IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


පාලම් පිපිරවීමේ සැලැස්මක්

ඒ.එෆ්.පී. පුවත් ඇසුරිනි - (3 වැනිදා කොළඹ)

x          බුද්ධි තොතුරු ලැබුණ බව පොලිසියෙන් තහවුරු කරයි

x          ”මේ තර්ජනය ඉවරයි කියලා කියන්න බෑ” - රාජිත

x          තවත් ”ත‍්‍රස්තවාදීන් හතර දෙනෙක්” සොයා මෙහෙයුම්

x          විදේශීය බුද්ධි අංශ වලින් උපකාර

 

ඉස්ලාමීය අන්තවාදීන් විසින් කොළඹ නගරයට ඇතුළු වන පාලම් පුපුරුවා හැරීමට සූදානම් වන බවට පොලිසියට තොරතුරු ලැබී ඇතැයි බලධාරීහු කියති. පාස්කු ඉරිදා කළ බෝම්බ පිපිරීම් මාලාවට අනුබද්ධ තවත් බොහෝ කුමන්ත‍්‍රණ ඇතැයි ද ඔවුහු අවවාද කරති.

පොලිස් දෙපාර්තමේන්තුවෙන් කළ විමසීමකදී ඔවුන් කියා සිටියේ මේ සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙස කොළඹ ආසන්නයේ පිහිටි සියලූම පොලිස් ස්ථාන වලට දන්වා ඇති බවත් ගංගා සහ පාලම් ආරක්‍ෂා කරගැනීම සඳහා වැඩි වැඩියෙන් යාත‍්‍රා යොදවන ලෙස නාවික හමුදාවට දැනුම් දී ඇති බවත්ය. පොලිස් දෙපාර්තමේන්තුවට ලැබී ඇති බුද්ධි තොරතුරු වලින් වාර්තා වන්නේ කොළඹ නගරයට ඇතුළු වන පාලම් කිහිපයක් පුපුරුවා හැරීමට සැලසුම් කර ඇති බවයි.

පාස්කු ඉරිදා කළ ප‍්‍රහාරයෙන් 257 දෙනෙක් මියගිය අතර 500 කට ආසන්න පිරිසක් තුවාල ලැබූහ.

ජිහාද්වාදීන්ගේ ත‍්‍රස්තවාදී කි‍්‍රයා මැඩ පැවැත්වීම සම්බන්ධීකරණය සඳහා ආරක්‍ෂක හමුදා විසින් ඒකාබද්ධ අණදෙන මූලස්ථානයක් ස්ථාපිත කර තිබේ. මේ අතර යුද හමුදා ප‍්‍රධානීන් පවසන්නේ සෝදිසි මෙහෙයුම් සඳහා වැඩි වැඩියෙන් හමුදා සොල්දාදුවන් යොදවා ඇති බවයි.

පසුගිය දින කිහිපයේදීම විශේෂ සෝදිසි මෙහෙයුම් කි‍්‍රයාත්මක කළ ආරක්‍ෂක හමුදා දිවයිනේ ස්ථාන රැසකින්ම පුපුරණ ද්‍රව්‍ය මෙන්ම අවිආයුධ රැසක් අත්අඩංගුවට ගත්හ. එහෙත් නිල වාර්තා වලින් කියැවෙන්නේ මෙම ආයුධ අපරාධ අල්ලි වලට අයත් නමුත් ජිහාද්වරුන්ගේ ඒවා නොවන බවකි.

”යුද හමුදාවත් අනෙක් ආරක්‍ෂක හමුදාත් එක්ව, පොලිසියේ ද සහයෝගය ඇතිව විශේෂ සෝදිසි මෙහෙයුම් දිගින් දිගටම කෙරෙනවා. ත‍්‍රස්තවාදීන්, ඔවුන්ගේ සැඟවෙන තිප්පොළවල්, පුපුරණ ද්‍රව්‍ය සහ ආයුධ මෙන්ම අනෙකුත් යුධෝපකරණ සොයනවා. ඒත් මේ වෙලාවේ තියෙන අවශ්‍යතාව අනුව තව තවත් සොල්දාදුවන්  ඕනෑ කරනවා” යයි යුද හමුදාව විසින් නිකුත කරන ලද නිවේදනයක සටහන් වේ.

කුඩා කැරළිකාර කණ්ඩායම් කිහිපයක් තවත් ප‍්‍රහාර කිහිපයකට සූදානම් වන නමුත් පාස්ක ඉරිදා බෝම්බ ප‍්‍රහාර මාලාවෙන් පසුව අන්තවාදීන් සොයා කළ මෙහෙයුම් ඉතාමත් සාර්ථක වී තිබෙන බව රජයේ ප‍්‍රකාශක රාජිත සේනාරත්න මහතා පවසයි.

”මේ තර්ජනය ඉවරයි කියලා කියන්න බෑ. ඒත් අපි තත්ත්වය හොඳින් පාලනය කරලායි තියෙන්නේ. ඒක අපි බලාපොරෙත්තු වුණාට වඩා හොඳ තත්ත්වයක්” යයිද රාජිත සේනාරත්න මහතා කීවේය.

ප‍්‍රංශ පුවත් සේවය සමග බ‍්‍රහස්පතින්දා සන්ධ්‍යාවේ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී සේනාරත්න මහතා කියා සිටියේ පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ තවත් ”ත‍්‍රස්තවාදීන් හතර දෙනෙක්” සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි.

ලබන ඉරිදා (5 වැනිදා) සිට කතෝලික දේවස්ථානවල දේව මෙහෙය ආරම්භ කිරීමට නියමිතව තිබුණ නමුත් කතෝලික සභාව විසින් බ‍්‍රහස්පතින්ද සවස එය අවලංගු කර දමන ලදි. කොළඹට මඳක් එපිටින් පිහිටි දේවස්ථාන දෙකක් ඉලක්ක කරමින් ”කිසියම් ප‍්‍රහාරයක්” සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇති බැවින් සියලූම දේවස්ථාන වල ඉරිදා දේව මෙහෙය අවලංගු කරන ලෙස මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමෝ බ‍්‍රහස්පතින්දා සවස සියලූම දේවස්ථාන වලට දැනුම් දුන්හ.

සියලූම කතෝලික පාසල් ද දින නියමක් නැතිව වසා දමා තිබේ. කෙසේ වෙතත් රජයේ පාසල්, ආරක්‍ෂාව ඇතිව, සඳුදා විවෘත කිරීමේ සූදානමක් තිබේ.

මේ අතර රාජිත සේනාරත්න ඇමැතිවරයා ප‍්‍රකාශ කරන්නේ මුස්ලිම්වරුන්ම පැමිණ අන්තවාදීන් පිළිබඳව ඔත්තු දෙන බවයි.

”හැමෝම අපට තොරතුරු දෙනවා. ඔවුන් ඉදිරියට ඇවිත් බොහෝ තොරතුරු දෙනවා” යයිද සේනාරත්න මහතා පැවසීය.

මෙම ප‍්‍රශ්නයේදී ශී‍්‍ර ලංකාවට විදේශීය බුද්ධි අංශ වලින් ආධාර ලැබෙන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

”අපට ඇමෙරිකාවේ, බි‍්‍රතාන්‍යයේ වගේම ඉන්දියවේ සහයෝගයත් ලැබෙනවා. තවත් රටවල නිල බුද්ධි ඒකක අපට සහාය දෙනවා” යයිද හෙතෙම පැවසීය.

පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ පිපිරීම් මාලාවට වගකිය යුත්තේ ඉස්ලාමීය රාජ්‍යය” යනුවෙන් හැඳින්වෙන අයි.එස්. සංවිධානයට අනුබද්ධ යැයි කියැවෙන ජාතික තව්හීඩ් ජමාත් සංවිධානයයි.



අදහස් (25)

පාලම් පිපිරවීමේ සැලැස්මක්

chaminda Friday, 03 May 2019 07:49 AM

කොහොම ද දරුවෝ ස්කොලේ යවනේ ... මේක හරියට ඉවර නේ

:       89       274

ගල්කටස් Friday, 03 May 2019 08:01 AM

වගකීමකීමි විරහිත ආණ්ඩුවක් හා පොලිසියක් මෙහෙම ජනතාව බිය වද්දමින් රට විනාශ කරන මෙවන් බියගුලු ආණ්ඩුවක් අප රට තුළ බිහිවී නැත යන්න මාගෙ අදහසයි. බුද්ධි තොරතුරු ලැබුණත් එවාට පිලියම් යොදනවා මිසක් මෙවන් ප්‍රකාශ කිරීමෙන් ජනතාව කලබල වී අනවශ්‍ය ලෙස පීඩාවට පත් වීම මෙම රජයට විහිලුවක් ද මොකක්ද මෙකරන විකාර වල තෙරුම මෙවගේ කටිටියක්........ මේක මහ විකාරයක් නේ...ඇයි අපි බය වෙන්නෙ අපිත් ඕනම දේකට සුදානම් ජාතියක් බව අමතක කරන්න එපා...අපිට සෘජු කොන්දක් තියෙන නායකයන් අවශ්‍ය වෙලා දැන්.. 30 වසරක සාපය අමතක කරන්න පුලුවන්ද අයිඑස් අයිඑස් බැරිනමි මොකා පරදවන්නත් අපෙ හමුදාවට පුලුවන් මෙි වගේ විගඩමි නටල ජාතික ආරක්ෂාව තහවුරු කරන්න බැරි බව දන්නැත්තමි 5 පන්තියෙ ළමයෙක් ගෙන් වත් අහල දැනගනිල්ලා...

:       560       3579

rohan pereraFriday, 03 May 2019 08:27 AM

අද සමාජ ජාල භාවිතය නිසා තොරතුරු එලියට එනවා. ඕවා නිල වශයෙන් නිකුත් කරපුව නෙමෙයි. පොලිසියේ වැඩ පොලිසිය කරනවා, ආණ්ඩුවක් ඇගිලි ගැසිය යුතු නැත

:       13       218

ගල්කටස් Friday, 03 May 2019 09:43 AM

මේක සමාජජාලා ප්‍රශ්නයක්ද..? බුද්ධි අංශ තොරතුරුවලට අනුව කටයුතු කරනවා විනා එකඑකා තමන් තමයි ලොක්කා කියලා හිතන් එකඑක දේවල් කියවන්න ගියාම වෙන දෙයක්නේ. අාරක්ෂාව අංශ ලවා රහසිගතව කළයුතු දේ අනිත් අය කරන්න ගියාම වෙන දෙයක් බුද්ධි අංශය කියන එකේ තේරුමවත් දන්නේ නැද්ද මන්දා...?

:       68       175

MaheeFriday, 03 May 2019 10:11 AM

ගල් කටස් ඔබ හරි. අපේ ආරක්ෂක හමුදාවල රාජකාරි ඒ අයට කරන්න ඉඩදෙනවා මිසක් වාචාලයින්ගේ කට මැත දෙඩවීම් නිසා සිදුවන්නේ අනර්ථයක්... මෙවැනි ජෝකරයන් හමුදාවේ නිල ප්‍රකාශයන් බවට විහින් පත්වෙන්න හදන එක වළක්වන්න කෙනෙක් නැති හැටි...

:       0       180

jagathSaturday, 04 May 2019 08:13 AM

මෙය ඉතා විමසිල්ලෙන් සොයැ බැලිය යුතු අවස්තාවක්. පවතින වාතාවරණය මුලික කරගෙන ජනතාව බිය වද්දමින් ඉදිරියට තිබෙන මැතිවරණ කල් දමා ගැනීම පහසු කර ගැනී මේ වැඩසටහනක් මේ

:       0       2

මේඝවර්ණ අභය Friday, 03 May 2019 08:14 AM

"ජිහාඩ්වරු"? යළිත් මෙවැනි යෙදීම් යොදන්න එපා.. ජිහාඩ් ත්‍රස්තවාදීන් කියනවා මිසක්...

:       13       774

රජින්ද Friday, 03 May 2019 08:25 AM

බලයට තියෙන මල පෙරේතකම නිසා ආණ්ඩුවේම ඉන්නා අන්තවාදීන්ට උපරිමයෙන් සහාය වෙන ඇමතීන්ව අල්ලන්නේ නැහැ. මට හිතාගන්නවත් බැහැ මෙහෙම රටක ආණ්ඩුව කියන සහ කරන දේවල් මිනිස්සු විශ්වාස කරන්නේ කොහොමද කියලා. දැන් මිනිස්සු විශ්වාස කරන්නේ ආරක්ෂක අංශ ගැන පමණයි. අවස්ථාවාදී දේශපාලකයෝ මගේ රට විනාශ කරලා දැම්මා.

:       42       552

chamila Friday, 03 May 2019 08:50 AM

සාමාන්‍ය ජනතාව කොහොමත් දැන් විමසිලිමත්, රාජිත ඇමතිතුමා ඔබතුමාලා ඔබතුමාලගේ රාජකාරිය දැන්වත් හරියට කරන්න. එතකොට මේ රට ආරක්‍ෂිත වේවි...!!!

:       148       245

dd Friday, 03 May 2019 09:31 AM

බුද්ධි අංශ එල්.ටී.ටී.ඊ. පරාජය කලේ විදේශීය බුද්ධි අංශ වලින්ද ඇමතිතුමෝ?

:       37       201

Rayan Friday, 03 May 2019 09:43 AM

ආමි එකේ කොල්ලන්ට යුද්ධ කරන්නයි, හිරේ යන්නයි දෙකක් කරන්න අමාරුයිනේ... සොල්දාදුවන් ඕනේ ඕනේ කිව්වට...

:       1       216

ධනුෂ්කFriday, 03 May 2019 02:24 PM

භාෂාවේ වචන තියන පලියට, එ්වා හිතට අා පලියට මෝඩ කතා කියන්න එපා. හමුදාවේ නෙමේ කුමන තරාතිරමේ වුණත් නීතියට පිටින් කවුරුහරි වැඩ කරලා තියනවා නම් ඊට දඬුවම් ලැබිය යුතුයි. මේ රටේ කොපමණ රණවිරුවන් සිටිනවද? කෝ හිරේද ඉන්නේ? අසමජ්ජාති වැඩ කරපු ඉතා සුළු පිරිසක් තමා හිරේ ඉන්නේ. එතන හමුදාවේ විතරක් නෙමේ පාර්ලිමේන්තු ගියපු අයගේ සිට චීවරධාරීන් දක්වා ඉන්නවා. තව නඩු තියන නිලධාරීන් කිහිප දෙනෙක් ඉන්නවා. ඔවුන්ගේ නඩුත් කඩිනමින් අසා නිම කළ යුතුයි. ඔවුන් නිවැරැදි නම් නිදහස් කළ යුතුයි. ඔබ කියන විදියට නම් අර හමුදා නිලධාරියගේ බිරිඳට අතවර කරපු හමුදාවේ හතර දෙනත් සිරගත කිරීම වැරදී වගේනේ හැඟෙන්නේ. කොහේ තියන නීතියක් ගැනද ඔබ කියන්නේ? ගම කොහේද?

:       1030       308

චතුර senarathne Friday, 03 May 2019 09:47 AM

අනේ... ඇයි රාජිත කියන ඒවා දාන්නේ? ඒවා හොඳයි කාටුන්වලට... නැවත එයාගේ සාකච්ඡා දාන්න එපා..

:       14       383

Amarabandu Friday, 03 May 2019 10:40 AM

ශ්‍රී ලංකාවේ වහබ් හා ජිහාඩ් වැඩ තහනම් කිරීමට පාලකයින්ට මොලය ලැබේවා !!!

:       0       211

ජයන්ත Friday, 03 May 2019 10:56 AM

බුද්ධි අංශ තොරතුරු ලැබුණාට අගමැතිතුමා දැනුවත්ද දන්නේ නෑ... සමාජ ජාලවලට යන්න වුනේ නැත්තම් ජනාධිපතිතුමාත් නොදැන ඉන්න ඉඩ තියෙනවා..

:       5       100

Amdan Friday, 03 May 2019 11:12 AM

ෆොන්සේකා කිව්වා වගේ මේක තුවක්කු වලින් කරන්න පුළුවන් සෙල්ලමක් නෙවෙයි. බුද්ධි තොරතුරු පදනම් කරගෙන උපක්‍රමශීලිව කළයුතු දෙයක්. ඇතැම් රටවල් වල ඉතා සූක්ෂම නිරීක්ෂණ සහ තොරතුරු පදනම් කරගෙන දිනපතාම වගේ ත්‍රස්තවාදීන් අල්ලා ගන්නවා. එහෙම කියලා රටේ මිනිස්සු ගෙවල් අස්සට වෙලා ඉන්න ඕනෑ නෑ. මිනිස්සු තමන්ගේ වැඩක් බලාගන්නවා. ආරක්ෂක අංශවලට තමන්ගේ වැඩේ කරගන්න දීලා ආණ්ඩුව සහ ඔවුන්ගේ ජනතාව පැත්තකට වෙන්න කාලේ හරි...

:       2       478

siri Friday, 03 May 2019 11:14 AM

මේ වගේ අයත් එක්ක මොන කතාද? ඊයේ, පෙරේදා මේ දත් කාරයා රටම අන්දන්න හැදුවා මතක නැද්ද? මගේ මතය අනුව පළමුව ප්‍රශ්න කළයුත්තේ මොහුගෙන්..

:       1       239

suddaSaturday, 04 May 2019 05:22 AM

හරියට හරි, මොහුව තමයි ඉස්සෙල්ල චෙක් කරන්න ඕනේ.. බේරුවල ප්‍රදේශයේ ඉන්නා මධ්‍යස්ත මුස්ලිම් ජාතිකයන් පවා මොහුට විරුද්ධයි. මෙයාගේ සගයෝ ඉන්නේ දර්ගා ටවුමේ. රාජිත හදන්නේ මුස්ලිම් අන්ත වාදීන් හරහා රට කාලා තමන් ජනාධිපති වෙන්න වගේ...

:       0       3

smith Friday, 03 May 2019 11:51 AM

කොයි පාලම්ද කියලා හරියටම කිව්වා නම් තමයි වටින්නේ...

:       4       43

sirimal Friday, 03 May 2019 11:55 AM

තවුහීත් ජමාත් වගේ සංවිධාන ආරම්භ කිරීමට සහ ඒ මඟින් රටපුරා මේ ත්‍රස්තවාදීන්ට අවශ්‍ය ජීවය ලබාදෙමින් අමුතු ජාතියේ පල්ලි සහ පාසල් ආරම්භ කිරීමට අවසර දුන්නු දේශපාලඥයින් හිරභාරයට ගන්නේ නැද්ද? එහෙම කරන්න ගියොත් ඔය 225න් වැඩි පිරිසක් අල්ලන්න වෙනවා.

:       1       185

කසුන් Friday, 03 May 2019 11:58 AM

රාජිතයි, කොල්ලයි මේ රට අද මෙවන් තත්වයකට ඇද දැමීම සම්බන්ධයෙන් වගකිව යුතුයි..!! දකින්න කැමති නැති මුහුණක්. කට ඇරියොත් බේගල් ඇද බාන්නේ..!!

:       2       348

Shiha Friday, 03 May 2019 12:16 PM

නිවට, නියාලු ආණ්ඩුවක් පත්කරගෙන අපි විඳින දුක්..

:       7       237

සිෙඤ්ඤෝරේFriday, 03 May 2019 01:01 PM

ආණ්ඩුවටම දොස් කියකියා එකම පක්ෂයක් අදහාගෙන නොඉඳ රට විපතකට පත්ව ඇති මොහොතක සෑම කෙනෙක්ම තමා අවට ගැනවත් බලන්නේ නම් මේ විපත් වළක්වා ගතහැකියැයි සිතෙන්නේ නැද්ද උන්නැහේ?

:       165       2

BamunuarachchiSaturday, 04 May 2019 04:20 AM

එ්කට පොලිසියට, හමුදාවට සුමාන 2ක් නිවාඩු දෙන්න ඕනේ...

:       9       0

aparajitha Friday, 03 May 2019 04:17 PM

මොවුන් තමා රට කෑවේ... දැනුත් කරන්නේ සැකකරුවන් වහාම උසාවි දමලා අප ලබාදෙන්නට මග පාදාදීමයි. මීළඟ ඡන්දය ඉලක්ක කරගෙනයි ඔක්කොම වෙන්නේ...

:       0       136

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 35 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 110 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 290 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 554 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 233 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 133 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1672 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site