IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ප්‍රවාහන ඇමැතිගෙන් දුම්රිය රියැදුරන්ට අනතුරු ඇඟවීමක්

(ඩයනා උදයංගනී)

වැඩ වර්ජනයකට යාමෙන් වළකින්නැයි දුම්රිය රියදුරන් ඇතුළු කාර්ය මණ්ඩල වලින් තමන් ඉල්ලා සිටින බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය.

එසේ වැඩ වර්ජනයකට යන්නේ නම් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට රජයට සිදුවන බවද ඇමැතිවරයා කීවේය.මෙම වැඩවර්ජනයට හේතුව වී ඇති වැටුප් තල සංශෝධනය පිළිබඳ ඉල්ලීම ඉටුකරන ලෙස අග්‍රාමාත්‍ය ලේකම්වරයා මීට පෙර වැටුප් හා සේවක සංඛ්‍යාත කොමිෂන් සභාවට දැනුම් දී ඇතත් එසේ කිරීමෙන් වෙනත් තනතුරු වලින්ද එවැනි ඉල්ලීම් ආ හැකි බව පෙන්වා දී ඔවුන් එය ප්‍රතික්ෂේප කර තිබෙන බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

එම කොමිසම සමඟ සාකච්ඡා කර මෙම ගැටලුව විසඳාගත යුතු බව ද ඇමැතිවරයා කීවේය.



අදහස් (4)

ප්‍රවාහන ඇමැතිගෙන් දුම්රිය රියැදුරන්ට අනතුරු ඇඟවීමක්

mahee Friday, 20 October 2017 08:39 AM

පැවැති රජයන් හැමවිටම කලේ ශක්තිය පෙන්වන්න පුළුවන් සමිතිවලට ඉල්ලන ඉල්ලන දේ දීලා ඇඟ බේරා ගැනීමයි. එක කට්ටියකට වැඩිකරන කොට සමාන තනතුරු දරන තව පිරිසකටත් වැඩි කරන්න වෙන බව ආණ්ඩු දන්නේ නැද්ද? නිදසුනක් හැටියට සියලු දීමනා ලබන වෛද්‍යවරුන් තව මොනවා හරි ඉල්ලුවහම වෛද්‍ය සංගමේ බලවත් නිසා එකත් දීලා දානවා. ඇයි, එතකොට ඉංජිනේරු, ගණකාධිකාරී වගේ සමාන්තර සේවා වල සේවකයන්ට ඒවා නොදෙන්නේ? ඔවුන්ට දොස්තරවරුන් වගේ ජනතාවට රිද්දන්න තරම් ශක්තියක් නැති නිසා නොවේද? රජයක් කල යුත්තේ තර්කානුකුල, සාධාරණ වැටුප් ප්‍රතිපත්තියක් සකස් කර ඒ අනුව පඩි නඩි තීරණය කිරීම නොවේද? එවැනි ජාතික ප්‍රතිපත්තියක් තීරණය වූ පසු ඊට විරුද්ධව යන සමිතිවලට ජනතාවට රිද්දන්න ඉඩ දෙන්නේ ඇයි?

:       128       233

nima Friday, 20 October 2017 09:13 AM

හොඳම විසඳුම වැඩ වර්ජනයකට යන්නේ නම් තාවකාලිකව හෝ ඔවුනට හිමි නිල නිවාස වලින් එළියට දැමීමයි. එවිට ගැහැණුන් වැඩ වර්ජනයකට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට පිවිසෙනු ඇත.

:       15       174

Ruwan Friday, 20 October 2017 10:18 AM

මෙයට එකම විසඳුම රජයේ දුම්රිය සේවයට සමාන්තරව පුද්ගලික අංශයේත් දුම්රිය සේවයක් පටන් ගැනීමයි. එවිට ඇතිවන තරගකාරිත්වය සමගින් ඉතා හොඳ සේවාවක් මගී ජනතාවට ලබා ගත හැකි වනු ඇති. මෙයයි සිංගප්පුරුව වැනි රටවල ක්‍රියාත්මක වෙන්නේ. මුළු රටම ආවරණය වන පරිද්දෙන් හොඳ දුම්රිය සේවාවන් ඒකාබද්ධව පවත්වාගෙන යාමයි සිදු විය යුත්තේ.

:       8       668

aseSaturday, 21 October 2017 05:19 AM

අපේ අයට තරගකාරිත්වය තේරුම් ගන්නේ වේගයෙන් යාමයි. පෙන්නේ නැද්ද පුද්ගලික බස් හරි තේරුමක් නැති අයට ඔය වගේ අගය තේරෙන්නේ නැහැ

:       0       19

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 948 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 186 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1098 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1137 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1415 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1256 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1432 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site