IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


පාර්ලිමේන්තුව විසුරුවාලීමට එරෙහිව මැතිවරණ කොමිසමේ සාමාජිකයකුගෙනුත් පෙත්සමක්

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

 

පාර්ලිමේන්තුව විසුරුවා හැරෙන ජනාධිපතිගේ  ගැසට් නිවේදනය ව්‍යවස්ථා විරෝධි යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා මැතිවරණ කොමිසමේ සාමාජිකයකු වන රත්නජීව හුල් මහතා විසින් ද අද (12) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇත.

 

මෙහි වගඋත්තරකරුවන් වශයෙන් නීතිපති , මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපිය , ජනාධිපති ලේකම් ඇතුළු පස් දෙනෙකු නම් කරනු ලැබ සිටිති.

 

ජනාධිපතිවරයා ගේ එම ගැසට්ටුව බලරහිත කරන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් , පාර්ලිමේන්තු මැතිවරණයක් කැදවීමට අවශ්‍ය පියවර ගැනිමෙන් මැතිවරණ කොමිසමේ සභාපති සහ එහි සාමාජිකයන් කටයුතු කිරීමෙන් වළකාලන අතුරු නියෝගයක් ද නිකුත් කරන්නැයි ද පෙත්සමින් ඉල්ලා සිටියි.



අදහස් (15)

පාර්ලිමේන්තුව විසුරුවාලීමට එරෙහිව මැතිවරණ කොමිසමේ සාමාජිකයකුගෙනුත් පෙත්සමක්

Missaka Monday, 12 November 2018 09:04 AM

මෙතැනදී මැතිවරණ කොමිසමේ සාමාජිකයින් ස්වාධීනව සිටිය යුතුයි. නැතහොත් ඔවුන් කොමිසමෙන් ඉල්ලා අස්විය යුතුයි!.

:       317       369

රාජේශ් ඛන්නාMonday, 12 November 2018 07:46 PM

මෙතැනදී සිදුවෙමින් පවතින්නේ කොමිසමේ තීරණ ගැනීමේ බලතල කොමිසමේ ප්‍රධානියාට පමණක් සීමාකිරීමට පිටස්තර බලවේගයක් ක්‍රියාත්මක වී තිබීමයි. කොන්ද පණ ඇතිව ඊට විරුද්ධ වී ඇත්තේ මෙම සාමාජිකයා පමණි. ඔහු පමණක් තවමත් ස්වාධීනයි. අනිත් සාමාජිකයින් සියලුදෙනාම එම බලවේගයට යටත් වී ඇත. රටේ ඇත්ත විකෘති වෙමින් පවතී.

:       0       0

sam Monday, 12 November 2018 09:11 AM

එතකොට මැතිවරණ කොමිසම ස්වාධීන නැද්ද? නටන්නේ කාගේ පදයටද? ඉස්සර නම් කොටි පදයට නැටුවා. දැනුත් එහෙමද?

:       172       227

Ratne Monday, 12 November 2018 09:23 AM

මෙතුමා අකමැති වෙන්න ඇත්තේ ඡන්දෙට මහන්සි වෙන්න තිබෙන කම්මැලිකමට වෙන්න ඇති... නැත්නම් මුදලට විකිණෙමින් සිටින පා. මන්ත්‍රීවරු පිරිසක් තවදුරටත් තබා ගැනීමට මෙතරම් උනන්දුවක් මොකද?

:       251       279

rasi Monday, 12 November 2018 09:49 AM

අවුරුදු 3 ක් ඡන්ද තියන්නේ නැතුව ඉන්නකොට මෙතුමා කොහේ හිටියද දන්නේ නැහැ. ඔන්න ලංකාවේ ස්වාධීන කොමිසම්...

:       98       240

Sam Monday, 12 November 2018 09:51 AM

මෙන්න ස්වාධීන කොමිසමේ සාමාජිකයෙකුගේ ස්වාධීනත්වය...

:       121       225

ලක්ෂිත Monday, 12 November 2018 09:57 AM

පළාත් සභාව කල්දානකොට මේ කවුරුවත් උසාවි ගියේ නැහැනේ... රණවිරුවන් පෝරකයට යවද්දී හරි සතුටින් ඉන්න ඇති මෙයාලා.

:       154       213

Jana Monday, 12 November 2018 10:28 AM

මේ නම් වැඩ කරන්න වෙන නිසාද කොහෙද?

:       3       87

sirimal Monday, 12 November 2018 10:33 AM

නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ වගේද?

:       3       32

Anuradha. Monday, 12 November 2018 11:24 AM

අපි නම් අහලා තියෙන්නේ මැතිවරණ කොමිෂම ස්වාධීනයි කියලා. මැතිවරණ අනිසිලෙස කල්දමද්දී තමුන්නාන්සේ හිටියේ මරනින්දේද?

:       17       102

ලක්ෂ්මන් Monday, 12 November 2018 11:31 AM

අවුරුදු 3ක් ඡන්ද නොතියා හිටියා කියන එකේ තේරුම මොකක්ද? එහෙම ඡන්ද තියතියා හිටියම රටට යනකල දවස කුමක්ද? තියන්න තිබුණු ඡන්දය කුමක්ද?

:       270       146

SLTuesday, 13 November 2018 04:28 AM

ඇයි පළාත් පාලන මැතිවරණය? කල් අවසාන වුණ පළාත්සභා 3 ක මැතිවරණ?

:       0       0

ප්‍රවී Tuesday, 13 November 2018 03:05 AM

මෙයා ඇමෙරිකානු පුරවැසියෙක්. මොහුට තියන අයිතිය කුමක්ද ශ්‍රී ලංකාවේ මැතිවරණ කල් දාන්න ඉල්ලීම් කරන්න. අනික මේ වගේ අය පත් කරපු යහපාලන නායකයෝ කොච්චර බටහිර ගැතිද?

:       0       0

Deepal Nirosh Tuesday, 13 November 2018 03:20 AM

ඕනම පුරවැසියෙකුට ජනපති තීරණයට එරෙහිව පෞද්ගලිකව අධිකරණයට යන්න පුළුවන්. ඒත් මැතිවරණ කොමිසමේ සාමාජිකයෙක් කොහොම ද ස්වාධීන (?) කොමිසමේ නාමයෙන් පෙත්සමක් ඉදිරිපත් කරන්නෙ. මදෑ ස්වාධීන මැතිවරණ කොමිසමක් පත් කළා? ඉතින් අනිකුත් ස්වාධීන (?) කොමිසම් ගැන මොන කතා ද? පසුගිය කාලෙ පළාත් සභා ඡන්ද කල් දානකොට මේ පුද්ගලයා කොහේද හිටියෙ?

:       0       0

Bamunuarachchi Tuesday, 13 November 2018 11:32 AM

හලෝ ෆූල් මහතා, ජනවාරි 7 වෙනිදා ගෙදර යන්න ලැහැස්තිවෙන්න. මැතිවරණ කොමසාරිස් වීමේ යටි අදහසක් වත් තිබෙනවාද කියා සැකයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොස්තාපල් නිවෙසට පැන කතකගේ දත් 14ක් කඩලා
2024 අප්‍රේල් මස 16 171 0

දිවුල්වැව ප්‍රදේශයේ ඉඩමකට අයුතු ලෙස ඇතුළු වී එම ඉඩමේ නිවෙසක කාන්තාවකට පහරදී ඇයගේ දත් දාහතරක් කඩා දැමූ බව කියන පොලිස් කොස්තාපල්වරයකු සැකපිට අත්අඩංගුව


පාලිත පැරණි දේශපාලන මිතුරන් 4කට අත වනයි
2024 අප්‍රේල් මස 16 685 0

ගොඩනගන රට තව ශක්තිමත් කිරීම සඳහා ජනපති සමග එක්වන්නැයි සමගි ජන බලවේගයේ තලතා අතුකෝරල,කබීර් හෂීම්,හර්ෂද සිල්වා සහ එරාන් වික්‍රමරත්න මහත්වරුන්ට ආරාධනා ක


ග්‍රීස් ගහ කඩා වැටී හතරක් රෝහලට
2024 අප්‍රේල් මස 16 331 0

ගම්පොළ ගම්පලවෙල රජඇළගම ප්‍රදේශයේ පැවැති අවුරුදු උත්සවයක ග්‍රීස් ගස කඩාවැටීමෙන් සිවු දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.


වේදිකාවට දුම්රිය ගෙනා රියදුරුගේ සේවය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 16 1239 1

හලාවත බලා ධාවනය කිරීමට සූදානම්ව තිබියදී කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පළමු වේදිකාවේ ගැටුණු දුම්රියේ රියදුරුගේ සේවය තාවකාලිකව අත්හිටුවූ බව දුම්රිය නිය


දුම්රිය අවුලෙන් මගීන් අමාරුවේ
2024 අප්‍රේල් මස 16 576 2

දුම්රිය රියදුරන් හා නියාමකවරුන් පිරිසක් රාජකාරියට නොපැමිණීම හේතුවෙන් අද (16) උදේ වරුවේ ධාවනයට නියමිතව තිබූ දුම්රිය 11 ක් පමණ අවලංගු කිරීමට සිදු වූ බව දුම


ජාතික රෝහලේ රෝගීන්ට දෙන කෑම ප්‍රමිතියෙන් තොරයි
2024 අප්‍රේල් මස 16 669 0

කොළඹ ජාතික රෝහලේ රෝගීන්ට සහ සේවකයන්ට ආහාර පිසීම සඳහා ලබා දෙන වියළි සලාක සැලකිය යුතු ප්‍රමාණයක් ප්‍රමිතියෙන් තොර බාල ඒවා බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 140 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1421 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1347 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site