IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


පාතාල සාමාජිකයන් දෙදෙනෙකු සොයන්න මහජන සහය පතයි

(ඉන්දිකා රාමනායක)

වත්තල ශ්‍රී  සම්රිබිෂන්  අයියප්පන් දේවාලය  ඉදිරිපිටදී ඉකුත්  ජනවාරි 13 වැනි දින ගිනි අවිවලින් වෙඩි තබා පුද්ගලයන් දෙදෙනෙකු  ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් දෙදෙනෙකු  අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි.
  
කොළඹ 13,  ජම්පටාවීදියේ   අංක 128/8   හි පදිංචිව සිටි බාලචන්ද්‍රන්  පුෂ්ප රාජා හෙවත්  පුකුඩිකන්නා,     කොළඹ 13,  ජම්පටා  වීදියේ     අංක 131/52 නිවසේ හා   අම්මාන් කෝවිලඅඩි, අම්මාන්නගර්  පූන්තෝට්ටම්, වව්නියා යන ලිපිනවල පදිංචිව සිටි  ස්ටැන්ලි  කෙනඩි ප‍්‍රනාන්දු  හෙවත් බුම්මා  නැමැති  සැකකරුන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටී.
  
ඉහත අපරාධ  මෙම සැකකරුවන්ගේ  සැලසුම මත සිදුව ඇති බවට  පෑලියගොඩ  කොට්ඨාස  අපරාධ  විමර්ශන ඒකකය   විසින් සිදුකළ පරීක්ෂණවලදී හෙළි වී ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කීය.
 
මොවුන් දෙදෙනා   කොළඹ හා වත්තල ප‍්‍රදේශවල සැරිසරන බවට  විමර්ශනවලදී හෙළි වී ඇති බවත්    එම නිසා මොවුන් අත්අඩංගුවට ගැනීමට සඳහා  පොලිසිය මහජන සහය පතා ඇති බවද   රුවන් ගුණසේකර මහතා පවසයි.
 
මොවුන් දෙදෙනාගේ සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත්  කැලණිය කොට්ඨාසය බාර පොලිස් අධිකාරිවරයාට - 0718591589 හෝ පෑලියගොඩ  කොට්ඨාස  අපරාධ  විමර්ශන ඒකකයට -  0777594258 දැනුම්දිය හැකිය.

ස්ටැන්ලි කෙනඩි ප්‍රනාන්දු හෙවත් බුම්මා නමැත්තා

බාලචන්ද්‍රන් පුෂ්පරාජා හෙවත් පූකුටිකන්නා නමැත්තා

 



අදහස් (0)

පාතාල සාමාජිකයන් දෙදෙනෙකු සොයන්න මහජන සහය පතයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාස්කු පරීක්ෂණ ගෙඩිය පිටින් පිට රටට දෙන්නේ නෑ
2024 අප්‍රේල් මස 25 10 0

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම


මත්පැන් බදු ජූනි 30ට පෙර අයකර ගන්න
2024 අප්‍රේල් මස 25 56 0

මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ලබන ජූනි 30 වැනිදා වන විට අයකර ගැනීමට කටයුතු ක‍රන්න ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව ශ්‍රී ලංකා සුරා


විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 235 0

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 509 2

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


නුවරඑළියේ ස්ටෝබෙරි ගමක් හදයි
2024 අප්‍රේල් මස 25 666 0

ශ්‍රී ලංකාවේ පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.


ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 879 1

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1687 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site