IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


පාවිච්චි කළේ එක තුරුම්පුවයි - තව රැසක් තිබෙනවා

(අජන්ත කුමාර අගලකඩ)

තමා පාවිච්චි කළේ එක තුරුම්පුවක් පමණක් බවත් අවශ්‍ය වුවහොත් පාවිච්චි කිරීමට තවත් තුරුම්පු බොහෝමයක් තිබෙන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (8) රාත්‍රී පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාවේදී හා සමස්ත ලංකා කාරක සභාවේදී ප්‍රකාශ කර ඇත.

තමන් ගෙන ඇති තීන්දු තීරණ කිසිම හේතුවක් මත අතරමග නතර නොකරන බව බවසා ඇති ජනාධිපතිවරයා ඒවා ආපස්සට ගන්නේ නැති බවද සඳහන් කර තිබේ.

ලබන 14 වැනිදා පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ වැඩ පිළිවෙළට සහයදෙන ලෙස එක්සත් ජතික පක්ෂයෙන් ඉල්ලීමක් කරන බව පවසා ඇති ජනාධිපති සිරිසේන මහතා එසේ නොකරන්නේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් නීතියටත් එකඟව කළහැකි තුරුම්පු ළඟ තිබෙන බවද පවසා ඇත.

එම වැඩ පිළිවෙළට සහය දෙන්නේ නම් මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුපද බේරාගෙන පාර්ලිමේන්තුවේ සම්පූර්ණ කාලය ගත කිරීමට හැකි වන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කිසිඳු අවශ්‍යතාවයක් නැතැයිද ජනාධිපති සිරිසේන මහතා ප්‍රකාශ කර ඇත.

තමා මෙතෙක් ගත් තීන්දු තීරණ සියල්ල ගත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් නීතියටත් අනුව බව පවසා ඇති ජනාධිපති සිරිසේන මහතා ඒ සඳහා නීති විශාරදයින්ගේ හා ව්‍යවස්ථාවේ විශාරදයින්ගෙන් උපදෙස් ලබා ගත් බවද සඳහන් කර ඇත.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ තරුණ මන්ත්‍රීවරුන් පිරිසක් තමා හමුවීමට අවස්ථාව ඉල්ලා ඇතැයිද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

එක්සත් ජාතික පක්ෂය මන්ත්‍රීවරුන් තබා ගැනීමට ඔවුන්ට මුදල් දෙන බවට තොරතුරු ලැබී ඇතැයි ජනාධාපතිවරයා සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව සහ සමස්ත ලංකා කාරක සභාව බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ අද රාත්‍රීයේ පැවැති අතර හිටපු අගමැති දී.මු ජයරත්න,15 දෙනාගේ කණ්ඩායමේ මන්ත්‍රීවරුන් සියලු දෙනාද සහභාගි වී ඇත.



අදහස් (33)

පාවිච්චි කළේ එක තුරුම්පුවයි - තව රැසක් තිබෙනවා

Nishantha Thursday, 08 November 2018 05:12 PM

ඔබතුමා පක්ෂය ආරක්ෂා කරන්න ගිහින් 2015දී අපි බලාපොරොත්තු වූ සියලුම දේවල් විනාශ කරලා දැම්මා...

:       0       0

sathya liyanage Thursday, 08 November 2018 05:30 PM

ලෝකයාට විහිළු සපයන ලෝකයේ තිබෙන එකම රට සිරි ලංකාවයි. මෙවැනි සිදුවිම් දෙස බලා විදේශ රටවල් ලංකාවේ අනාගතය ගැන කුමක් කියාවිද? මේ නායකයා කියපු කියන කිසිවක් විශ්වාස කළ හැකිද?

:       0       0

Manoj Thursday, 08 November 2018 05:31 PM

ඡන්දයක් එනකම් ඉන්න... අපේ තුරුම්පු පෙන්නන්නම්...

:       0       0

Sundar Thursday, 08 November 2018 05:34 PM

ගමරාලට ගිය කලක්....

:       0       0

lalith Thursday, 08 November 2018 05:37 PM

මේ ගොල්ලෝ බූරු ගහනවා. අපි තැලෙනවා.

:       0       0

nihal Thursday, 08 November 2018 05:42 PM

පැයකින් යනවා කියපු තුරුම්පුව මතක නැති කරන්න එපා..

:       0       0

Nandalal DE SILVA - France Thursday, 08 November 2018 05:47 PM

මෙයාගේ අලුත්ම කයිවාරුව "තුරුම්පුවද"? වසර තුනහමාරක් තිස්සේ ගුවන් තොටුපොළේ ගේට්ටු වහලා රටේ වටිනා සම්පත් පිටරට තැන්පත් කරපු අපරාධකාරයන් කීදෙනෙක් අල්ලා ගත්තද? කී දෙනෙකුට මඩු වලිගයෙන් තැලුවාද? පොළව පලාගෙන නරකාදියට ගිහින් අපරාධකාරයන් කීදෙනෙක් මෙලොවට ගෙනාවද? දැන් ඒවගේම එක්සත් ජාතික පාක්ෂියකයන් භේදභින්න කර ඔබගේ තුරුළට ගන්න හදනවාද? "විශ්‍රාම පගාව" මුලට දමා මන්ත්‍රීවරුන්ගේ හිතේ භීතිය ඇතිකර ඡන්ද හූරාගැනීමේ ප්‍රයත්නයක ජනාධිපතිවරයෙකුට නොගැලපෙන නීච ව්‍යායාමයක යෙදෙන්නේ බයට මිස වෙන මොන බම්බුවකටද? රනිල් අගමැතිතුමාට සෑහෙන්න අපහාසකර ඒ මදිවට එතුමා මහනායක හිමිවරුන් සහ කාදිනල්තුමා මුණ නොගැසීම ගැන කතාකලේ... ආගම් සහ එතුමා අතර භේද ඇතිකිරීම සඳහා නොවේද? එවැනි තුට්ටු දෙකේ කතා, පදවියේ සිටින ඔබ වැනි ජනාධිපතිවරයෙකුගේ කටින් මිස ගමේ ගොඩේ නූගත් අය බීගෙන සද්දේ දාන වෙලාවටවත් අප අසා නැත! අපට ඔබ ගැන දුක නැත... දුක ඇත්තේ ඔබව ඔතැනට ඔසවා තැබූ අසරණ ඡන්ද දායකයන් ගැන පමණි...! ඔවුන්ට ඔබේ අවංකභාවය ගැන අමුතුවෙන් ඉගැන්වීමට දෙයක් දැන් ඉතිරිවෙලාත් නැත. දෙවැනි ජනපතිවරණයකින් ඔබගේ ජය ගැන සිහින මවන්නත් එපෝ...!

:       0       0

Bamunuarachchi Thursday, 08 November 2018 11:23 PM

රට වෙනුවෙන් ගත් තීරණ එලෙසම තියා ගන්න

:       1040       586

nishanMonday, 12 November 2018 08:03 AM

තියෙන තුරුම්පු ඔක්කොම රටේ ජනතාවගේ කෝපය තමුන්ට එරෙහිව නැගී එන තුරුම්පු වීම තමයි ප්‍රශ්නේ.

:       0       2

Rayantha Friday, 09 November 2018 12:29 AM

එහෙමයි

:       142       9

dhamneth Friday, 09 November 2018 01:35 AM

ඔබතුමාගේ ඔය තුරුම්පු බඩු මිල අඩුකිරීමට රජයේ සේවකයින්ගේ හා විශ්‍රාමිකයින්ගේ වැටුප් වැඩිකිරීමට, නිවාස හා ඉඩම් ප්‍රශ්න විසදීමට වාහනවලට අයකරන අධික බදුබර අඩු කිරීමට යොදවන්න. අපේ ඡන්ද ලබන වරත් ඔබතුමාටම දෙනවා.

:       356       198

Sampath Friday, 09 November 2018 01:46 AM

ඒත් රට නම් පස්සට යන්නේ.

:       8       673

ලුම්බිණි Friday, 09 November 2018 01:51 AM

තමන්ගේ වැඩ පිළිවෙළට සහය දෙන්නේ නම් මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුපද බේරාගෙන පාර්ලිමේන්තුවේ සම්පූර්ණ කාලය ගත කිරීමට හැකි වන බව කියන එක අඟවන්නේ වෙනත් පැත්තක් නේද?

:       8       542

Ayesha Friday, 09 November 2018 03:18 AM

ජනාධිපති තුමනි, පලමුව පාර්ලිමේන්තුව රැස්කර පසුව ඔක්කොම තුරුම්පු ගහන්න,

:       10       947

Neel Perera Friday, 09 November 2018 07:06 AM

කතාවලින් තේරෙන්නේ ලොකු පීඩනයක සිටින බවයි... කිවයුත්තේ මොනවද? නොකිය යුත්තේ මොනවද? කළ යුත්තේ මොනවද? නොකළ යුත්තේ මොනවද? කියා තෝරා බේරාගන්නට නොහැකි තරමටම උග්‍රව පීඩා විඳිමින් ඉන්නේ... දැන් එය පලිගැනීමකට පරිවර්තනය වෙමින් තිබෙනවා. මෙවැනි තනතුරකට අවශ්‍ය ඉවසිලිමත්බව සහ උපෙක්ෂා සහගත බව ⁣නොමැති කෙනෙක් බව හොඳින් වැටහේ...

:       0       0

Pradeep Friday, 09 November 2018 07:07 AM

රට කියන්නේ බූරු පිටියක්ද? තුරුම්පු ගහන්න...

:       0       0

Daham Friday, 09 November 2018 07:30 AM

තුරුම්පුව ගහගන්නවා ????.

:       0       0

ruchi Friday, 09 November 2018 08:48 AM

විධායක බලතල ජනාධිපතිට පවරලා තියෙන්නේ අවශ්‍ය වූ කළ පවිච්චි කිරීමටයි. නැතිව හමස්පෙට්ටියේ තැබීමට නොවේ. ඔබතුමා ගත් තීරණය ඉතා නිවැරැදියි. රට වෙනුවෙන් නිසි තීරණ අරගන්න. අපි ඔබතුමා සමගයි.

:       0       0

ජගත් Friday, 09 November 2018 08:50 AM

හෑ... අපි හිතුවේ සමනළ සංධ්වනිය ඉවරයක් වුණා කියලා...

:       0       0

Kumara Friday, 09 November 2018 08:50 AM

අවුරුදු තුනහමාරක් ගහපු තුරුම්පු වලප්‍රතිඵල තමයි මේ දකින්නේ..

:       0       0

kalang Friday, 09 November 2018 10:06 AM

මේපාර පාවිච්චි කරේ බූරුවා කොලේ වෙන්ට ඇති.

:       66       481

weerakoonFriday, 09 November 2018 11:19 AM

නොකියා කියන්නේ ...කියලද?

:       0       0

SisiraFriday, 09 November 2018 11:37 AM

මන් ළඟ තියෙන්නෙත් බූරුවා කොලේ විතරයි මචන්...

:       0       0

BamunuarachchiSaturday, 10 November 2018 12:14 AM

ඔන්න එහෙනම් හාරත අසියා ගැහැව්වා!

:       0       0

sameera Friday, 09 November 2018 10:08 AM

තුරුම්පු හොයනවා රනිල්ට ගහන්න. 2015 ජනාධිපතිවරණයේ පැල්මඩුල්ලේ රැලියේ වීඩියෝ එක තියනවා නම් බලන්න. කාටද ඔය සැලසුම් කරලා ගහන්නේ කියල මතක් වෙයි.

:       0       272

rocky Friday, 09 November 2018 11:09 AM

ගහන්න.. ඔක්කොම කුජීත වෙලාම යන්න! හැබැයි, තුරුම්පු කියලා ජෝකරයව ගහන්න එපා!

:       0       78

mf Friday, 09 November 2018 11:29 AM

මොන තුරුම්පු ගැහුවත් 2020 වෙනකම් විතරයි. ඊට පස්සේ කුට්ටමයි, පැදුරයි දෙකම නැතිවෙයි.

:       0       0

Pablo Friday, 09 November 2018 12:26 PM

තුරුම්පු ටික පොළොවේ ගහන්න...

:       1       15

Ade Appa Friday, 09 November 2018 01:31 PM

දැන් එතකොට ප්‍රෙස් කරන්නේ සූදු කෙළින එකද? තුරුම්පු පාවිච්චි කරලා...

:       0       0

Bamunuarachchi Saturday, 10 November 2018 12:11 AM

කොලේවහලා ගහල අලියා කුජීත කරන බව හැමදාම බූරු ගහන බව මම දැනගෙන හිටියා.

:       0       0

Rohana Saturday, 10 November 2018 03:36 AM

හරියට හරි. ඔන්න ඕක කියපුදාට පහුවදාම ඊළඟ තුරුම්පුව ගැහුවා.

:       0       0

Carlton Saturday, 10 November 2018 04:28 AM

මහත්තොයෝ තුම්පු ඔක්කොම හරි පාවිච්චි කරලා ඔය මහා බැංකු හොර එලවන්න

:       0       0

banispaala Saturday, 10 November 2018 06:25 AM

ඔබතුමාගේ ඔය තුරුම්පු ටික හොඳින් රෝල් කරලා කොහේහරි ගහගත්තා නම් ඉතාමත් වටිනවා.

:       1       79

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 198 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 910 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2313 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1601 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 934 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 2175 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1440 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site