IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


පාර්ලිමේන්තුව විසුරුවයි - මහ මැතිවරණය ජනවාරි 5

(රංජන් කස්තුරි සහ තරිඳු ජයවර්ධන)

පාර්ලිමේන්තුව අද මධ්‍යම රාත්‍රියේ සිට විසිරුවා හැරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගත්තේය. ඊට අදාල අති විශේෂ ගැසට් නිවේදනය අද රාත්‍රී 11.45 ට නිකුත් කරන ලදි. 


අභිනව පාර්ලිමේන්තුව 2019 ජනවාරි මස 17 වැනි දින කැඳවීමටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනීමට 2019 ජනවාරි මස 05 වැනිදා මහ මැතිවරණය පැවැත්වීමටත් ජනාධිපතිවරයා නියම කර ඇත. 

නාමයෝජනා බාරගැනීමේ කාලය ලෙස 2018 නොවැම්බර් මස 19 සිට  26 වැනි දින සිට දහවල් 12.00 දක්වා කාලය ලබා දී තිබේ. 

පාර්ලිමේන්තුව විසිරුවා හැරීමෙන් පසුව භාරකාර රජයක් පවත්වා ගැනීම සඳහා අවශ්‍ය කැබිනට් මණ්ඩලය සම්පූර්ණ කිරීම අද පස්වරුවේ සිදු කෙරිණි.

2019 මහ මැතිවරණය පැරණි ඡන්ද ක්‍රමය මතම පැවැත්වීමට නියමිතය. 
 

ඡායාරූප - රෝමේෂ් ධනුෂ්ක සිල්වා

 

 



අදහස් (66)

පාර්ලිමේන්තුව විසුරුවයි - මහ මැතිවරණය ජනවාරි 5

Ratne Friday, 09 November 2018 05:59 PM

හොඳ තීරණයක්.

:       2881       9401

NissankaSunday, 11 November 2018 08:00 AM

මොනවා නැති වුණත් අපිට මැතිවරණ වලින් නම් අඩුවක් නෑ.ජනාධිපතිවරන, මහමැතිවරණ, පළාත් සභා, පළාත්පාලන මැතිවරණ වලට බිලියන කියක් මහජන මුදල් වියදම් වෙනවද? මේ සියල්ලම අවුරුදු පහකට වරක් එකම දිනයක පැවැත්වීමට නීති සම්පාදනය කළ යුතුයි.

:       0       0

angelo nugara Friday, 09 November 2018 06:03 PM

නිවැරදිම ප්‍රජාතන්ත්‍රවාදී තීරණයක් මේ දෙපැත්තටම තර්ක කරන ව්‍යවස්ථාව පසුව නිශ්චිත කරුණු වලට සකසන්න

:       0       11

Chaminda Friday, 09 November 2018 06:03 PM

නියමයි…...

:       1664       6094

gunarathnaSaturday, 10 November 2018 01:27 AM

චමින්ද නියම තමා.දෙන් තමා UNP එකේ සටන පටන්ගන්නේ.ජනවාරි වෙනකම් නායකයා කවුද කියල තෝරගන්ට වළි යනවා.දෙමළ කට්ටියට කාටද සහයෝගය දෙන්නේ කියල වළි පටන් ගන්නවා.පොහොට්ටුවේ කට්ටිය තනියම ඉල්ලනවද,ශ්‍රීලංකා එකත් එක්ක ඉල්ලනවද කියල වළි යන්ට පටන් ගන්නවා.

:       0       0

Kotho Friday, 09 November 2018 06:05 PM

අපි ඔක්කොම යන්න ඕනේ 134 බස් එකේ... අංගොඩ බස් එකේ..

:       0       0

ජගත් සමරකෝන් Friday, 09 November 2018 07:13 PM

වර්තමානයේ ඇති වී තිබෙන දේශපාලන වියවුල් තත්වය මත ගත් කාලෝචිත තීරණයක්..

:       0       0

chinthaka Friday, 09 November 2018 07:16 PM

ඉතාම හොඳයි, එ්කෙන් බලා ගතහැකියි සත්‍ය ජනතා මතය...

:       0       0

korala Friday, 09 November 2018 07:21 PM

මේ තීරණය ගන්න ගොඩක් පරක්කු වුණා. නැතිනම් මේ තරම් පාඩු වෙන්නේ නැහැනේ කෙලින් තීරණගන්න. බය නැති හොඳ පාලකයෝ මේ වෙලාවේ රටට අවශ්‍යයි.

:       0       0

Mahee Friday, 09 November 2018 07:29 PM

එහෙම නොකළ නම් 14 වැනිදා ඉඳල කොහොමද රටට මුණ දෙන්නේ, නේද? මට දුක පෙන්ෂන් එක නැතුව ගිය එකටයි, කෝටි ගාන අපතේ ගිය එකටයි.

:       0       0

maal Friday, 09 November 2018 07:33 PM

ප්‍රජාතන්ත්‍රවාදයේ මලගමද මේ සනිටුහන් කරන්නේ. අලුත් චන්දය හොඳයි. නමුත් නාමයෝජනාවලට කාලය කෝ. රට අව්ලෙන් අව්ලට යාවිද. මෙවර විදෙස් සංචාරකයින් බින්දුවටම බහීවි.

:       0       0

සේනක Friday, 09 November 2018 07:46 PM

මෙන්න අවස්ථාව ජනතා අධිකරණයට,රට අරාජිකත්වයට යැමට ඉඩ නොදී ගත්ත හොඳ තිරනයක් කියලා කිවයුතුයි.රටට වැඩදායි ජනතා නියොජිතයින් ටිකක් පත්කරන්න අපේ ජනතාවට මොළය පැදෙවා කියලා ප්‍රාර්ථනා කරමු.

:       0       0

hasantha Friday, 09 November 2018 08:41 PM

14 වෙනිදට පක්ෂ දෙකෙන් මොකක් බලේ පෙන්නුවත් ඊළගට පාර්ලිමේන්තුව කරගෙන යන්න ශක්තිමත් පදනමක් නෑ. පනතක්වත් සම්මත කරගන්න බැරි වෙනවා. ඊට වඩා හොදයි මේක. දැන් තම තමන්ගේ සැලසුම් ඉස්සරහට දාල ජනතාව දෙන තීරණේ බාරගන්න තියෙන්නේ.

:       0       0

sam Friday, 09 November 2018 08:45 PM

හැම ආසනයකට පොහොට්ටු අපේක්ෂකයෙකුයි ශ්‍රීලනිප අපේක්ෂකයෙකුයි දෙන්නෙක් ඉන්නවනේ. ඒ දෙන්නාම තරග කරනවාද ?? 5% ජන්ද ප්‍රතිශතයක් පමණක් ඇති ජනාධිපතිතුමාගේ අපේක්ෂකයන් හා 50-55% චන්ද පදනමක් හිමි මහින්ද මහතාගේ අපේක්ෂකයන් අතරින් චන්දයට ඉදිරිපත් කරන්නේ කව්ද ?? මම හිතන්නේ ජනාධිපතිතුමා මෙතෙක් කල් සිදුකල සියලුම දේවල් වගේ මේකත් අනා ගත්තා. කිසි විටකදී ප්‍රාදේශීය සභා මැතිවරණයේ ප්‍රතිඵල මහා මැතිවරණයෙන් නොලැබෙන තැනට වැඩ සිද්ධ වී හමාරයි

:       0       0

rasi Friday, 09 November 2018 08:56 PM

පාර්ලිමේන්තුව විසුරුවන්න පැය කිහිපයකට පෙරත් ඇමතිවරු දිවුරුම් දීමෙන්ම පේනවා අපේ රටේ පාලකයන්ගේ දක්ෂකම !

:       0       0

SL Friday, 09 November 2018 08:59 PM

හරි දැන් නියම ජන මතය බලන්න පුළුවන්.

:       0       0

Chanak Los angeles Friday, 09 November 2018 09:15 PM

බයවෙන්න එපා මෙන්න එජාපයට නියම අවස්ථාව යහපාලව ආප්ප කාපු තැනටම යවන්න .

:       0       0

banda Friday, 09 November 2018 10:07 PM

තව අවුරුදු 12 ක් රනිල් විපක්ෂනායක කරමු.

:       0       0

sudelmi Friday, 09 November 2018 10:11 PM

නූගත් මනුස්සයෙක් නීතියක් ගැන වගක්නැති කෙනෙක් කරන වැඩ වලින් රටේ සල්ලි කෝටිගාණක් නිකරුනේ නැතිවෙනවා. පසුගිය කාලයේ යම් වරදක් වුනානම් ඒවාට වගකිවයුතු ආණ්ඩුවේ රටේ නායක බව මේ කරන සියල්ලෙන්ම හෙළිවේ. නුසුදුසු මනුස්සයෙකුට තැනක් ලැබුණාම කරන්නේ මොනවද නොකරන්නේ මොනවද කියලා කියන්න බැහැ. මේ විදිහට අලුතින් පත්වෙන රජයේ නායකයට එජාප/පොහොට්ටු රට පාලනය ක‍රන්න මේ මනුස්සයා දෙයි කියල මොකක්ද තියෙන සහතිකය...? 113 තියෙනවා කියලා රින්ගින් ටෝන් දාන්න කියලා තම පක්ෂේ සියලුදෙනාට කියලා පැය කිහිපයකින් 113 නෑ කියලා ලැජ්ජාවට පාර්ලිමේන්තුව විසුරුවන කට ඇරියොත් බොරුම කියන නායකයෙක් මේ බුදුදහම අදහන රටට සුදුසුද කියලා පාට, පක්ෂ පැත්තක තියලා හිතුවේ නැත්නම් මහින්ද නැවත පත් වුනත් මේ මනුස්සයා කරන්නේ ඔය ටිකම තමයි.

:       0       0

Chanak Los angeles Friday, 09 November 2018 10:18 PM

කැබිනට් එක පුරෝගෙන ඔවුන්ට බලය ලබාදී චන්දය තියන්න යන්නේ නීති විරෝධීව බලහත්කාරයෙන් ආණ්ඩු බලය ලබා ගැනීමේ චේතනාවෙනි . බලමු අපිත් ඉන්නවා පැත්තකින්

:       0       0

lalith Friday, 09 November 2018 10:59 PM

මදැයි වෙච්ච දේ. අවුරුදු තුනක් පනිමුට්ටිය හංගගෙන නැටුවා. අන්තිමේ කන්න ගිහාම ඒක හොරාගත්ත. ලොබයගේ දේ කුබිකනවා කියන්නේ ඕකට තමයි.

:       0       0

Adam Friday, 09 November 2018 11:22 PM

හොද වැඩක් . රනිල්ගේ සමනල රෑනට දෙවි පිහිට තමා හොරු ගොඩකට තරු පෙනිලා ඇති , ආයේ ඉතින් කවද පර්ලිමන්තුවට යන්නද

:       0       0

jaya Friday, 09 November 2018 11:34 PM

113 නැහැ නේද?

:       0       0

parakrama Friday, 09 November 2018 11:48 PM

වෙන උත්තරයක් නැහැ... පිස්සු නටනකොට...

:       0       0

මංගල Saturday, 10 November 2018 12:30 AM

අච්චාරුවක් වෙච්චි පාර්ලිමේන්තුව විසුරවපු එකමයි හොද. දැන්‍ රටේ මිනිස්සු දැන ගන්න ඕන කොන්දක් තියෙන නියම පාලකයෝ පත් කර ගන්න.

:       0       0

laksman Saturday, 10 November 2018 12:39 AM

මෙය ලෝකය ඉදිරියේ අප රටට තිබුන තත්වය වෙනස් කිරීමකට ඉඩ ඇතිකරනු ඇත.

:       0       0

Channa Saturday, 10 November 2018 12:41 AM

ලංකාවේ මිනිස්සු හරි මෝඩ ජාතියක්. පාලකයා කරන කියන හැමදේටම ඔලුව නමලා හරියන්නේ නෑ. අගවිනිසුරු යි නීතිපති යි කියලා තියෙන්නේ මෙය නීති විරෝධී කියලයි. අවුරුදු 4 හමාරක් යන කං ජනාධිපතිවරයා ට පාර්ලිමේන්තුව විසුරුවන්න බෑ. අනික මේ වේලාවේ ජන්දය කරන්න බෑ හොර අගමැතියෙකුයි ඇමති මණ්ඩලයකුයි තියාගෙන උන් උන්ට විරුද්ධ අයව මරල හෝ ජන්දය දිනන්න බලයි.

:       0       0

lasantha Saturday, 10 November 2018 12:52 AM

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට යන දරුවන්ට දෙයියන්ගේම පිහිටයි.මෙම කණ්ඩායමේ අය හැමදාම විභාග කාල ආසන්නයේදී මැතිවරණ පවත්වා දරුවන්ට අපහසුතා ඇතිකල බව අමතකද

:       0       0

Bamunuarachchi Saturday, 10 November 2018 12:52 AM

අන්තිම තුරුම්පුව ගහනබව අපි දැනගෙන සිටියා. දැන් ජනතාවට පුළුවන් පාද සටහන් දාපු බැංකු කොල්ලවලට උදව්දීපු හොරු රැල පන්නා දමා තමන් කැමති රජයක් පත් කර ගන්න

:       0       0

lalith Saturday, 10 November 2018 12:55 AM

මේ යන විදියට මහජන මතය විමසන්න චන්දයක් තියන එකත් ප්‍රජාතන්ත්‍ර විරෝධියි කියන්න බැරි නැහැ ඔය සුපිරි ප්‍රජතන්තරේ තියනව කියන "ජාත්‍යන්තර ප්‍රජාව".

:       0       0

maura Saturday, 10 November 2018 12:58 AM

නීති හදලා තියෙන්නේ නීති ගරුක මිනිස්සුන්ට එහෙම නැති අයට තමයි දඬුවම් හදලා තියෙන්නේ

:       0       0

Asanka Saturday, 10 November 2018 01:33 AM

කලින් කරන්නයි තිබ්බේ...

:       0       0

රුවන් Saturday, 10 November 2018 01:38 AM

ජනතාව මැතිවරණ ඉල්ලුවේ නැත. ජනපතිවරණය කලින් තිබ්බා. මහමැතිවරණ කලින් තියෙනවා. අනේ අපේ සල්ලි...

:       0       0

ගල්කටස් Saturday, 10 November 2018 01:50 AM

අයියෝ......ටිං ටිං.... පව් අප්පා සමහරුන්ගේ පැන්ෂන් එක හබස්.. දෙයියො සාක්කි... මනුෂ නානායක්කාර කොහෙන් ඉල්ලුවත් පරාදයි.. එළ වැඩක් කෙරුවේ වරෙල්ලා, වරෙල්ලා දැන් වැඩේ අපේ අතේ... දැන්නම් ජනහිතකාමී මිනිසුන්ට පමණක් මෙවර ජනතාව ලොකු වෙනසක් කරනවා ෂුවර්...

:       0       0

Reality Check Saturday, 10 November 2018 02:01 AM

113ක් තිබුනා කියා අමූලික පච ගහල අපට කොකා පෙන්නපු තක්කඩියන් ඔබේ නිවසට චන්දය ලබා ගන්න එනවිට කොහු මිටේ බලය පෙන්වන්න. නාගානන්ද මහතාණනි, මේ අවස්ථාව ඔබ ඉදිරියට ආ යුතු වෙලාව වේ.

:       0       0

Ranil Saturday, 10 November 2018 02:38 AM

එහෙනම් දෙන අපිට කරන්ට තියෙන්නේ මොකද්ද.. ඊළඟ චන්දෙට ලෑස්ති වෙන එක

:       0       0

නිර්මලා Saturday, 10 November 2018 02:48 AM

නීතියක් සහ ව්‍යවස්ථාවක් නැති රටකට, ප්රජාතන්ත්රවාදයක් නැති රටකට, පාර්ලිමේන්තුවකුත් මොකටද?

:       0       0

KANDEPOLA Saturday, 10 November 2018 03:06 AM

අවස්ථානෝචිත තීරණයක්. කල යුතුව තිබුනේ එයයි.

:       0       0

chandima Saturday, 10 November 2018 03:22 AM

ජනාධිපතිතුමත් යුද අපරාධකාරයෙක් වෙයිද? ජනතාවගේ ඡන්දය විමසන එක ප්‍රජාතන්ත්‍රවිරෝධී බව දන්නේ නැතිද?

:       0       0

රත්නසේන Saturday, 10 November 2018 03:52 AM

මෙය රටේ නීතියටද, මනුෂ්‍ය බුද්ධියටද නිගා දෙමින් කරන ලද සාපරාධි දේශපාලන අපරාධයකි. එය කොතරම් අපරාධයක්ද යත් ඊට නායකත්වය දුන්නේ රටේ ජනාධිපතිවරයාය! - මෙයින් සිදු වන්නේ තිබුණාට වඩා අස්ථාවර රජයක් බිහිවිමට තිබෙන ඉඩකඩ වැඩිවීමයි!

:       1601       1717

BamunuarachchiSaturday, 10 November 2018 11:36 PM

අයි හලෝ මේවගේ අර්බුදකාරී වෙලාවක ජනතාවගේ කැමැත්ත ගැනීමේ වරද මොකක්ද? ජනාධිපති කර තිබෙන්නේ කලයුතු සුදුසුම දේ. ඔබ මොනවා දැනගෙනද කතා කොරන්නේ?

:       29       102

මාලති Saturday, 10 November 2018 04:25 AM

මහින්ද දේශප්‍රිය විශ්වාස කරන්න එපා, එයා මෛත්‍රී ගැත්තෙක්, එජාප, ජවිපය එකතුවෙලා ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න.

:       873       302

upulSaturday, 10 November 2018 07:46 AM

නිසි වෙලාවට ඡන්දයක්වත් තියපු නැති එක්සත් ජාතික පක්ෂයේ අය කියනවා මේ තීරණය වැරදියි කියා... දිට්ඨ ධම්ම වේදනීය කර්මය මනාව ප්‍රදර්ශනය කරන මේ මොහොතේ විනාඩි 5ක නිශ්ශබ්දතාවයක් අපේ එක්සත් ජාතික පාක්ෂිකයින්ට සහ ජනතා විමුක්ති පෙරමුණේ අයට... ශ්‍රේෂ්ඨාධිකරණයට අනුකූලව තමයි ජනාධිපතිවරයා මේ තීරණ ගන්නේ.. මොකද එතුමා දැන් සමනල උපදෙස් වලින් ඈත් වෙලා ඉන්නේ...

:       436       447

NimalSaturday, 10 November 2018 07:49 AM

යූ එන් පී එක අධිකරණයට යන්නේ නැත්තේ ඇයිද?

:       14       163

rohan Saturday, 10 November 2018 09:41 AM

පාර්ලිමේන්තුව උත්තරීතර නිසා රටක නීති සම්පාදනය කරන්නේ පාර්ලිමේන්තුවයි.

:       133       43

Chandima Saturday, 10 November 2018 05:49 AM

තව මාසයක් හිටියා නම් රටේ සම්පත් ඔක්කොම විකුණලා ඒ සල්ලි වලට වෙච්ච දේකුත් නැහැ.

:       172       618

Arjuna Ranawana Saturday, 10 November 2018 05:55 AM

රනිල්ට කොච්චර බයද කියන එක පේනවා. කෙසේවෙතත් බලය අනිසි ලෙස පාවිච්චි කිරීමක්...

:       1321       1315

RNG Saturday, 10 November 2018 07:57 AM

මොකටද රනිල්ට බය වෙන්නේ..? රනිල් නේ දැන් බය වෙලා ඉන්නේ ඡන්දෙට.. ?

:       10       221

DarshanaSaturday, 10 November 2018 08:35 AM

දැන්වත් අරලියගහෙන් බැස යයිද ....

:       0       0

amila Saturday, 10 November 2018 06:34 AM

ලංකාවේ දේශපාලනේ ලෝකෙටම විහිළුවක් වෙලා. කරුණාකරලා මේ විහිළුව නවත්තන්න. ලංකාව කියන්නේ නූගත් දේශපාලකයන්ගේ ක්‍රීඩා පිටියක් නෙමේ. බොහොම වැදගත්, උගත් මිනිස්සු ඉන්නවා මේ මාතෘ භූමියේ... ඒ මිනිසුන්ට අපහාස කරන්න එපා. ඔබතුමාලගේ නූගත්බව ලෝකෙට පෙන්නලා. මල ගෙදරක, මගුල් ගෙදරක, විවාහයක අත්සන් කරපු පලියට රටට වැඩක් කරන්න පුළුවන් දේශපාලකයෙක් වෙන්න බෑ. රටේ අවාසනාවට රට ඇතුලේ ඉන්න බහුතරයක් බලන්නේ හැඟීම්බර විදියටයි. හාමුදුරුවන්ට වැන්දද, ළමයි වැඩ ගත්තද, මල ගෙදරක පෙනී හිටියද? පාරේ යද්දී හිඟන්නෙක් එක්ක කතා කළාද? මේවා බලන්න ඕනෑ දෙවැනියට, මුලින්ම බලන්න ඕනෑ තමන්ගේ රට බාරගන්න මිනිස්සු තමන්ගේ රටේ නම කොහොමද ලෝකයක් ඉස්සරහට අරන් යන්නේ, රටක් පාලනය කරන්න තරම් බුද්ධියක් මේ අයට තියනවද? පාසල් ගිහින් තියනවද? උසස් පෙළ සමත්ද? බාරගන්න අයදුම් කරන අමාත්‍යංශ විෂය යටතේ අවම වශයෙන් උපාධියක්වත් තියනවද? ඉගෙන ගත්ත මිනිස්සු තමයි මේ රටේ අනිත් හැම අංශයකම උඩින් ඉන්නේ... අවාසනාවට නූගත් දේශපාලකයින් තමයි මේ රටේ ඒ හැම අංශයකටම උඩින් ඉඳන් මේ රට වලපල්ලට අැදලා දාන්නේ... තමන්ගේ පටු අරමුණු ඉටු කරගන්න එහාට මෙහාට පැන පැන මිනිස්සු ගොනාට අන්දලා...

:       115       1053

sandySaturday, 10 November 2018 07:53 AM

මේ ඡන්දෙදීවත් ඔල මොට්ටල මිනිසුන්ගේ දෑස් විවර වේවා! ඔක්කම නුසුදුසු නම් (එය බොහෝ වෙලාවට වෙන්න පුළුවන් දෙයක්. (මොකද නොමිනේෂන් දෙන්නේ එහෙම පුද්ගලයෝ නිසා) ඡන්දය කටුගා දමන්න. හොර ඡන්දවලට පාර කපන්න එපා. අපි ලෝක වාර්තාවක් තියමු. වැඩියෙන්ම ඡන්දය භාවිතා කර කටුගාපු රටක් හැටියට...

:       15       72

vipulaSaturday, 10 November 2018 05:07 PM

අපි චන්දයක් එනකන් බලාගෙන හිටියේ එක කටුග දමන්න නෙමෙයි.

:       0       0

akilaSaturday, 10 November 2018 09:09 AM

අපේ මෝඩ මිනිස්සු හැමදාම පාර්ලිමේන්තුවට යවන්නේ වේදිකාවට ගිහිල්ල විරුද්ද පක්ෂෙට ගිරිය යටින් බනින උන්ව , ඊට පස්සේ උන් පර්ලිමෙන්හුවට ගියහම චන්දෙ දීපු අයම බනිනවා පාර්ලිමේන්තුවේ ඉන්නේ මි හරක් කියල

:       0       0

තුශාර Saturday, 10 November 2018 07:18 AM

ඊලඟ ඡන්දෙනුත් රනිල් දිනුවොත් ආයෙත් පාර්ලිමේන්තුව විසුරවනවද?

:       0       0

Kumara Saturday, 10 November 2018 07:55 AM

රටේ සල්ලි ටික කා දමලා හිඟමනට ඇදලා දැන් බලන්නේ තමුන්ගේ දේ කරගන්න.

:       6       69

LankikaSaturday, 10 November 2018 02:23 PM

ඔයා මහේන්ද්‍රන් ගැනද කියන්නේ?

:       0       0

බද්රානි Saturday, 10 November 2018 09:08 AM

ශ්‍රී ලංකාව කියන්නේ තව දුරටත්, ශිෂ්ඨ මිනිසුන් වෙසෙන රටක් නොවේ, ව්‍යවස්ථාවක්, නීතියක් පිලි නොපදින ඒ ගැන විවිධ වැරදි අර්ථකතන දෙමින් නුගත් මෝඩ ජනතාව මුලා කරමින් හොර තක්කඩි රැලක් යටත් කරගෙන සිටින දුපතකි.කිසිදු පක්ෂ දේශපාලනයකින් නොයැපෙන අප කතා කරන්නේ සත්‍යයක් මිස පක්ෂපාතී කමක් නොවේ. රටේ නීතියට හා ව්‍යවස්ථාව පුද්ගලයින්ට ආදේශකරගෙන එය ඔවුන්ට අදාලකරගෙන තීරණ ගන්නා, නමට උගත් යයි කියා ගන්නා,හා නුගත් විකාරකාරයින් වෙසෙන රටක ජනතාවගේ පැවැත්ම ගැන අනාගතය නිසි පිළිතුරු දෙවි???

:       0       0

weerakoon Saturday, 10 November 2018 10:14 AM

රනිල් යලි වැඩි බලය තහවුරු කරගත් බව දැනගත් නිසා පැය දෙකෙන් රනිල් නැවතත් අගමැති වුනොත් ගෙදර යනවා කීවනේ. පුටුව දමල යන්න බැරිනිසා මේක කලා...

:       22       150

BamunuarachchiSaturday, 10 November 2018 11:43 PM

පැන්ෂන් එක රැකගන්න ඇමතිකම රැකගන්න මන්ත්‍රීලා රනිල්ට ඡන්දයෙන් රට රැකගන්නයි අපිට ඕනේ. හලෝ රනිල් රැකගන්න තිබෙන උවමනාව මොකකක්ද මෙරටට මේ දක්වා කරපු එක හොඳ දෙයක් නැතිනම්...................

:       39       1

පුෂ්පකුමාර Saturday, 10 November 2018 10:54 AM

පිස්සු බලු බෙහෙත් නිසි වෙලාවට නොගන්නා බල්ලන්ගෙන් ජනතාව බොහෝ ප්‍රවේශම් විය යුතුයි.

:       1       22

Nandalal DE SILVA - France Saturday, 10 November 2018 11:47 AM

පළමුවැනි පින්තූරයේ ගැසට් කොලේ උස්සන් ප්‍රදර්ශනය කරන කෙනාගේ මුහුණ දැක්කමත් දුක හිතෙනවා! මගේ ආච්චි කියනවා "ගෑනි මැරිච්ච මිනිහෙකුගේ මූණ" වගෙයි කියල ඒක !!! එයාටත් හිතෙන දේවල්...

:       97       303

shan saudi Saturday, 10 November 2018 12:27 PM

අපේ රට ඉතා ඉක්මණින් සෝමලියාවක් බවට පත්වනවා. සෝමාලියාවේද මෙවන් නායකයන් තුන් දෙනෙක් රට පාලනය කරවීම නිසා අද මෙවන් තත්වයකට වැටිලා තියෙන්නේ... අපේ රටේ දැන් නායකයෝ දෙන්නෙක් පාලනය කළා. තව කෙනෙක් අාපු දාට අපිත් සෝමාලියාවේ ජනතාව ඉන්න තත්වෙට පත්වෙනවා. එ්ක ස්ථීරයි... අද තව පරම්පරා 7ක් වත් මේ තියන හා දැනුත් ගන්න ණය ගෙවා ගන්න බැහැ. තව වසර පහක් මේ අය රට පාලනය කළොත් රටම විනාශයි...

:       0       0

Chanaka madushanka Saturday, 10 November 2018 01:19 PM

ඉතාමත් නිවැරදි තීන්දුවක් වනු ඇත. ජනතාවගේ අතින් නිවැරැදි තීන්දුවක් හරි ආකාරයෙන්ම ලැබේවි .

:       0       0

vipula Saturday, 10 November 2018 05:09 PM

පිටරට ඉන්න අය අදහස් දැම්මට රටට ඇවිත් බලන්න අවුරුදු තුනකට රට කබසීනිය වුනු හැටි

:       0       0

Bamunuarachchi Saturday, 10 November 2018 11:28 PM

ඔබ අදහස් අතින් කොපමණ බංකොලොත්ද කියලා මේ කතාවෙන් පෙනෙනවා. සමහරවිට ඔබ අපිට වඳුරු මුහුණක් සිහිකර දෙවි. ප්‍රංශයේ හිටියාට ඉපදුනේ ලංකාවේ නිසා ඔබ ප්‍රංශකාරයෙක් නොවන බව සිහිකරන්න.

:       12       9

සුනෙත් Sunday, 11 November 2018 09:43 AM

මේ සිදුවෙමින් පවතින ක්‍රියාවලිය මුලසිටම බලා සිටී... පුරවැසියෙකු ලෙස මට පෙනෙන දේ තමයි අද මේ රටේ දේශපාලනය කරන උදවිය ජනතාව සෙල්ලමකට, විහිලුවකට ගෙන ඇති බව. මේ සෙල්ලම මොවුන් කරන්නේ ජනතාව වෙනුවෙන් නොවේ. තම පැවත්ම තහවුරු කර ගැනීම වෙනුවෙන් නොවේද? මේ අවස්ථාවේදී මුදලට නොවිකිණෙනු විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිටීම ගැන නම් සතුටු විය හැක. කෙසේ නමුත් මේ දෙපිරිසම කරන නාඩගම් ජනතාව දැන් ප්‍රතිකේෂ්ප කළ යුතුයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 161 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 438 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 1110 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 1387 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 453 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 211 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site