IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාට 13 දෙනෙක් මුක්කු ගහති

ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාට සහයෝගය දැක්වීම සඳහාම තරගයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් 13 දෙනකු හඳුනාගෙන ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද පැවසීය.

මෙසේ හඳුනාගනු ලැබ ඇති අපේක්ෂකයන් 13 දෙනකුගෙන් හත් දෙනකු එක් ප්‍රධාන අපේක්ෂකයකුට සහයෝගය දක්වන අතර, හය දෙනකු අනික් ප්‍රධාන අපේක්ෂකයාට සහයෝගය දක්වන බව ද මහින්ද දේශප්‍රිය මහතා “ඬේලි මිරර්” පුවත්පත සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී සඳහන් කළේය.

මෙම අපේක්ෂකයන්ට එරෙහිව පියවර ගැනීම පිළිබඳව කොමිසම සලකා බලාගෙන යන බව ද ඔහු කීය.

මෙම අපේක්ෂකයන් ප්‍රධාන අපේක්ෂකයන්ට සහාය දෙන්නේ කෙසේ දැයි විමසූ විට දේශප්‍රිය මහතා පැවසුවේ ඔවුන්ගේ බලයලත් නියෝජිතයන් ප්‍රධාන අපේක්ෂකයන්ගේ වේදිකාවල සිටිනු කොමිසමේ නිලධාරීන් විසින් නිරීක්ෂණය කරනු ලැබ ඇති බවය. එපමණක් ද නොව, ඔවුන් නියෝජනය කරන දේශපාලන පක්ෂවල ලේකම්වරුන් ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගේ මැතිවරණ වේදිකාවල සිට ජනතාව අමතා ඇති බව ද ඔහු කීය.

මැතිවරණවලට තරග කිරීමේදී තැන්පත් කළ යුතු ඇප මුදල වැඩි කිරීම සහ මෙවැනි ක්‍රියාවල යෙදෙන දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කිරීම මෙවැනි ක්‍රියා වැළැක්වීමට ආධාර වනු ඇති බව ද දේශප්‍රිය මහතා පැවසීය.

මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 35 දෙනකු ඉදිරිපත්වීම මැතිවරණ කොමිෂන් සභාවේ රාජකාරි අනවශ්‍ය ලෙස වැඩිවීමට හේතු වී ඇති බව ද ඔහු සඳහන් කළේය.

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්ද පත්‍රිකාව ඉතා දිගු බවත්, මේ නිසා අමතර ඡන්ද පෙට්ටි අවශ්‍ය වී ඇති බවත් මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් පැවසීය.

ඩේලිමිරර්

055

 



අදහස් (32)

ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාට 13 දෙනෙක් මුක්කු ගහති

Amila Monday, 04 November 2019 04:57 PM

ඒ කියන්නේ හරියට නාමයෝජනා බලලා ගත්තේ නෑ කියන එකනේ. තමුන් හරියට වැඩේ නොකර දැන් ඔහොම කියන එක වැරදියිනේ සභාපතිතුමා.

:       23       1

Fernando Monday, 04 November 2019 05:16 PM

අමතර වියදම් මේ 13 දෙනාගෙන් අයකර ගන්න.

:       0       70

Mahee Monday, 04 November 2019 05:46 PM

කොමිසම කරන්නේ හදපු නීතිය ක්‍රියාත්මක කරන එකනේ. නීති හදන කට්ටිය ඔය විදිහට රිංගන්න හිල් හදාගෙන ඉන්නේ ඔන්න ඔය වගේ වැඩවලටයි. කොමිසම ඇල්ලුවත් හපන්න බැරි ආයතනයක් වගෙයි මට නම් පේන්නේ.

:       0       1

hasantha Monday, 04 November 2019 05:55 PM

අපේක්ෂකයෝ වැඩි වෙලා ඡන්ද වියදම තව කෝටි කීපයකින් ඉහළ ගියා කියලා පහුගිය කාලේ කිව්වා. දැන් තියෙන්නේ ඒ වැඩි උන මුදල මේ හොර අපේක්ෂකයන්ගෙන් අය කරගන්න එක. ජනතා මුදලෙන් මෙහෙම පිස්සු නටන්න දෙන්න බෑ. මේක වැරදි ආදර්ශයක්. මෙහෙම ගියොත් අනාගතයේ අපේක්ෂකයෝ 100ක් විතර ඉදිවී.

:       0       261

සේන Monday, 04 November 2019 08:20 PM

මේ ක්‍රියාවට නම් තදින්ම නීති ගෙනවිත් මේ වතාව අවසාන වතාව බවට පත් කළ යුතුයි. නැත්නම් මේක විහිළුවක් කරගන්නවා. රටේ මුදල් නාස්ති වෙන්නේ.

:       0       114

11 - D ලලිත් - අම්බලන්ගොඩ Tuesday, 05 November 2019 12:19 AM

තනතුර දාලා යන්න කලින් ඔබ කියපු ඔක්කොම දේවල් කරලා යන්න. අම්බලන්ගොඩ කෙනෙක්ට හැර ඕවා කරන්න වෙන අයට කොන්දක් නැහැ. ඔබට නිරෝගී සුවය! මම ඔබේ ගෝලයන්ගෙන් කෙනෙක්. අපිට හරි ආඩම්බරයි අපේ සර් ගැන. අපේ අසල්වැසියා ගැන. අපේ නෑයා ගැන. අපේ රටේ තවමත් මෙහෙම කොන්දක් තියෙන අය ඉන්නවද කියලා හිතෙනවා. දැන්නම් ඔබට ලබන ජනාධිපතිවරණයට ඉල්ලුවත් දිනන්න පුලුවන්. ඒත් ඒ දේශපාලනයට කවදාවත් එකතු වෙන්න එපා. මම කවුදැයි ඔබ හොදින් දන්නවා. ඔබට නැවතත් නිරෝගි සුවය පතනවා!

:       121       301

ලංකාපුත්‍ර Tuesday, 05 November 2019 12:46 AM

මැතිවරණයට මුළු වියදම කෝටි 400 කින් පමණ කළ හැකිදේට කෝටි 700 ක් පමණ ජනතාමුදල් වැය කිරීමට කටයුතු කළ මොවුන්ගේ ප්‍රජා අයිතියද අහෝසි කිරීමට හැකියාවක් නැද්ද සභාපතිතුමනි? ඒ අතර මෙලෙස ජාතික ධනය කාබාසිනියා කරන ජාති ද්‍රෝහීන්වන මොවුන්ගේ පක්ෂද මැතිවරණයෙන් පසුව අවලංගු කිරීමට හැකියාවක් නැද්ද?

:       0       128

Rasika Tuesday, 05 November 2019 01:15 AM

මිනිසුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සමග සෙල්ලම් කරන මෙවැනි අපේක්ෂකයන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතුයි.

:       0       153

chinthaka Tuesday, 05 November 2019 01:36 AM

නිකන් බොරුවට සංදර්ශන පවත්වන්න එපා. ඔබතුමා නෙමෙයි අපිනේ ඡන්දේ පාවිච්චි කරන්නේ. ඒක නිසා ඒ අපේක්ෂකයන්ගේ නම් ප්‍රසිද්ධියේ කියන්න. අන්න එතකොට තමයි මහජනතාවට සාධාරණයක් වෙන්නේ. නැතුව බොරු සංදර්ශන තිය තියා, මහජන මුදල් කකා අපිට හරස්පද ප්‍රහේළිකා ඉදිරිපත් කිරීමෙන් නෙමෙයි.

:       117       325

dilan Tuesday, 05 November 2019 01:39 AM

මෙතුමාගේ දෙවනියා සුළු ජාතිකයෙක්. එයා ප්‍රසිද්ධියේම කියනවා මේ ගමන විශේෂයෙන් සුළු ජාතීන්ට ඡන්දේ පාවිච්චි කරන්නලු. රටම දන්නවා සුළු ජාතික ඡන්ද වැටෙන්නේ කාටද කියලා. ඒ වගේ ප්‍රකාශයක් කරන මෙයාගේ නිලධාරියාව මෙයාට පේන්නේ නැහැ. හැබයි රටේම තියන අනිත් කුණුනම් හොදට පේනවා. අනේ මෙහෙමත් නිලධාරීන්.

:       67       153

සෙනෙවිරත්න Tuesday, 05 November 2019 09:39 AM

සුලු ජාතීන් පැත්තකට දමා ඉබේම රට බෙදන්නද හදන්නෙ? කාට හරි ඡන්දය පාවිච්චි කරන්න කියන එක වැරදිද? සුලු ජාතීන්ට ගෝඨාභය මහතා එපා කරවන්නෙ ඔය වැනි අයයි.

:       108       13

athulaTuesday, 05 November 2019 10:12 AM

නැති ප්‍රශ්න ඇතිකරන සුලු ජාතීනුත් මේ රටේ අනෙක් අය වගේම බදුමුදල් ගෙවන බව තමුන් දන්නවද? මිනිසුන්ව උස් පහත් කරන එකම නැහැදිච්චකමක් .

:       2       25

Lakshitha Tuesday, 05 November 2019 01:47 AM

රට හදන්න නේද මේ සෙල්ලම් ?

:       0       3

අනුර Tuesday, 05 November 2019 02:26 AM

තුන් සැරයකට චැඩියෙන් පෙර ජනාධිපතිවරණ වලදී ඇප අහිමි කරගත් සහ 4 වතාවක් පැරදුන අපේක්ෂකයන්ට නැවත ඉල්ලන්න බැරි ලෙස නීති සංශෝධනය කරන්න.

:       9       47

Sampath Tuesday, 05 November 2019 02:53 AM

මේ අය වක්‍රාකාරයෙන් කරන්නේ රාජ්‍ය දේපළ අවභාවිතයයි. නීතිමය කටයුතු තුලින් ඔවුන් කළ අලාභය නැවත අය කරගත යුතුයි.

:       0       79

DilanTuesday, 05 November 2019 06:55 AM

ඒ වගේම මොවුන්ගේ සහයෝගය ලබාගන්නා ප්‍රධාන අපේක්ෂකයනුත් කරන්නේ ඒකට අනුබල දෙන එක තමයි. ඉතින් එයාලා බලයට ආවම රටට යහපතක් කරයි කියලා විශ්වාස කරන්න පුළුවන්ද?

:       0       559

Bamunuarachchi Tuesday, 05 November 2019 03:48 AM

අප මුදල වැඩිකළ යුතු බව බමුණුආරච්චි මෙතැන ලිව්වේ මැතිවරණ වියදම කෝටි 600 යි කිව්ව කාලේ. මේ 13 දෙනාට අමතක නොවන පාඩමක් දෙමු. ඒකත් යථා කාලයේ යෝජනා කරන්නම්.

:       1       122

අබිලින් Tuesday, 05 November 2019 04:06 AM

මෙම ක්‍රියාව නිසා මිලියන 45 කින් පමණ කළහැකිව තිබූදේ මිලියන 75 කින් කරන්න වෙනවා. මෙයින් රටේ දුප්පත් ජනතාවගේ බදු මුදල් නිස්කාරනේ නාස්ති වෙනවා. ප්‍රධාන අපේකෂකයින් දෙදෙනාම මෙය වගකිවයුතු අතර මෙවැනි දෙයකට මානව හිමිකම් යටතේයැයි කියමින් ඉඩදුන් මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ද යම් පමණකින් මෙයට වගකිව යුතු වෙනවා.

:       0       315

sugath Tuesday, 05 November 2019 04:13 AM

ඇප මුදල ලක්ෂ 25ක් වගේ උනානම් හරි.

:       1       184

S Tuesday, 05 November 2019 05:36 AM

මෙයින් සනාථ වන්නේ නිරර්ථක පුද්ගලයින් මැතිවරණයට ඉදිරිපත් වීම වළක්වාලමින් මැතිවරණ පනත හැකි ඉක්මනින් සංශෝධනය කළ යුතු බවයි.

:       0       61

Praba Tuesday, 05 November 2019 05:53 AM

අපේ කාන්තාවන් මැදපෙරදිග කඹුරා හම්බ කරන සොච්චම මත තනන අහස් මාලිඟාවට රජතුමෙකු අපි වහ වහා වැඩම කරවමු.

:       45       153

sharm warn Tuesday, 05 November 2019 06:04 AM

කරුණාකර එවැනි අයට එරෙහිව නීතිමය පියවරක් ගන්න. මේ නරි ටික නිසා අපේ බදු මුදල් කොමපණ ප්‍රමාණයක් වියදම් වෙලාද දැන් වෙනකොට? මෙවැනි විහිලු නවත්වා අපි රට ගැන බරපතල ලෙස සිතිය යුතු කාලයක් මේ.

:       12       189

indra Tuesday, 05 November 2019 06:49 AM

ඕනෑම දෙයකට නීති හදන රටේ මේකට නීතියක් හදන්න බැරිද? මේකට කොමිස් මුදලක් නැතිව ඇති. නිහඩ ඒකයි. දුප්පතාගේ දුක දැනෙන නායකයා කවදා පහළ වෙයිද?

:       0       96

amila Tuesday, 05 November 2019 07:50 AM

රටේ මිනිස්සු හරියට කෙලින් තීරණයක ඉන්නවනම් කාටවත් බැහැ තව කාටවත් මුක්කු ගහන්න. වෙලා තියෙන්නේ රටේ මිනිස්සු පිස්සු නටන එක.

:       0       110

thushara Tuesday, 05 November 2019 08:42 AM

ගෝඨාභයට මුක්කු ගැහුවම එයා දේශප්‍රේමියා.

:       58       310

NIMMALTuesday, 05 November 2019 10:45 AM

නෑ. ටී.එන්.ඒ එකට මුක්කු ගැහුවම එයා දේශප්‍රේමියා.

:       0       0

siri Tuesday, 05 November 2019 08:47 AM

ප්‍රකාශිත මුළු ඡන්ද ප්‍රමාණයෙන් 10% ගැනීමට බැරිවුන අපේක්ෂකයන්ට දැරිය නොහැකි තරමේ දඩ මුදලක් අයකරන්න.

:       0       90

Raveendra Tuesday, 05 November 2019 09:10 AM

මුක්කු ගහන්නේ මිල මුදලට වාසියට බව නම් නොරහසකි. මේ වගේ අය තම ජිවිත කාලෙටම අඩු වශයෙන් ගමේ මරණාධාර සමිතියක සාමජිකත්වයක්වත් ගැනීමට බැරිවෙන ලෙස නීති සකස් කරන්නේ නම් එය ඉදිරියේදී මෙවන් නිවටයන්ට ඉදිරිපත්විමේදී සිය දහස් වාරයක් සිතීමට සිදුවෙනු ඇත.

:       0       123

prabhash Tuesday, 05 November 2019 10:25 AM

ප්‍රධාන පක්ෂ දෙක තුනේ හැර අනෙක් අපේක්ෂකයෝ එක්කෝ කඩේ යන අය නැත්නම් මානසික රෝගීන් බව කොහොමත් ජනතාව දන්නවා.

:       0       51

Nimal Santha Tuesday, 05 November 2019 10:43 AM

හොදම දේ අවම තරමින් 1% වත් ජන්දය නොගන්නා අපේක්ෂකයන්ගෙන් අවම තරමින් මිලියන 10 ක වත් දඩ මුදලක් අයකරන්න.

:       0       44

චන්දරේ Tuesday, 05 November 2019 10:58 AM

ඡන්ද කඩන්න දාපු අය කියලා කාටත් තේරෙනවා. ගිය සැරෙත් එම්.කේ.සිරිසේන කියලා කෙනෙකුත් දැම්මනේ මෛත්‍රීගේ ඡන්ද කඩන්න. දුෂිත, බලලෝභී, බඩගෝස්තරවාදි දේශපාලුවෝ කරන වැඩ.

:       0       139

parakkrama Tuesday, 05 November 2019 12:40 PM

අවසන් ප්‍රතිඵලය වනුයේ 35 දෙනාගෙන් 30 කගේ පමණ පරාජය හේතුවෙන් ඇප රාජ සන්තක වීමයි. එසේ වූවත් මුක්කු ගැසූ එක කොටසකට නොයෙකුත් වරප්‍රසාද අත්වන බව නම් ෂුවර්.

:       0       9

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 817 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 156 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1009 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1040 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1354 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1207 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 220 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site