IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ප්‍රබල රටවල් 8 ක නියෝජිතයෝ විදෙස් දූත මණ්ඩල රැස්වීම වර්ජනය කරති

(හර්ෂණ තුෂාර සිල්වා)

ශ්‍රී ලංකාවේ පවතින වර්තමාන දේශපාලන තත්ත්වය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීන්දුව පිළිබඳව කරුණු දැක්වීම සඳහා විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් ඊයේ (12) කොළඹ දී පැවැත්වූ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ගේ හමුවට බටහිර රටවල් 8ක නියෝජිතයන් සහභාගී වී නැතැයි වාර්තා වේ.

විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්වූ එම රාජ්‍ය තාන්ත්‍රික හමුවට බ්‍රිතාන්‍යය, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව සහ කැනඩාව යන රටවල මහ කොමසාරිස්වරුන් සහ නෙදර්ලන්තය, ඉතාලිය, ප්‍රංශය සහ නෝර්වේ  යන රටවල තානාපතිවරුන් හෝ වෙනත් නියෝජිතයකු හෝ සහභාගී වී නැතැයි ද රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කරයි. 

මේ අනුව ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපතිවරුන්, බ්‍රිතාන්‍ය සහ ඕස්ට්‍රේලියාව යන රටවල මහ කොමසාරිස්වරුන් එම හමුවට සහභාගී වීමෙන් වැළැකී සිට ඇත.

ඇමෙරිකා තානාපති කාර්යාලයේ සහ කොළඹ යුරෝපා සංගම් කාර්යාලයේ නියෝජිතයෙක් හමුවට සහභාගී වී ඇති අතර බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ කිසිවකුත් එම හමුවට සහභාගී වී නොමැත.

ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපති තුන්ග් ලායි මාගේ මහතා විදෙස් ගත වී ඇතැයි මේ පිළිබඳව කරන විමසීමක දී දැනගන්නට ලැබිණි. 

මේ අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට විරෝධය පළ කිරීමක් ලෙස බටහිර රටවල් අටක රාජ්‍ය තාන්ත්‍රිකයන් විදේශ අමාත්‍යවරයා හා රාජ්‍ය තාන්ත්‍රිකයන් අතර පැවැති හමුවට සහභාගී වීමෙන් වැළැකී සිට ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබිණි. 

විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා ශ්‍රී ලංකාවේ විදෙස් දූත මණ්ඩල 43ක ප්‍රධානීන් කැඳවා තිබූ බව ද රාජ්‍ය තාන්ත්‍රික සහ රජයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබිණි. එහෙත් ඊට සහභාගී වූයේ අතළොස්සක් පමණක් බව ද එම පුවත් වාර්තාවේ දැක්විණි. 

බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව සහ කැනඩාව යන රටවල මහ කොමසාරිස්වරුන් සහ නෙදර්ලන්තය, ඉතාලිය, ප්‍රංශය සහ නෝර්වේ  යන රටවල තානාපතිවරුන් මෙම හමුවට සහභාගී නොවූ බව ද රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබිණි. යුරෝපා සංගමය, ඇමෙරිකාව සහ ජර්මනිය නියෝජිතයන් එම හමුවට යැවූ බව ද රොයිටර් පුවත් සේවය සඳහන් කර තිබිණි. 

ශ්‍රී ලංකාවේ ප්‍රධානම අසල්වැසියා වන ඉන්දියාව ද මෙම හමුවට කනිෂ්ට නියෝජිතයකු යැවූ බව ද රොයිටර් වාර්තාවේ තවදුරටත් දැක්විණි. 



අදහස් (4)

ප්‍රබල රටවල් 8 ක නියෝජිතයෝ විදෙස් දූත මණ්ඩල රැස්වීම වර්ජනය කරති

Rata Perata Tuesday, 13 November 2018 04:40 PM

සිරිසේන අපේ රට කනවා.

:       0       0

Nandalal DE SILVA - France Tuesday, 13 November 2018 04:52 PM

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ තනි වෙන බව නම් මෙයින් පැහැදිලි වෙනවා.

:       0       0

de silva Tuesday, 13 November 2018 05:02 PM

අපේ ලොකු මහත්මයා හිතන්න ඇති අර මගුල් ගෙවල් වල ඇදබාන බොරු බේගල් වලින් එතන ඉන්න මෝඩ මිනිස්සු චූන් කරනවා වගේ... යුරෝපේ රටවල තානාපතිවරුටත් මොකක් හෝ බොරුවක් දෙකක් කියලා චූන් කරලා යවන්න පුළුවන් කියලා...

:       0       0

රජින්ද Tuesday, 13 November 2018 05:19 PM

රට කාලා විනාශ කිරීම පිණිස ලංකාවේ දේශපාලකයින් විසින් ගෙන ගිය අරගලයේ ප්‍රතිඵල එකින් එක නිකුත් වෙමින් තිබේ. රනිල් විසින් ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ අපේ රට හෑල්ලු කිරීම නිසා බටහිරයන්ගේ සුරතලා වන ඔහුට සහය දැක්වීම පිණිස ජාත්‍යන්තරය ඉදිරියට පැමිණ ඇත. වහාම ජනමත විමසුමකට ගොස් මේ කුමන්ත්‍රණ කාරයින්ව පරාජය කිරීමට ජනතාව පෙළ ගැසිය යුතුය.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොල් ගෙඩියක් 4000 ට වෙන්දේසි වෙයි
2024 අප්‍රේල් මස 25 91 0

යාපනය තරුණයින් පිරිසක් විසින් වාර්ෂිකව සිදුකරනු ලබන පොර පොල් තරඟයක් වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා පොල් ගෙඩි කිහිපයක් වෙන්දේසි කිරීමේදී එක් පොල් ගෙඩිය


මැතිසබයෙන් දොස්තර හවුලක්
2024 අප්‍රේල් මස 25 485 1

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සිටින වෛද්‍යවරුන්ගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තු වෛද්‍ය මන්ත්‍රීවරුන්ගේ සංසදය නමින් නව සංසදයක් අද (25) පිහිටුවා ගනු ලැ


සන්නස්ගල අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 25 1972 6

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවීණ උස


මාස හතරට රට රැකියා පැමිණිලි 1371ක්
2024 අප්‍රේල් මස 25 210 0

2024 වසරේ ගතවූ කාලය මාස හතරක කාලයේ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි.


පාස්කු ප්‍රහාරය දවසෙම ඊලඟ ඡන්දේ ප්‍රතිඵලය ලියැවුණා
2024 අප්‍රේල් මස 25 721 5

පාස්කු ප්‍රහාරය සිදුවූ දිනයේ ම ශ්‍රී ලංකාවේ ඊළඟ මැතිවරණ ප්‍රතිඵලය ලියැවුණු හෙයින් එය දේශපාලනයෙන් තොර ප්‍රහාරයක් ලෙස කිසිසේත් ම හැඳින්විය නොහැකි යැය


‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 1050 6

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 314 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1696 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1540 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site