ් ගොල්ලන්ගේම කට්ටිය මිස නීතිය නොවේ...

:       408       1638

මුණසිංහ Monday, 09 December 2019 01:09 AM

දැන් ඉතිං රාජපක්ෂලා අරහං කට්ටිය කියයි මෙකත් පලිගැනීමක් කියලා. දැන් නම් යහ පාලනයෙන් ලිස්සලා ඇරපු කට්ටියට ගැලවීමක් නෑ.

:       2       159

Devinda Uduwara Monday, 09 December 2019 02:38 AM

සහරාන්ට සෙටප් ගෙව්වයි කිව්ව දැන් සිටිය ඇමැතිවරයද කැඳවන්නේ?

:       124       220

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 560 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 1231 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 1419 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 876 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 234 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 2010 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1640 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site