IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට එක්ව කැපවෙනවා

නිමල කොඩිතුවක්කු

ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීම වෙනුවෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගය කරන සියලු කණ්ඩායම් ඒකරාශී වී ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ උපනායක රවි කරුණානායක මහතා පැවසීය.

සියලූ කණ්ඩායම් එක්ව ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීම වෙනුවෙන් කැප වෙන බවත් ඒ වෙනුවෙන්  ඕනෑම අභියෝගයකට මුහුන දෙන බවත් කරුණානායක මහතා  සඳහන් කළේය.   

එක්සත් ජාතික පෙරමුණ සංවිධානය කළ ‘අඳුරට එරෙහිව පහනක් දල්වමු’ නිහඬ සත්‍යග‍්‍රහය කොළඹ ගංගාරාම විහාරස්ථානය ඉදිරිපිට අද  රාත‍්‍රියේ පැවැත්විණි. ඊට සහභාගී වෙමින් රවී කරුණානායක මහතා එලෙස ප්‍රකාශ කළේය.

එහිදී  පිරිස ඉටිපන්දම් දල්වමින් පැයකට අධික කාලයක් නිහඬව විරෝධතාවයේ නිරත වූහ.

මෙම අවස්ථාවට එක්සත් ජාතික පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන මංගල සමරවීර, රාජිත සේනාරත්න, රවී කරුනානායක, ඩී. එම් ස්වාමිනාදන්, ජෝන් අමරතුංග, රුවන් විජයවර්ධන, ලකී ජයවර්ධන, නලින් බන්ඩාර, මුජබර් රහුමාන්, චමින්ද විජේසිරි, හිරුනිකා පේ‍්‍රමචන්ද්‍ර, හර්ෂ ද සිල්වා සහ අනෝමා ගමගේ   යන මහත්ම මහත්මීහු ද  කොළඹ පුරපති රෝසි සේනානායක මහත්මිය ඇතුලූ පිරිසක් එක්ව ද සිටියහ.

මාධ්‍ය වෙත අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවි කරුණානායක මහතා මෙසේ ද කීවේය.

‘‘අපේ පාර්ලිමේන්තු කණ්ඩායමේ ශක්තිය දැකලා පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීන්  105ක්වත් හදා ගන්න බැරුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරලා තියෙනවා. කවුරුත් නොදන්වා  ව්‍යවස්වථාට පටහැනිව ජනාධිපතිවරයා මෙම ක‍්‍රියාමාර්ගය ගෙන සිටිනවා.

අපි  ඕනෑම නෙවලාවක ඡන්දයකට සූදදානම්.  හැබැයි යන මාර්ගයක් තියෙනවා. ව්‍යවස්ථාවට  අනුකූලව තියෙන විධිවිධානයන්ට අනුව එම කටයුතු කරන්න අවශ්‍යයි.

අපි පත් කරපු ජනාධිපති අද  අපිව ප‍්‍රතික්ෂේප කරලා තමාව මරන්න  ඕන  කියපු පිරිස් එක්ක එකතු වෙලා අද නාඩගමක් නටමින් සිටිනවා. ජනාධිපතිවරයාගේ  මෙම තීන්දුවට එරෙහිව අපි අධිකරන  තීන්දුවක් ගෙන තිබෙනවා.

අපි එදා තිබුණු ඒකාධිපති වියුරුවට එරෙහිව යහපාලනය ඇති කලා.  අපි සියලූදෙනා එක්ව මේ ආණ්ඩුව යලි ස්ථාපිත කිරිමට කටයුතු කරනවා යැයිද ඔහු එහිදී පැවැසීය.

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රාජිත සේනාරත්න මහතා :

 ‘‘අවිහාංසාවාදීව අපි මේ  විරෝධතාවය පල කරන්නේ මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙනුයි. මේ රටේ තිබෙන  සියලූම සිවිල් සංවිධාන, වෘත්තියවේදීන්, මාධ්‍යවේදීන්, කලාකරුවන්  මේ පොදු කරුණ වෙනුවෙන් අපිත් එක්ක දිගින් දිගටම එකතු වෙමින් සිටිනවා.

මේ ජනාදිපතිවරයා  බලයට පත්වුනේ යහපාළනය ඇතිකිරීමටයි. අද එතුමා  යහපාලනයෙන් සම්පූර්ණයෙන්ම පිට පැනලා  විධායක ජනාදිපති ක‍්‍රමය අහෝසි කරනවා වෙනුවට විදියක ජනාධිපතික‍්‍රමයේ නැති බලතලකත් ක‍්‍රියා කරමින් සිටිනවා.  ජනාධිපතිවරයාගේ මේ ක‍්‍රියාකළාපයට විරෝධය පළකරමින් අපි දැඩි ක‍්‍රියාමාර්ග වලට යොමුවෙනවා යැයිද ඔහු එහිදි කියා සිටියේය.

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂණ රාජකරුණා මහතා :

  ‘‘දින 16කට කලින් අපේ රටේ  නීතියට, වයවස්තාවට, සම්ප‍්‍රදායට විරුද්ධව කල මේ  වැඩපිලිවළට ජනතාවගේ නිහඩ විරෝධතාවය අපි ඉටිපන්දමක් දල්වමින් ප‍්‍රකාශ කලා. මෙම අවස්තාව සදහා ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගය කරන සියලූ කණ්ඩායම් ඒකරාශී වී තිබෙනවා.

අපි  ඕනැම වෙලාවක නීත්‍යානුකූල  මැතිවරනයකට මුහුන දිමට සූදානම් වෙනවා. පාර්ලිමේන්තු මන‍්‍රීවරුන් 113ක් හොයා ගන්න බැරුව පාර්ලිමේන්තුව විසුරුවන්න තරම් ඒකාධිපති යුගයකට අද රට පත්ව තිබෙනවා. මේ කටයුත්තට අපේ විරෝධතාවය පළ කරනවා යැයිද ඔහු එහිදි කියා සිටියේය.

ඡායාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා



අදහස් (15)

ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට එක්ව කැපවෙනවා

kumara Sunday, 11 November 2018 03:32 PM

වසර තුනක් මේ අය මොනවද කලේ?

:       0       0

Andun Sunday, 11 November 2018 04:07 PM

මංගලම්!!!!!!!!

:       0       0

susitha Sunday, 11 November 2018 04:09 PM

දැන්ද පන්සල මතක් උනේ ?

:       0       0

vishaka Sunday, 11 November 2018 04:27 PM

ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම කියන්නේ ජනතාවගේ අදහස් විමසීමට මැතිවරණයක් තියන්න එපා කියන එකටද? සමාවෙන්න ටිකක් පැහැදිලි මදි නිසයි අහන්නේ...

:       0       0

Bamunuarachchi Monday, 12 November 2018 01:08 AM

ඇයි රටේ ජනතාවට ප්‍රශ්නය විසඳා ගැනීමට ඉඩ දීම ප්‍රජාතන්ත්‍රවාදය නොවෙයිද? එහෙනම් ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මොකක්ද? මේගොල්ලෝ මෙතන වාඩිවෙලා ඉන්නේ ප්‍රජාතන්ත්‍රවාදය කියන එකේ තේරුම දැනගෙනද?

:       1       106

nishanMonday, 12 November 2018 10:25 AM

ජනතාවට ප්‍රශ්නය විසඳාගන්න ඉඩදෙන්න ඕනෑ කියන එකෙන් ඔයා අදහස් කරන්නේ ඡන්දයක් තියන්න ඕනෑ කියන එකනම් ඔයාට කියන්න තියෙන්නේ එක එක්කෙනාගේ වුවමනා එපාකම්වලට කෝටි 500... ඒවා වියදම් කරගෙන හිතුණු හිතුණු වෙලාවට ඡන්ද තියන්න. මේ රටේ ජනතාව ලැස්ති නැහැ කියන එකයි. ඡන්දයක් තියන්න ඕන කාලය ව්‍යවස්ථාවෙන් කියලා තියෙනවා. මේක තනිකරම තමුන්ගේ දේශපාලන වුවමනාවකට එක්කෙනෙක්, දෙන්නෙක් කරන සෙල්ලමක්...

:       78       170

BamunuarachchiMonday, 12 November 2018 12:58 PM

රටේ දේශපාලන අර්බුදයක් තිබෙන වෙලාවට රටේ සුබසිද්ධිය ගැන නොසිතා මන්ත්‍රීන් සල්ලිවලට පිල් මාරුකරන අවස්තාවක කලයුතු හොඳම දේ තමයි මහා ජනතාවගේ කැමැත්ත බලන එක. මේ දක්වා හිටපු ආණ්ඩුව රටට මොනවාද කරලා තිබෙන්නේ කියලා බලල ජනතාව ඡන්දය දේවි.

:       0       0

charith Monday, 12 November 2018 02:58 AM

බලය නෑති වෙන්න ඕන හෑමෝටම පොදු ජනතාව මතක් වෙන්න, මෙන්න මෙයාලට ආපහු පොදු ජනතාව, දුක්විදින ජනතාව මතක් උනා....

:       485       565

Deepal Nirosh Monday, 12 November 2018 04:55 AM

ප්‍රජාතන්ත්‍රවාදය වැදගත්, නමුත් ඊට වඩා වැදගත් රටේ අනාගතය හා ආරක්ෂාව.

:       347       290

Chanak Los angeles Monday, 12 November 2018 05:56 AM

කාරිය කෙරෙන තුරු කාගෙත් රැවැටිල්ල ...

:       91       118

Alfi Monday, 12 November 2018 06:46 AM

ජනතාවට අවශ්‍ය රජයක් තෝරා ගැනීමට හොඳම අවස්ථාව. ජනාධිපතිට ස්තුතියි .

:       122       143

KANDEPOLA Monday, 12 November 2018 07:04 AM

රටේ ප්‍රජාතන්ත්‍රවාදයට මුකුත් වෙලා නෑ. ප්‍රජාතන්ත්‍රවාදය තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. වැඩි දෙනාගේ කැමැත්ත අනුව සිද්ධ වෙන්න ඕනේ දේ සිද්ධ වෙනවා. රාජපක්ෂ ආණ්ඩුව ගැටළු සහිත නිසානේ 2015 ජනවාරි 8 වෙනිදා අලුත් පිරිසකට බලය දුන්නේ. එකත් ප්‍රජාතන්ත්‍රවාදය තමයි. ඊට පස්සේ ආර්ථිකය පල්ලම් බැස්සුවා. රටේ සම්පත් විකුණුවා. දුෂණය ඉහ වහා ගියා. ඒක ප්‍රජාතන්ත්‍රවාදය නෙවෙයි.

:       19       64

Saman Monday, 12 November 2018 08:48 AM

ඔය ගමන්ම පරණ පත්තරයක් එළාගෙන හිඟාකෑවා නම් බටහිර තානාපතිලා කීයක් හරි දෙයි.

:       105       139

smith Monday, 12 November 2018 12:36 PM

සූ ගාලා 20ක් විතර ඉන්නවා! ඇටිකෙහෙල් කාපු උගුඩුවෝ ටික වගේනේ...

:       0       11

Sumth Monday, 12 November 2018 03:33 PM

ජනතාවගේ මනාපය නිසා මේ සැරේ ගොඩක් විශ්‍රාම යවයි,

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 339 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 978 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 2546 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 2796 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 822 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 325 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 304 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1675 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site