IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


පාර්ලිමේන්තුවේ අශෝභනව හැසිරුණ මන්ත්‍රීවරුන්ට නීතීය ක්‍රියාත්මක විය යුතුයි

(නිමල කොඩිතුවක්කු)  


පාර්ලිමේන්තුව තුළ අශෝභන ලෙස හැසිරුණු මන්ත‍්‍රීවරුන්ට එරෙහිව රටේ සාමාන්‍ය නීතිය ක‍්‍රියාත්මක විය යුතු බව එක්සත් වාමාංශික පෙරමුණේ  ප‍්‍රධාන ලේකම් අධිනීතීඥ ලාල් විජේනායක මහතා කොළඹදී පැවැසීය.


පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ නොමනා හැසිරිම නරක පූර්වාදර්ශයක් බැවින් වහාම එයට එරෙහිව පියවර ගන්නා ලෙසට කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බවද  විජේනායක මහතා සදහන් කළේය.


එක්සත් වාමාංශික පෙරමුණේ නියෝජිතයන් පිරිසක්  රාජගිරිය පිහිටි සාධාරණ සමාජයක් ස`දහා වු ජාතික ව්‍යාපාරයේ කාර්්‍යාලයේ අද(19) පැවත්වූ මාධ්‍ය හමුවකදි ඔහු මේ බව පැවැසීය.


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධිනීතීඥ ලාල් විජේනායක මහතා මෙසේද කීවේය.


     ‘‘රට දැඩි අර්බුදයකට ලක්ව තිබෙනවා. මේ අර්බුධය ලංකා ඉතිහාසයේ අපි මුහුණ දීපු දරුණුතම අර්බුදයයි. මේක නිර්මාණය කලේත්  පවත්වාගෙන යන්නේත් මෛත‍්‍රිපාල සිරිසේන හා මහින්ද රාජපක්ෂ කියන එක අපි පිලිගත යුතුයි. ඒ  දෙදෙනාම ආත්මාර්තකාමි ලෙස තමන්ගේ  අභිප‍්‍රායන් ඉෂ්ඨ  කරගරනීම සදහා කරන කුමන්ත‍්‍රණයේ  ප‍්‍රතිඵලයයක් ලෙස අපිට මෙයට මුහුන දිමට සිදුවෙනවා.


මහින්ද  රාජපක්සටත් ඒ පවුලේ අයටති තියෙන නඩු ඉවත් කිරීමටත් මෛත‍්‍රිපාල  සිරිසේන මහතා නැවතත්  ජනාධිපතිවරයා වීමේ කුමණ්ත‍්‍රණයක් තමයි මෙතන තියෙන්නේ. 


පාර්ලිමේන්තුවේ මේ හැසිරීම පිළිබඳ පාර්ලිමේන්තු  මන්ත‍්‍රීවරුන්ට විශේෂ වරප‍්‍රසාද තියෙනවා කියලා යම් අදහසක් තියෙනවා. 

පාර්ලිමේන්තුව කටයුතු  යථාපරිදි පවත්වාගෙන යාමට අවහිර කිරිම  සදහා වූ ගන්නා පියවර තමයි මේ ගනිමින් ඉන්නේ. ඒ නිසා ඒ  ක‍්‍රියාවන් සම්බන්ධයෙන්  කිසිම ආරක්ෂාවක් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට නැහැ.


පොදු දේපල වලට හානි කරමින් පොලිස් නිළධාරින්ට පහර දෙමින් මිරිස් වතුර වලින් පහරදෙමින්  සිදුකල පීඩනය පිලිබද රටේ  සාමාන්‍ය නිතියට අනුව කටයුතු කළ යුතුයි. ඒ අනුව කටයුතු  සිදු නොකරන්නේ නම් අපේ රටේ නිතිය හා සාමය පවත්වාගෙන යන්න බැරි වෙනවා.


පාර්ලිමේන්තු  මන්ත‍්‍රීවරුන්ට  ඕනම විදියකට  හැසිරෙන්න පුලූවන්නම් මේ රටේ සිටින සැම කෙනෙකුටම ඒ නිදහස තියෙන්න  ඕන. මේ අපරාධ සම්බන්දයෙන්  විඩියෝ පට තියෙනවා.

සාක්ෂි තියෙනවා අපි කථානායකතුමන්ගෙනුත් ඉල්ලනවා වහාම  හෙම් සම්බන්දයෙන් පොලීසියටත් පැමිනිලි කරලා අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගන්න කියලා යැයිද ඔහු එහිදි පැවැසීය.

 



අදහස් (5)

පාර්ලිමේන්තුවේ අශෝභනව හැසිරුණ මන්ත්‍රීවරුන්ට නීතීය ක්‍රියාත්මක විය යුතුයි

සෙනෙවි Monday, 19 November 2018 12:58 PM

පිහිකාරයන් හැර අනිත් අය ගැන නේද මේ කියන්නේ?

:       282       422

tommy Monday, 19 November 2018 01:42 PM

මා සිතන්නේ මේ සියල්ලට මුල එජාපෙට නියමිත වෙලාවට අය වැයක් ඉදිරිපත් කිරීමට නොහැකි වීමයි. බැලු බැල්මට පෙනෙන්නේ වගකීමකින් තොරව ගත් ණය ආපසු ගෙවීමට රටේ ආදායමක් නැති බවයි. මේ සියලු රගපෑම් පිටුපස ඇත්තේ ඔය කරුණයි.

:       342       108

wije Monday, 19 November 2018 06:06 PM

ඇත්තටම නීතිය ක්‍රියාත්මක වෙනවා නම් ඔය ඉන්න 225 දෙනාටම විරුද්දව නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන නේද.

:       0       0

සාදිරිස් Monday, 19 November 2018 11:27 PM

අවම වශයෙන් වසර දහයකටවත් ප්‍රජා අයිතිය අහෝසිකළ යුතුයි.

:       0       0

policeman Tuesday, 20 November 2018 02:48 AM

මොවුන් පොලිසියේ උදවියද කියා ප්‍රථමයෙන් බැලිය යුතුයි. ඔවුන් පොලිසි නොම්බරය පැළද නොසිටිනා නිසා මොවුන් කවුරුන්ගේ හෝ මැරයන්ද විය හැක.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 829 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 161 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1021 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1050 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1362 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1213 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site