IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


පාර්ලිමේන්තුව විසුරුවීමට එරෙහිව උසාවි යන්න එජාපය සැරසෙයි

තරිඳු ජයවර්ධන
 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට පිටින් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැඳවීමට එරෙහිව ලබන සතියේ අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති  කබීර් හෂීම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහත්වරු කීහ.
 
තවමත් බහුතරය ඇත්තේ තමන්ට බව ලබව සතියේ යළිත් වරක් පෙන්වන බව ද ඔවුහු පැවසූහ.
 
කබීර් හෂීම් මහතා සහ මංගල සමරවීර මහතා මේ බව පැවසුවේ කොළඹ අරලියගහ මැදුරේදී අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ද මෙම මාධ්‍ය හමුවට එක්වී සිටියේය. එහිදී අහස් දැක්වූ ඔවුහු මෙසේ ද කීහ.
 


මුජිබර් රහුමාන් මහතා -
 
‘‘පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තුනෙන් දෙකක කැමැත්තක් නැතිව අවුරුදු හතර හමාරක් යනකම් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න ජනාධිපතිවරයට බලයක් නෑ කියලා අපි 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කළා. ජනාධිපතිතුමා නැති බලයක් පාවිච්චි කරලා පාර්ලිමේන්තුව විසිරුවා හැරලා තියෙනවා.
 
ඔවුන් බහුතරය තියෙනවා කිව්වා. බහුතරය ගන්න මන්ත්‍රීවරුන්ට ඇමැතිකම් සහ මුදල් දුන්නා. අන්තිමට 104ක් දක්වා හදා ගත්තා. ඊයේ උදේ වෙනකොටත් එස්බී දිසානායක මහතා කිව්වා 113 තියෙනවා කියලා. අන්තිමට එයා දන්නෙත් නෑ පාර්ලිමේන්තුව විසුරුවාහැරියා.  ජනාධිපතිවරයා බොරුමයි කියන්නේ. 113 තිබෙනවා කිව්වා. බහුතරය තිබෙනවා කිව්වා.  බහුතරය තිබෙනවා නම් මොකටද පාර්ලිමේන්තුව විසිරුවා හැරියේ? ඔවුන්ට බහුතරයක් නෑ. 113 පෙන්වා ගන්න බැරුව ගියා.
 
මේ හවුල මේ රටට කිසිම හිරිකිතක් නැතුව අමුවේ බොරු කියන, අසත්‍ය ප්‍රකාශ කරන දේශපාලන නායකයන් බවට පත් වෙලා.  කිසිම වගකීමකින් නොවෙයි කතා කරන්නේ. මොකක්ද මේ සදාචාරය.  14 පාර්ලිමේන්තුව කැඳවන්න නියෝග කරලා ඊයේ රෑ වෙද්දි පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. රටේ පළමු වැනි පුරවැසියා මොනවද මේ කරන්නේ. 
 
මේ රටේ ජනතාව මුලා කරගෙන   මොහොතක්. පාර්ලිමේන්තුව තුල ආණ්ඩු මාරු වුණේ නෑ.  අද මේ රටම අස්ථාවර කරලා තියෙන්නේ. ව්‍යවස්ථාමය කුමන්ත්‍රණයක් කරලා තියෙන්නේ.  පොළොන්නරුවේ පොඩි විජේ කියලා දාමරිකයෙක් හිටියා කියලා අපි පොඩි කාලේ අහලා තියෙනවා. ඇන්ටන් ජෝන්ස් මහත්තයාගේ සින්දුවකුත් තියෙනවා පොළොන්නරුවේ පොඩි විජේ කියලා. ජනාධිපතිතුමත් දැන් පොඩි විජේගේ චරිතය රඟපානවා.  හෙට වන විට තවත් මොනවා කරයිද දන්නේ නෑ.
 

මේක නැවැතුතවේ නැතිනම් මේ රට මුගාබේලා, මාකෝස්ලා, ශාලා හිටපු රටවල් බවට පත් වෙයි. 1931 ඉඳන් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පටන් ගත්තු රටක් මේක. එහෙම පාර්ලිමේන්තු ඉතිහාසයක් තියෙන අපේ රටේ ඉතිහාසය ආපස්සට හරවන්න උත්සාහ කරනවා. මේක නවත්වන්න අපි ක්‍රියාමාර්ග කිහිපයක් අරගෙන තියෙනවා. ඉදිරියේදී ඒවා ක්‍රියාත්මක කරනවා. 2015 බලවේගය නැවත ඇවිත් තිබෙනවා. එදා ඒ බලවේගය තිබ්බේ මහින්ද රාජපක්ෂට විරුද්ධව. අද සිරිසේන සහ මහින්ද රාජපක්ෂ පිලට විරුද්ධව ඒ බලවේගය හැදිලා තියෙනවා. ‘‘
 


මංගල සමරවීර මහතා-
 
‘‘පසුගිය   26 වැනිදා සිකුරාදා තමන්ගේම රජයට විරුද්ධව කුමන්ත්‍රණයක් කරලා එම රජය නීති විරෝධී ලෙස ඉවත් කරන්න කටයුතු කළ එකම රාජ්‍ය නායකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා ලෝක ඉතිහාසයට එකතු වුණා. තමන් ගෙනා ව්‍යවස්ථා සංශෝධනය තමන්ම උල්ලංඝණය කළ එකම රාජ්‍ය නායකයා ලෙස ඔහු ඊයේ යලිත් වරක් ඉතිහාසයට එක් වුණා.
 
ජනාධිපතිවරයාට තිබුණු බොහෝ බලතල ඉවත් කරමින් ජනාධිපතිවරයාගේ කැමැත්තෙන්ම අපි එදා 19 ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගත්තා. ජනාධිපතිවරයාට පාර්ලිමේන්තු විසිරුවා හැරීමට තිබුණු බලය අපි සීමා කළා. පාර්ලිමේන්තුව විසුරුවන්න පුලුවන් වෙන්නේ පාර්ලිමේන්තුවේ කාලය අවුරුදු හතරකුත් මාස හයකට පස්සේ කියා අපි සංශෝධනයට ඇතුළත් කළා. යළිත් මැතිවරණයක් තබන්නට නීත්‍යනුකූලව හැකියාව තියෙන්නේ 2020 පෙබරවාරි මාසයෙන් පස්සේ.කෝටි ප්‍රකෝටි ගණන් දීලා අපේ මන්ත්‍රීවරුන් බිලිබාගන්න බැරි වුණාට පස්සේ ඊයේ රාත්‍රී ව්‍යවස්ථාව උල්ලංඝණය කර මහ මැතිවරණයකට දින නම් කර තිබෙනවා.  
 
 
අපි මැතිවරණයකට බය නෑ. අපි මැතිවරණයකට ඕනෑම වෙලාවක සූදානම්. නමුත් අපි විරුද්ධ වෙන්නේ ව්‍යවස්ථාවට පයින් ගහලා ව්‍යවස්ථාවට පටහැනිව පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට. අපි මේකට ඉඩ දුන්නොත් ඡන්දෙන් පස්සේ අනාගතේ ජනාධිපති කෙනෙකුට කියන්න පුලුවන් මම මේ පත්වෙච්ච අගමැතිගේ මූණට කැමති නෑ, ඒ නිසා යළිත් වතාවක් පාර්ලිමේන්තුව විසිරුවනවා කියලා.  මේවට ඉඩ දුන්නොත් මුගාබෙගෙත් නැති ඒකාධිපතතිත්වයක් බිහි වෙයි.
 
ඇතිවෙමින් තිබෙන ඒකාධිපති වියරුවට එරෙහිව උසාවියේදි අපි සටන් කරනවා. පාර්ලිමේන්තුවෙදිත් සටන් කරනවා. මැතිවරණයෙදිත් සටන් කරනවා.  අපි අනිද්දා මේ සම්බන්ධයෙන් උසාවියට යනවා. පාර්ලිමේන්තුවේ බහුතරය අපට තියෙනවා කියලත් අපි පෙන්වන්න සූදානම්. බහුතරයක් තියෙන පාර්ලිමේන්තුවක් තමයි ඒකාධිපති පාලකයා විසිරුවා හැරලා තියෙන්නේ කියලා පෙන්වන්න අපි සූදානම්. ‘‘
 


කබීර් හෂීම්  මහතා -
 
‘‘එජාපය කියන්නේ ඕනෑම මැතිවරණයකට සූදානමින් ඉන්න පක්ෂයක්. ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන පක්ෂයක්. පහුගි කාලයේ රාජ්‍ය ත්‍රස්තවාදයට ලක්වුණු පක්ෂයක්. රාජ්‍ය ත්‍රස්තවාදයේ බලපෑම් මත ඡන්ද කළ පක්ෂයක්. සාධාරණ මැතිවරණයකට එජාපය ඕනෑම අවස්ථාවක මුහුණ දෙන්න සූදානම්. නමුත් හොර ඡන්ද වලට අපි විරුද්ධයි. නීතියට අපි හිස නමනවා.

 
පහුගිය කාලයේ එක්සත් ජාතික පක්ෂයේ නායකයන් රැසක් ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කරනු ලැබුවා.  ජනතා වරමෙන් අපිව අයින් කරනවා නම් අපි ඊට හිස නමනවා. රාජ්‍ය බලයෙන් එළවන්න හදනවා නම් අපි ඒකට එකඟ නෑ.
 
විශ්වාස භංගයක් පරාජය කරලා විශ්වාසය දිනා ගත්ත අගමැතිවරයා ඉවත් කිරීම නීති විරෝධියි. ඉන් පසු බහුතරයක් නැති හොර අගමැතිවරයෙක් පත් කළා. හොර කැබිනට් මණ්ඩලයක් දිවුරුම් දෙන්න සකස් කලා. මේ එකක්වත් නීත්‍යනුකූල නෑ. මේ කැබිනට් ඇමැතිවරු නීත්‍යනුකූල නෑ.  ජනාධිපතිවරයම එහෙම කරලා කිව්වා බහුතරය තියෙනවා කියලා. ඊයේ වෙනකොට බහුතරය නැති එක පිළිඅරගෙන පාර්ලිමේන්තුව විසිරෙව්වා. ඊයේ හවස් වෙනකම් ඇමැතිවරුන් දිවුරුම් දෙනවා. ඊයේ රෑ විසිරුවනවා. තමන්ට තමන්ගේ ආණ්ඩුව රැකගන්න බෑ කියලා දැනගෙන විසිරුවනවා.  
 
අපේ පක්ෂය මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට බලාපොරොත්තු වෙනවා.  මැතිවරණ කොමසාරිස්වරයාගේ අදහස දැනගන්නත් අපි  කැමතියි.  මුලු ලෝකයේම රටේ කීර්ති නාමය හදලා යම් තැනකට ගේනකොට එය නැති කළා. පක්ෂ බේද නොතකා මේ අරගලයට එකතු වෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ‘‘



අදහස් (22)

පාර්ලිමේන්තුව විසුරුවීමට එරෙහිව උසාවි යන්න එජාපය සැරසෙයි

ගල්කටස් Saturday, 10 November 2018 10:13 AM

නියමයි ඔය කිවිවාට යන එතත් නැහැ .සවාධීන තීරණයක් ගැනීමට අධිකරණයෙට යන්න

:       0       0

මවුබිමේ අනාතයා Saturday, 10 November 2018 11:57 AM

අනේ පොදුමහජනතාව වන අපට පාන්ද? අපි හැමදාම කරේ එක එක පක්ෂ වල රූකඩයන් වෙලා හිටපු එක විතරයි. අපේ අපේක්ෂා සල්ලි කරලා ඔබලා බෙදාහදා ගත්තා. බොරු කලබල කරලා නැතිවෙන්නෙත්, අහිංසක මිනිස්සුන්ගේ ජීවිත විතරයි. එම නිසා ඔබලාගේ ප්‍රශ්න ඔබලාම හොඳ විදිහට විසඳගන්න. අපට තවත් පවුනොදී! අවුරුදු 70 කට අපිට ලැබුනු ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ. ඒ ඔක්කොම දේශපාලකයින්ට මිස අපට නොවේ. අපිට සුද්දා හොඳයි ඔබලාට වඩා !!

:       0       0

jude Saturday, 10 November 2018 12:22 PM

ඇහුවට තරහ වෙන්න එපා ...!!! ජනතා අධිකරණය ඉදිරියට යන්න අකමැතිද ආයුබෝවන්?

:       34       409

සමන්Sunday, 11 November 2018 03:52 AM

මුලු රටේ බහුතරයක් දෙදෙනාගේ ප්‍රශ්ණය වෙන්නෙත් ඕකමයි

:       0       71

Siri Abeygoonaratne Saturday, 10 November 2018 12:30 PM

පොඩි විජයට අපහාස කරන්න එපා. ඔහුට සුදුසුකම් බොහෝ තිබෙනවා.

:       0       0

Mangala Saturday, 10 November 2018 01:23 PM

2002 දී අවු 2 කින් සහ, 2015දීත් අවු 3ක් ගිහිල්ලත් දේශපාලන පළිගැනීම් වලට සහන දෙන්න බැරිවුන මේ එජාපෙට අපි ආයෙත් ජීවිතේට ඡන්දෙ දෙන්නේ නැහැ. පාක්ෂිකයින්ට සාධාරණයක් නොකරපු, රට ජාතිය ආගම ගැන හැගීමක් නැති, ලැජ්ජාවක් නැති නායක පිරිසක් ඉන්න පක්ෂයක්. සදා කල් විපක්ෂයේ.

:       0       0

PA - RA Saturday, 10 November 2018 01:48 PM

බුද්ධාගමේ කියන්නේ "තණ්හාය ජායති සෝකෝ" කියලා

:       0       0

Suraj Saturday, 10 November 2018 02:11 PM

මේ රටේ සමහර සුළු ජාතිකයන්ගේ එකම උවමනාව මහා ජාතිය කොටස් වලට කඩලා දුර්වල කරන එක. එම දුර්වලතාවය අපට විරුද්ධ රටවල් අපගේ හමුදාවට සහ විදේශ ප්‍රතිපත්ති වලට කෙලින්න හදා ගන්නවා. මෝඩයෝ දැන්වත් තේරුම් ගත්තොත් හොඳයි.

:       0       0

Nihal Saturday, 10 November 2018 05:32 PM

මන් 43/3 වගන්තිය කියෙව්වා ,හරි පුදුමය්

:       0       0

jaya Saturday, 10 November 2018 11:18 PM

එහෙමනම් පර්ලිමේන්තුව වහල ජනතාවගෙන් අහ අහ ඉන්න වෙයි.

:       73       11

td Sunday, 11 November 2018 12:25 AM

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට පිටින් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැඳවීමට එරෙහිව අධිකරණයට පක්ෂ වෙන වෙනම නොගොස් සියලු පක්ෂ එක්වී අධිකරණයට යාම වඩා යෝග්‍යය බව අප සිතමු.

:       26       0

BamunuarachchiSunday, 11 November 2018 01:43 PM

දැන් ගිහිල්ලා තිබෙන්නේ ජනතා අධිකරණයට... ඇයි බයද?

:       0       0

p.d goonawardena Sunday, 11 November 2018 03:34 AM

ඔබට සතුටිද දැන් ....මෙයාව කවූද පත් කර ගත්තේ ......

:       0       35

Bamunuarachchi Sunday, 11 November 2018 05:30 AM

කබීර් හෂීම් ඡන්දේ දෙන්නේ රටේ ජනතාව...... ඉතින් කොහොමද එක හොර ඡන්දයක් වෙන්නේ? මේ ඡන්දෙදි පුළුවන් ඔබලාට තිබෙන ජනතා බලය පෙන්වලා ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවා ගන්න. ඇත්තටම ඕගොල්ලෝ ඉල්ලලා මේ ඡන්දය තියන්න ඕනේ. ඕගොල්ලෝ ශ්‍රේෂ්ඨාධිකරණයට යන්නත් බයයි ජනතා අධිකරණයට යන්නත් බයයි. කොහේ ගියත් පරදිනවා.

:       1       76

aseSunday, 11 November 2018 08:05 AM

ජනතාව ඉල්ලන්නේ ඒකාදිපති පාලනයක් නම් ?? මොනා කරන්නද ?? සිංහලය මෝඩයා කියල කිව්වේ 1800 ගණන් වල නේද ?

:       146       1113

BamunuarachchiSunday, 11 November 2018 01:36 PM

ජනතාව ඉල්ලන එක දීම ප්‍රජාතන්ත්‍රවාදය නොවෙයිද?

:       0       0

BamunuarachchiSunday, 11 November 2018 01:41 PM

මෙයා නම් නියම හම්බර් කෙනෙක්...

:       0       0

Sumith Sunday, 11 November 2018 08:08 AM

මේ පාර එජාපයට ජනතාවගේ සහය ගන්න එක ලෙහෙසි නෑ.....

:       0       20

Sumith Sunday, 11 November 2018 08:12 AM

ජනතාව අහන්නේ ව්‍යවස්ථාව නොවෙයි..... දවසින් දවස බඩු මිල තෙල් මිල වැඩි කරන්නේ ඇයි කියලා... ඉස්සරවෙලා මිනිස්සු ජීවත් වෙලා ඉන්න ඕනේ...

:       0       16

Rohana Sunday, 11 November 2018 10:19 AM

වැඩක් වෙයිද?

:       0       0

Bamunuarachchi Sunday, 11 November 2018 01:38 PM

සිංහලයා මෝඩයා නිසා තමයි ඕගොල්ලන්ට මෙහෙ පැලපදියම්වීමට ලැබුනේ...

:       0       0

හිඳුුුංගල පාල Monday, 12 November 2018 01:29 AM

දක්වා ඇති අදහස් බැලුවම පේන්නෙ මිනිසුන්ට අවශ්‍යවෙන්නෙ රට ජාතිය නීතිය නොවේ තමා අදහන පක්ෂය හා පුද්ගලයා රජකිරීම. නීතිය නොකඩා මැතිවරණ පවත්වන්න කියලයි මේ කියන්නේ කියල තේරෙන්නේ නැද්ද. ප්‍රභාකරන් කලෙත් නීතිකැඩීම. නුඹලා කියන්නේ එහෙම කරන්නද

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල වාහන තවම බාර දී නැහැ
2024 අප්‍රේල් මස 16 112 0

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර මාස තුනකට ආසන්න වී ඇතත් ඔහු අමාත්‍යවරයාව සිටියදී ලබා දුන් නිල වාහන දෙක තවමත් ඔහුගේ පවු


ගවයින් රකින්න ගිය කත වන අලියාට බිලි
2024 අප්‍රේල් මස 16 84 0

මඩාටුගම නිදිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ගවයින් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී වන අලියෙකුගේ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව මඩඅටුගම් පොලිසිය පවසයි.


නවතා තිබූ ලොරියේ බසයක් ගැටී 10ක් රෝහලේ
2024 අප්‍රේල් මස 16 201 0

ලංගම බස් රථයක් නවතා තිබු ලොරියකට පිටුපස ගැටීමෙන් කොන්දොස්තරවරයා ඇතුලු දස දෙනෙකු පොල්පිතිගම මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.


පාලිත තෙවරප්පෙරුම විදුලි සැර වැදී මරුට
2024 අප්‍රේල් මස 16 2747 0

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි සැර වැදීමෙන් මියගොස් ඇතැයි නාගොඩ රෝහල් ආරංචි මාර්ග කියයි.


සර්වෝදය නිර්මාතෘ දිවියට සමුදෙයි
2024 අප්‍රේල් මස 16 687 0

සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය ඒ.ටී ආරියරත්න මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද (16) පස්වරුවේ අභාවප්‍රාප්ත විය.


කම්හල් විසිදාහක් කම්කරු අංශයට පොලු තියලා
2024 අප්‍රේල් මස 16 189 0

දිවයින පුරා කර්මාන්තශාලා විසි දාහකට වැඩි සංඛ්‍යාවක් කම්කරු දෙපාර්තමේන්තුවට ලියාපදිංචි ගාස්තු ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 146 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1424 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1351 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site