IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


පාර්ලිමේන්තුව කැඳවන්න මහලේකම්ට බලයක් නැතැයි කියමින් අයිතිවාසිකම් පෙත්සමක්

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
 
 
විසුරුවා  හැර තිබූ පාර්ලිමේන්තුව යළි කැදවීමට  පාර්ලිමේන්තු  මහලේකම්වරයා විසින්  ගත් තීන්දුව නීතිවිරෝධී බවත් , එමගින් තමාගේත් ජනතාවගේත් මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇතැයි සඳහන් කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා අද (19) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.
 
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පාර්ලිමේන්තු මහලේකම් , කතානායක සහ නීතිපති නම් කරනු ලැබ සිටී.
 
පුරවැසියකු ලෙස ගොනු කර ඇති මෙම පෙත්සම මගින් රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා ගේ බලතල යටත් විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් ඉකුත් 14 වැනිදා යළි කැදවා ඇති බවත් එලෙස එය කැදවීමට පාර්ලිමේන්තු මහලේකම්වරයාට හෝ නීතිපතිවරයාට බලයක් නොමැති බවයි.
 
එසේ කැදවීම තුළින් තමා ඇතුළු ජනතාවගේත් මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවත් , එමගින් තම අයිතිවාසිකම් කඩවූ බවට තීන්දු කරන නියෝග ලබා දෙන්නැයි පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටී. එසේම පාර්ලිමේන්තුව කැදවීමට මහ ලේකම්වරයාට බලයක් නැති බවට ප්‍රකාශ කරන්නැයි ද පෙත්සමේ සඳහන් වේ.



අදහස් (4)

පාර්ලිමේන්තුව කැඳවන්න මහලේකම්ට බලයක් නැතැයි කියමින් අයිතිවාසිකම් පෙත්සමක්

සුරංග Monday, 19 November 2018 08:47 AM

විසිරවීමේ ගැසට්ටුව අත්හිටවූ පසු, බලාත්මක වන පාර්ලිමේන්තුව කැඳවන්නේ ජනාධිපති නියෝග ක්‍රියාත්මක කීරීමෙන්....

:       82       233

ගල්කටස් Monday, 19 November 2018 10:30 AM

නියම වැඩක් මහත්මයෝ, උසාවියකින් ගැසට්ටුව තාවකාලිකව අත්හිටවීම සහ එය තමන් නඩුවෙන් දිනුම් යන වැරදි උපකල්පනයක පිහිටා රට වැසියන්ගේ මානව හිමිකම් අමු අමුවේ උල්ලංඝණය කර අැත. එමෙන්ම උසාවි වලින් තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කරවා ගැසට් අැතුලු අනිකුත් සියලු තීන්දු වලදීත් එක් පාර්ෂවයක් මෙලෙස දිනුම තමන් සතු යැයි උපකල්පනය කර කටයුතු කළහොත් වෙනදේ කුමක්ද.. ? සම්පූර්ණ නඩුව අවසන් වූ පසු කටයුතු කිරීමයි සාධාරණ මෙන්ම යුක්තිසහගත... හුදෙක් සාමාන්‍ය පුරවැසියන් මෙවන් වැරදි උපකල්පන මත පිහිටා කටයුතු කළානම් උසාවියට අපහාස කිරීමකි. එය කථානායකවරයා, පාර්ලිමේන්තු මහ ලේකම් මෙන්ම රට ගෙනගිය මන්ත්‍රීන්ටද අවවාද කළ යුතුය. මෙම වැරදි උපකල්පනය නිසා රටම අාරාජික විය...

:       24       183

lasantha Monday, 19 November 2018 10:56 AM

විසිරවීම අත්හිටුවා ඇත.ජනාධිපත් නිකුත්කල ගැසට්ටුවට අනුව කටයුතු සිදුවිය.එය නොතේරීම වගකිවයුතු තනතුරක සිටි අයෙකුට නොගැලපේ. පාර්ලිමේන්තුව කැඳවීම නොකලානම් තවත් පිරිසකගේ මානව හිමිකම් උල්ලංඝනය වේ

:       28       96

gamaathi Monday, 19 November 2018 11:10 AM

පාර්ලිමේන්තුව කැඳවීමෙන් මුලික අයිතිවාසිකම් කැඩෙන්නේ කොහොමද ?

:       54       229

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 537 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 1928 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1452 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 816 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1996 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 97 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1548 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1436 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site