IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


පාතාලයන්ටත් සල්ලි දීලා අපිව ඇතුළට දමන්න හදනවා - සරත් ෆොන්සේකා

තරිඳු ජයවර්ධන

 
රටේ පාලකයා ව්‍යවස්ථාව සත පහකටවත් ගනන් නොගෙන ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරමින් වැඩ කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පැවසීය.
 
එහෙම් මෙහෙන් පිරිස් අහුලාගෙන 113 හැදුවායැයි කියනවා නම් අගමැති පත් කර ඇත්තේ 113ක් නැතිව බවත්, එනම් බහුතරයක් නැතිව අගමැති පත් කර ඇති බවත් ෆොන්සේකා මහතා කීවේය. ඔවුනට තවමත් 113ක් හදා ගැනීමට බැරිව සිටින බව ද ඔහු කීවේය.
 
මහින්ද රාජපක්ෂ මහතා ඒකාධිපතියකු බව හා  ඔහු දිනුවා නම් තමා ඉන්නේ අඩි 6ක් පොළව යට යැයි කී මෛත්‍රීපාල සිරිසේන මහතා දැන් මහින්ද රාජපක්ෂ ළංකරගෙන ඇති බව කී ෆොන්සේකා මහතා එක්කෝ එදා සිරිසේන මහතා බොරු කීවා විය යුතු යැයි ද ප්‍රකාශ කළේය.
 
මහින්ද රාජපක්ෂ මහතා ද මේ අවස්ථාවේ ජනතාව ගැන සිතිය යුතු බවත්, ඔහු ගොඩනගා ගත් දේශපාලනට විනාශ  කරගෙන සිරිසේන මහතාගේ ව්‍යවස්ථා විරෝධී වැඩ වලට අනුබල නොදිය යුතු බවත්  සරත් ෆොන්සේකා මහතා කීවේය.
 
‘‘හෙජිං ගිවිසුමෙන් බිලියන 76ක් රටට පාඩු වුණා. ග්‍රීක බොන්ඩ් කියලා බිලියන 7ක් දැම්මා.  ඒ කාලේ ඒවා ගැන කවුරුත් කතා කළේ නෑ. ඒවා වුණේ මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව යටතේ. පාලකයා ඒවා ගැන කතා කරන්නේ නෑ.  ‘‘
 
‘‘නම ගිය පාතාලකාරයෝ කියලා පිරිසක් ඉන්නවා. ඔවුන් සමහරුන් අතීතයේ අහිංසක ජීවත ගත කරපු උදවිය. මාකඳුරේ මදූෂ් කියලා කෙනෙක් ඉන්නවා. ඔහුගේ බයිසිකලයට කකුල යට වුණා කියලා පළාත් සභා මන්ත්‍රී කෙනෙක් ඔහුට නගරය මධ්‍යයේ පහර දීලා තියෙනවා.  ඉන් පස්සේ ගෙදර ඇවිත් උඩට වෙඩි තියලා තර්ජනය කළාලු උඹව මරනවා කියලා. ඉන් පස්සේ ඒ තරුණයා ගල්කටස් එකක් අරං ගිහින් නගරයේදි වෙඩි තිබ්බාලු. අද ඉතා ප්‍රසිද්ධ බරපතල පාතාල නායකයෙක්.  පාතාලේ කියන අය ඒ විදියට තමයි හැදිලා තියෙන්නේ.

මෛත්‍රීපාල මරන්න සරත් ෆොන්සේකා කතා කළා කියලා කියන්න කියලා මෙයාලා  පාතාල නායකයන්ට කතා කරලා තියෙනවා.  දැන් ඒ වෙනුවෙන් ඔවූන්ට මිලියන 3000ක් දෙන බවත් ප්‍රකාශ කරලා තිබෙනවා.   පාතාල නායකයන්ට පවා මිලියන තුන් හාර දහසක් දීලා අපිව කූඩුවල දාන්නයි හදන්නේ. අපිට හිරබත් කාලා පුරුද්ද තියෙනවා. අසාධාරණ වැඩ කරන අයට පැවැත්මක් නෑ. ඒවට මුහුණ දෙන්න අපට ශක්තියක් තියෙනවා.‘‘

 
ෆොන්සේකා මහතා මේ බව පැවසුවේ අද පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.



අදහස් (9)

පාතාලයන්ටත් සල්ලි දීලා අපිව ඇතුළට දමන්න හදනවා - සරත් ෆොන්සේකා

Sapumal. Thursday, 08 November 2018 01:31 AM

මේ කියන ඒවා සත්‍ය නම්,පොදුරාජ්‍ය මණ්ඩලයෙන් කල ඉල්ලීමට එකඟවී රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඇතිකිරීමට කටයුතු කිරීම ජනතාවගේ වගකීමක්.

:       1       110

BamunuarachchiThursday, 08 November 2018 08:43 AM

ජනාධිපති එයාගේ කතාවේ කියපුවා සත්‍ය කියා පිළිගන්නේ නැද්ද? ඒවා සත්‍ය බව රටේ ජීවත් වූ අපි දන්නවා නේද? එහෙම නම් රනිල් පන්නා දැමීම අනුමත කරනවා නේද?

:       0       0

KANDEPOLA Thursday, 08 November 2018 03:38 AM

මාකඳුරේ මධුෂ් ලඟින් ආශ්‍රය කරනවා ඇති නේද ? එකනේ ඔහු ගැන එච්චර හොඳට දන්නේ.

:       56       250

සෙනෙවි Thursday, 08 November 2018 04:03 AM

පුහුල් හොරා කරෙන් දැනේ

:       4       73

sana Thursday, 08 November 2018 05:34 AM

අහිංසකයා ලග ගල්කටස් එකක් තිබුණේ කොහොමද දන්නේ නෑ..

:       2       194

මචන් Thursday, 08 November 2018 05:38 AM

මේ පාර නම් සිරිසේන, මහින්ද සහ සමාගමට අයත් අයගේ ප්‍රජා අයිතිය අහෝසි කල යුතුයි. රට අගාදයට දාල පිස්සු කෙලින එකේ සීමාවක් තියෙන්නත් ඔව්නේ....

:       180       230

ruchi Thursday, 08 November 2018 05:53 AM

හොරාට ඉස්සර කෙසේල්කන වැට පනිනවා කියන්නේ මේවට තමයි. මෙය මධුෂ් ව සුද්දකරන්න හදන්නේ අැයි දන්නේ නැහැ. බබා වගේ කතාකරන්නේ

:       40       380

chinthaka Thursday, 08 November 2018 08:30 AM

ඔන්න ඕකනේ කියන්නේ තවම මේ රටට දේව බැල්ම තියනවා කියලා. කොටින්ටත් ට්‍රයි කරලා, කරලා බැරිවෙච්ච දේ මේ මනුස්සයා හැදුවේ බන්දේසියක තියලාම පූජා කරන්න බලයට ඇති කෑදරකම නිසා. අපිට මතකයි මේ මනුස්සයා ජනාධිපතිවරණයට ඉදිරිපත්වෙලා ඉන්නකොට උසාවි නියෝගයකින් මෙයාගේ බැංකු සේප්පු චෙක් කරපුවාම ඒවා ඩොලර් නෝට්ටු වලින් පිරිලා තිබුණු හැටි. ඔබලා "කමල් ගුණරත්නගේ" නන්දිකඩාල් පොත සහ "වසන්ත කරන්නාගොඩගේ" "අධිශ්ඨානය" පොත් දෙක කියවල බලපුවහම තෙරුම් ගනියි මේ මනුස්සයට මේ දීලා තියන "මාෂල්" පට්ටම තනිකරම දේශපාලන ඔටුන්නක් කියලා. මේ මනුස්සය දැන් මේ හොරාව කරෙන් දැනිලා තියෙද්දී මරු කියවනවා.

:       0       0

Bamunuarachchi Thursday, 08 November 2018 08:45 AM

ගිය සැරේ ඇතුළට දැම්මේ පාතාලයෝ ගෙනැල්ලා නොවෙයි, ඔබලාගේම මිනිස්සු ගෙනැල්ලා....

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 637 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 118 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 870 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 893 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1252 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1136 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 219 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1535 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1429 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site