IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


පාර්ලිමේන්තුවේ බිම පිරිසිදු කිරීමට වැරදි ද්‍රව්‍යයක් යොදා 11 ක් ලිස්සා වැටිලා

(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුවේ බිම් මහලේ සහ පළමු මහලේ බිමට අතුරා ඇති පිඟන් ගඩොල් පිරිසිඳු කිරීමට වැරදි ද්‍රව්‍යයක් යෙදීමෙන් එය දැඩි ලෙස ලිස්සායාමේ ස්වභාවයක් ඇතිව තිබේ.

මේ හේතුවෙන් ඊයේ (20) සහ අද (21) දිනවල එහි ලිස්සා මන්ත්‍රීවරයකු ඇතුළු 11 දෙනෙකු වැටී ඇත.

ඊයේ මධ්‍යම රාත්‍රීය වන තුරු එය පිරිසිඳු කළත් ලිස්සායාමේ ස්වභාවය ඉවත් වූයේ නැතැයි පාර්ලිමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

මේ හේතුවෙන් දැඩිව ලිස්සීම සිදුවන ස්ථානවල ඒ බව සඳහන් පුවරු තැබීමට හා ලණු ඇද එම ප්‍රදේශ ආවරණය කිරීමට පාර්ලිමේන්තු සේවකයින් කටයුතු යොදා තිබිණි.



අදහස් (52)

පාර්ලිමේන්තුවේ බිම පිරිසිදු කිරීමට වැරදි ද්‍රව්‍යයක් යොදා 11 ක් ලිස්සා වැටිලා

Raveendra Wednesday, 21 August 2019 04:21 PM

අපරාදේ 11ක් විතරක්.. අම්බරුවන් 225ම වැටිලා සුන්නත් දූවිලි වෙන්න තිබුනේ... කෙසේවෙතත් එසේ පොළව ලිස්සා යාමට කටයුතු කල සියල්ලෝටම පිං. මොකද මේ අය ලක්මවට වින කරනවනේ..

:       2       2258

DasaWednesday, 21 August 2019 05:48 PM

පින් තමයි මේ අයට බේත් කරන්න යන්නෙත් අපේ සල්ලි

:       0       98

RaveendraThursday, 22 August 2019 12:42 AM

Dasa මයා වෙත, මී හරකුන්ට යන්තමින් හෝ වේදනාව කුමක්ද යන්න දැනගැනීමට සැලැස්වීම පිනක් නොවේද?

:       0       65

BamunuarachchiThursday, 22 August 2019 01:37 AM

මොවුන් යාවි සිංගප්පූරුවට. වැටිලා අවමංගල කටයුතු කරන තැනකට යනවා නම් කමක් නැත.

:       0       69

Chanak los angelesThursday, 22 August 2019 02:44 PM

ඝෝටා ගියා වගේ...

:       1       18

BamunuarachchiFriday, 23 August 2019 02:21 AM

ඇයි රාජිත ඇයි මම? මමත් ගියා හොඳ සපත්තු, ඇඳුම් ටිකක් ගන්න. මේ මිනිහගේ රාජපක්ෂ ෆෝබියාව නහුතෙටම නැගලා. කොහොම හිටීද රාජපක්ෂවරු ඇහැට දැක්කා නම්... හිටගෙනම පණ යාවි. අනික් මිනිස්සු සීතලට ගැහෙන්නේ සටසට ගාලා. මෙයාගේ වයිෆ් කීවා මෙයා සීතලට ගැහෙන්නෙත් සාටක සාටක කියලාලු..

:       0       0

lankasri Wednesday, 21 August 2019 04:21 PM

කීයක් ගිහිල්ලද, කීයක් ගිහිල්ලද කෝ මේ රතිඤ්ඤා ටික..?

:       0       321

malaka Wednesday, 21 August 2019 05:13 PM

ලිස්සා යාමට කටයුතු කල සියල්ලෝටම පිං

:       0       428

Amila Wednesday, 21 August 2019 06:55 PM

නාකි සෙට් එකම එලවන්න ඕක නම් නියම ක්‍රමයක්. නැතිනම් ඉතින් මහජන සල්ලි වලින්ම තමයි මෙයාලා සිංගප්පූරු ගිහින් බෙහෙත් ගන්නේ..

:       0       0

kolam boss Wednesday, 21 August 2019 07:16 PM

බුදු අම්මෝ.. අපේ මනමාල සීයාව එහෙම වැටුණොත් ආයේ නැගිටින්නේ නැහැ.

:       0       1

RaveendraThursday, 22 August 2019 11:07 AM

ඔබට ගණන් කිරීම පිළිබඳව ගැටළු ඇතිබවක් පෙනෙන්නට තිබේ. එබැවින් කරුණාකර රෑ ඉස්කොලේකටවත් ගියොත් නරකද? අප එසේ පවසන්නේ මෙතන එක සීයා කෙනෙක් නොව 225 න් වැඩි පිරිසක් සීයලා මෙන්ම ආත්තම්මලාද සිටින බැවිනි.

:       0       3

Chathuri Wednesday, 21 August 2019 07:20 PM

මෙයාලා තමයි වස විස බැරල් ගණන් ගෙනත් ජනතාවට කවන්නේ. හොයලා බැලුවනම් හරි ඇදගෙන වැටුනේ කවුද කියලා .ඔවුන් තමයි වස ගෙන්වන්නේ. දැන් තේරෙනවා ඇති . මේ පාර්ලිමේන්තුව පිරිසිදු කරන තරුණයින්ට යෝධ බල ශක්තිය ලැබෙන්න ඕන. හැමෝම වට්ටන්න . ඡන්දෙ ඉල්ලන්න එන්න වෙන්නේ දත් සෙට් එක නැතිවයි.

:       0       3

Chanak los angeles Wednesday, 21 August 2019 07:59 PM

ඕකත් ඇමරිකන් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් කියන්න බැරි නැහැ ..

:       2       31

vidya Wednesday, 21 August 2019 08:06 PM

ඉතින් ප්‍රධාන දොරටුව වැහුවනම් කවුරුවත් ලිස්සන්නේ නෑනේ . 225 න් ම කිසිම වැඩක් නෑනේ .

:       0       27

chandima Wednesday, 21 August 2019 10:36 PM

ඒ ද්‍රව්‍ය බිම හලපු එකානම් ජාතික වීරයෙක්. ඇමතිලා යන පාරෙනේ දාන්න තිබුනේ..

:       0       34

Sumith Wednesday, 21 August 2019 11:17 PM

දෙවියන් විසින් දඬුවම් දීම ආරම්භ කර ඇත.

:       0       46

Thanu Wednesday, 21 August 2019 11:31 PM

අනේ අපරාදේ නේ..? මිනිසුන්ට වැඩකට නැති පාලකයෝ..

:       0       52

සඳුන් Thursday, 22 August 2019 12:55 AM

ඇයි ඕකේ පොළව හතර අතට පුපුරලා නැද්ද?

:       0       54

C.K.Lankaputhra Thursday, 22 August 2019 01:03 AM

ස්ථිරවම 11 දෙනෙක්ම එළියටම ආයේ එන්න බැරිවෙන්නම ලිස්සා වැටෙන බවට පෙර නිමිත්තක්. තව අය ලඟදීම වැටෙයි. හරි සතුටුයි.

:       0       49

මුණසිංහ Thursday, 22 August 2019 01:22 AM

අපිට හොඳක් වන ආකාරයේ වැටීම් එකක්වත් නැත්ද?

:       0       64

maalaka Thursday, 22 August 2019 01:27 AM

දේශපාලුවෝ මේ කමෙන්ට්ස් ටික කියෙව්වොත් දැනගන්න පුළුවන් රටේ මහජනතාව මේ 225ට කොච්චර පිළිකුල් කරනවද කියලා...

:       0       102

සෑම් Thursday, 22 August 2019 01:45 AM

පිරිසිදු කරන්නන් ඔවුන්ගේ ජාතික කර්තව්‍ය තවම හරිහැටි ඉටුකර නොමැත. බත් කන හරක් ඉන්න රටක මොවුන් ඡන්දෙන් ඉවත්කළ නොහැක. එබැවින් මෙසේ හෝ තොලොංචි කල යුතුය. අර වෙනම ඉන්න එකාවත් ඔය ලිස්සන පාරේම යවන්න. ඔතන දැන්වීම් පුවරු වෙනුවට ඇන හෝ වීදුරු කටු වැනි යමක් තවරන්න.

:       0       110

RaveendraThursday, 22 August 2019 06:33 AM

සහතික ඇත්ත. පිරිසිදු කරන්නන් විසින් නොමිලේම ලබා ගැනීමට තිබුණු ඒ මහා පිං කන්දරාව ඔවුන් විසින් අත්හැර දැමීම පිළිබඳව අපගේ බලවත් ශෝකය. අඩුමතරමින් එක අම්බරුවෙක් හෝ යැවීමට තිබුණු ඒ මහඟු අවස්ථාව ඔබලා විසින්ම මගහැරගොස් ඇත.

:       0       83

buddhika Thursday, 22 August 2019 01:49 AM

එකෙකුටවත් මුකුත් වෙලා නැද්ද..? අපරාදේ...!!!

:       0       65

lion Thursday, 22 August 2019 01:49 AM

හොඳ ආරංචියක් පත්තුකරපල්ලා රතිඤ්ඤා. එකෙක් දෙකෙක් මළා නම් කොතරම් අගේද?

:       0       63

රවින් Thursday, 22 August 2019 02:20 AM

ෂා කියලවත් කරගන්න බැරි වැඩක්... අපි මේ බලන් හිටියේ ඡන්දේ එනකන්. අදම තවටිකක් වැඩිපුර දාලා 225ම මඩේ එරෙන්න ලිස්සලා යවන්න. ඒ පින නිවන් දකින්නම ඇතිවේවි...!!!

:       0       36

Sudubanda Thursday, 22 August 2019 02:27 AM

කොහොම බේරිලා හිටියත් සොබාදහමෙන් බේරුමක් නෑ. රටට වින කරන එවුන්ට දඬුවම් ලැබෙනවා..

:       0       36

sisira Thursday, 22 August 2019 02:33 AM

හොඳ දෙයක් කරලා කවුරු කරත් මොකද වැටුණම කොන්දක් නැති බව පැහැදිලි වෙයි එයාලට...

:       0       18

Akila Thursday, 22 August 2019 03:18 AM

දැන් ඔය 11 දෙනාම යයි සිංගප්පුරුවට බෙහෙත් ගන්න .

:       0       12

piyal Thursday, 22 August 2019 03:27 AM

මන්ත්‍රීවරුන් සඳහා පමණි.. තබන තබන පය ලිස්සා වැටීයන්... තිබෙන තිබෙන අත පය කැඩීයන්... නමන නමන කොන්ද ද කැඩීයන්... මරණින් මතු නිරයට වැටීයන්...

:       0       1380

Senarath Thursday, 22 August 2019 03:28 AM

කොහොමටත් ලිස්සායාමට උපන් හපන්කම් ඇති කට්ටියනේ. අනේ ඔලුව හරි වැදිලා කරපු හොරකම් ගැන කියකියා පාරේ යන්න සිද්ධ වුණානම් කොච්චරර හොඳද?

:       0       70

Uditha - London Thursday, 22 August 2019 03:53 AM

ලිස්සල යන තැනට වැඩ කරපු හැමෝටම පින්. දියවන්නාවටම තල්ලු කරන්න වැඩ පිළිවෙලක් ඉදිරියේදී කල්පනා කරලා බලන්න. මොනා උනත් හොද වැඩක් .

:       0       151

Uditha - LondonThursday, 22 August 2019 06:16 AM

පලකරලා තියන අදහස් දැක්කම පේනවා මිනිස්සු කොච්චර කලකිරිලද කියල සමස්ත දේශපාලය කෙරෙහි...

:       0       59

sana Thursday, 22 August 2019 04:09 AM

ලිස්සා ගිය අයගෙන් එක්කෙනයි මන්ත්‍රීවරයෙක් වෙන්නේ... අනෙක් අය සමහර විට පිරිසිදු කිරීම් අංශයේ අය වෙන්නත් ඇති.

:       0       21

sana Thursday, 22 August 2019 04:09 AM

ලිස්සා ගිය අයගෙන් එක්කෙනයි මන්ත්‍රීවරයෙක් වෙන්නේ... අනෙක් අය සමහර විට පිරිසිදු කිරීම් අංශයේ අය වෙන්නත් ඇති.

:       0       16

ධම්ම Thursday, 22 August 2019 04:32 AM

වහාම එම පිඟන් ගඩොල් ඉවත්කර ලෝකයේ ඉහළම ප්‍රමිතියෙන් යුතු ටයිල් අතුරන්න. කොන්ත්‍රාත්තුව මන්ත්‍රී කෙනෙකුට දෙන්න.

:       0       22

Keppetipola Thursday, 22 August 2019 04:33 AM

කොහොමටත් මේ 225ම රටට කිසිවැඩක් කරන්නේ නැතුව හැම වැඩේම ලිස්සලා යන අය... කොමිස් ගහනවා ඇර රටට කිසිම සෙතක් නැති මේ කට්ටියම ලිස්සලා මකබෑවිලෑ ගියා නම් රටට සෙතක්...

:       0       67

Sugath Premalal Thursday, 22 August 2019 04:35 AM

වැටෙන්න තව මස තුනක් තියෙනවනේ... කෙසේ හෝ පිරිසිදු කරන්නන් හට හිසනමා ආචාර කරමි...

:       167       217

දිලුම් Thursday, 22 August 2019 04:36 AM

අපරාදේ ලිස්සලා ගිහින් හොම්බ කට සමතලා වෙලා ඇඳට වැටුණු කවුරුවත් නැද්ද? පුළුවන් පිංවතෙක් ඉන්නවා නම් ලිස්සන තැන්වල තියන පුවරු ඉවත් කර ඇදලා තියන ලණු ගලවන්න කරුණාකරලා. භාගෙට භාගයක් ඕකේ ඉන්නේ නාකි පප්පලනේ... ඕකුන් එකපාරක් වත් වට්ට ගත්තොත් රටට ලොකු සේවයක් වෙනවා.

:       0       91

perera Thursday, 22 August 2019 04:43 AM

ලිස්සා යන්න වෙලාව හරි වගෙයි...

:       0       27

Dilan Thursday, 22 August 2019 04:45 AM

කොහොමත් මෙයාලා ඡන්දෙන් පස්සේ ලිස්සලා යන එක තමයි කරන්නේ...

:       1       16

isurandi Thursday, 22 August 2019 04:46 AM

මේ ඉහත ප්‍රතිචාර දැක්කම හිනත් යනවා. හැබැයි ඉතින් එහෙම කියකියා ඒ අයටම කඩේ යන අයත් ඉන්නවා... එ්කනේ පුදුමේ...

:       0       22

Indhika Thursday, 22 August 2019 04:53 AM

දැන් ඕක හදන්න කියලා හෙන ගාණක් සල්ලි පාස් කරලා, එ්කෙනුත් කොමිස් ගහයි. මුල ඉඳලම ප්ලෑන් කරපු දෙයක් වගේ...

:       0       19

සමන් ඔස්ට්‍රලියා Thursday, 22 August 2019 04:56 AM

ඔය කාටත් ලිස්සලා යන්න හොඳට පුරුදුයිනේ..

:       0       20

Bandula. Thursday, 22 August 2019 05:23 AM

අනේ ඔක්කොම වැටිලා නැද්ද ? දැන් ඉතින් ලිස්සල යන කාලේ තමා . එ් නිසා පුරුදු වෙන්නත් එක්ක එ්ක හොදයි .

:       0       26

indika Thursday, 22 August 2019 06:34 AM

හොඳ වැඩේ... වස්සො රැළ...

:       0       22

thilakasiri Thursday, 22 August 2019 08:12 AM

පාර්ලිමේන්තුවේ හා මුළු සමාජයේම ඉන්න ගිහි පැවිදි සමහරුන් අධර්මය රජ කරවන්න ක්‍රියා කරද්දී ධර්මානුකුල නවීන භෞතික දියුණුව ඇති සමාජයක් බිහිකිරීමට යත්න දරණ පිරිසකුත් සිටිති. ඒ යහපත් පිරිස මත ඒ අධර්මිෂ්ට පිරිස කරන වැරදිත් පටවන්න නිරන්තරයෙන් යොදන උපාය උපක්‍රම නිසා සියල්ලෝම වින කරන්නන් යන ජන මතය මතුවේ. ඒ විඥාණය හරි වැරැද්ද වටහා ගත නොහැකිව ව්‍යකුලත්වයට පත්වී දුක් ඇතිකරයි. එය දරුණු විෂබීජයක් සමාජගත වූ විට සමහරුන්ට බෝවී විපාක වේදනා විදිනවා මෙනි. පාර්ලිමේන්තුවේ 225 දෙනාටම දොස්නගන අයද මෙවැනි අයයි. ආචාර්ය මහාචාර්ය වරු කිහිපදෙනෙක් විවිධ ආගම් භක්තිකයින් වන අතර එවැනිම සමහරෙක් කිසිම ආගමක් වැළඳ නොගෙන ඒ සියල්ල ඉවත නොදමා විමසා බලන්න පෙළඹෙති.එසේ වන්නේ උගත් උවත් එකිනෙකාගේ සමස්ත වටහාගැනීම් වල ඇති වෙනස නිසාය. එනිසා යම් සිදුවීමකදී යමෙකුට දොස් පැවරීම වැනි වැඩ නොකර. පාර්ලිමේන්තුව ඇතුළු හැමතැනම යම් සිදුවීමකට අදාළ මිනිස් ක්‍රියාකාරකමේ හරි වැරැද්ද තමන්ට වැටහෙන අයුරු උපේක්ෂාවෙන් පෙන්වාදිමටත් එසේ පෙන්වාදෙන අදහස අභිබවා වටිනා අදහසක් ලැබුණුවිට උපේක්ෂාවෙන් පිළිගැනීමටත් පුරුදු වෙමු.

:       42       0

RaveendraThursday, 22 August 2019 01:02 PM

thilakasiri මයා වෙත, ඔබගේ වැදගත් අදහස් අප අගය කරන්නෙමු. මෙම වැකියෙහි සඳහා " හරි වැරැද්ද තමන්ට වැටහෙන අයුරු උපේක්ෂාවෙන් පෙන්වාදීමටත් එසේ පෙන්වාදෙන අදහස අභිබවා වටිනා අදහසක් ලැබුණුවිට උපේක්ෂාවෙන් පිළිගැනීමටත් පුරුදු වෙමු ". යන්න වඩාත් වටිනාම කොටසයි අපට හැඟේ. රටක පාර්ලිමේන්තුව යනු ඉතාම වැදගත් උත්තරීතර වටිනාකමකින් යුතු ස්ථානයක් බව අමුතුවෙන්ම කිව යුතු නැත. එහෙත් අප රටේ එවන් ස්ථානයක මහජන නියෝජිතයන් යයි කියාගන්න මුග්ධයන් හැසිරෙන ආකාරය රටට අවංකව ආදරය කරන පුරවැසියන්ට නිහඬව බලා සිටිය හැකිද? 225ක් පමණ වූ අතිවිශාල පිරිසක් රටට ඵලදායි ලෙස වැඩකරන්නේද? නැද්ද? යන්න ඔබ මෙන් අප සියල්ලෝම දන්නා කරුණකි. අහිංසක රටවැසියන්ගේ මහජන මුදල්වලින් රට තව තවත් විනාශ වීමට ඉඩදී බලාසිටීමට නොහැකි තැන මිනිසුන් විසින් මෙම 225ටම සාපකරණ අවස්ථා ඔබ හොඳින් දැක තිබෙනවා නොවේද? ඒ අහිංසක මිනිසුන්ට වෙනත් විකල්පයක් නැති බැවින් හා අඩුතරමින් මෙම මුග්ධයන්ගෙන් එකෙකු හෝ නිසිමාර්ගයට පැමිණේ යන අහිංසක බලාපොරොත්තු ඇතිව බවත් සඳහන් කිරීමට කැමැත්තෙමු.

:       0       107

deepani Thursday, 22 August 2019 09:05 AM

අනේ ඔය වගේ කියන්න එපා... ඔය ළමුන් ටික නොමග ගියත් අපේම ළමයින්නේ..

:       0       1

upul Thursday, 22 August 2019 09:27 AM

ලංකාවේ තියෙනෙ ලොකුම ප්‍රශ්නය ඕකද දැන්?

:       0       0

ayantha Thursday, 22 August 2019 02:41 PM

අයියෝ එහෙම තියෙන්න අරින්න. අපි කැමතියි.

:       0       0

ana Monday, 26 August 2019 01:26 AM

කොමිසමක් පත්කරමුද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමති චාමරගේ වාහනය ගිනි ගනී
2024 අප්‍රේල් මස 16 15 0

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ගමන් ගත් වහනය අද 16 අලුයම බණ්ඩාරවෙල හල්පේ ප්‍රදේශයේදී ඇතිවූ හදිසි ගින්නකින් විනාශ වී ඇතැයි ද ඇමතිවරයාට හෝ එහි රි


සය දරු පියා අකුණු සැරෙන් මරුට
2024 අප්‍රේල් මස 16 30 0

ඇතිමලේ කොටියාගල හතේඇල ප්‍රදේශයේ කුඹුරක වැඩකරමින් සිටි ගොවියෙකු අකුණුසැර වැදීමෙන් මියගොස් ඇතැයි ඇතිමලේ පොලීසිය පවසයි.


නව හැවිරිදි දරුවා ළිදට බිලි
2024 අප්‍රේල් මස 16 79 0

ගම්පොළ අඹගමුව පාරේ අතහැර දමා තිබූ අනාරක්ෂිත ළිඳකට වැටී නව හැවිරිදි පිරිමි දරුවෙකු මිය ගොස් ඇතැයි ගම්පොළ පොලිසිය පවසයි.


දවසේ කාලගුණ
2024 අප්‍රේල් මස 16 88 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව ක


’’ඡන්දෙට කලින් වාහන පර්මිට් එක ඕනෑ’’
2024 අප්‍රේල් මස 15 3266 0

මුලින් නිකුත් කෙරුණු තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදිය නොහැකිනම් ඊට වඩා අඩු වාහනයක් හෝ මිලදී ගැනීමට වාහන බලපත්‍රයක් ඉදිරි ජනාධිපතිවරණයට පෙර දෙන්න


ඉන්දීය ලූනු අපනයන තහනම ලංකාවට ඉවත් කරයි
2024 අප්‍රේල් මස 15 1563 0

ලොකු ලූනු අපනයන කිරීමට ඉන්දියාව පනවා ඇති තහනම ශ්‍රී ලංකාව සඳහා පමණක් නිල වශයෙන් ඉවත් කර ඇතැයි මෙරට ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 135 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1402 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1341 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site