(බුද්ධික කුමාරසිරි)
පාදුක්ක මිරියගල්ල දී කිසිවකු විසින් ගිනි තබා විනාශ වූ නිවසේ පදිංචිව සිටි මෙවර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දීමට සිටින දැරිය හමුවීමට පැමිණි අමාත්‍ය දුමින්ද දිසානායක මහතා එම දැරියට නව ඉඩමක් මිලදී ගෙන අංග සම්පූර්ණ නිවසක් ඉදිකර දෙන බවට අද(17) පොරොන්දු විය.
අංගමුව කණිෂ්ඨ විද්‍යාලයේ පහ වසරේ ඉගෙනුම ලබන නිමාෂි කාව්‍යා දැරිය පදිංචිව සිටි මිරියගල්ල ආදර්ශ ගොවිපළ ප්‍රදේශයේ නිවසට කිසිවකු විසින් ඉකුත් 14දා ගිනි තැබීම හේතුවෙන් එම දැරියගේ පාසල් පොත් පත් සහ නිල ඇඳුම් සියල්ල ද ඇගේ නිවස ද සම්පූර්ණයෙන් ම විනාශ වී තිබිණි.
මේ පිළිබදව මාධ්‍යවල පල වූ වාර්තා දැක ඒ පිලිබදව සොයා බැලූ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා එංගලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික කෝටිපති ව්‍යාපාරිකයකු වන ඩර්වින් ගුණසේකර මහතා හා එක්ව එහි පැමිණි අතර එහිදී ආසන්නයේ ඉඩමක් මිලට ගැනීමට කටයුතු යොදා එහි ඔවුන්ට නිවසක් ඉදිකර දීමට ද පොරොන්දු විය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
පාදුක්කේ දැරියට දුමින්දගෙන් නව නිවසක්
arschfikaa Thursday, 17 August 2017 12:15 PM
කෙල්ලට ගෙයක් හදලා දෙන්නම් කියලා පස්සේ මොනවා වෙයිද දන්නේ නැහැ...
indra Thursday, 17 August 2017 12:17 PM
අනේ පින් සිද්ධ වෙනවා. මේ කුසලය ඉපදෙන හැම ආත්මයකම පල දෙනවා. අපි ඉතිරි කරගන්නේ අනුන්ට දෙන දානය පමණි.
raveendraThursday, 17 August 2017 12:52 PM
ඔබගේ අදහසට ගරුකරමි. අප මෙය සුභවාදීව බලමු. පුළුවන් කෙනෙකු නැතිකෙනෙකුට යමක් දීම වරදක් නොමැත. මුලික පරමාර්ථය දෙයක් අවංකව දීමය. " දුන්දේ සුවඳය .... කෑ දෙය ගඳයි කියලා කියමනක් තියෙනවනේ...
raheem Thursday, 17 August 2017 02:22 PM
මේ දරුවාගේ ගෙට ගිනි තියපු අයගේ හිත්වල දැන් ගින්දර පත්තු වෙනවා ඇති. මේ දුවගේ දුක බලලා පිහිට වෙන්න ආපු සැමටම ගොඩක් පින් .....
krohan mendis Thursday, 17 August 2017 03:25 PM
ඕක මොකක්ද අනේ අර සබිතාගේ බිල්ඩිමට නිකරුනේ ලක්ෂ ගානක් දෙන්නේ
raveendraThursday, 17 August 2017 03:51 PM
මෙන්ඩිස් මයා වෙත,එම ගොඩනැගිල්ල තිබෙන්නේ හදිසි අවස්ථාවකට ප්‍රයෝජනයට ගැනීමට.හදිස්සියේ දියවන්නා ඔය මැද්දේ තිබෙන අර අසුචි කර්මාන්ත ශාලාවට ගංවතුර ගැලුවොත් පාලන නිලධාරී උන්නැහේලට ලගින්න .
minipe Thursday, 17 August 2017 04:38 PM
පටන්ගත්ත වගේම වැඩේ සාර්ථකව සම්පුර්ණ වුනොත් හොදයි. ධනවතුන්ට හොද ආදර්ශයක්.
dadly Friday, 18 August 2017 06:52 AM
දුමින්ද මහත්තය බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකිකය සම්බන්දිකරණය කිරීම අගය කරනවා. ගුණසේකර මහත්තය වියදම් කරන්නේ තම දහදිය මහන්සියෙන් ව්‍යාපාර කරලා හරි හම්බ කරගත්තු මුදල්. ඔහුට ගොඩක් පිං.
duminda Saturday, 19 August 2017 12:21 PM
මොකෝ සබීතා නෝනා පේන්නවත් නැත්තේ. තරහ වෙලාද? !!!