IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


ප්‍රේමලාල් මන්ත්‍රීගේ ගැටලු‍ව අවුලකින් තොරව විසඳාගන්න

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු වශයෙන් දිව්රුම් දීම විවාදයකට තුඩු දී තිබේ. ඔහු රත්නපුර දිස්ත්‍රික්කයෙන් මනාප ඡන්ද 104,237ක් ලබා පාර්ලිමේන්තුවට තේරී පත්වන විට මහාධිකරණයෙන් මරණීය දණ්ඩනයට නියම කරනු ලැබ සිටීම එයට හේතුවයි. එකී නඩු තීන්දුවට එරෙහිව ජයසේකර මහතා අභියාචනාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කර තිබේ. එම ඇපෑල තවම උසාවිය හමුවේ විභාගයට ගෙන නැත.

මරණීය දණ්ඩනයට යටත්ව සිටින පුද්ගලයකුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට හෝ ඡන්දය ප්‍රකාශ කිරීමට හෝ අයිතියක් නැති බවට ප්‍රකාශ කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පනවා ඇති නීති රෙගුලාසි හේතුවෙන් ප්‍රේමලාල් ජයසේකර මහතාට දිව්රුම් දිය නොහැකි බවට නීතිපතිවරයා විසින් දැනුම් දී තිබේ. එහෙත් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ ප්‍රේමලාල් ජයසේකර මහතාට මන්ත්‍රීවරයකු වශයෙන් දිව්රුම් දීමට තිබෙන අයිතිය වැළැක්වීමට නීතිපතිවරයාට අයිතියක් නැති බවය. මේ අනුව ආණ්ඩුවත් නීතිපතිවරයාත් අතර මතවාදී ගැටුමක පෙරනිමිති පහළවෙමින් තිබේ.

මේ ගැටලු‍වේ ආරම්භය වූයේ පාර්ලිමේන්තුව කැඳවූ දිනයේදී ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තුවට නොකැඳවීම පිළිබඳව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන් පිරිසක් කථානායකවරයාගෙන් කරන ලද විමසීමය. එහිදී කථානායකවරයා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කර තිබුණේ ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තුවට මීළඟ රැස්වීම් වාරයේදී කැඳවාගෙන  එන ලෙසට ය. ඒ පිළිබඳව නීතිමය තත්ත්වය විමසා බලා කටයුතු කිරීමට තීරණය කර තිබූ බන්ධනාගාර අධිපතිවරයා අදාළ ගැටලු‍ව අධිකරණ අමාත්‍යාංශයට යොමු කර තිබිණි. අමාත්‍යාංශය එය නීතිපතිට යොමුකිරීමෙන් පසුව තම මතය වශයෙන් නීතිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ මිනීමැරුමක් සම්බන්ධයෙන් වරදකරු කොට මරණීය දණ්ඩනයට යටත් කර ඇති බැවින් ජයසේකර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වීමට නුසුදුස්සකු වන බවය එහෙත් ආණ්ඩුව පවසන්නේ ජයසේකර මහතා ඇපෑලක් ඉදිරිපත් කර ඇති බැවින් ඔහුට මන්ත්‍රීවරයකු වශයෙන් දිව්රුම් දීමට බාධාවක් නැති බවය.

රජය මේ සම්බන්ධයෙන් දරන ස්ථාවරය රටට ප්‍රකාශ කළේ ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු වන වාසුදේව නානායක්කාර මහතාය. ප්‍රේමලාල් ජයසේකර මහතා තම තීන්දුවට එරෙහිව ඉදිරිපත් කර ඇති ඇපෑල විභාග කර අවසාන වනතුරු ඒ මහතා නිදොස් පුද්ගලයකු වන බැවින් ඔහු දිව්රුම් දීම පිළිබඳ තීන්දුව කථානායකවරයා විසින් ගත යුතු බවත් එය වැළැක්වීමට නීතිපතිවරයාට හැකියාවක් නැති බවත් නානායක්කාර මහතා ප්‍රකාශ කර තිබිණි. එහෙත් නීතිපතිවරයා තම අදහස දන්වා සිටීමේ දී කියා තිබුණේ අභියාචනය නිසා මරණ දඬුවම තාවකාලිකව නැවතුණත් වරදකරුවීම අත්හිටුවා නැති බවය. තත්ත්වය එසේ වුවද ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තුවට ලබන 08 වැනිදා කැඳවාගෙන එන්නැයි කථානායකවරයා නියෝග කර තිබේ. මීට විරුද්ධ මතයක් රජයේ වෙනත් වගකිව යුතු අයගෙන් ප්‍රකාශ වී නැති හෙයින් මෙය රජයේ ස්ථාවරය බව අපට පිළිගැනීමට සිදුවෙයි.

ආණ්ඩුව දරන ස්ථාවරය එය නම් අධිකරණ අමාත්‍යාංශය මගින් අදාළ කාරණාව නීතිපතිවරයාට යොමුකිරීමේ තේරුම කුමක්දැයි යන ගැටලු‍ව මතුවෙයි. නීතිපතිවරයා දරන මතයට ආණ්ඩුව එකඟ නොවන්නේ නම් නීතිපතිවරයාගේ අදහස් විමසීමේ කාර්යය නිෂ්ඵල ව්‍යායාමයකි. හැම ආණ්ඩුවක්ම කටයුතු කළේත් ඉදිරියේ කරනු ඇතැයි උපකල්පනය කරන්නේත් නීතිපතිවරයා තමන්ට අවශ්‍ය අදහස ප්‍රකාශ කළ විට එය පිළිගැනීමටත් තමන්ගේ අභිමතය පරිදි ක්‍රියා කිරීම වළක්වන අදහසක් ප්‍රකාශ කළ විට එය නොපිළිගැනීමටත් බව මෙයින් පැහැදිලි වෙයි.

මෙයට සම්බන්ධ තව උදාහරණයක් පසුගිය යහපාලන රජය සමයේ අපට දැකගත හැකි විය. එවකට හිටපු කථානායක කරු ජයසූරිය මහතා 2017 වසරේ දී පළාත් සභා මැතිවරණ (සංශෝධිත) පනත සම්බන්ධයෙන් නීතිපතිගේ මතය විමසුවේය. එහිදී කාරක සභා අවස්ථාවේදී පනත අවශ්‍ය පරිදි සංශෝධනය කළ හැකි බවට නීතිපතිවරයා දැනුම් දී ඇතැයි ප්‍රකාශ කරමින් කථානායකවරයා එම සංශෝධන සිදුකිරීමට ඉඩ ලබා දුන්නේය. යහපාලන රජය කළේ දින නියමයකින් තොරව පළාත් සභා ඡන්දය කල් දැමීමට අවස්ථාව සැලසෙන පරිදි සංශෝධන ගණනාවක් එම පනතට ඔබා දැමීමය. මෙය අවශ්‍ය වෙලාවට කබරයා තලගොයා කර ගැනීමට දෙවැනි නැත.

කථානායකවරයා මෙහිදී කරන ප්‍රකාශය ද ඉතා වැදගත් වෙයි. ඔහු කියන්නේ මහමැතිවරණය සඳහා ප්‍රේමලාල් ජයසේකර මහතා නාමයෝජනා ලබාදුන් අවස්ථාවේ දී ඔහුට එරෙහිව කිසිවකු හෝ විරෝධයක් නොදැක්වූ බවත් ජයසේකර මහතාට ඡන්දය ලබා දී ඔහු පාර්ලිමේන්තුවට එවූ ලක්ෂයකට අධික මහජනතාවගේ පරමාධිපත්‍යය රැකදීමට තමා බැඳී සිටින බැවින් ලබන 08 වැනිදා ඔහු දිව්රුම් දීම සඳහා කැඳවන බවත්ය. ජනතාවගේ පරමාධිපත්‍යය රැකදීම සම්බන්ධයෙන් කථානායකවරයා දරන අදහස සමඟ අපි ද එකඟ වෙමු. එහෙත් පරමාධිපත්‍යය පිළිබඳ වගකීම තමන්ට වාසිදායක අවස්ථාවලදී පමණක් යොදාගැනීමට කටයුතු කළහොත් එය වැරදි බව කීමට ද අපි නොපැකිලෙමු.

මන්ත්‍රීවරයකුගේ දිව්රුම් දීම රජය සහ නීතිපති අතර ගැටුමක් බවට පත් නොවිය යුතුය. එවැනි ගැටුම් රටේ ජනතාව තුළ ඇතිකරන්නේ අප්‍රසන්න හැඟීමක් පමණි. මෙවැනි ගැටලු‍ සඳහා අවශ්‍ය වන්නේ තාවකාලික ‘‘කේස් බයි කේස්’’ විසඳුම් නොව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළට ඇතුළු කරන තිරසාර වගන්තියක් හරහා ලැබෙන විසඳුමකි. වඩාත් වැදගත් වන්නේ මහජන නියෝජිතයන් වශයෙන් මෙවැනි බරපතළ අපරාධවලට ගෑවී සිටීමෙන් වැළකීම බවද ඒ සමඟ සිහිපත් කර දීමට කැමැත්තෙමු.


(***)

 



අදහස් (11)

ප්‍රේමලාල් මන්ත්‍රීගේ ගැටලු‍ව අවුලකින් තොරව විසඳාගන්න

විජේ Friday, 04 September 2020 06:10 AM

හැංගිලා මිනී මරලා, මොකුත් නොවුණු ගානට පාර්ලිමේන්තුවේ සිටීම සහ නීතියෙන් මිනීමරුවෙක් කරපු කෙනෙක් පාර්ලිමේන්තුවේ සිටීම අතර ලොකු වෙනසක් නෑ. එකම දේ මෙයාගේ හත්මුතු පරම්පරාවටම ලැජ්ජාවක් නැතිකම විතරයි. පොහොට්ටුවේ මළගමදෝ යැයි සැකයි.

:       12       305

ABCSaturday, 05 September 2020 01:34 PM

නාමයෝජනා ලැබී ඇත්නම් ඡන්දය ලැබී ඇත්නම් අධිකරණයෙන් චෝදනා ලබා වරදකරුවකු වූ මිනීමරුවකු වුවද පාර්ලිමේන්තුවේ සිටිය යුතු බව කතානායකවරයාගේ නිගමනය වේ. පාර්ලිමේන්තුවට පත්වූ පසු මන්ත්‍රීවරයකු චෝදනාවලට අධිකරණයෙන් වරදකරුවකු කළහොත් ඔහුත් පාර්ලිමේන්තුවේ සිටිය යුතුබව කතානායකවරයාගේ ප්‍රකාශයෙන් සපත වේ. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට මුවාවී ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමට පමණක් නොව අධිකරණයෙන් වරදකරුවකු කොට ජීවිතාන්තය දක්වා සිපිරිගෙදරට යවන ලද එක පුද්ගලයෙකු වෙනුවෙන් කතානායකවරයාගේ පෙනී සිටීම රටේ බහුතර ජනතාව අනුමත නොකරමු. මිලියන 2.2 කට වැඩි රටවැසියන්ගේ ජනතා පරමාධිපත්‍ය සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් පාගාදමා එක පුද්ගලයකු වෙනුවෙන් කතානායකවරයා පෙනී සිටින්නේ නම් එය කණගාටුවට කරුණකි. මෙවැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී සම්ප්‍රදායානුකූල නොවන ක්‍රියාවන් පාර්ලිමේන්තුවට ගෙන එ්මෙන් ලංකාවේ අනාගත පරපුර (පාසල් සිසුන්) වෙනුවෙන් රජය සහ කතානායකවරයා ලබාදෙන පණිවුඩය එතරම් හිතකර නොවේ.

:       1       56

sharm warn Friday, 04 September 2020 12:10 PM

එක රටක්... එක නීතියක්... කාටද මේක අදාළ? බදුගෙවන දුප්පත් මහජනතාවට විතරද?

:       1       113

vinividaSaturday, 05 September 2020 02:12 PM

පාර්ලිමේන්තුව යනු නීති සම්පාදනය කෙරෙන ආයතනය වුවත් එම ආයතනයෙන් සම්පාදනය කරන කොට අනුමත කරනු ලැබූ නීතිය අධිකරණයෙන් ක්‍රියාත්මක කෙරෙන අවස්ථාවන් හිදී නීති සම්පාදනය කෙරෙන ආයතනය වන පාර්ලිමේන්තුවේ නියෝජිතයින් ඔවුන් විසින්ම සම්මත කරනු ලැබුවා වූ නීතියට පරිභාහිරවගොස් පාර්ලිමේන්තු සම්ප්‍රදායන් පවානොතකමින් ක්‍රියා කිරීම ගැටළු සහගත වේ. පාර්ලිමේන්තුව සම්මත කරන්නා වූ නීතිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අදාල වන්නේ නැතිද? පාර්ලිමේන්තුව ඉදිරිපිට මහපාරේ අධිකරණ විවේචනය කිරීමට වඩා පාර්ලිමේන්තුව තුළදී කතානායකවරයා පාර්ලිමේන්තු මුක්තින්ට මුවාවී පාර්ලිමේන්තුව විසින්ම සම්මත කරනලද නීතිය නැවීම හෝ කැඩීම කිරීම බරපතල වරදකි. රටේ මුර දේවතාවුන් යනුවෙන් ප්‍රකාශ කරන්නාවූ මහනායක ස්වාමීන් වහන්සේලා ඕනෑම අවස්ථාවක කියා සිටින්නේ රජය ඔවුන්ගෙන් උපදෙස් මත ක්‍රියාකළ යුතු බවකි. නීතියෙන් වරදකරුවන් කරනලද පුද්ගලයන් පාර්ලිමේන්තුවට පැමිණීම පිළිබඳව මහනායක ස්වාමීන් වහන්සේලාගේ මතය කුමක්ද? ඔබවහන්සේලා නිහඬව සිටින්නේ සත්‍ය කතා කිරීමට ගොස් පැත්තට විසිවේද?

:       0       13

Rata Perata Saturday, 05 September 2020 06:57 AM

අධිකරණයට වංගු දාලා ආව නායකයින් ඉන්න රටක.., ඒ අයගේ ගෝලයින්ගෙන් මීට වැඩිය මොනවා බලාපොරොත්තු වෙන්නද? අපේ රටේ අවාසනාව..

:       2       19

Bamunuarachchi Saturday, 05 September 2020 04:38 PM

මොකද මෙතන තිබෙන ගැටලුව..? අධිකරණය මෙයා මිනීමරුවෙක් හැටියට තීන්දුව දී හමාරයි. ඉහළ උසාවියකින් එම තීන්දුව නිශ්ප්‍රභා කරන තුරු මෙයා මරණීය දණ්ඩනයට නියම වූ කෙනෙක්. ‘නීතිය ඉෂ්ඨ වුණාට මදි. එය ඉෂ්ඨ වුණු බව පෙන්නන්න තියෙන්න ඕනේ. මෙයා නිදහස් වුණොත් ඝාතනය වූ මිනිසාට බලවත් අසාධාරණයක්..

:       0       5

Bamunuarachchi Saturday, 05 September 2020 04:39 PM

මෙයාට මනාපය දුන් පළාතට ඊළඟ සුනාමියෙන් එන්න ඕනේ..

:       54       0

Bamunuarachchi Saturday, 05 September 2020 04:43 PM

මෙයා වරදකරුවකු වී හමාරයි. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිදොස් කරන තුරු මෙයා වරදකරුවෙක්.. මෙයා අභියාචනා කළ පළියට නිදොස් වෙන්නේ කාගේ නීතියටද?

:       0       14

Bamunuarachchi Saturday, 05 September 2020 04:47 PM

ඡන්ද ලැබුණා කියලා මිනීමරු චෝදනාවෙන් නිදහස් වෙන්න පුළුවන් නම් මේක මාර ආණ්ඩු ක්‍රමයක්නේ.. මෙයා පාර්ලිමේන්තුවට ගියොත් පිටරට පුවත්පත්වල පලකරන්න තරම් වටිනා සිදුවීමක්.. මෙයා විතරද පාර්ලිමේන්තුවට ගතයුතු ප්ද්ගලයෙක් ඉන්නේ..?

:       0       16

Bamunuarachchi Saturday, 05 September 2020 04:49 PM

කතානායකත් මරු තමයි. නීතිය දැන්මම කරටියෙන්ම නැමෙනවා.

:       0       6

සිසිල් සුදේශ් Monday, 07 September 2020 02:53 AM

වෙන නීති ඕනැ නෑ. සර් ගෙන් අහලා කළා නම් එච්චරයි.

:       3       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නිවෙස් බිඳින ළමා කල්ලියක් අල්ලයි
2024 අප්‍රේල් මස 18 450 0

මුහුණු ආවරණය කර අත් ආවරණ පැළඳ නිවස බිදුම් කරන බාලවයස් කාර කල්ලියක සාමාජිකයන් තිදෙනකු කහතූඩුව පොලිස් අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පො


නරක් වූ සිරුරු දෙකක් කලුතර නිවසක
2024 අප්‍රේල් මස 18 479 3

කළුතර ඉසුරු උයන ප්‍රදේශයේ නිවසක වයෝවෘධ අඹුසැමි යුවළක් සැකකටයුතු අන්දමින් මියගොස් සිටියදී සොයාගත් බව කළුතර දකුණ පොලිසිය පවසයි.


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 370 1

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


සිව් හැවිරිදි දරුවාට සීනි කරිඤ්ඤං පොවලා
2024 අප්‍රේල් මස 18 508 0

අවුරුදු හතරක දරුවකුට සීනි කරිඤ්ඤං පොවන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අසල්වැසි නිවසයක 52 හැවිරිදි කාන්තාවක් හිඟුරුකඩුව පොලීසිය විසින් අත්අඩංගුව


දවසේ කාලගුණය
2024 අප්‍රේල් මස 18 62 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්


මගී වලියෙන් බදුලු දුම්රිය පැයක් ප්‍රමාද වේ
2024 අප්‍රේල් මස 18 721 0

බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රි තැපැල් දුම්රියට හැටන් දුම්රිය ස්ථානයේදී ගොඩවීමට ගිය මගින් පිරිසක් සහ දුම්රිය මැදිරියක සිටි මගීන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 188 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1478 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1387 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site