IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


පළාත් පාලන නියෝජිත සංඛ්‍යාව දෙගුණ වෙයි

(ඩයනා උදයංගනී)

නව මැතිවරණ ක‍්‍රමය අනුව ලබන පළාත් පාලන මැතිවරණයේදී පළාත් පාලන නියෝජිතයින් ප‍්‍රමාණය දෙගුණයකින් වැඩි වන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

දැනට සකස් කර ඇති පළාත් පාලන පනත් කෙටුම්පත අනුව පළාත් පාලන ආයතන නියෝජිතයින් ප‍්‍රමාණය 8,400ක් දක්වා වර්ධනය වන අතර එය දැනට සිටින ප‍්‍රමාණය මෙන් දෙගුණයකට ආසන්න බව ද ඒ මහතා කියයි.

එම ප‍්‍රමාණය තව දුරටත් අඩු කරගැනීම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අදහස වී තිබුණත්, එසේ කරන්නට ගියහොත් මැතිවරණය සඳහා තවත් කාලය ගතවන බැවින් දැනට සකස් කර ඇති ක‍්‍රමවේදයට එකඟ වන බව අමරවීර මහතා කියයි..

අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (20) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.     

 



අදහස් (10)

පළාත් පාලන නියෝජිත සංඛ්‍යාව දෙගුණ වෙයි

m. arahan Thursday, 20 July 2017 02:39 PM

මහා මැතිවරණයක් හෝ පළාත් සභා මැතිවරණයක් හැර අනිත් මැතිවරණයක් අනවශ්‍යයි.

:       2       25

sunil Thursday, 20 July 2017 02:52 PM

ඒ කියන්නේ ඉතා ඉක්මනින් ටික කාලෙකට හරි පරිසර දුෂණයත් දෙගුණ වෙන බව නේද? දැන්මම ඇඟ වෙවුලනවා තාප්ප ටික නිහතමානි, අවංක, සුපිරිසිදු, දැහැමි, කට්ටියගෙන් පරිස්සම් කරගන්නේ කොහොමද කියාලා!

:       0       37

buddika Thursday, 20 July 2017 03:18 PM

ඒකේ බරත් ජනතාවටම තමයි

:       0       138

නුමා Thursday, 20 July 2017 10:54 PM

ශ්‍රී ලංකාව වගේ ඉතාමත් කුඩා රටකට, මහ මැතිවරණයකට වඩා කිසිසේත්ම අවශ්‍ය නැහැ. පත් කරනා මංත්‍රීන්ගේ නොහැකියාව, උද්දච්චකම, සිරමැරකම් නිසා ජනතාවට සිදුවිය යුතු නිසි සේවය සිදුවන්නේ නැහැ. ජේ.ආර්. ජයවර්ධන තමන්ගේ බලය සහ වටපිට සිටි පිසාචයින් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදයක් මතුකර, එයට විසඳුමක් යයි කියා පළාත්/ප්‍රාදේශීය පාළන ආයතන ජනතාවගේ හිත මත පටවනු ලැබුවා. දැන් එහි අනිටු ඵල විපාක අත් විඳින්නට සිදුව ඇත.

:       0       105

sachith Friday, 21 July 2017 03:27 AM

ගමේ ඉන්න අහිංසකම, නීතිගරුකම පුද්ගලයන්ට රට පාලනේ කරන්න යන යෝධ ගමනේ මුල් පියවර තවත් පහසු කර දීම පිලිබදව අපගේ බලවත් ස්තුතිය. පුලුවන්නම් ඊගාව සංශෝධනෙන් මේ සංඛ්‍යාව තවත් වැඩි කරන්න.

:       8       139

ලුම්බිණි Friday, 21 July 2017 03:52 AM

නියෝජිතයින් ප‍්‍රමාණය 8,400ක් දක්වා වර්ධනය වෙන කොට දැන් තිබෙන නඩත්තු වියදමත් දෙගුණයක් වෙනවා. ලංකාව වගේ පොඩි රටකට ජනාධිපතිගේ ඉඳල පළාත් සභා මන්ත්‍රී දක්වා මෙපමණ නියෝජිතයන් ගොඩක් අවශ්‍ය වන්නේ ඇයි? ඔස්ට්‍රේලියාව වගේ රටක් ලංකාව ආදර්ශයට ගත්තොත් දැන් එම රටේ ඉන්න මහජන නියෝජිතයන් ගණන සියයට පන්සියකින් විතර වැඩි කරන්න වේවි. මොකද අපිට වෙලා තියෙන්නේ?

:       0       14

Senarah Friday, 21 July 2017 04:09 AM

පසුගිය අවුරුදු 2නිකන්ම ගෙවී යනකම් බලාසිටි රජය දැන් පළාත් පාලන සාමාජික සංඛ්‍යාව දෙගුණයක් කරන්නේ කුමටද? මේ වියදමත් රටේ ජනතාවගේ කරමතට නේද?

:       0       55

ravin Friday, 21 July 2017 07:08 AM

සියළු රට වැසියනි !!! ඉන්න කට්ටියගේ සාක්කු ඩබල් ට්‍රිපල් වෙලා පුරවනවා මදිවට තව කට්ටියගේ සාක්කු පුරවන්න ලෑස්ති වෙන්න කියලයි ඔය කියන්නේ.

:       0       57

dias Friday, 21 July 2017 08:08 AM

පළාත් පාලන මැතිවරණ නොපැවැත්වූවාට කමක් නෑ. පළාත් සභා මැතිවරණය වෙලාවට තියන්න. මෙපමණ පළාත් පාලන නියෝජිතයින් සංඛ්‍යාවක් රටට බරක්.

:       0       48

Nandalal DE SILVA - France Friday, 21 July 2017 10:06 PM

රටේ රැකියා නැති අයට සහනයක් දීම සඳහා ගත් වැදගත් තීරණයක් හැටියට මෙය අගය කල යුතු වෙනවා !

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 289 0

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 579 2

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යවන්නැයි නියෝග
2024 අප්‍රේල් මස 19 231 0

දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී


ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
2024 අප්‍රේල් මස 19 181 0

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.


සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 242 3

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 2359 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 211 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1516 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site