(ඩයනා උදයංගනී)
ඉදිරි පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමේ අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් මෙවර පළාත් සභා මැතිවරණය පමණක් පැරණි සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ කාන්තා නියෝජනය සියයට 25ක් තහවුරු වන අයුරින් පැවැත්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
පළාත් සභා නවයෙන් හයකම නිල කාලය මේ වන විට අවසන් වී ඇති නිසා එම මැතිවරණය කඩිනමින් පැවැත්වීමට විධි විධාන සැලසිය යුතු බැවින් මෙම තීරණය ගත් බව සම කැබිනට් ප්‍රකාශක, වරාය හා නාවුක කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.
නව මිශ්‍ර සමානුපාතික ක්‍රමයට මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය ඡන්ද කොට්ඨාස නිර්ණය කිරීමේ කටයුතු මෙතෙක් අවසන්ව නොමැති බව ද ඇමතිවරයා කීවේය.
එබැවින් පැරණි ක්‍රමය යටතේම මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය නීති කෙටුම්පත් කිරීම සඳහා පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ඉදිරිපත් කළ යෝජනාව සඳහා මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව ද ඇමති මහින්ද සමරසිංහ මහතා කියා සිටියේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (14) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
පරාටේ නීතිය සංශෝධනය කෙරෙන බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 02 වැනිදා පැවැත්වේ.
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පවත්වන්න කැබිනට් අනුමැතිය
shan saudi Wednesday, 14 November 2018 01:17 PM
මේ කොහේ තියන කැබිනට් එකක් ගැනද කියන්නේ? ගෙදර තියන ලී එක ගැන වෙන්න ඇති අගමැති නැති වුනාම කැබිනට් කොහෙන්ද?... මෝඩයෝ
sandy123 Wednesday, 14 November 2018 06:41 PM
මෙච්චරකල් ඇද්දේ මොකද දන්නේ නැහැ.
රවින් Wednesday, 14 November 2018 11:34 PM
විනයක් නැති රටක කිසිම මැතිවරණයක් අවශ්‍ය නැහැ. මැතිවරණය තියන්න ඕනේ ශිෂ්ට සමාජයක පරිපාලනය සඳහා මිස කැළෑ නිතිය ඇති රටකට නොවේ. මැතිවරණයේ ප්‍රතිපල වනුයේ මේ රට විශාල කැලැවක් බවට පත්වී තව තවත් කැලැ නිතිය රජවීම පමණි.
dhamneth Wednesday, 14 November 2018 11:44 PM
දුරදිග නොබලා වැරදි පුර්වාදර්ශ දෙන්න එපා. නැවත ඡන්ද විමසිමක් කරන්න වැරද්දක් සිදුවී තිබෙනවානම් නිවැරදි කරගන්න
dhamneth Wednesday, 14 November 2018 11:48 PM
ශ්‍රී.ලං.නි.පක්ෂයම නේද පැරණි ක්‍රමයට පළාත් සභා මැතිවරණ පවත්වනවාට විරුද්ද වුනේ?
Sapumal. Thursday, 15 November 2018 02:35 AM
බහුතරයක් නොමැති කැබිනට් එකෙන් කොහොමද මෙවැනි තීරණ ගන්නේ. මේවා සියල්ල නීති විරෝධීයි. ව්‍යවස්තා විරෝධීයි.