IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

(මනෝප්‍රිය ගුණසේකර  සහ මහින්ද නිශ්ශංක)

කොටුව හා මරදාන දුම්රිය ස්ථාන අතර දුම්රිය අවහිරතාවයක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනය ප්‍රමාද වන බව දුම්රිය පාලක මැදිරි පවසයි.

පැය පහක් තුළ මරදාන හා පොල්ගහවෙලදී දුම්රියක් සහ දුම්රිය එංජිමක් පීලි පැන ඇතැයි දුම්රිය දෙපාර්තම්න්තුව පවසයි.

මරදානේ සිට කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රිය එංජිම අද(18) පෙරවරුවේ පීලිපැනීම හේතුවෙන් සියලු දුම්රිය ධාවන කටයුතු පැයකට ආසන්න කාලයක් ප්රජමාද වී ධාවනය වී ඇත.

මේ හේතුවෙන් මගීන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති.

කොළඹ කොටුවේ සිට පොලගහවෙල දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියද අද පොල්ගහවෙල දුම්රිය ස්ථානයේදී පීලිපැන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.



අදහස් (3)

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

ගාමිණී Thursday, 18 April 2019 12:51 PM

කෝ මේ දුම්රිය බාර ඉංජිනේරුවො ? ලැජ්ජයි හලෝ. මාර්ගය නඩත්තු කරන්නවත් බැරි නම් අස්වෙලා යන්න. හැමදාම පීලි පනිනවා.

:       0       1

Samathasena Aluthgamage. Thursday, 18 April 2019 01:35 PM

ඊයේ සවස අලුත්ගමින් 3.35ට ධාවනය වීමට නියමිතව තිබූ දුම්රියට මම ගොඩවූයෙමි. මෙම දුම්රිය ධාවනය වූයේ කොළඹ සිට බෙලිඅත්ත දක්වාය. සැප පහසුවට අසුනක වාඩිවී පොතක් බලමින් යාමට සිතු මම වෙනදා මෙන් එදාද දෙවෙනි පන්තියේ ටිකට් පතක් ලබා ගතිමි. ඒත් පොතක් බැලීම කෙසේවෙතත් අතුරු සිදුරු නැති තරමට සෙනගින් පිරි මැදිරියට ගොඩවූයේ මහත් ආයාසයක් ගෙනයි. යල්පැනගිය අබලන් මැදිරිවල හිරවූ මගීන් වින්දේ දැඩි දුෂ්කරතාවන්ය. විදෙස් සංචාරකයන්ද මේ අතර විය. මෙවැනි දේ සංචාරක ව්‍යාපාරය සඳහා ගෙනදෙනුයේ දැඩි අහිතකර ප්‍රචාරයකි. දේශීය මගීන් දුම්රිය ගමන් වලින් ඉවත් කිරීමකි. කලකිරවීමකි. දැන් හෝ මෙම යන්තම් අලුත්වැඩියා කල යල්පැන ගිය කසිකබල් අබලන් මැදිරි ඉවත්කර නව මැදිරි යොදවා දුම්රිය ධාවනය කරවීමට බලධාරීන් ක්‍රියා කිරීමට සිතුවහොත්, එය දුම්රිය සේවයේ දියුණුවට කරනා මහඟු සේවයකි.

:       0       34

Nandalal DE SILVA - France Thursday, 18 April 2019 04:56 PM

එහෙනම් ඉතින් අලුත් අවුරුද්දට ගම්බිම් බලා ගිය අය කොළඹ එනවා වෙනුවට (සිල්පර) "කොට" උඩ තමා !!!!! හැමදාම එක කෝච්චියක්වත් පීලි නොපැන ගමනක් අවසාන කරන දිනයක් අපට මතක නැත ..... ඉස්සර කාලේ නම් ඔහොම දේවල් නොවුන බව මගේ සීයා කියනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විල්ගමුව පොලිසියෙන් අතුරුදන් වූ ගිනි අවිය බුදු කුටියකින් මතුවෙයි
2024 අප්‍රේල් මස 24 8 0

මාතලේ - විල්ගමුව පොලිසියේ මුර කුටියේ රාත්‍රී සේවය කරමින් සිටි පොලිස් නිලධාරියාගේ ගිනි අවිය අතුරුදන් වී මසකට පසු හමුවු බැවි විල්ගමුව පොලිසිය කියයි.


වැටුප් ප්‍රශ්නය විසදන්න ගුරු බලය සංවිධානයට ලිපියක්
2024 අප්‍රේල් මස 24 268 1

ගුරු විදුහල්පති සේවයන්හි වැටුප් විෂමතාවක් නැතැයි පවසමින් ගුරු බලය සංවිධානයට ලිපියක් යැවූ ගුරු ආයතනයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරියගෙන් ඒ සම්බන්ධයෙන් ක


ෆොක්ස්හිල් අනතුරේ රියදුරන්ට ඇප
2024 අප්‍රේල් මස 24 277 0

දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි තරගකරුවන් දෙදෙනා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්


’’ගෝඨාභය පොත ලිව්වේ පව් සෝදා ගන්න’’
2024 අප්‍රේල් මස 24 301 0

ගෝඨාභය පොත ලියා ඇත්තේ ඔහු විසින් කළ පව් සෝදා ගන්නට යැයි සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.


ඉන්දීය ආධාර ගම්මාන හතරක් ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 582 1

ඉන්දියානු ආධාර යටතේ ඉදිකෙරුණු තවත් ගම්මාන හතක් ලඟදීම ජනතා අයිතියට පත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. කොළඹ, රත්නපු


වතු කම්කරු වැටුප ඉහළ දාන්න තීරණයක
2024 අප්‍රේල් මස 24 486 5

වතුකම්කරුවන්ගේ වැටුප ඉහල දැමීම පිළිබඳව රජය නිශ්චිත තීරණයක සිටින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 294 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1667 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1527 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site