IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


ප්‍රා.සභාවක සභාපතිවරයකුට නඩු දාන්න බැරිව පාතාලය ගැන කතාකිරිම විහිළුවක්

(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ)
 
පසුගිය කාලයේ පාතාලය තියාගන්න, ස්ත්‍රී දුෂකයන් තියාගන්න, විදේශීය කාන්තාවන් දුෂණය කළ ප්‍රාදේශීය සභාවක සභාපතිවරයකුට නඩු දාන්න බැරිව කටයුතු කළ පිරිසක් වර්තමානයේ පතාලය ගැන කතා කිරීම විහිළුවක් යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (17) පැවසීය.

අගමැතිවරයා ඒ බව පැවසුවේ ඇමැතිවරයකුගේ රැකවලුන් ලෙස පතාලයේ පිරිසක් සිටින බවට ලංකාදීප පුවත්පත අද (17) පළවු වාර්තාවක් සම්බන්ධයෙන් මොනරාගල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී පද්මඋදය ශාන්ත ගුණසේකර මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එහිදී ඒ මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

‘අද ලංකාදීප පුවත්පතේ මුල් පිටුවේ තිබෙනවා පාතාලයේ පස් දෙනෙකු ඇමැතිවරයකුගේ රැකවලුන් ලෙස ඉන්නවා කියලා පොලිසිය කියන කතාවක්. ඒ ඇමැතිවරයා කවුද ඔහු පාතලයේ අය තියාගෙන හිටියද කියලා කියනවද. මේ රටේ උත්තරීතර පාර්ලිමේන්තුවේ ඇමැතිවරයකුට පාතාලයේ අය රැකවල්ලු ලෙස තියගන්න පුළුවන්ද ඒ පිළිබඳව ගන්න ක්‍රියාමාර්ග පාර්ලිමේන්තුවට කියන්න’



අදහස් (10)

ප්‍රා.සභාවක සභාපතිවරයකුට නඩු දාන්න බැරිව පාතාලය ගැන කතාකිරිම විහිළුවක්

tommy Tuesday, 17 July 2018 01:55 PM

පසුගිය කාලේ ආණ්ඩුවේ වැරදි ඒ විදියටම කරන්නද මේ ආණ්ඩුව පත් වුනේ? මැරයන් ආරක්ෂා කරන ඇමතිවරුන් සිටිනවානම් ඔවුන් ආණ්ඩුවෙන් පහ කිරීම අගමැතිගේ යුතුකමකි.

:       0       209

ajith Tuesday, 17 July 2018 05:33 PM

ඔය කියන සභාපතිට මරණ දඩුවම හිමිවුනෙත් එකාලේදීම තමයි.........

:       0       0

mano Tuesday, 17 July 2018 06:56 PM

ස්ත්‍රී දූෂණ නඩුවක් තිබූ මැරයකු වන ගෝනවල සුනිල්ට සමාදාන විනිශ්චයකාර පදවියක් දී ආරක්ෂාවට තබාගත් තමුන් ගැනත් සොයා බැලුවොත් හොඳයි නේද?

:       0       16

rasika Tuesday, 17 July 2018 10:02 PM

දැන් ඕවා අහල මිනිස්සුන්ට ඇතිවෙලා. හැමදේටම පහුගිය ආණ්ඩුව අදාල ගන්නවා. එහෙම නම් ඒ ආණ්ඩුව මිනිස්සු පරද්දපු එකේ තේරුමක් නැහැනේ. මොකද මෙයාලත් එ් ටිකම කරනවා නම්.

:       0       12

පිටිගල මිලානෝ Wednesday, 18 July 2018 01:49 AM

සාරුවා සුනිල්, චොකා මල්ලිලා, තංගල්ලේ සබාපතියා, සෙල්ලම් පිස්තෝල කව්බෝයි වැනි චරිත නැවත ඇති නොවෙන්නයි අපි ඔබට රට බාර දුන්නේ. බැරිනම් කරුණාකර අයින් වෙන්න.

:       0       0

Senarath Wednesday, 18 July 2018 03:18 AM

ඒ විතරක්ද ? බටලන්දෙදි අහිංසක කොල්ලො මරපු එවුන්ට නඩු දාල හිරේ යවන්නත් බැරි උනානේ.

:       0       39

pissa Wednesday, 18 July 2018 06:24 AM

මේක නිකන් බොලේ පාස් කරන වැඩක්. හවසට හැමෝම යහළුවෝ. අපිව ගොනාට අන්දලා ප්‍රයෝජන ගන්නවා. අපිත් ඉතින් මෝඩ චුන් ගන්නවා. තාවකාලික ආතල් එකකට.

:       0       0

kalani Wednesday, 18 July 2018 11:48 AM

ගරු අගමැතිතුමනි, පසුගිය ආණ්ඩුවේ නොපනත්කම් ගැන දිගින් දිගට කතා කරනවා වෙනුවට නීතිය ක්‍රියාත්මක කර ඔබේ පාලනය යටතේ පාතාලය මර්ධනය කරන්න. පාතාලයින් ආරක්ෂකයින් ලෙස තබාගත් ඇමැතිවරයා තරාතිරම නොබලා ඉවත් කරන්න...

:       0       5

Bamunuarachchi Thursday, 19 July 2018 12:12 AM

ඔබලා බලයගත්තේ හරියට කොරන්නම් කියලනේ. දැන් කව්ද ඔය පාතාලයින් තියාගෙන ඉන්නේ කියන ඇමතිගේ නමත් එලියට ආවානේ. දැන් අදාළ ඇමතිට විරුද්දව නීතිය ක්‍රීයාත්මක කරලා ඔබලාගේ හැකියාව පෙන්වන්න.

:       0       0

Mhan Saturday, 21 July 2018 05:29 PM

හැමදේම සංසන්දනය කරන එක මං මේ ආණ්ඩුවේ දැක්කා. තෙල් මිල ගැන කථා කළත් කියන්නේ අපි ගිය ආණ්ඩුව තරම් තෙල්මිල වැඩිකලේ නෑ කියලා. කාරණාවක් සම්බන්ධයෙන් තවත් ගැළපීමක් කරන්නේ ප්‍රශ්නයෙන් පැන යාමේ අවශ්‍යතාවය නිසයි. රටක සංවර්ධනය කියන්නේ තවත් ආණ්ඩුවක් හා කුළල් කා ගැනීමක් නොවිය යුතුයි. ගිය ආණ්ඩුව එක්ක නොව සිරිමාවෝ මැතිණියගේ කාලය එක්ක සසඳන්න අකමැති ඇයි. ළඟම සිටින සතුරාට විරුද්ධවයි මේ ආණ්ඩුව වැඩ කරන්නේ. සංවර්ධනයක් හෝ දීර්ඝ කාලීන සැලැස්මක් නෑ. බලය පවත්වාගෙන ගසාකෑම් වැඩිකරගැනීම විනා වෙනත් කිසිදු අරමුණක් නැති බව පෙනෙන්නට තිබේ. ඊළඟට කව්රු පත්වුණත් මීටත් වඩා සැරට ජනතාවට පීඩා විඳීමට සිදුවනු ඇත. මෙය දේශපාලනය නොව පාලනයයි. ශ්‍රී ලංකා ක්‍රමයයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන - ලංකා ගිවිසුම් පහක්
2024 අප්‍රේල් මස 23 86 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ඉරාන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 05කට ද


නිකරුනේ ගාල් නොකොට විධිමත් වැඩපිළිවෙලක් ගේන්න
2024 අප්‍රේල් මස 23 135 0

බන්ධනාගාරවල මිනිසුන් නිකරුනේ ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්


පොහොට්ටුවේ ජනපති අපේක්ෂක මැයි රැළියේදී එළියට
2024 අප්‍රේල් මස 23 619 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මැයි රැළියේදී ප්‍රකාශයට පත් කරනු ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග වලින් පැවසේ.


දියතලාව අනතුරු ගැන සොයන්න යුද හමුදාවෙන් විශේෂ කමිටුවක්
2024 අප්‍රේල් මස 23 195 0

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රෝස් තරගාවලිය අතරතුර සිදුවූ අනතුර සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීම සදහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත 7 දෙනකු ගෙන


චමරි අතපත්තු ලෝකයේ පළමු තැනට එයි
2024 අප්‍රේල් මස 23 889 1

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ නායිකා, සුපිරි පිතිකාරී චමරි අතපත්තු ලෝක කාන්තා එක්දින පිතිකාරීයන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය හිමිකරගැනීමට සමත්ව


අනුර දුන් දිනවල සජිත්ට වැඩලු
2024 අප්‍රේල් මස 23 923 8

සමඟි ජන බලවේගයේ නායක විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර යෝජිත විවාදයට ජාතික ජන බලවේගය දුන් දිනවල


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 277 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1622 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1511 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site