(විනීතා එම් ගමගේ)
සමනළ වැව ජලාශයට හානි සිදුවිය හැකිව තිබූ පල්ලෙබැද්ද කොස්වැටිය කන්දේ හුණුගල් කැඩීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙක් හා එම කැණීම් සඳහා යොදාගත් උපකරණ ද හා වාහන ද භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශ්‍ය විසින් කළ වැටලීමක දී අත්අඩංගුවට ගෙන ඇත.
ශ්‍රී ලංකාවේ භු කම්පන සිදුවීමට ඇති හැකියාව පිළිබඳව සොයා බැලීම සඳහා පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් පරිදි පත් කරන ලද විශේෂඥ කමිටුව විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව අනුව බලංගොඩ ප්‍රදේශයේ පොළව යට සිදු කෙරෙන ඇතැම් ගැඹුරු කැණීම් හා වෙඩි බෙහෙත් යොදා සිදු කරන පිපිරවීම් භූ කම්පනයකට හේතුවිය හැකි බව පෙන්වා දී තිබු අතර එවන් ස්ථාන පිළිබඳ බලංගොඩ ප්‍රදේශයේ කළ සොයාබැලීම්වල දී මෙම ස්ථානය හමුවී ඇත.
වෙනත් ස්ථානයක හුණුගල් කැණීම සඳහා ගත් බලපත්‍රයකින් මෙම ස්ථානය පවත්වාගෙන ගොස් ඇති බවත් ඒ අනුව ඔහු ගේ බලපත්‍රය වහාම අහෝසි කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා උපදෙස් දුන් බවත් භූ විද්‍යා හා පතල් කාර්යංශයේ සභාපති අනුර වල්පොල මහතා පැවසීය.
පල්ලෙබැද්ද, කොස්වැටිය කන්දේ කරගෙන යමින් සිටි මෙම නීති විරෝධී හුණුගල් කැණීම්පොළ හමුවී ඇත්තේ භූ විද්‍යා හා පතල් කාර්යාංශය, පොලිස් විශේෂ කාර්ය බළකාය හා එක්ව කළ වැටලීමක දීය.
මෙම කැණීම් කටයුතු එම කන්දේ මීටර් 150ක් පමණ පළලට හා මීටර් 80ක් පමණ ගැඹුරට කන්ද අභ්‍යන්තරයට සිදු කර තිබු අතර වැටලීම සිදුවන විටත් එම කැණීම් සිදු කරමින් තිබු දැවැන්ත කුහරය තුළ මිනිසුන් 20ක් පමණ හා ටිපර් රථ හා ට්‍රැක්ටර් රථ ද හුණුගල් පටවමින් තිබු බව ද සභාපතිවරයා කීය.
එමෙන්ම ජෙනරේටරයක් මගින් බල උත්පාදනය කර තිබු බවත්, අධිබල පුපුරණ ද්‍රව්‍ය විශාල තොගයක් මෙම ජෙනරේටරය අසළ තිබු බැවින් කිසියම් ගිනි ගැනීමක් සිදු වුයේ නම් විශාල පුපුරායාමක් සමඟ මුළු කන්දම පහත්වීමට ඉඩ තිබු පවත් කී ඔහු එමගින් අවට පරිසරයට හා ජනතාවට විශාල බලපෑමක් කළ හැකි මට්ටමේ භූ කම්පනයක් ඇතිවීමට පවා ඉඩ තිබු බව ද පෙන්වා දුන්නේය.
එවැන්නක් සිදුවූයේ නම් සමනළ වැවට ද බලපෑමක් එල්ල කළ හැකිව තිබු බව වැටලීම් කණ්ඩායම විසින් තහවුරු කරන ලදැයි කී වල්පොල මහතා
එහි කැණිම් සිදු කර තිබු ආකාරය දෙස බලන විට වෙඩි බෙහෙත් පුපුරා යාමක් සිදු නොවුනත්,
කන්ද අභ්‍යන්තරයේ කැණීම් ස්වභාවය අනුව කන්ද කඩා වැටීමේ අවදානමක් ද තිබු බවත් එවැනි දැවැන්ත කන්දක් කඩා වැටීමේ දී ඇතිවන පීඩනය නිසා අනිවාර්යෙන්ම බලපෑමක් කළ හැකි මට්ටමේ භූ කම්පනයක් පවා සිදුවිය හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.
මේ අන්දමින්ම ජර්මනියේ සිදු වු කැණීම් නිසා කන්දක් කඩා වැටීමෙන් පසු රිච්ටර් මාපක අංක 5.2 ඉක්මවු භුමිකම්පාවක් වාර්තා වී ඇති බව විශේෂඥ වාර්තාවේ සඳහන්වූ බව ද සභාපතිවරයා කීය.
බලංගොඩ හා ඒ අවට තවත් එවැනි ස්ථාන තිබේද යන්න පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදු කරන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා තමන් වෙත උපදෙස් දුන් බවත් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ට එරෙහිව නීත්‍යානුකූලව පියවර ගැනීමට කටයුතු යොදා ඇති බවත් වල්පොල මහතා තවදුරටත් සඳහන් කළේය.
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වැල්ලවත්ත සිට දැඩි දුම්රිය ප්‍රමාදයක් ඇති වී තිබේ.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. දුක්ප්‍රාප්තියට,කුරුසියට තබා ඇණ ගැසීම සහ මරණයට පත් වීම සිහිපත් කරන මහ සිකුරාදා දිනය නිමිති කොට ලොව පුරා කිතුනු බැතිමත්හු ස
රාගම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සහයකකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු වෙඩි තැබීමට ගත් උත්සහය ව්‍යර්ථව ගොස් ඇතැයි පොලීසිය කියයි.
මෙරට පවතින ආර්ථික අපහසු තත්ත්වය හමුවේ රුසියානු පුරවැසි භාවය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් ශ්‍රී ලාංකිකයන් සිය ගණනක් රුසියානු හමුදාවට බැඳී ඇති බව එරට ස
බස්නාහිර,දකුණ,සබරගමුව සහ මධ්‍යඹ පළාත්වලට පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇත වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
පල්ලෙබැද්දේ නීතිවිරෝධී හුණුගල් ව්‍යාපාරයක් හසුවෙයි