IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ විශ්‍රාම දීමනාව වැඩිවෙයි

(රංජන් කස්තුරි)

විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා රුපියල් 10000ක අතුරු දීමනාවක් පසුගිය ඔක්තෝබර් මාසයේ සිට ලබාදී තිබේ.

ඒ අනුව විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට ලැබෙන වැටුපට අමතරව ඔවුන්ට එම අතුරු දීමනා හිමිවන බව පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

මේ වනවිට විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 296 දෙනකු හා මියගිය මන්ත්‍රීවරුන්ගේ වැන්දඹුවන් හෝ බාල වයස්කාර දරුවන් 100 දෙනකුට පාර්ලිමේන්තුව මගින් විශ්‍රාම වැටුප් ගෙවනු ලබයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ මූලික වැටුප රුපියල් 54000කි. වසර 5ක සේවා කාලයක් සම්පූර්ණ කළ මන්ත්‍රීවරයකුට මූලික වැටුපෙන් 1/3ක් විශ්‍රාම වැටුප ලෙස හිමිවේ.

 

 



අදහස් (26)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ විශ්‍රාම දීමනාව වැඩිවෙයි

Lapaya Monday, 20 November 2017 09:20 AM

අවුරුදු 5ට මෙහෙම නම් අවුරුදු 35ක් කඹුරපු රජයේ සේවකයින්ට දෙයියන්ගේම පිහිටයි.

:       114       141

raveendraMonday, 20 November 2017 11:18 AM

ලපයා මයා වෙත, ඔබගේ නිවැරදි අදහස් සමග අපද එකඟ වන්නෙමු. මේ අහිංසක උන්දැලාට එසේ විශ්‍රාමික දීමනාව වැඩිකළ යුතුමය. මක්නිසාදයත් මෙම හිඟන උදවියට වස්ත්‍රයක් ගැනීමටවත් වත්කමක් නැති හාදයෝ බැවින් නිතර සහ සැමවිටම නිර්වස්ත්‍රව හැසිරෙන බැවිනි.

:       0       623

අබේගුණවර්ධන Monday, 20 November 2017 09:23 AM

අනේ කොච්චර එකක්ද? මෙච්චර ජනතාවට වැඩ කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් මෙතෙක් වැඩි නොකළේ ඇයි? මොවුන්ට තවත් දීමනා තිබේ නම් නොපමාව ඒවා ලබා දෙන්න.

:       4       139

wijaya Monday, 20 November 2017 09:25 AM

අනේ සර් අපි ගැන අනුකම්පා නැතිදෝ. ඒ කාලේ අපි ගත්ත ජීප් එකට මාසෙට එක පාරක් තෙල් ගහන්න 10,000ක් යනවා ... තව ටිකක් අපි ගැන හිතුවා නම් ....

:       0       93

RaveendraMonday, 20 November 2017 11:54 AM

උපාලි මයා වෙත, ඔබගේ අදහස්වලට අප ගරු කරන අතර ඒවා තරයේ ප්‍රතික්ෂේප කරන්නෙමු. අප තදින් විශ්වාස කරනවා ඔබ " අම්බරුවෙක්වත් හොර තක්කඩියෙක්වත් " නොවන බව. මොකද මෙසේ හිඟන දීමනා වැඩිකරන්නේ අම්බරුවන්ට සහ හොර තක්කඩින්ට පමණක් බැවින්... ඔබටත් එසේ මහජන මුදල් වැඩියෙන් අවශ්‍ය නම් අම්බරුවෙකුගේ හෝ හොර තක්කඩියෙකුගේ සුදුසුකම් සපුරා තිබේ නම් පමණක් එසේ ගෙවන්නෙමු.

:       0       293

දිමුත් Monday, 20 November 2017 09:28 AM

අයියෝ ඒක පොඩි ගාණක්නේ.

:       5       0

රූපසිංහ Monday, 20 November 2017 10:52 AM

අයියෝ ඕක මොකක්ද? ලුණු බිකක් වත් නැති තරම් කියලා ඔය පාර්ලිමේන්තුකරුවෝ කියා නොකීවොත් එ්ක තමයි පුදුමේ. අපේ ඡන්ද දායකයන්ට දෙවියන්ගේ පිහිටයි. දීපල්ලකෝ ගෙවල් ගානේ ඡන්දෙ ඉල්ලන් ආපුවාම....

:       0       124

Ravi Monday, 20 November 2017 09:57 AM

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ විශ්‍රාම දීමනාව වැඩිවෙයි. කොන්ත්‍රාත් වලින් ටෙන්ඩර් වලින් ගහපුවා මදිවෙලාද?

:       0       17

indika Monday, 20 November 2017 10:09 AM

මොන හේතුවකටද මෙයාලට මෙච්චර සලකන්නේ? දෙන දීමනා තව අඩුකරන්නේ නැතුව...

:       1       18

palitha Monday, 20 November 2017 11:20 AM

අනේ ලොකු දෙයක් කට්ටිය බොහොම අමාරුවෙන් ඉන්නේ...

:       0       29

Hafeel Monday, 20 November 2017 11:21 AM

ඡන්ද කාලයේ දීපු පොරොන්දුවලින් ඔක්කොම ඉටු වෙන්නත් නැහැ. එසේ ඉතා ටිකක් හරි ඉටු කරන්න එක්කෝ ඡන්දයක් එන්න ඕනෑ, එක්කෝ එම රජයේ නිල කාලය අවසන් වෙනකං ඉන්න ඕනෑ, නැත්නං උද්ඝෝෂණ කරලා, කඳුළු ගෑස් ප්‍රහාරවලට මූණ දෙන්නත් වෙනවා. නමුත් තමන්ගේ දේවල් ඉටු කරන්න නම් කිසිම ප්‍රමාදයක් හෝ උද්ඝෝෂණයත් අවශ්‍ය වෙන්නම නැහැ.

:       0       23

rocky Monday, 20 November 2017 11:33 AM

කාපල්ලා, මේ අපේ මාංශයයි!!! බීපල්ලා මේ අපේ රුධිරයයි !!!

:       0       337

rocky Monday, 20 November 2017 11:36 AM

ගෙරි කුණක් වට කර ගත් බලු රැලක් සේ අහුවෙන හැම පැත්තෙන්ම කාගෙන කාගෙන යයි !

:       0       309

Bamunuarachchi Monday, 20 November 2017 11:39 AM

අනේ වැසි නැති හෙන නොගහන්නේ ඇයි? අර පබාටත් ඕක හම්බවෙනවා නේද? කෝ ජවිපෙ කරුවෝ එපා කියනවද? ඡන්දය දීපු අයට කියන්න තිබෙන්නේ... පව් කල ගොනෝ ඇදපන් බදු බර එනවා... කියලයි.

:       0       146

සෙනෙවි Monday, 20 November 2017 11:43 AM

යකෝ,... මේ අය විතරද කන්නෙ බොන්නේ?

:       0       104

prakaash Monday, 20 November 2017 12:21 PM

මේ තක්කඩින් හොරකම් කරලා පින් පඩි ගන්නවට මදිවද? තව මේ පිංගුත්තරයින්ට වෙන මොනවාද ඕනේ. මේවා නම් අනුමත කරගන්නවා.

:       0       377

sunil Monday, 20 November 2017 02:31 PM

අපිට නැති වුණත් ඒ උතුමන්ලාට අසීමිතව ලැබෙන ධනස්කන්දය දීමනා දැකලා අපිත් අතිශයින් ප්‍රීති වෙනවා. අපි ඒවා කෙසේහෝ එතුමන්ලාට දෙනවා. ඒවා ලබාගන්න නොවැ දහසක් දුක් විඳලා ඔතනට ගියේ? කවුරුත් විරුද්ධ නොවී ඒවා එකමුතුව ලබාගන්නවා ඇති කියා අපි ජනතාව බලාපොරොත්තු වෙනවා.

:       0       121

ධම්ම Monday, 20 November 2017 03:28 PM

පබාට, මාලිනීට දැන්නම් හරි සතුටු ඇති නේද? මේක අහලා

:       0       6

arnold Monday, 20 November 2017 04:20 PM

2/3 පනත් සම්මත කරගන්න කරන අලුත්ම තාක්ෂණය තමයි පගාව . විසිවැනි සංසෝධනයට කාර්යාල වියදම කියල ලක්ෂය ගානේ දුන්න. විශ්‍රාම වැටුප වැඩිකළේ අයවැය පාස් කර ගන්න. ව්‍යවස්ථා සංසෝධනයට මිලියනයකවත් ලැබේවි . මිනිස්සු ඡන්දෙ දීල යවන්නේ ඔය විදියට මිනිස්සු පවා දෙන්නද. පොදු විපක්ෂයට, ජවිපෙ එකට පුළුවන් වෙන්න ඕන ඕව ප්‍රතිප්ෂේප කරන්න.

:       0       0

කුමාර් (ගල්ෆ්) Monday, 20 November 2017 05:20 PM

අපි ගල්ෆ් වල දුක්විඳලා එවන සල්ලි මුන්ට තව තව දෙන්න ඕනා රට ගම කනවාට.

:       0       0

emerson Monday, 20 November 2017 10:39 PM

අම්මේ තාත්තේ ළමයින්ට උගන්නන්න මහන්සි වෙන්න එපා. සල්ලි හොයන්න ඕනනම් නිකම්ම හාල් පාරුවෙක් කරලා පාර්ලිමේන්තුවට යවන්න. කසිප්පු සපයන්න පුලුවන්නම් ලංකාවේ ජය වේවා කියන්නත් ඕන තරම් හල්පාරුවෝ ඉන්නවා

:       1       0

ප්‍රදීප් Tuesday, 21 November 2017 12:06 AM

පබා වගේ පාර්ලිමේන්තුවේදී රට දැය වෙනුවෙන් දිවිහිමියෙන් සටන් කල අයට මෙම දීමනාව දෙන්නේ නේද? තරුණ කාලෙම විශ්‍රාම වැටුපක්. ගම්පහ ජනතාවට ජයවේවා! අනේ දෙවියනේ, මේ අසාධාරනකම් බලන්න කවුරුත් නැද්දෝ. වසර 30, 35 බස් එකේ එල්ලී වැඩට ගිහින්, වියපත්වුන මිනිසුන්ට මොනවද ලැබෙන්නේ?

:       1       0

kanakkapulleyi Tuesday, 21 November 2017 12:24 AM

පනම් අටෙන් මට වැඩිකර දුන්න හැකි වුනත් බත් මිටක් දරුවට කවන්න මාස්ටර් සර් මගෙ හිමි තැන දෙනවාදෝ අනේ සර් අනුකම්පා නොසිතේදෝ අප අතරේ කඹ ඇදිල්ලේ තරගේ මේ නිම වෙන්නට කල් ගත වෙයි දෝ අනේ සර් අපි මිතුරන් වෙයිදෝ එදා දවස උදා වේවිදෝ්‍...................

:       1       0

sena Tuesday, 21 November 2017 02:50 AM

මෙම දීමනාවේ ආරම්භයත් පක්‍ෂ ,විපක්‍ෂ වළිින් තොරව 'හැන්ද ඇත්තෝ බෙදාගනිති' සංකල්පයයි ,අපි වැනි නය කන්දකින් මිරිකුනු, දුප්පතා දවසට වේළක් කා ජීවත්වන රටකට, මෙයඉතාම නොහොබිනා යටිමඩි ගැසීමකි,පඩි තකා යන්නවුන්ට එයම නුසුදුසුකමක් ලෙස සළකා,ඡන්දයේදී ඉවත් කළ යුතුය.

:       1       0

abeyrathna disasanayaka Tuesday, 21 November 2017 03:12 AM

මොනව කරනවටද මෙයාලට විශ්‍රාම වැටුප් දෙන්නේ? මේක රටට කරැමයක්.

:       1       0

pitigala Tuesday, 21 November 2017 03:16 AM

අලින්ගෙන් බැට කන අහිංසක මිනිස්සුන්ට අලි වැටක් හදල දෙන්න සල්ලි නැහැ. මේකද යහ පාලනේ කියන්නේ? ඔන්න ඕවටයි හෙන හත ගහපන් කියන්න ඕන.

:       1       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 133 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 345 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 868 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 1159 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 398 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 189 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 302 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site