IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


පළාත් මැතිවරණ පවත්වන්නැයි බලධාරීන්ට එරෙහි පෙත්සම් විභාගය කල් යයි

( තිළිණි ද සිල්වා )


කාලසීමාව අවසන් වීමෙන් පසුව විසුරුවා හැර ඇති සියලූම පළාත් සභාවල මැතිවරණ වහාම පැවැත්වීමට පියවර ගන්නා ලෙසට මැතිවරණ කොමසාරිස්වරයා ඇතුළු බලධාරීන්ට නියෝග කරන්නැයි ඉල්ලා සබරගමුව සහ උතුරුමැද පළාත් සභා වල හිටපු මහ ඇමතිවරුන් ගොනු කළ රිට් පෙත්සම් ලබන 11 වැනිදා සළකා බැලීමට අභියාචනාධිකරණය අද (05)  නියම කළේය.
 
හිටපු මහ ඇමතිවරුන් වන මහීපාල හේරත් සහ එස්.එම්.චන්ද්‍රසේන මහත්වරුන් ගොනු කළ මෙම රිට් පෙත්සම් දෙක අභියාචනාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා හමුවේ අද කැඳවූ අතර එහිදී පෙත්සම් සම්බන්ධයෙන් සලකා බැලීම මෙදිනට කල් තැබිණි.
 
මෙම පෙත්සම් හි වගඋත්තරකරුවන් වශයෙන් මැතිවරණ කොමිසමේ සභාපති සහ එහි සාමාජිකයින් , අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රධානත්වයෙන් පළාත් සභා සීමා නිර්ණය කිරීම සඳහා පත් කළ කමිටුවේ සාමාජිකයින් , පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
 
ගොනු කර ඇති පෙත්සම් හි මෙසේද සඳහන් වේ.
 
පළාත් සභා පනතේ 10.4 වැනි වගන්තියට අනුව දැනට විසුරුවා හැර ඇති පළාත් සභාවල මැතිවරණ පැවැත්වීමට  මැතිවරණ කොමිෂන් සභාවට නීතියෙන් කිසිදු බාධාවක් නොමැති බවය.
 
එසේම පළාත් සභාවක් විසුරුවා හරිනු ලැබුවාට පසුව සති 04 ක් ඇතුළත මැතිවරණයක් පැවැත්වීමට පියවර ගන්නා බවට දැනුම් දීමේ නොතීසියක් නිකුත් කළ යුතු බවත් , එම නොතීසිය නිකුත් කළ දින සිට දින 14ක් ඇතුළත මැතිවරණයක් පැවැත්වීම සඳහා නාම යෝජනා බාර ගැනීමට පියවර ගත යුතු යැයිද පෙත්සම්කරුවෝ පෙන්වා දෙති.
නීතිමය තත්ත්ව එසේ  වුවද බොහෝ පළාත් සභා විසුරුවා හැර මාස ගණනාවක් ගත වී ඇතත් මැතිවරණය පැවැත්වීමට වගඋත්තරකරුවන් කිසිදු පියවර ගෙන නැති බවද පෙන්වා දේ.පළාත් සභා සීමා නිර්ණය කිරීමේ ක‍්‍රියාවලිය අවසන් වන තෙක් පළාත් සභා මැතිවරණය පැවැත්විය නොහැකි බවට මැතිවරණ කොමිසම දරණ මතය වැරදි බවත් , ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයිද කියා සිටිති.
 
එබැවින් පළාත් සභා සීමා නිර්ණ කමිටුවේ වාර්තාව වහාම ජනාධිපතිවරයාට බාර දෙන ලෙෂ එම කොමිසමට නියෝග කරන ලෙසත් , කාලසීමාව අවසන් වීමෙන් පසුව විසුරුවා හැර ඇති සියලූම පළාත් සභාවල මැතිවරණ වහාම පැවැත්වීමට පියවර ගන්නා ලෙසට මැතිවරණ කොමසාරිස්වරයා ඇතුළු බලධාරීන්ට නියෝග කරන්නැයිද පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.
 
 
 
 
 
 



අදහස් (2)

පළාත් මැතිවරණ පවත්වන්නැයි බලධාරීන්ට එරෙහි පෙත්සම් විභාගය කල් යයි

de silva Wednesday, 06 March 2019 06:40 AM

ඉස්සෙල්ල ජනමත විචාරණයක් පවත්වන්න , ඔය පළාත්සභා අවශ්‍යද නැද්ද කියලා

:       0       0

සිරිබිරිස් Wednesday, 06 March 2019 07:51 AM

සිල්වා මහාගේ කථාව හරි. පසුගිය කාලයේ පුද්ගලික වාසිතකා කඩින්කඩ පලාත්සභා මැතිවරණ පැවැත්වූ නිසානේද මැතිවරණය පැවැත්වීම ප්‍රමාදවෙලා තියෙන්නේ. පසුගිය කාලයේ පලාත් සභාවක් හෝ දෙකක් විසුරුවා මධ්‍යම රජයේත් අනෙක් පලාත්සභා සියල්ලේත් බලය යොදා හිතවත් නිළධාරීන් රාජකාරිවලට යොදවා මැතිවරණ ජයගත්තා. වර්තමාන රජය කරන්න හදන්නේ පරාජයක් ලැබුනත් සාධාරණයක් කිරීමට කියලා හිතෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 160 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 426 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 1085 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 1363 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 448 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 209 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site