IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


පාසල් අධ්‍යාපනය වසරකින් අඩු කිරීමේ යෝජනාවක්

(අකිල බද්දෙවිතාන)

පාසල් අධ්‍යාපන කාලය වසරකින් අඩු කිරීමට ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

මෙම යෝජනාවට අනුව සාමාන්‍ය පෙළ විභාගය 10 වසරේ දී  සහ උසස්‌ පෙළ විභාගය 12 වසරේ දී පැවැත්වීමට නිර්දේශ කර ඇත.

මීට අමතරව කොමිෂන් සභාව යෝජනා කර ඇත්තේ පාසල් යාමට පෙර සියලු දරුවන් රජයේ පාලනය යටතේ ස්‌ථාපිත කෙරෙන පෙර පාසල් සඳහා ඇතුළත් කර එකම විෂය නිර්දේශයක්‌ ඒවායේ ක්‍රියාත්මක කළ යුතු බවයි.

සාමාන්‍ය අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සඳහා සකස්‌ කරන ලද යෝජනාවලියට මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබ ඇති අතර මේ වනවිට අදාළ යෝජනා බලධාරීන්ට යොමු කර ඇතැයි ද සඳහන් වේ.

අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කර සිටියේ මෙම යෝජනා ජනපති, අගමැති හා අධ්‍යාපන ඇමැතිවරයාගේ මැදිහත්වීමකින් පසු සාකච්ඡාවට ලක් කර ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇති බවයි.



අදහස් (20)

පාසල් අධ්‍යාපනය වසරකින් අඩු කිරීමේ යෝජනාවක්

sachith Friday, 21 July 2017 09:09 AM

ඉතාමත් හොද තීරණයක්. මගේ නම් අදහස අවුරුද්දකින් අඩු කරනවට වඩා, පළමු ශ්‍රේණියට ඇතුලත් කරගන්න වයස අවුරුදු 5ක් කළා නම් හරි.

:       162       147

nuwan Friday, 21 July 2017 09:10 AM

මම නම් 10 වසරේදී ගොඩාක් දුර්වලයි O /L. ලිව්වා නම් වැඩ 8 වුණත් අසමත් වෙන්න පුලුවන් මම හිතන්නේ... මිනිසුන්ගේ මුලික දැනුම වර්ධනය වෙන්නේ අවුරුදු 16 ක් පහු වෙනකොටයි. තව අවුරුද්දක් වැඩි කලා නම් හොඳයි කියලයි මගේ අදහස...

:       103       545

shelta Friday, 21 July 2017 09:56 AM

ඔන්න ඔහේ ඉතිරි ටිකත් අඩු කරලා දමන්න... අර කුඹුරු ගොවි තැනට කළා වගේ

:       77       177

arunalu Friday, 21 July 2017 11:11 AM

තවත් ප්‍රස්නයක් හදාගන්න වගෙයි යන්නේ අම්මප මුන්ට මොලේ කියල එකක් ඇත්තෙම නැද්ද..?

:       132       140

wasantha Friday, 21 July 2017 11:27 AM

හොද වැඩක්

:       30       66

Nuwan Friday, 21 July 2017 11:45 AM

ඉතාමත් හොද තීරණයක්නි.නිකන් දෙන අද්‍යාපනය මේ රටට තවදුරටත් අනවශ්‍යයි. මුදල් ගෙවා අද්‍යාපනය ලබන රටවල දෙමව්පියන් දරුවන් දැඩි වගකීමෙන් කැපවීමෙන් එය ලබාගන්න මහන්සිවෙනවා,ඔවුන්ට නාස්තිකරන්න කාලයක් නැහැ, අද්‍යාපනය ප්‍රමිතියෙන් ඉහලයි අපට වඩා, අද්‍යාපනය සදහා ජනතාවගෙන් බදු ගසා වැයකරන මුදලට සාපේක්ෂව රටේ හැම ක්ෂේස්ත්රයකම මිට වඩා ඉතා විශාල වර්ධනයක් තිබෙන්න ඕන, මුදල් ගෙවා අද්‍යාපනය දෙන රටවලට සාපේක්ෂව. වෙනත් රටවල වයස 27 වෙද්දී PHDලබාගන්නවා, අපේ ළමයි 30 දීත් උත්ඝෝෂණ කරනවා නිදහස් අද්‍යාපනය රකින්න කියල

:       487       525

chathura Friday, 21 July 2017 12:21 PM

නුවන්, ඔබ ගැන මට හරි කණගාටුයි...

:       194       178

NuwanSaturday, 22 July 2017 06:47 AM

ඔබ මම ගැන කනගාටුවෙන්න එපා , මම බින්දුවෙන් පටන්ගෙන වසර 10ක් පිට රට වැඩකරලා ජීවිතය ජය අරගෙනඉවරයි , හැමදේම නිකන් දෙනකන් ඔබ හිතන විදියට හිතුවනම් අද මම නැහැ

:       100       202

susantha Friday, 21 July 2017 11:47 AM

එක බොහොම හොඳයි. බටහිර රටවල වයස 21-22 වෙනකොට උපාදිය ලබගෙනත් ඉවරයි, අපේ රටේ ළමයින්ට ඒකට අවුරුදු 24-25ක් යනවා පාසල් කාලය දිග වැඩි නිසා.

:       1       232

විජිත් Friday, 21 July 2017 12:18 PM

ඉගෙනගන්නා කාලය අඩු කරන තරමටම දරුවන් බුද්ධිමත් වීමේ ප්‍රවණතාවයත් අඩු වෙනවා.. එතකොට පාසලෙන් එළියට එන දරුවා බුද්ධියෙන් අඩු කෙනෙක්.. ඒ වගේ කෙනෙකුට මේ සමාජයේ ඇති විෂමතාවන් පිළිබඳව වැටහෙනවා අඩුයි.. දේශපාලකයින් කරන උප්පරවැට්ටි, දූෂණ මේ වගේ කෙනෙකුට තේරෙනවා අඩුයි.. ඒ නිසා රටේ නිතරම උද්ඝෝෂණ ඇතිවෙන්නේ නැහැ.. ඒ නිසා දේශපාලකයන්ට ඇති තරම් රටෙන් හොරා කන්න පුළුවනි...මිනිසුනේ ... මෙවැනි ජරා වැඩ කරන දේශපාලකයන් ඉන්න තවත් එකම එක රටක් මට කියන්න... ලැජ්ජයි...

:       82       1398

Sena Friday, 21 July 2017 12:31 PM

කාලෙකට පස්සේ හොඳ තීරණයක්. පාසල් පද්ධතිය තුල සිසුන්ගේ කාලය නාස්ති වෙනවා වැඩියි කියලා හිතෙනවා. මෙම කාලය තෘතීක අධ්‍යාපනයට යොමු කරන්න පුළුවන්. කොහොම වුණත් මෙය අධ්‍යාපන විශේෂඥයන්ගේ සහ වෙනත් අධ්‍යාපනය දියුණු රටවල අදහස් ලබා ගත්තොත් හොඳයි. අසාර්ථක ඉන්දියානු ක්‍රම නම් මෙරටට වැද්ද ගන්න එපා .

:       220       134

pereraSaturday, 22 July 2017 09:45 AM

1967 ඉඳන් අභ්‍යවකාශයට චන්ද්‍රිකා 100 ක් යවල, කිලෝමීටර් 16,000 යන්න සූර්ය මිසයිල් එකකුත් හැදුව කියන්නේ ඉන්දියාවේ ප්‍රථමික හා විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ මොකක් හරි අවුලක් තියෙනවා. ඥානය දියුණු කිරීම අතින් කප් ගසා ඉන්න අපේ අධ්‍යාපන විශේෂඥයන්ගෙන් ටියුෂන් ගන්න කියන්න ඕනේ.

:       0       2

gamini Friday, 21 July 2017 12:41 PM

ඉතාමත් වැදගත් තීරණයක්. හැකිනම් පිටරට වගේ සාමාන්‍ය පෙළ වලින් පසුව විවිධ ක්ෂේත්‍රයන්හි උපාධි පාඨමාලා හැදෑරීමට හැකියි.. ඒකට ක්‍රමවේදයක් හදන්න. වෛද්‍ය පාඨමාලාව ඇරෙන්නට..

:       124       37

CHANDRA WEERASINGHE Friday, 28 July 2017 09:59 PM

ශ්‍රී ලංකාවේ උපාධිවලට පිටරට වලින් තැනක් ලැබෙන්නේ විෂය දැනුම, දැනුම උපයෝගී කිරීම වැනි ක්ෂේත්‍ර වල නිපුණත්වයක් මෙම උපාධිධාරීන්ට ලැබී ඇති නිසයි. මුදලට උපාධි ලබා ගත්තවුන්ට ඔවුන් හා තරග කිරීමට බැරි නිසා අපේ දුප්පත් දරුවන්ට උපාධි ලබා ගැනීම වැළැක්වීමට දාපු බාධකයක් ලෙසයි අපි මෙම තීරණය සලකනුයේ !! කන්නන්ගර ශූරින් අපට දුන් නිදහස් අධ්‍යාපනය රැක ගැනීම මෙම පරම්පරාවේ වගකීමයි.

:       0       0

බද්රානි Friday, 21 July 2017 03:36 PM

වසර දහ තුනක් ඉගෙන ගෙන විශ්ව විද්‍යාලෙට සමත්වෙලා ජනතාවගේ මුදලින් පිනට ඉගෙන ගෙන ජනතාවට පීඩාවක් වෙන ලෙස සමාජය තුල මිලේච්ච ලෙස හැසිරෙමින් සමාජයට කරන හානිය දෙස බැලුවාම, වසර පහක අධ්‍යාපනය අපේ රටට හොඳටම ප්‍රමාණවත් කියලයි මට නම් හිතෙන්නේ. වර්තමාන විශ්ව විද්‍යාල ලාංකික තරුණ පරපුර දෙස විමසිල්ලෙන් බැලුවොත් පැහැදිලි වෙයි..

:       812       373

Sanath DubaiFriday, 21 July 2017 07:38 PM

මට හිතෙන්නේ බද්රානි 5 පන්තියෙන් ඉහලට ඉගෙනගෙන නැතුව ඇති. ඒ නිසා තමයි උගත් කමට ගරහන්නේ. උසස් පෙළ විභාගයෙන් පසු ප්‍රතිපල නිකුත් කිරීමට හා විශ්ව විද්‍යාලයට ඇතුලත් කර ගැනීමට ගත වන කාලය අඩු කිරීම තුලින් වයස 23, 24 වන විට උපධිදරියෙක් බිහි කිරීමට උත්සහ කිරීම තමා වඩා හොද.

:       81       410

gayan Friday, 21 July 2017 08:28 PM

අදහස ටිකක් හොදයි .... මට නම් හිතෙන්නේ මේක ආණ්ඩුවේ වියදම අඩු කර ගන්ඩ කරන දෙයක් කියල... කොහොම උනත් අවුරුදු දෙකක් යනකොට මොලේ 98% වර්දනය වෙලා ඉවරයි ඒ නිසා අවුරුදු 5න් ඉස්කෝලේ පටන් ගත්තට කමක් නැහැ .... පොඩි අවුලකට තියෙන්නේ අවුරුදු 14 -15 ළමයෙක් තමන කැමති field එක තීරණය කරන එක.... එක අවුරුදු 18 -20 ළමයෙක්ටත් අමාරු දෙයක් .... එහෙම උනාම බාහිර බලපෑමට තීරණය වෙනස් වෙනවා .... පස්සේ ජීවිත කළෙම අපි කැමති නැති දෙයක් කරනව ....

:       11       24

nimal Saturday, 22 July 2017 02:04 AM

පාසල් යන වයස අවුරුදු 6ක් කලොත් හොඳයි.

:       21       1

sena Saturday, 22 July 2017 04:10 PM

හැම පැත්තක්ම හොයා බලා ගතයුතු තීරණයක්. ඉන්දියාවේ නම් අවරුදු 22 වනවිට දොස්තරකෙනෙක් වෙලා එලියට එන්න පුළුවන්. කොහොම නමුත් පාසල් යන කාලය අඩු කරනවාට කලින් අවදානය යොමු කළයුතු ප්‍රධාන කරුණු බොහොමයක් තියෙනවා උදාහරණයක් හැටියට 1. විශ්ව විද්‍යාලයට තේරිලා ඇතුලත් වෙන්න තියෙන කාලය අඩු කිරීම 2. රජයේ විවිශ්ව විද්‍යාලයට තේරෙන්න බැරි ළමයින්ට විකල්ප පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන ඇති කිරීම 3. අධ්‍යාපන කටයුතු නිම කරන තරුණ තරුණියන් සදහා රැකි රක්ෂා ඇති කිරීම ආදිය ගන්න පුළුවන්

:       0       1

manampery Wednesday, 26 July 2017 06:46 AM

අනේ මන්දා මේ රටේ බංකොලොත් නැත්තේ මොනවද? ඉතිරි වෙලා තියෙන මේ වගේ ඒවත් වනසලා දාන්න දීලා අපි බලන් ඉමු..

:       1       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 62 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 240 0

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 54 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 60 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


අනුර- සජිත් පොඩි ළමයි
2024 අප්‍රේල් මස 19 541 0


වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 3259 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site