IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ප්‍රබල පාතාල කල්ලි නායක ඌරු ජුවා පොලිස් වෙඩි පහරින් මරුට

(නිමන්ති රණසිංහ සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ප්‍රබල පාතාල කල්ලි නායක මාබුල ගේ දිනිත් මිලාන් නොහොත් ඌරු ජුවා නැමැත්තා දැඩිගමුව පාළු නිවසක් තුළදී  පොලිස් වෙඩි පහරින් මිය ගිය බව නවගමුව පොලිසිය කියයි.

පාතාල නායකයාගේ ඝාතනය සැලවීමත් සමග නවගමුව, දැඩිගමුව සහ වදුරාමුල්ල ප්‍රදේශවාසීන් රතිඤ්ඤා පත්තු කර ප්‍රීතිය පළ කළ බව පොලිස් නිලධාරියෙක් පවසයි.

පුද්ගල ඝාතන ගණනාවක් සහ කප්පම් ගැනීම් රැසක් සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් සිර දඬුවම් විඳ ඉකුත් දහවෙනිදා ඇප මත නිදහස්ව පැමිණ ඇතැයි පොලිසිය කියයි.

කප්පම් ගැනීම් රැසක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි ඌරු ජුවා නමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා බන්ධනාගාරය අසලට පොලිස් නිලධාරීන් ගිය  අවස්ථාවේදී පොලීසිය මග හැර පලා ගිය බව ද පොලිසිය පවසයි.

එම සැකකරු බියගම ප්‍රදේශයේ ආපන ශාලාවක ආහාර ගනිමින් සිටින බවට ලද තොරතුරක් අනුව  සැකකරු අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී නවගමුව වඳුරාමුල ප්‍රදේශයේ නිවසක අවිආයුධ රැසක් තිබෙන බවට අනාවරණය වූ බව පොලිස් නිලධාරියෙක් කීය.

ඔහුගේ පෙන්වීම මත  ටී 56 උණ්ඩ දැමිය හැකි මෙරට නිෂ්පාදිත රිවෝල්වරයක් ,තියුණු ආයුධ 5 ක්, නයින් එම්. එම්. ජීව උන්ඩ 6 ක් හා ටී 56 ජීව උන්ඩ තිස් අටක් ,මෙන්ම  අත් බෝම්බ හයක් පොලිසිය බාරයට ගෙන ඇත

තවදුරටත් සිදු කළ ප්‍රශ්න කිරීමේදී දැඩිගමුවේ නිවසක අත් බෝම්බ කීපයක් සඟවා තිබෙන බවට කළ අනාවරණයකට අනුව සැකකරු දැඩි ආරක්ෂාව මධ්‍යයේ එම නිවසට රැගෙන ගොස් එම බෝම්බ තුන පොලිස් බාරයට ගැනීමෙන් අනතුරුව සැකකරු එකවරම එම නිවසේ වෙනත් ස්ථානයකට ගොස් සඟවා තිබූ අත්බෝම්බයක් ගෙන ඒ පින් එක කඩා පොලිස් නිලධාරීන් දෙසට දමා ගැසීමට යාමේදී පොලිස් නිලධාරීයකු ක්ෂණිකව එල්ල කළ වෙඩි පහරකින් සැකකරු බරපතළ තුවාල ලබා නවගමුව රෝහලට ඇතුළත් කිරීමේ දී මිය ගිය බව පොලිස් නිළධාරියා කියා සිටියේය.

 


සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන මාඹුලගේ දිනිත් මෙලන් නොහොත් ඌරුජුවා දැඩිගමුවේ දි පොලිස් වෙඩි පහරින් මියගිය බව පොලිසිය පවසයි.

වැඩිදුර විස්තර පසුව



අදහස් (32)

ප්‍රබල පාතාල කල්ලි නායක ඌරු ජුවා පොලිස් වෙඩි පහරින් මරුට

Kumara Tuesday, 11 May 2021 06:43 PM

පාතාලයෙන් එකෙක් හෝ අඩුවීම සතුටක්... ඒත් පොලිස් නාට්‍යයේ නම් පරණ පිටපතම තමයි... මුල් කොටස කියවන කොට අවසානය හිතාගන්න පුළුවන්...

:       0       0

sena Tuesday, 11 May 2021 08:00 PM

පිටපතේ පොඩි අවුලක් තියෙනවා. ‍බෝම්බේ පින් එක කඩලා පොලිසියට විසිකරන්න යනකොට වෙඩි තිබ්බා නම් පින් එක කැඩිච්ච බෝම්බය පත්තු වෙන්න ඕනෑනේ. මොකද වැඩි වෙනකොට බෝම්බය අත්හරිනවනේ.

:       0       0

Kasun Tuesday, 11 May 2021 10:28 PM

හැමදාම එකම කතාවනේ. අහලා එපාවෙලා.. එදිරිමුණියාටවත් කියලා වෙන එකක් ලියාගන්න බැරිද?

:       0       0

Raveendra Tuesday, 11 May 2021 11:38 PM

සාමකාමී සමාජයට අහිතකර විෂබීජ ඉවත්කිරීමට සහභාගි වූ සියලුම නිලධාරීන්ට යහපතක්ම වේවා...!!!

:       15       19

Buddika Tuesday, 11 May 2021 11:52 PM

මිනිසෙකුගේ මරණයක් හොඳයි ලෙස පැවසිය නොහැකි වුණත් මෙය ඉතාම සමාජ සාධාරණ ඝාතනයක්... මේ වගේ කාලකණ්ණි සහමුලින්ම විනාශ කළ යුතුයි.

:       8       15

Demuni Uduwara Wednesday, 12 May 2021 12:13 AM

ලක්ෂ 69 ගැන විශ්වාස තියන්න බැහැ.

:       6       7

BamunuaeachchiThursday, 13 May 2021 04:23 AM

ඌරු ජුවාගේ සහෝදරයෙකුට කේන්ති ගිහිල්ලා වගෙයි..

:       0       0

abeywardhana Wednesday, 12 May 2021 12:19 AM

මේ මොන විහිළුවක්ද?

:       7       7

Wijesekara Wednesday, 12 May 2021 12:48 AM

දැන් ඔය පාතාල කාලකන්නියගේ නමට අපේ උන් කවි, ගීත ලියාවි. සෝක දුක් විලාප නගාවි, මානව හිමිකම් දෝර ගලාවි.

:       13       17

Bamunuarachchi Wednesday, 12 May 2021 01:58 AM

මොහු මැරුණු එක ගැන කිසිම කණගාටුවක් නැත. එය එසේ සිදුවිය යුතුයි. නමුත් කියන විදිහට අත් බෝමබයේ පින් එක කඩා හෝ ඇද තිබුණා නම් වෙඩි වැදුණු වෙලාවේ අතින් ගිලිහෙන බෝම්බය පුපුරන්න ඕනේ නේද? මම හිතන්නේ රම්බෝ වගේ පොලිස්කාරයෙක් පැනලා බෝම්බය අල්ල ගන්න ඇති. නැතිනම් බෝම්බය පුපුරලා ඔක්කොමල්ලා මැරෙන්න තිබුණා. ෂාහ් දක්ෂ පොලිස් ගොයියෙක්...

:       9       20

ana Wednesday, 12 May 2021 02:50 AM

අලුත් චිත්‍රපටියක් ! ඩිරෙක්ටර් කවුද? මීට කලිනුත් ඔය වගේ චිත්‍රපටි කීපයක් බලලා තියෙනවා. හැබයි අපේ පොලීසිය නම් ඔය වාගේ වෙලාවට සැකකාරයාට මාංචු දාලා අරන් යන්නේ.

:       8       12

sharm warn Wednesday, 12 May 2021 03:26 AM

මධුෂ්ගෙන්ම අහන්න වෙනවා

:       0       9

JANAKA Wednesday, 12 May 2021 04:14 AM

මූට් වෙඩි තබා මරුව පොලිස් නිලදරියාට උසස් වීමක් ලබා දීමට කටයුතු කිරීම පොලිසියේ වගකීමකි. එසේම ලංකාව තුල සහ පිටත සිටින සියලුම පාතාල කල්ලි සාමාජිකයන්ද, ඔවුන් මෙහෙයවන උන්ද, මෙරට තුල මත්ද්‍රව්‍ය විකුනන, බෙදහරින, ගෙන්වන සියලු දෙනාවද මරා දමා මේ සමාජය යහපත් කිරීමට මෙම නිලදාරියාටද, එවෑනි සිතති අනෙකුත් නිලදරින්ටද ආරක්ෂාව, රැකවරණය ලැබේවා..

:       13       49

Sarath Weerasinha - Ampara. Wednesday, 12 May 2021 04:17 AM

ඔය තියෙන්නේ විසඳුම්

:       7       33

සමන් - ඕමානයWednesday, 12 May 2021 08:18 AM

ඉහත අදහස් දැක්වූ ජානක හා සරත් මහත්වරුන්, ඇත්තටම මෙය අගය කරනවාද, නැත්නම් පොලිසියට සමච්චලයක් ලෙස අදහසක් දැම්මාද යනු පැහැදිලි නෑ. නමුත්, මගේ අවංක අදහස නම්, මෙවැනි සමාජ පිලිලයන් ඉවත් කිරීම මුළු මහත් ජනතාවටම යහපතක් බවයි. NGO කාරයින් නම් උඩ පනීවි.. මානව හිමිකම් කණ්ඩායම් කෑමොර ගසාවි. ලෝක බලවතුන් රජයට චෝදනා කරාවි. නමුත්, මේ වගේ අපරාධකාරයින්ගෙන් මැරුම් කෑ මිනිසුන් ගැන, තාඩන පීඩන ලබන පිරිස් ගැන, හිරිහැර විඳින අය ගැන, මොවුන්ගෙන් දුෂණයට ලක්වුණු ගැහැනු ළමුන් ගැන, මුන් නිසා කුඩු වලට ඇබ්බැහි වුනු තරුණයින් ගැන, ඒ උදවිය හිතන්නේ නෑ. උසාවියට දාලා, නීතිඥයින්ගේ තර්ක විතර්ක මැද මොවුන් නිදහස් වෙනවාට වඩා ලෝකෙන් තුරන් කර දාන එක හොඳයි. මෙම මෙහෙයුමට සහභාගී වුනු පොලිස් නිලධාරීන්ට මගේ අවංක සුබ පැතුම්...

:       12       33

RaveendraWednesday, 12 May 2021 11:20 AM

ඇත්තෙන්ම ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය.සාමකාමී සමාජයකට වින කරන ඕනෑම පිළිලයක් සමාජයෙන් තුරන් කිරීම අදාළ ආයතනවල යුතුකමකි. ඔබ පැවසු පරිදි නිවට එන්ජිඕ ටකරන් මඩුකාරයෝ උඩු බුරති එනමුත් සමාජයට සේවයක්,හොදක් වෙනවා නම් මොකා උඩු බිරුවත් එය කල යුතුමය....මෙයට සහභාගිවු සියලුම නිලධාරීන්ට යහපතක්ම වේවා......

:       9       20

anaWednesday, 12 May 2021 01:22 PM

මෙම අපරාධකරුවන් මෙලෙස මරා දැමීම තුළ වැලලී යන සත්‍ය ගැන නොවැටහේද? අපරාධකරුවන් බිහිකරන දේශපාලකයින් සහ පොලිස් නිලධාරින් මෙම අනීතික ක්‍රියාව මගින් ආරක්ෂා වේ. ශිෂ්ඨ මිනිසුන් මෙම අපරාධකාරයන් මෙන්ම මෙම අවනීතියද පිළිකුල් කළ යුතුයි.

:       9       18

sudda Wednesday, 12 May 2021 05:34 AM

ඉතාමත් දුක හිතෙන කතා එක දිගට ඇහෙන කාලෙක එහෙම නොවෙන කතාවක් ඇහුනා.

:       11       35

fairoos Wednesday, 12 May 2021 07:10 AM

අපේ පොලිසියේ තවත් වීර ක්‍රියාවක්

:       11       33

Ruwan Wednesday, 12 May 2021 08:03 AM

ශ්‍රී ලංකා පොලීසියට මාගේ ආචාරය !

:       4       14

Royfedricks Wednesday, 12 May 2021 08:46 AM

කිසිම පුද්ගලයෙක් මෙලෙස මිය යායුතු නොවේ .මේ ගොන් කතාව කවුරු නම් විශ්වාස කරාවිද? ජුවාට මාන්චු නොදම්මෙ මන්ද? පොලිසිය කරන අපරාද සාධාරණය කල යුතු නොවේ.

:       29       22

සමන් - ඕමානයWednesday, 12 May 2021 10:46 AM

අනේ රෝයි ෆ්‍රෙඩ්රික්, මේ උරු ජුවා මැරුවේ ඔයාගේ පවුලේ කෙනෙක් නම්, මරණ තර්ජනය කරමින් කප්පම් ගත්තේ ඔයාගෙන් නම්, කුඩු වලට ඇබ්බැහි කලේ ඔයාගේ සහෝදරයෙක්, පුතෙක් නම්, අපචාර කලේ ඔබේ සහෝදරියකට හෝ බිරිඳට, දුවකට නම්, ඔබ ඔය කියන කතා කියනවාද? මානව හිමිකම් කර තියාගෙන ඔහොම කිඹුල් කඳුළු හෙලයි ද? ඔයාට පාතාල අපරාධකාරයෝ ගැන ඔච්චර දුක නම්, ඔය තව ඉන්න එකෙක් දෙන්නෙක් ගෙදරට ගෙන්වා ගෙන නවත්වා ගන්න..

:       6       24

saarasiFriday, 14 May 2021 05:59 AM

මෙයාලා නීතිය ඉදිරියට ගෙනාවා කියන්නකෝ... කවුද මුන්ට විරුද්ධව සාක්ෂි දෙන්න යන වීරයා... එහෙම කෙනාට එලියට බහින්න පුලුවන්ද උගේ ගෝලයින් එක්ක...?

:       0       1

විපරමා Wednesday, 12 May 2021 08:51 AM

සමහර පාතාලකාරයන්ට,කුඩු ජාවාරම් කාරයන්ට දේසපාලුවන්ගේ ඇල්ම,බැල්ම තියෙනවා .උන් අතපය දිග හැරලා වියදම් කරන නිසා. ඒ වගේ උන් කොහොමටත් රැකෙනවා .

:       0       9

Sampath Wednesday, 12 May 2021 09:20 AM

ඉතා හොද පුවතක්

:       2       10

වර්ණකුලසූරිය Wednesday, 12 May 2021 11:39 AM

අපරාධකරුවන්ට දඩුවම් ලබා දීම සිදුවිය යුත්තේ අධිකරණය මගිනි. මෙම සිදුවීම මෙහි සදහන් පරිදි කෙසේවත් සිදුවිය නොහැකියි. පොලිසියේ මෙම තත්ත්වය නිතරම අපි දැක ඇත්තෙමු. කිසිවෙක් මෙම තත්ත්වයන් අනුමත කරන්නේ නම් එය කණගාටුවට කරැණකි. අපරාධකරුවන්ට දඩුවම් ලබා දෙන ක්‍රමයක් ශිෂ්ඨ සමාජයක පවති. දේශපාලකයන්ගේ අවශ්‍යතාවය මත දුෂිතයන් නිදහස් වන්නේ නම් හෝ පොලිසියේ අවශ්‍යතාවය මත අපරාධකරුවන් අත්අඩංගුවේදි මරණයට පත් වන්නේ නම් හෝ එය රටක අවාසනාවන්ත තත්ත්වයකි.

:       23       22

මෝ Wednesday, 12 May 2021 03:10 PM

වර්ණකුලසූරිය, නිකං සුද්දවන්තයෙක් වෙන්න එපා. පොලිසිය රාජකාරිය කරයි.

:       14       9

siri Wednesday, 12 May 2021 06:05 PM

ඊළඟට කොස්ගොඩ තාරක කියන්නේ ඇත්තද ?

:       0       12

SiriThursday, 13 May 2021 04:29 AM

ඔව් මරලා

:       0       0

BamunuarachchiFriday, 14 May 2021 03:01 AM

වෙන කොස්ගොඩ තාරකලා නැහැ එයා ඉවරයි. කාටද ආඩම්බර.

:       0       0

විස්වා විස්වමඩු Wednesday, 12 May 2021 09:59 PM

මදුෂ්ව මරා දැම්මා.. දේශපාලකයින්ගේ හොර ජාවාරම් එළිකල නිසා. ආණ්ඩුවට පක්ෂව හිටියා නම් මෙයාව මරා දමන්නේ නැහැ. මේ මිනිහා වැරදි කළා නම් උසාවි දාලා නඩු අහන්න ඕනෑ.., මහ මඟ මිනිස්සු ආණ්ඩුවෙන් මරනවා කියන්නේ බොරුවක්. අද මෙයාට කළ දේ හෙට ඔබට හෝ මට මේ අය කරාවි...

:       0       0

Rata Perata Thursday, 13 May 2021 06:02 AM

පොලිසියට කිසිම නීතියක් නැතිව මෙහෙම මිනිස්සු මරන්න වෙලා තියෙන්නේ දේශපාලකයින් නිසා.. අපේ රටේ බොහොමයක් මදාවියෝ හැදුවේ දේශපාලකයෝ.. දැන් ඔය සමහරු මන්ත්‍රීලත් වෙලා ඉන්නේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 289 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 813 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 2134 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 2380 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 705 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 298 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 304 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1674 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site