(සුජිත් හේවාජුලිගේ )
පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් කාර්යාලයේ සේවකයෙකුට හා පාර්ලිමේන්තු පිළිගැනීමේ නිලධාරිනියකට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරුවීමෙන් පසුව එම අංශවල සේවකයෝ පිරිසක් නිරෝධායනයට යොමු කරනු ලැබ සිටිති.
මෙම සේවකයාට සහ සේවිකාවට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් පසුව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීතිඥ කුෂානී රෝහණදීර මහත්මිය සහ සහකාර මහ ලේකම් නීතිඥ ටිකිරි ජයතිලක මහතා කොරෝනා පරීක්ෂණ වලට යොමු වූ අතර දෙදෙනාට කොවිඩ් ආසාදනය වී නැතැයි එම පරීක්ෂණවලදී තහවුරු වූ බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා මේ වනවිට හුදෙකලාවී සිටින බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.
මේ සම්බන්ධයෙන් අප ටිකිරි ජයතිලක මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ කොරෝනා වැළඳී නැතැයි පරීක්ෂණවලින් තහවුරු වී ඇතත් ආරක්ෂක පියවරක් ලෙස තමා මේ දිනවල දරුවන්ගෙන් ඈත් වී නිවෙසේ හුදකලාව සිටින බවයි.
එම පාර්ලිමේන්තු සේවකයාට සහ සේවිකාවට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් පසු අදාළ අංශ විෂබීජහරණය කිරීමට පාර්ලිමේන්තු නිලධාරීන් පියවර ගෙන ඇත.
පාර්ලිමේන්තුව හෙට(18),අනිද්දා(19)සහ 20 වැනිදාරැස්වීමට නියමිතය.මේ කාලයේදී පාර්ලිමේන්තු සේවකයන් සීමිත පිරිසක් කැඳවීමට ද පාර්ලිමේන්තු මහ ලේකම්වරයා තීරණය කර ඇත.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
පාර්ලිමේන්තුවේ සේවකයෝ දෙදෙනෙක්ට කොරෝනා
Nishan Sunday, 16 May 2021 11:54 PM
කථානායක කාර්යාලයේ සේවකයෝ දෙන්නෙක්ද?