IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


ප්‍රසන්නගේ නඩුව කල්යයි

( තිළිණි ද සිල්වා)

තර්ජනය කොට ව්‍යාපාරිකයෙකු ගෙන් රුපියල් මිලියන 64ක් ලබාගෙන වංචා කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග  ඔහුගේ බිරිඳ හා ව්‍යපාරිකයකුට එරෙහිව චෝදනා 15 යටතේ ගොනු කර තිබූ අධි චෝදනා නඩුව විභාග කිරීම ලබන ඔක්තෝබර් 26 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ මහාධිකරණය අද(23) තීන්දු කළේය.

මෙම අධි චෝදනා නඩුව කොළඹ ප‍්‍රධාන මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා හමුවේ කැඳවිණි.

නඩුව අද සිට දින තුනක් දිගටම විභාගයට ගැනීමට නියම කර තිබු අතර විත්තිකාර පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතාට ඉදිරි දිනයන්හි පාර්ලිමේන්තුවේ විශේෂ සැසිවාර සඳහා සහභාගී වීමට අත්‍යවශ්‍ය බවට පාර්ලිමේන්තු මහලේකම් විසින් නිකුත් කළ ලිපියක් සැලකිල්ල ගනිමින් කොළඹ ප‍්‍රධාන මහාධිකරණ විනිසුරුවරයා විසින් නඩු විභාගය මෙදින කල් තැබීමට තීන්දු කරන ලදි.

නඩු විභාගය සඳහා සූදානම්ව අධිකරණය මඟින් සාක්කිකරුවන් පනස් දෙනෙකුට සිතාසි නිකුත් කර තිබුණු අතර නඩුවේ පළමු සහ දෙවන සාක්කිකරු හැර සෙසු සියලූ සාක්කිකරුවන් හට නැවත දැන්වූ විට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට  අවවාද කළ විනිසුරුවරයා ,එම සාක්කිකරුවන්ගේ නම් හා ස්ථිර ලිපිනයන් නම් කරන ලද පොලිස් නිලධාරියෙකු වෙත අධිකරණ පරිශ‍්‍රයේ දීම ලබා දෙන ලෙසටද නියම කළේය.

කොළොන්නාව ,මීතොටමුල්ල ප‍්‍රදේශයේ ඉඩමක පදිංචි අනවසර පවුල් 24 ක් ඉවත් කොට එම ඉඩම ලබා දෙන බව පවසා ව්‍යාපාරිකයෙකු ගෙන රුපියල් මිලියන හැට හතරක මුදලක් තර්ජනය කරමින් ලබා ගත් බවට පාර්ලිමේන්තු මනත‍්‍රී ප‍්‍රසන්න රණතුංග ,ඔහුගේ  බිරිඳ මෙරින් ස්ටෙලා රණතුංග, ව්‍යාපාරිකයකු වන හරේෂ් කුමාර් යන අයට එරෙහිව නීතිපති විසින් මෙම නඩුව පවරා තිබිණි.

නඩු විභාගය ලබන ඔක්තෝබර් 26 වැනිදා යළි කැඳවේ.



අදහස් (4)

ප්‍රසන්නගේ නඩුව කල්යයි

ranavi Wednesday, 23 August 2017 12:58 PM

ඔය වගේ වංචාවක් සාමාන්‍ය පුරවැසියෙක් කළානම් අද ඒ මනුස්සයා ඉන්න තැන දන්නේ උඩ ඉන්න දෙවියො විතරයි. මං දැක්ක මෙයා ලංකාදීප පත්‍රයට ප්‍රජාතන්ත්‍රවාදයේ මුලික ලක්ෂණ කියලා ලිපියක් පල කරලා තියෙනවා. සමහරවිට එයාලගේ ප්‍රජාතන්ත්‍රවාදය මේක වෙන්න.

:       0       0

Sarojini Wednesday, 23 August 2017 03:07 PM

පාර්ලිමේන්තුව සතියකට වහලා හෝ මේ ගොල්ලන් හිරේට දැම්මොත් රටට වාසියක් වේවි.!!!

:       0       0

Suresh Wednesday, 23 August 2017 03:27 PM

බය වෙන්න දෙයක් නැහැ. මෛත්‍රී අන්කල් ඉන්නකම් රට වලපල්ලටම දාලා තමයි මෙයාලා නිවන් යන්නේ...

:       0       0

Chanak Los angeles Wednesday, 23 August 2017 10:28 PM

මේ වගේ කම්බ දුෂිත දෙසපලුවෝ අයිමත් ඕනේ කියා ජරමර කරන එවුන්ගෙන් මම අහනවා නුඹලා කන්නේ මෙටිද කියා?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඩොලරය දින 16 කට පසු හිස ඔසවයි
2024 අප්‍රේල් මස 18 12 0

ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියල දින 16 කට පසුව අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.


විදුලි පනතේ ගැසට්ටුව නිකුත්වේ
2024 අප්‍රේල් මස 18 23 0

විදුලි බල ප්‍රතිසංස්කරණ සංශෝධිත පනත් කෙටුම්පතට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත


ඉරිදා විනාඩි 2ක් නිශ්ශබ්ද වන්න
2024 අප්‍රේල් මස 18 44 0

‘පාස්තු දින’ ත්‍රස්ත ප්‍රහාරයට වසර පහක් සම්පූර්ණ වන අවස්ථාවේදී එම විනාශකාරී ප්‍රහාරයෙන් මියගිය සියලු දෙනාට පිං අනුමෝදන් කිරීමට ලබන ඉරිදා (21) පෙරවරු 8.45


පරිසර හානි දන්වන් දුරකතන අංකයක්
2024 අප්‍රේල් මස 18 92 0

පාරිසරිකව සිදු කරන වැරදි සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම සඳහා 1997 සහ 1981 යන කෙටි දුරකථන අංක හඳුන්වා දී තිබේ.


කැබ්-ලොරි අනතුරින් හතරක් රෝහලට
2024 අප්‍රේල් මස 18 216 0

හොරණ අඟුරුවාතොට ප්‍රධාන මාර්ගයේ බැල්ලපිටිය පාසල ඉදිරිපිට අද (18) බොල්රෝ වර්ගයේ කැබ්රථයක් සහ ඩිමෝ බට්ටා සැහැල්ලු ලොරි රථයක් එකිනෙක ගැටී සිදුවූ අනතුරින


නිවෙස් බිඳින ළමා කල්ලියක් අල්ලයි
2024 අප්‍රේල් මස 18 1116 0

මුහුණු ආවරණය කර අත් ආවරණ පැළඳ නිවස බිදුම් කරන බාලවයස් කාර කල්ලියක සාමාජිකයන් තිදෙනකු කහතූඩුව පොලිස් අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පො


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 192 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1480 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1390 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site