IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


පාක්ෂිකයන් අතර උණුසුම් තත්ත්වයක්


 ( ඉෂාන් සංජීව )
 
 පාර්ලිමේන්තුවේ ප්‍රධාන පිවිසුම අසළ  පාක්ෂිකයින්  අතර උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත.
 
 පාර්ලිමේන්තුව කල් තැබීමත් සමඟ   මෙම උණුසුම් තත්ත්ව ඇති වී ඇති අතර පාර්ලිමේන්තුවෙන් පිටත රැදී සිටින එජාප පාක්ෂිකයින් හා  ඒකාබද්ධ විපක්ෂ පාක්ෂිකයින් අතර  මෙම තත්ත්වය හටගෙන ඇතැයි වාර්තා වේ.


  පාර්ලිමේන්තුව අවට   ආරක්ෂාව මේ වන විට තර කර තිබේ.

 



අදහස් (21)

පාක්ෂිකයන් අතර උණුසුම් තත්ත්වයක්

wedage Wednesday, 14 November 2018 06:22 AM

මේ මිනිසුන්ට රට කරවන්න පුදුම උණක් නේ තියෙන්නේ... වෙන වැඩ ඇත්තේම නැත්ද?

:       0       0

ගල්කටස් Wednesday, 14 November 2018 06:29 AM

රටම අරාජික වුණා. ඉඳලා ඉඳලා නැති ප්‍රශ්න හදා ගන්නවා. ඕකතමයි අපේ ර⁣ටේ ප්‍රාථමික දේශපාලනයේ සෙල්ලම්. රට, ජනතාව ගැන සිතන්න පිස්සු නටන රටක් කිරීමෙන් වළකින්න...

:       0       8

chandana Wednesday, 14 November 2018 06:29 AM

දැන් අන්දලා වැඩක් නැහැ. බහුතරය පෙන්නලා ඉවරනේ..

:       2       29

shan saudi Wednesday, 14 November 2018 06:34 AM

ගහපියව් මේ අයට ගෙවල් වලට දුවන්න. ඇයි බලා ඉන්නේ? මොන පක්ෂේ වුනත් කමක් නැහැ. ගහලා එලවන්න වෙන වැඩ නැද්ද ගෙවල්වල? පාර්ලිමේන්තුවේ කටයුතු බලාගන්න. ඒ උදවිය ඉන්නවා. මේ අයට ගහලා එලවපල්ලා අායෙත් ඔහෙට නොයන්න. බස් එකේදී මිනිහෙක් ඇඟේ ගෑවුණත් කෑගහන ගැහැනු අද පොලිස් රාළහාමිගේ ඇඟේ එල්ලිලා ඉන්නවා.

:       0       93

Hemantha Wednesday, 14 November 2018 06:34 AM

මැට්ටොනේ දැක්කේ නැද්ද ඇතුලේ ලොකු අය ලස්සනට කරට අතදාගෙන කතාකරනවා. නිකන් බොරුවට මරාගන් නැතිව තමන්ගේ වැඩක් බලා ගත්තොත් නරකද?

:       0       17

Amila Wednesday, 14 November 2018 06:41 AM

අමතක කරන්න එපා.. අර 225 හොඳයාලුවෝ කියලා. එකට කන්නේ, එකට ට්‍රිප් යන්නේ, එකට උත්සව ගන්නේ. ඒක නිසා සාමන්‍ය මිනිස්සු මෝඩයෝ වගේ ගහ මරා ගන්න එපා.

:       0       26

ශාන් Wednesday, 14 November 2018 06:47 AM

මෙම තත්වයන්ගේ සම්පූර්ණ වගකීම ජනාධිපති බාරගත යුතුයි. මහ ජනතාව හා දේශපාලනය බූරු කුට්ටමක් කරගත් ඔහුගේ තුරුම්පුවල රඟේ තමයි මේ ඔබ දකින්නේ...

:       0       106

Manjula Wednesday, 14 November 2018 06:50 AM

දෙසලපුවෝ කියන " බුද්ධිමත් ඡන්ද දයකොයෝ "...අර කට්ටිය කැන්ටින් එකේ එකට කල බීලා යයි......පව් අප්පා..

:       0       3

Bamunuarachchi Wednesday, 14 November 2018 06:54 AM

අනේ මේ මොවුන් කුලියට කහින්නේ කා වෙනුවෙන්ද?

:       2       9

sara Wednesday, 14 November 2018 06:57 AM

ඡන්දයකට අැයි ඔච්චර බය වෙන්නේ? මිනිස්සු තීරණය කරයි කවුද අගමැති ඕනේ කියලා? නැත්නම් තවත් ලොකු විනාශයක් මේ රටේ සිද්දවෙන එක වළක්වන්න බැරි වෙයි. මිනියක් දෙකක් මැරිලා තමයි නවතින්නේ...

:       74       57

කරුණාපාල Wednesday, 14 November 2018 07:20 AM

කුමන පක්ෂයකට අයත් දැයි කියන්න නම් බැහැ. එ්ත්, වියරුවැටී ඇති බලු කුක්කන් රැලක් බව නම් පැහැදිලියි. කාලකන්නි !!!

:       0       132

sachith Wednesday, 14 November 2018 07:25 AM

මෙයාලා මෙතන මැරෙන්න හදන පක්ෂවල කට්ටිය පාර්ලිමේන්තුව ඇතුලේ හිටපු හැටි දැක්කම ඇත්තටම මේ මිනිස්සු ගැන දුකක් ඇතිවෙන්නේ. රෑ ඩැනියල් දවල් මිගෙල් දේශපාලකයොයි, මේ වගේ මෝඩ ජනතාවයි ඉන්නකම් මේ රට කවදාවත් දියුණු කරන්න පුළුවන් රටක් නෙවෙයි.

:       9       151

නදීකා Wednesday, 14 November 2018 07:43 AM

මොකද අරයා රාලහාමිගේ අතේ එල්ලිලා ඉන්නේ.

:       0       8

tonyWednesday, 14 November 2018 11:07 AM

මේ වෙලාවට මටත් හිතෙනවා පොලිසියට බැඳෙන්න...

:       0       47

Rohan Wednesday, 14 November 2018 08:01 AM

පිස්සු රටක්.............

:       0       7

kap Wednesday, 14 November 2018 08:14 AM

මේ අය එළියේ මරා ගන්නවා . මුන් ඇතුලේ බදා ගෙන ඉබිනවා

:       0       4

Nuwan Wednesday, 14 November 2018 08:55 AM

බත් කන අම්බරුවන්ට කොහෙන්ද ඇත්ත තේරුම් ගන්න මොලයක්...?

:       0       31

senaka Wednesday, 14 November 2018 09:43 AM

කාලකන්නි රැළක්... රට යකාට ගියත් තමන්ගේ "බලේ" තියා ගත්තම ඇති...

:       0       4

ranji Wednesday, 14 November 2018 10:03 AM

හොරකන් කරපු අයගේ කටු කන බලු නාට්ටන් වගෙයි ... මේ අය මිනී මරාගන්න හදන්නේ හරියට මේ අයව පාර්ලිමේන්තු යවනවා වගේ.... කවදා වැටහෙයිද?

:       0       21

AmareWednesday, 14 November 2018 11:32 AM

සහතික ඇත්ත... මේ තමයි තමන් මහන්සිවෙලා ඉගෙනගන්නේ නැතුව ඉස්කෝලෙන් කට්ටි පැනලා ලොකු වුණාම රස්සා නැතුව සමාජයටම වාතයක් වේවි දේශපාලකයෝ පස්සේ ගිහින් කටුකන රස්සාවලට පැනගෙන වන්දිභට්ටකම් කරන අය, මෙයාලගේ රැස් බලන්න ඕන හාම්පුතා දිනුවම, කොයි පක්ෂේටත් අදාලයි. පොලිසියට තියෙන්නේ ගෙදර දුවන්න සලකන්න..

:       0       0

isurandi Wednesday, 14 November 2018 11:03 AM

ඉතින් කොයිද රටක් හැදෙන්නේ...? ලොක්කෝ ගැලරියේ ඉඳන් පස්ස පැත්තෙන් හිනාවෙනවා ඇති මේවා දැක දැක...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජබ බෙලිඅත්තේ ලොකු අත්තක් එජාපයට
2024 අප්‍රේල් මස 18 485 0

සමගි ජන බලවේගයේ බෙලිඅත්ත ආසන සංවිධායක වෛද්‍ය ප්‍රවීන් රුවින්ද අතපත්තු මහතා අද(18) එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය.


කෘමියෙක් නිසා ජීවිතයක් අහිමිවෙයි
2024 අප්‍රේල් මස 18 212 0

යාපනය නගරයේ පදිංචි පුද්ගලයෙකුට කෘමියෙකු දෂ්ඨ කිරීමෙන් පසු ඇති වූ රෝගී තත්ත්වයකින් පසු මිය ගොස් ඇතැයි යාපනය පොලීසිය පවසයි.


සමාජ මාධ්‍ය පනතේ පළමු නඩුව නීතීඥ සංගමයේ නිරීක්ෂණයට
2024 අප්‍රේල් මස 18 238 0

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතාගේ පුද්ගලික තොරතුරු අන්තර්ජාලයට මුදා හැරීම හා ප්‍රචාරණය කිරීම වළක්වමින් ඔහුගේ


අන්තිම නැකතේ- පැලයක් සිටුවේ
2024 අප්‍රේල් මස 18 125 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නැකත් සීට්ටුවේ අවසන් අවුරුදු නැකත වශයෙන් යෙදුණු පැල රෝපණය කිරීමේ සමාරම්භක අවස්ථාව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය ම


කාන්තා ක්‍රිකට් පිලෙන් ලෝක වාර්තාවක්
2024 අප්‍රේල් මස 18 711 0

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව දකුණු අප්‍රිකාවේදී පැවැති එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් තර


ඩොලරය දින 16 කට පසු හිස ඔසවයි
2024 අප්‍රේල් මස 18 1063 0

ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියල දින 16 කට පසුව අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 196 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1481 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1396 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site