IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


පාතාල දිනුකගේ ගෝල කෙසෙල්වත්තේ රයිනා කුඩු එක්ක අත්අඩංගුවට

(*** කැලණිය ලාල් එස්. කුමාර)

සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයකු වන දැනට විදේශගතව සිටින බව කියන කෙසෙල්වත්තේ දිනුකගේ සමීපතමයකු බව කියන කෙසෙල්වත්තේ රයිනා නමැත්තා පෑලියගොඩ ප්‍රදේශයේ දී පෙරේදා (04) අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ මූලස්ථාන පොලීසිය පවසයි.

රාජ්‍ය බුද්ධි තොරතුරු අංශයේ පොලිස් සැරයන්වරයකුට ලැබුණු තොරතුරක් මත වැටලීමක් කර ඔහු අත්අඩංගුවට ගත් බව ද පොලීසිය කියයි.

සැකකරු ළඟ තිබී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 05 ක්ද පොලීසිය විසින් සොයාගෙන ඇති අතර ඔහු යතුරුපැදියකින් ගමන් කරමින් සිටිය දී කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ පෑලියගොඩ වටරවුම අසල දී අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු ළඟ තිබී විවිධ වර්ගයේ සිම්පත් 19 ක් හා ජංගම දුරකථන දෙකක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

27 වන වියේ පසුවන මෙම සැකකරුට විරුද්ධව මිනීමැරුමක් සම්බන්ධව නඩුවක් සහ හෙරොයින් මත්කුඩු ළඟ තබාගැනීම සම්බන්ධයෙන් නඩු කීපයක් පවතින බවත්, අධිකරණයෙන් ලබාගත් ඇප මත සිටින බවත් පොලීසිය පවසයි.

මෙම සැකකරු කාලයක් තිස්සේ සැඟවී සිටි අතර ඔහු සපුගස්කන්ද ප්‍රදේශයේ ඥාති නිවසක සැඟවී සිටින බවට පොලීසියට තොරතුරු ලැබී ඇත.

සැකකරු කොළඹ අලුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගෙන ඉදිරි විමර්ශන කටයුතු සිදුකරන බව පෑලියගොඩ මූලස්ථාන පොලීසිය කියයි.

බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි බස්නාහිර පළාත උතුර ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතාගේ සහ කැලණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් ඩයස් මහතාගේ අධීක්‍ෂණය යටතේ කැලණිය පොලිස් අධිකාරි චන්දන ලියනගේ මහතාගේ මෙහෙයවීම පරිදි පෑලියගොඩ මූලස්ථාන පොලිස් ස්ථානාධිපති මහින්ද විල්ලෝරාරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් උපපොලිස් පරීක්ෂකවරුන් වන සුභාෂණ මහේෂ්, ගමගේ, විමුක්ති, පොලිස් සැරයන්වරුන් වන අනුරාධ (27267), රුක්‍ෂාන් (28405), පොලිස් කොස්තාපල් සංජීව යන නිලධාරීහු වැටලීම සිදුකර ඇත.



අදහස් (0)

පාතාල දිනුකගේ ගෝල කෙසෙල්වත්තේ රයිනා කුඩු එක්ක අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නුවරඑළියේ ස්ටෝබෙරි ගමක් හදයි
2024 අප්‍රේල් මස 25 0 0

ශ්‍රී ලංකාවේ පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.


ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 484 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 868 1

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 740 2

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 1001 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 778 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 308 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1684 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site