IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ප්‍රසන්න රණවීරට සඳුදා පාර්ලිමේන්තු කමිටුවට එන්නැයි දැනුම් දෙයි


 
 
(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)
 
මැතිසබයේ සෙංකෝලය පැහැර ගැනීමට උත්සාහ දරන ලදැයි චෝදනා ලබා සිටින ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතාට සඳුදා (16) පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.


මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා පැවසුවේ සිද්ධිය පිළිබඳව වරප්‍රසාද කමිටුව තමා වාචිකව කරුණු දැක්වීමට බලාපොරොත්තු වන බවයි.


රටේ මහත් ආන්දෝලනයට තුඩ දුන් විජයකලා මහේෂ්වරන් හිටපු රාජ්‍ය ඇමැතිනීගේ කොටි හිතවාදී ප්‍රකාශය ගැන කතා කිරීමටද ඒකාබද්ධ විපක්ෂයෙන් අවස්ථාව ඉල්ලා සිටියත් මූලාසනය මැතිසබයේ උණූසුම්කාරී තත්වයක් ඇතිවු බවයි.


මූලාසනයේ මේ ප්‍රශ්නය කතා සුළු හෝ කාලයක් එකාබද්ධ විපක්ෂයට දුන්නේ නම් මෙවැනි ආකාරයේ කලබලයක් මැතිසබයේ ඇති නොවනු ඇතැයි ද ඔහු කිවේය.


ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා මැතිසබයේ සෙංකෝලය උදුරා ගැනීමට උත්සාහ දරා ඇතැයි පැවසෙන්නේ ඉකුත් (3) වැනි දා අගහරුවාදා  ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සභා ගැබ මැදට පැමිණ උද්ඝෝෂණයක යෙදුණූ අවස්ථාවේදීය.
 



අදහස් (8)

ප්‍රසන්න රණවීරට සඳුදා පාර්ලිමේන්තු කමිටුවට එන්නැයි දැනුම් දෙයි

සතයපාල Friday, 13 July 2018 12:48 PM

පාර්ලීමේන්තුව කියන්නේ කැළණිය ප්‍රාදේශිය සභාව වැනී ආයාතනයක් යයි සිතා කටයුතු කරන මෙවැනි අයට පාර්ලීමේන්තු සම්ප්‍රදායන් හා පාර්ලිමේන්තුවේ නීතින් හා රිතීන් ගැන කියා දෙන්නට පාර්ලීමේන්තුව තුල පුහුණු කීරීමේ මධ්‍යස්ථානයක් ආරම්භ කල යුතුයි.

:       189       825

C.K.Lankaputhra Saturday, 14 July 2018 12:34 AM

ඔ ලෙවල්වත් පාස් නැති මදාවියන් පාර්ලිමේන්තුවට යැව්වම වෙන දේ ඕක තමෛ.

:       0       1

td Saturday, 14 July 2018 02:39 AM

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදායෙන් ලංකාවට උරුම වී ඇති සෙංකෝලය පාර්ලිමේන්තුවේ තබා තිබෙන අරුත දැනට පාර්ලිමේන්තුවේ සිටින අගමැතිවරයා, කතානායකවරයා, සහ පළපුරුදු දේශපාලකයින් අතලොස්සක් හැරුණුවිට අනෙක් සියයට 99ක් දෙනාම සෙංකෝලය යනු කැටයම් කරනලද යකඩ කැබැල්ලක් කියා සිතනවා නොඅනුමානයි. සෙංකෝලය බාරව සිටින්නේ පාර්ලිමේන්තුවේ වේත්‍රධාරීවරයාය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට කොහෙත්ම නොයායුතු නූගත්, බුද්ධියක් නොමැති බහුතරයක් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට පත්කර ගුටිබැට හුවමාරු, මත්පැන් සාද සහ සෙංකෝලය පැහැර ගැනීම් වැනි දේවල් හැර මොවුන්ගෙන් වෙනත් වැදගත් යමක් ශ්‍රී ලාංකිකයන්ට බලාපොරොත්තු විය නොහැකිය. පාසල් ළමුන්, විදේශ දූතසේවා, තානාපතිවරුන් සිරි ලංකාවේ පාර්ලිමේන්තුවට පැමිණේ. ඔවුන්ට පාර්ලිමේන්තුවෙන් ලබාදෙන පණිවුඩය කුමක්ද ? රටක නීති සම්පාදනය කරන ආයතනයට ලංකාවේ බුද්ධිමත් ජනතාව විසින් පත්කර ඇති මෙවැනි අය මැතිසබයේ සෙංකෝලය පැහැර ගැනීමට දියයුතු දඬුවම නම් පාර්ලිමේන්තුවට ඇතුල්වීම තහනම් කිරීම සහ ලබාදී ඇති සියලුම වරප්‍රසාද මාස 3 හෝ 6 කට නැති කිරීමයි.

:       0       518

RaveendraSaturday, 14 July 2018 11:41 AM

ටී.ඩී. මයාවෙත, ඇත්තෙන්ම ඔබ පැවසූ පරිදි අපගේ එක් අතක ඇඟිලිවලින් ගණන් කිරීමට තරම් ඉතාමත්ම අතලොස්සක් හැර අනෙකුත් අම්බරුවන් හිස් බසින් කුස පුරවාගත් නූගතුන්ය. කෙටියෙන් කියනවා නම් වැදගත් ස්ථානයක අඩුතරමින් විනීත ලෙස හැසිරීමටවත් නොදන්නා මෙවන් අය කෙසේ වැදගත් තීන්දු තීරණ ගන්නේද?

:       0       317

Riyas Saturday, 14 July 2018 09:37 AM

වගකීමෙන් කියන්නේ, හැමදාම හවස 7 වෙනකොට මෙතුමා ඉන්නේ තමන්ගේ පිරිවර එක්ක හොඳටම මත්වෙලා. හම්බවෙන්න එන මිනිස්සුන්ට කුණුහරුපෙන් බනිනවා. ප්‍රාදේශීය සභාවේ සභාපතිවෙන්න කලින් මෙතුමාට බයිසිකලයක්වත් තිබුනේ නැහැ. වැඩට ගියෙත් කෝච්චියේ. දේශපාලනය කරලා වසර කීපයක් ඇතුළත ප්‍රකෝටිපතියෙක් වුණා.

:       0       417

සෙනෙවි Saturday, 14 July 2018 01:08 PM

විජයකලා ප්‍රකාශය අාවේ‍ගයෙන් කතාකළ නූගත් ගැහනියකගේ ප්‍රකාශ ලෙස බැහැර කල හැක එය කිසිසේත් සිදුවන දෙයක් නොවේ. මෙය අාන්දෝ‍ලනාත්මක වන්නේ මෙම කුමන දෙයක් හෝ අල්ලා බලය ගැනීමට සිටින මෙම කල්ලියටය.මෙවැනි නූගතුන්ට වඩා විජයකලා හොදය

:       0       0

td Saturday, 14 July 2018 08:22 PM

පසුගිය වසර තුන ඇතුලත පාර්ලිමේන්තුව තුලදී සිදුවූ ගුටිබැට හුවමාරු, මත්පැන් සාද සහ සෙංකෝලය පැහැර ගැනීම් වැනි දේවල් සියල්ල මගින් වීඩියෝපටයක් නිර්මාණයකර නැවත නැවත ලංකාවේ ඡන්දදායකයන් වෙත නැරබීමට සැලැස්විය යුතුය. ඡන්දදායකයන් විසින් රට වෙනුවෙන් සේවය කිරීමට පාර්ලිමේන්තුවට පත් කරනලද අයවලුන්ගේ හැසිරීම සියලු රටවැසියා දැනගත යුතුය. එම දර්ශන නැරබිමෙන් රටේ ජනත්වත් පාර්ලිමේන්තුවට යැවිය යුත්තේ කව්රුන්ද කියා යලිත් සිතනු නොඅනුමානය.

:       0       0

Lakmal Sunday, 15 July 2018 08:09 AM

අපේ මීනිස්සු තමයි වග කියන්න ඕන මේ වගේ අය පාර්ලිමේන්තු යවනවට.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 114 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 299 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 744 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 1025 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 369 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 179 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 302 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site