IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ප්‍රශ්න සියල්ලටම අගමැතිගෙන් පිළිතුරු

(හර්ෂණ තුෂාර සිල්වා, රන්ජන් කටුගම්පොළ සහ මනෝප්‍රිය ගුණසේකර)

බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ අද (20) පෙනි සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොමිසම විසින් අසනු ලැබූ සියලු ප්‍රශ්නවලට සවිස්තරාත්මකව පිළිතුරු දුන්නේය. 
 
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මහ බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ජනාධිපති විමර්ශන කොමිසම ඉදිරියේ පෙනි සිටියේ එම කොමිසම කරන ලද ඉල්ලීමකට අනුවය. මෙරට ඉතිහාසයේ ජනාධිපති විමර්ශන කොමිසමක් ඉදිරියේ පෙනි සිටි පළමු අග්‍රාමාත්‍යවරයා වන්නේ ද  රනිල් වික්‍රමසිංහ මහතාය. 
 
 
මහා භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් සම්බන්ධයෙන් පත් කර තිබෙන ජනාධිපති විමර්ශන කොමිසම ප්‍රශ්න 48කින් සමන්විත ප්‍රශ්නාවලියක් සහ තවත් ප්‍රශ්න කිහිපයක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත යවා තැබූ අතර ඒ සියල්ලට අග්‍රාමාත්‍යවරයා සවිස්තරාත්මකව පිළිතුරු එවා තිබිණි.
 
එම ප්‍රශ්නවලිවල ඇතැම් පිළිතුරු සම්බන්ධයෙන්  කොමිෂන් සභාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් පැහැදිලි කිරීම් සටහන් කරගන්නා ලදි. ඉන් අනතුරුව නීතිපති ජයන්ත ජයසූරිය මහතා අග්‍රාමාත්‍යවරයාට තවත් ප්‍රශ්න කිහිපයක් යොමු කළ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම ප්‍රශ්න සියල්ලට ද පිළිතුරු දුන්නේය. 
 
අග්‍රාමාත්‍යවරයාගෙන් කොමිසම ලිඛිත පිළිතුරු සම්බන්ධයෙන් පැහැදිලි කිරීම් ලබාගැනීම සහ නීතිපතිවරයා අග්‍රාමාත්‍යවරයාට ප්‍රශ්න යොමු කිරීම සහ අග්‍රාමාත්‍යවරයා එම ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීම පැයකට ආසන්න කාලයකට සීමා විය.  
අග්‍රාමාත්‍යවරයා පෙරවරු 9.50ට පමණ කොමිසම වෙත පැමිණි අතර වැඩි කල් නොයවා නියමිත කටයුතු අවසන් කළ යුතු බව ද එහිදි කොමිසමේ සභාපතිවරයා කීය.
 
කොමිසමට පැමිණි අග්‍රාමාත්‍යවරයා රනිල් වික්‍රමසිංහ මහතාට කොමිසමේ සභාපති විනිසිරු කේ.ටී චිත්‍රසිරි මහතා විශේෂ ස්තූතියක් ද පිරිනැමුවේය.



අදහස් (25)

ප්‍රශ්න සියල්ලටම අගමැතිගෙන් පිළිතුරු

රවින් Monday, 20 November 2017 12:41 PM

මෙහිදී වැදගත් වනුයේ තමන්ගේ නිර්දෝෂී හෝ වැරදිභාවය අධිකරණයට තීරණය කිරීමට ඉඩදී ප්‍රශ්න, ගැටළු වලට නිසිලෙස පිළිතුරු දුන්නාද යන්න පමණකි.

:       29       117

ජගත් ලියනගේ Monday, 20 November 2017 01:19 PM

ගිය ආණ්ඩුව කාලේ ඔය වගේ ලොක්කෙක්ට එන්න කිව්ව නං එයිද? ඔන්න ඕකට තමයි වෙනස කියන්නේ.

:       1096       1149

ShanTuesday, 21 November 2017 07:27 AM

ගිය ආණ්ඩුව කාලේ එන්න කිව්වා නම් එන්න කියපු කෙනා දැන් වල පල්ලේ. සුදු වැන් එවල මෙලහකට. අප්පච්චි සහ පරම්පරාව රට කාපු හරි අපිට තම මතකයි.

:       0       0

kuma Monday, 20 November 2017 02:01 PM

මගේ පුතා හපනා. මම දන්නවා විභාගේ ඉහළින්ම සමත් වෙනවා කියලා. (හැබැයි ඉතින් අපේ අභාග්‍යය තමා)

:       77       599

Cisco Monday, 20 November 2017 02:03 PM

අපට අහිමි වූ බිලියන 59 අපට ආපසු ලැබුණොත් මේ බදු අඩුවේවි. එහෙම වෙයිද මහත්තයෝ...?

:       170       419

ධනුෂ්ක Monday, 20 November 2017 02:03 PM

අපි හිතුවා මෙතන හොඳ දෙයක් වෙයි කියලා. එ්ත් අනික් අය අැවිත් දවස් ගණන් සාක්ෂි දුන්නා. එ් මෙතන තියන ගැටළුවේ සංකීර්ණ භාවය වැඩි නිසා. අගමැතිට ගියේ පැයයි. මේක මෙගා රඟපෑමක්. ඔබතුමන්ලාගේ විසිල් වලින් වැඩක් නෑ. අපට වැදගත් ඔබතුමන්ලාට බල්ටි ගහන්න පුළුවන්ද කියන එකයි. අපි බලමු අවසානේ කී දෙනෙක් මේ වංචාවට හිරේ යයිද? බිලියන කීයක් අපේ මුදල් අාපහු භාණ්ඩාගරයට එයිද කියලා. එ්කයි අපිට වැදගත්. එදාට අපි ඔබලගේ පිරිසිදු බව පිළිගනනම්.

:       537       804

YasithTuesday, 21 November 2017 05:00 AM

සාක්ෂියද වැදගත් සාක්ෂි දුන්නා කියලාද වැදගත් වෙන්නේ..............නිකං ගොන් කතා එපා............

:       14       1

ධම්ම Monday, 20 November 2017 02:07 PM

ඒ ඇසූ ප්‍රශ්න හා ඒවාට දුන් පිළිතුරු අපටත් දැනගන්න පත්තරේ දාන්නකෝ. ඊට පස්සේ අප තීරණය කරන්නම් පුංචි ඡන්දේදී කාටද කතිරේ ගහන්න ඕන කියලා.

:       34       352

parakkrama Monday, 20 November 2017 02:46 PM

ප්‍රශ්නවලට උත්තර දෙන්නට, කොමිසම කතානායකතුමාගේ නිල නිවසට ගෙන්වා ගත්තේ නැහැ නේද?

:       64       64

Thilina Monday, 20 November 2017 03:11 PM

සරල ප්‍රශ්නය- මහබැංකුවේ වංචාවක් සිදු වී නැති බවත්, මහබැංකු අධිපති නිවැරදි බවත්, තමා ඒ පිළිබඳව සියලු වගකීම ගන්නා බවත් පාර්ලිමේන්තුවේදී පැවසුවේ කවර පදනමකින් ද?

:       1       504

saman Monday, 20 November 2017 03:14 PM

අපිට ඔබතුමා කොමිසමට ගියත් එකයි නැතත් එකයි, මේ ජනතාවගෙන් මංකොල්ල කා ගත්ත සල්ලි ටික ආපහු ගන්න ක්‍රමයක් තමයි අපිට ඕනෑ....

:       20       389

SARATH Monday, 20 November 2017 03:28 PM

එහෙනම් කලින් ප්‍රශ්න පත්තරේ පිටවෙන්ට ඇති.

:       16       1272

athuraTuesday, 21 November 2017 03:34 AM

එහෙම වුනේ රජ කාලේ මහත්මයෝ.

:       103       2

YasithTuesday, 21 November 2017 05:21 AM

කොහොමත් ප්‍රශ්නාවලිය කළින් දෙනවා........හරස් ප්‍රශ්න තමා එතනදී අමතරව අහන්නේ..........

:       0       17

Suranga Monday, 20 November 2017 04:42 PM

මොනා කිව්වත් එක්සත් ජාතික පක්ෂයට නම් ආයිත් ඡන්දේ දෙන්නේ නෑ.............ඔය පොහොට්ටු හොරු නිදහස් පක්ෂේ අවස්ථාවාදියන්ටත් දෙන්නේ නෑ.............ජවිපෙ ට දිලා බලනවා.....උලත් එකයි පිළත් එකයි කියලා........

:       206       124

සෙනෙවි Monday, 20 November 2017 05:20 PM

බටලන්දෙනුත් ලිස්සු ආඳට මේක මොන කජ්ජක්ද?

:       0       42

dan Monday, 20 November 2017 07:07 PM

ඔහු ප්‍රශ්න පත්ටරේට ලකුණු 100 යෙන් 100 යේම ගන්න ඇතිද ? නීතිපති ගෙන් කොපි කලාද?

:       0       9

athula Monday, 20 November 2017 07:11 PM

මේ වගේ ඩ්‍රාමා බළලා බළලා අපිට දැන් ඇතිවෙලා තියෙන්නේ තවත් විහිලුනම් එපා..................

:       0       8

tikka Tuesday, 21 November 2017 12:58 AM

අන්තිමට පරාද, අන්තිමට හිරේට යන්න ඕන මහජනතාව.

:       0       8

Manjula Tuesday, 21 November 2017 01:51 AM

100% අරන්ද ඒ කියන්නේ ????

:       0       7

vipula Tuesday, 21 November 2017 02:35 AM

මෙතන තියෙන ප්‍රශ්නේ බය නැති අගමැති කම නෙමෙයි ගත්ත සල්ලි නැවත ගන්නේ කොහොමද කියන එකයි . ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕන ගොනෙකුට පුළුවන් . අන්තිමට ජනතාවගේ බදු සල්ලි හොරකම් කරලා ඒ සල්ලි පියවන්න නැවත ජනතාවට බදු බර තව වැඩි කරනවා

:       0       16

දිනුර Tuesday, 21 November 2017 03:26 AM

ඉස්සර මේ රටේ සොකරි, නාඩගම් වගේ දේවල් තිබුණත් දැන් ඒ දේවල් නැත්තට නැතිවෙලා. ඒ නිසා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලන්නේ අඩුම ගානේ මාසයකට එක බැගින් වත් මේවගේ කොමිෂන් පත් කරන්න, ප්ලීස්..

:       0       11

sanjeewa Tuesday, 21 November 2017 04:59 AM

මෙයා දුන්න උත්තර මොනවද කියල අපි දන්නේ නැහැනේ.

:       0       12

tikiri Tuesday, 21 November 2017 05:53 AM

අපි T V එකේ දැක්ක , හරියට ජාත්‍යන්තර සම්මානයක් ගන්න අවා වගේනේ රඟපෑවේ .

:       1       11

anura Tuesday, 21 November 2017 08:50 AM

අනුමානයක් නැහැ, ප්‍රශ්ණ පත්තරය කලින් පිටවෙලා නැතිනම් අර රසායන විද්‍යාව ප්‍රශ්ණ පත්‍රය වගේ වැඩක් වෙන්න ඇති!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනුර ස්වීඩන් යයි
2024 අප්‍රේල් මස 25 107 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද රාත්‍රී ස්වීඩනය බලා පිටත්ව යන බව එම පක්ෂය පැවසීය.


කුඩ්ඩෙක් සමග හාදකම් පෑ එස්.ටී.එෆ් සෙබළා අල්ලයි
2024 අප්‍රේල් මස 25 113 0

සේදවත්ත මධුෂ් නැමැති අන්වර්ථ නාමයෙන් පෙනී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග දුරකතන ඇමැතුම් වාර 800 ක් පමණ ලබාගෙන ඇති බව කියන පොලිස් විශේෂ කාර්ය බළකා


රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 529 1

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 435 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 157 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 1586 2

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 318 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1705 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1548 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site