IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


පාර්ලිමේන්තුව වැඩි කාලයක් ගන්නේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න කතා කරන්න

සුජිත් හේවාජුලිගේ සහ අරියරත්න රණබාහු
 
අද පාර්ලිමේන්තුව වැඩි කාලයක් වැය කරන්නේ ජනතාවගේ ප්‍රශ්න විසදීමට නොව මන්ත්‍රීවරුන් 225 දෙදෙනාගේ ප්‍රශ්න ගැන කතා කිරීමට යැයි මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී ආනන්ද අළුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදි අද (21) පැවසීය.

 
අළුත්ගමගේ මහතා මේ බව පැවසුවේ සුරාබදු ආඥා පනත යටතේ නිවේදන පිළිබඳ විවාදයේදීය.
 
ආනන්ද අළුත්ගමගේ මහතා මෙසේද කීය.
 
අද ජනතාවගේ ප්‍රශ්න පාර්ලිමේන්තුවේ හරියට කතා කෙරෙන්නේ නැහැ. දුෂණ ගැන එක එක්කෙනාට චෝදනා කරගන්නවා. අපි දැන්වත් ජනතාවගේ ප්‍රශ්න ගැන උනන්දු වෙන්න ඕන.



අදහස් (8)

පාර්ලිමේන්තුව වැඩි කාලයක් ගන්නේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න කතා කරන්න

Raveendra Thursday, 21 June 2018 05:45 PM

කිසිම ප්‍රශ්නයක් නැති මහජනතාවට අර මක්කටෙයි මහජනතාවගේ ප්‍රශ්න ගැන හොයා බලන්නේ ?? අම්බරුවන් 225 ටම අනේකවිද ප්‍රශ්න නොවැ තියෙන්න, ඔය මඩවලට ආපු දවසේ ඉදලා.. අඩවැඩියාව මට අරක ඕනා, මට මේක ඕනා , රථගය නිසා ( කුඩා කල අම්ම රථ කල්කය දීල නැති නිසා ). මගේ කොදු ඇට, තැටි , තියෙන ඔක්කොම ගෙවිලා නිසා සැපම සැප වාහනයක් ඕනා . නොදකින් මේ හිගන්නෝ නිසා මොන තරම් අපේ රටට කරදරයක් ද ??මේ මුසලයන්ගේ අදෝනා අහ අහ අපි ඉන්න ඕන.

:       0       767

Sanath Thursday, 21 June 2018 07:43 PM

රටට ජනතාවට ආදරේ තියෙන මිසිස්සු නෙමෙයි අද පාර්ලිමේන්තුවේ ඉන්නේ. මිනිස්සුන්ගේ චන්දෙන් මන්ත්‍රීලා ඇමතිලා වෙලා පරම්පරා දහයකට හම්බකරන්නයි මැරෙනකම් වරප්‍රසාද භුක්ති විඳින්නයි විතරයි මෙයාල පේවිලා ඉන්නේ.

:       0       162

රවින් Friday, 22 June 2018 01:59 AM

හරක්ට ඕනේ තණකොළ/පුන්නක්කු මිස චීස් බටර් නොවේ.

:       0       123

Saththaya Friday, 22 June 2018 03:33 AM

හිතා මතා සැලසුම් කරලය් එය කරන්නේ , ඒ හැම අයෙක්ම ඉන්නේ බලය ගැන හිතල , මහජතාවට සේවය කරනවා වෙනුවට තමන්ගේ සාක්කුව ගැනයි කල්පනා කරන්නේ . ප්‍රශ්න ඇති කරන්නේ , වැඩක් කරන එකට බාදා කරනවා. හැමදාමත් කරන්නේ එ්කයි . තැලෙන්නේ ජනතාව . ඇයි මහත්මා ගතිගුණ තියෙන අය නෙමෙයිනේ පාර්ලිමේන්තුවේ ඉන්නේ . මහජන සේවයට පත් වෙලා එන්නේ සේවයක් කරන්න නෙමෙයි . මුදල් හම්බ කරන්න .

:       0       377

W.A.D.Wijesuriya Friday, 22 June 2018 07:24 AM

අපේ රටේ හාමුදුරුවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීලා නිසා රට දිගින් දිගටම පිරිහෙනවා.

:       1       17

Hafeel Friday, 22 June 2018 08:09 AM

රටේ ජනතාව හොඳින් ඉන්නවා. ඔබලාටනේ නිල නිවාස, වාහන ඇතුළු ගොඩාක් ප්‍රශ්න තියන්නේ. ඒ නිසා ඔබලාගේ ප්‍රශ්නය විසඳගන්න. ජනතාව පෝසත් නිසානේ ඔබලාගේ වියදම්, ඔබලා ගන්න ණය බර සේරම කරට ගන්නේ...

:       0       210

niluka Friday, 22 June 2018 09:07 AM

නැතුව කොහොමද? මේ අසරණ හිඟන්නෝ ටික ගැන කතා කරන්නම ඕනෙම තමයි .

:       0       110

sugath Friday, 22 June 2018 09:16 AM

අනේ තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුනි, විනාශ වෙමින් පවතින මේ රට බේරාදෙත්වා. බැරිමනම් මේ රට ඉන්දියාවේ, ජපානයේ, හෝ ඇමෙරිකාවේ ප්‍රාන්තයක් බවට පත්වේවා!!! රටේම ඉන්න හොරු ටික දියවන්නාවට රිංගගෙන අපේ සම්පත් ටික කාලා විනාශ කරලා දානවා. අපේ රට ගැන, රටේ අනාගතය ගැන මේ බල ලෝභීන්ට වගේ වගක් නැත. කොටින්ම කියනවා නම් මේ අය අපේ ඡන්දයෙන් පත්වෙලා එන්නේ අපේ නියෝජිතයින් විදිහට රටට වැඩක් කිරීමට හෝ රටේ අනාගතය සුරක්ෂිත කිරීමට නොව... ලැබෙන වාහනයට කෙළ හල හලා, රට සවාරි, ඩීල්, කොමිස් ආදී නොයෙක් වරප්‍රසාද ගැනම දිවා රාත්‍රී සිහින මවන, වෙහෙසෙන, රණ්ඩු කරන කිසිම ලැජ්ජාවක් හිරිකිතක් නැති පිරිසකි. අහෝ ජාතියේ අවසනාවක තරම. මේ මී හරක් රැළ අතර තරමක් හොඳ හෝ ඉතාම හොඳ අතලොස්සක් නැතිව නොවේ. එහෙත් ඔවුන්ට කල හැක්කක් නැත. අසල් වැසි ඉන්දියාව දිහා බලා මේ අයට පාඩම් බොහෝ ඉගෙන ගත හැකිය. ඉන්දියාවේ ප්‍රාන්තවල සිටින මහා අැමැතිවරු පවා පාවිචිචි කරනුයේ එරට නිෂ්පාදනය කරන ලක්ෂ 20 මිලක් ඇති ඉනොවා රථයකි. අනෙක් හැම අැමැති කෙනෙකුම යන්නේ එවැනි සාමාන්‍ය වාහන වලිනි. ඉනොවා රථ ටැක්සි ලෙසත් භාවිතා කෙරේ.

:       0       181

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 417 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 874 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 1028 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 695 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 185 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1853 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1638 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site