(මොහොමඩ් ආසික්)
අලවතුගොඩ විලාන උඩගම පදිංචිව සිටින නලින්ද ලක්ෂාන් විජේතුංග මහතාගේ බිරිඳ වන දේවිකා උදයංගනී ජයසූරිය මහත්මිය සිය ප්‍රථම ප්‍රසූතියේදීම සිව් නිවුන් දරුවන් ලබා ගැනීමේ වාසනාව උරුම කර ගත්තාය.
පේරාදෙණිය මහ රෝහලේදී මෙම සිව්නිවුන් දරු ප්‍රසූතිය සිදුව ඇති අතර මේ වනවිට එම බිළිඳුන් සමඟ මවද නිවසට පැමිණ සිටින අතර සියලු දෙනා ඉතා හොඳ සෞඛ්‍ය තත්වයෙන් පසුවෙති.
සිව් නිවුන් දරුවන්ගේ පියා වන්නේ අකුරණ ප්‍රාදේශීය සභාවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු වන සිරිමල් විජේතුංග මහතාගේ වැඩිමහල් පුත්‍රයා වන නලින්ද ලක්ෂාන් විජේතුංගයි. ඔහු මේ වන විට රජයේ රැකියාවක නියුක්තව සිටින අතර ඔහුගේ භාර්යාව වන මෙම දරුවන්ගේ මව කිසිදු රැකියාවක් නොකරයි.
මෙම දරුවන් සිව් දෙනාම පුතුන් වන අතර ඔවුනට හිරුත්, විනුත්, කැනුත්, සහ සනුත් යනුවෙන් නම් තබා ඇති බව පියා වන නලින්ද ලක්ෂාන් විජේතුංග සඳහන් කරයි. දරුවන් සිව් දෙනෙකු සඳහා ලබාදීම සඳහා මව්කිරි ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විශේෂිත ළමා ආහාරයක් වශයෙන් ළදරු කිරි විශේෂයක් ලබාදීම සිදු කරන අතර එම එක් කිරි ටින් එකක් සඳහා රුපියල් 1400 ක් පමණ වැය වන බවත් එක් ටින් එකක් එක දවසකට පමණක ප්‍රමාණවත් වන බවත් පියා සඳහන් කරයි. මව සඳහාද විශේෂ කිරි වර්ගයක් ලබාදීමද සිදු කරනු ලබයි.
එක්වර ලැබුණු සිව් නිවුන් දරුවන් හදාවඩා ගැනීම බරපතල වගකිමක් වුවත් එම වගකීම ධෛර්යයෙන් ඉටු කිරීමට නලින්ද සිය සියලු උත්සාහන් දරණ බව අප සමඟ කීය.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
පළමු ප්‍රසූතියේදීම සිව් නිවුන් දරු උපතක්
විජිත් Saturday, 07 December 2019 12:28 PM
" හිටියොත් හොඳට හැදී - දෙවියොත් නමට වඳී .." මේ දුප්පත් , විනාශවුන රටට ආදරය කරන හොඳ පුරවැසියන් වේවායි හදවතින්ම ප්‍රර්ථනා කරනවා.
කරුණාජීව Saturday, 07 December 2019 12:44 PM
සුබපැතුම් දෙමව්පිය දෙපළට සහ කිරිකැටියන් සිව් දෙනාට... කොල්ලොම 4ක් හරිම ශක්තිමත් සහ ටිකක් ලොකු වෙද්දී අම්මාට විසුමක් නැතිවෙයි.
Voter Saturday, 07 December 2019 12:46 PM
මගේ සුබ පැතුම්...!
Chandawimala Thero Saturday, 07 December 2019 12:55 PM
වාසනාවන්ත අනාගතයක්! බුදුසරණයි!
anjana Saturday, 07 December 2019 01:02 PM
එකවර සියල්ල දෝතට, අපෙන් සුබ පැතුම්
kumara Saturday, 07 December 2019 01:03 PM
තෙරුවන් සරණයි..!
ප්‍රදීප් හක්මන Saturday, 07 December 2019 01:49 PM
අනේ වාසනාවන්ත දෙමාපියන් බුදු සරණයි. ඒ වගේම පුලුවන් විදියට උදව් කරමු.
DNH Saturday, 07 December 2019 02:39 PM
මගේ අදහස අනුව ඔය ගොල්ලෝ තරම් වාසනාවන්ත දෙමව්පියන් මෙය ලෝකේ තවත් නැහැ. උදව්වක් කරන්නට ඕනෑ නම් කියන්න.
sharm warnTuesday, 10 December 2019 07:52 AM
මේ සුන්දර දරු උපත ගැන අපි හැමෝම සතුටු වෙනකොට අකමැත්ත පළකරන්න තරම් "උත්තම " කාණ්ඩයකුත් ඉන්නවා දැක්කම පුදුම සතුටක්නේ දැනෙන්නේ.
කෝරළේ Saturday, 07 December 2019 02:40 PM
අපේ රටේ නාස්තිකාර, දූෂිත දේශපාලකයන්ට පුලුවන්නේ මේ අයටත් උදව් කරන්න...
dishan Saturday, 07 December 2019 02:58 PM
වාසනාවන්ත අනාගතයක්...! බුදුසරණයි!
janahithaSunday, 08 December 2019 05:28 AM
අන්ලයික් දමන්නේ ද්‍රෝහීන්. ඔවුන් කවුදැයි ජනතාව හොඳින් දන්නවා. කෙතරම් අන්ලයික් උනත් ජාතිය එක්වෙලා පෙරට යනවා.
Athula kSunday, 08 December 2019 08:26 AM
මට හිතෙන්නේ ඩිස්ලයික් දාන්නේ මානසික රෝගීන්...
Hemantha Saturday, 07 December 2019 03:08 PM
කව්ද මේ අන්ලයික් දාන්නේ, සුබපැතුම් වලට?
mpSunday, 08 December 2019 04:44 AM
මේවාට අන්ලයික් දාන්නේ උන්මත්තකයන්. එහෙම නැත්නම් ඉරිසියාකරයන්. කොච්චර වාසනාවක් ද මේක?
prasad Saturday, 07 December 2019 03:21 PM
වාසනාවන්...! සිංහල ජනගහනය මේ විදිහට වැඩිවෙනවා නම් ඉතාමත් සතුටුයි..
Gamarala Saturday, 07 December 2019 03:37 PM
සුභ පතා මදි. උදවු කරන්න පිළිවෙලක් යොදමුද? කොහොමටත් අපේ ජනාධිපතිතුමා මෙයට මැදිහත් වේවි.
jaseem Saturday, 07 December 2019 04:28 PM
මගේ සුබ පැතුම්...!!!
ධම්ම Saturday, 07 December 2019 04:56 PM
මේ දේශපාලකයෙකුගේ පවුලකි. අන්ලයික් වැටෙන්නේ මිනිස්සු දැන් දේශපාලකයන් ප්‍රතික්ෂේප කරන නිසා වෙන්නැති...
Nihal Saturday, 07 December 2019 05:42 PM
උණුසුම් සුබ පැතුම් ! වඳවෙන ජාතියක් නිසා ලොකු සතුටක්. සුබ ආරංචියක් !
Raveendra Saturday, 07 December 2019 08:50 PM
රත්තරන් දරු පැටවුන්ට දළදා සමිදු පිහිට ලැබේවා !! අනාගතේදී යහපත් පුරවැසින්වී තමන් උපන් රටට ආදරය කරන මිනිසුන්වීමේ වාසනාව ලගාවේවා !!
රවින් Sunday, 08 December 2019 03:01 AM
හෘදයාංගම සුබ පැතුම් !
p.d goonawardena Sunday, 08 December 2019 03:27 AM
වාසනාවන්ත අනාගතයක් ! බුදුසරණයි !
Gemunu Sunday, 08 December 2019 03:44 AM
ඔබට සහ දරුවන්හට නිරෝගී සුවය පතමි !
asvar Sunday, 08 December 2019 04:10 AM
අපේ හෘදයාංගම සුබ පැතුම් ! අල්ලා දෙවියන්ගේ පිහිට පතනවා !
Uditha - London Sunday, 08 December 2019 04:19 AM
ඔබ දෙපළටත් කිරි කැටියෝ හතර දෙනාටත් ජයසිරිමහ බෝ සමිදුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා !!!!
Rifkhan Saudi Sunday, 08 December 2019 04:26 AM
කෙසේ වුනත් මේ දරුවන් රටට වැඩදායි පුරවැසියන් වේවායි සුභ පතමි !
Wasanthajayasingha Sunday, 08 December 2019 05:20 AM
තෙරුවන් සරණයි ! සුභ පතනවා !
janahitha Sunday, 08 December 2019 05:30 AM
කොල්ලොම හතරක් වාසනාවන් අනාගතයේදී හතර දෙනාම එකතුවෙලා අම්මා, තාත්තා ඔසවලා තබනවා ඇත.
M.W. Thilakaratna Sunday, 08 December 2019 05:41 AM
බොහොම හොඳ සිව් නිවුන් දරු උපතක්. හරිම වාසනාවන්ත දරුවන්. මොවුන්ට තෙරුවන්ගේ සරණ ලැබේවා ! මොවුන්ව හොදින් බලාගන්න.
Darshana Sunday, 08 December 2019 06:36 AM
සුභ පැතුම් !
Rasika Pradeep Sunday, 08 December 2019 07:06 AM
තෙරුවන් සරණයි පැටව හතර දෙනාටත් ඒ වාසනාවන්ත දෙමාපිය දෙපළටත්. රටට වැඩදායක පුරවැසියන් වේවායි පතනවා.