පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය යුසුෆ් රාසා ගිලානිට සහ එරට ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු වන ෂහිඩ් අෆ්රිඩිට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇත.
හිටපු අග්‍රාමාත්‍ය යුසුෆ් රාසා ගිලානිට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි පාකිස්තාන මාධ්‍ය සෙනසුරාදා (13) වාර්තා කළ අතර තමන්ට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව ෂහිඩ් අෆ්රිඩ් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබිණි.
නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයෙන් දෙවැනියට වැඩිම බලපෑමක් එල්ල වූ දකුණු ආසියානු රට බවට පත්ව ඇත්තේ පාකිස්තානය යි.
පාකිස්තානයෙන් අද (14) පස්වරු 4 වනවිට වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණන 1,32,405ක් වූ අතර එරටින් වාර්තා වන කොරෝනා ආසාදිත මරණ ගණන 2,551කි.
ගිලානිට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත්තේ දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් පාකිස්තානයේ ජාතික ගිණුම් කටයුතු වගකීම් කාර්යාංශයට සහභාගී වීමෙන් පසුවය. පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය යුසුෆ් රාසා ගිලානිට මේ වනවිට 67 වැනි වියේ පසුවෙයි.
පාකිස්තානයෙන් සෙනසුරාදා දිනයේදී පමණක් නව ආසාදිතයන් 6,472 දෙනකු හඳුනාගත් බවත් එරට සෞඛ්‍ය බලධාරීහු සඳහන් කළහ.
ටයිම්ස් ඔෆ් ඉන්දියා/ද ඉකොනමික්ස් ටයිම්ස්
ඡායාරූප – රොයිටර්
සේදවත්ත මධුෂ් නැමැති අන්වර්ථ නාමයෙන් පෙනී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග දුරකතන ඇමැතුම් වාර 800 ක් පමණ ලබාගෙන ඇති බව කියන පොලිස් විශේෂ කාර්ය බළකා
රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික
මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා
රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (
රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු
පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පාකිස්තානයේ හිටපු අගමැතිට - හිටපු ක්‍රිකට් නායක අෆ්රිඩිට කොරෝනා