IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


පරිසරය වනසන්නන්ගෙන් රට රැකීමට මුල්තැන දෙමු


මධ්‍යම අධිවේගයේ ඉදිකිරීම් පිළිබඳ අවධානය වෙනතක යොමු කරමින් ගම්පහ ද‌ාරළුවේ පිහිටි ශ්‍රී ලංකාවට ආවේණික කෲඩියා සිලනිකා ශාකය ආරක්ෂා කර ගැනීම සඳහා සටනක් ඇරඹී තිබේ. මේ සටනට පරිසර සහ වනජීවී අමාත්‍යාංශ දෙකම පැටලී සිටින අතර, රජයේ නිලධාරී පිරිසක් ද ඊට සම්බන්ධව කටයුතු කරති. රටට ආවේණික වුවද එම ශාකය මෙරට ඉතිරිව ඇති ඒ වර්ගයේ එකම ශාකය බව පරිසරවේදීහු පිරිසක් කියති. තවත් සමහරුන් ප්‍රකාශ කර ඇත්තේ එම ශාකයේ පටක රෝපණය තුළින් තවත් ශාක ගණනාවක් රටේ උද්භිද උද්‍යාන තුළ වවාගෙන තිබෙන බවය. මේ මොන තත්ත්වයක් යටතේ වුවත් වටිනා ගසක් ආරක්ෂා කර ගැනීමට බොහොමයක් පිරිසගේ අවධානය යොමුව තිබීම පිළිබඳ කවුරුත් සතුටු විය යුතුය.

ගසක් ආරක්ෂා කර ගැනීම පිණිස එසේ සටනක් දියත් කිරීම සතුටක් වුවද රට පුරා විවිධ ප්‍රදේශවල සිදුවන කැලෑ විනාශය ඇතුළු වෙනත් පරිසර දූෂණ ක්‍රියා පිළිබඳ අසන්නට ලැබෙන වාර්තා නම් ශෝකජනක බව කිව යුතුය. රජය මගින් ඇතුළුවීම පවා තහනම් කර තිබෙන වන රක්ෂිතවල ද මේ කැලෑ සංහාරය ජයටම සිදුවන බව ද එවැනි ජාවාරම් මහ කැලෑ මැද සිදුවන විට එළිපිටම තිබෙන කඩොලාන ශාක පද්ධති විනාශ කිරීම් පවා සිදුවන බව ද පසුගිය කාලයේ මාධ්‍ය වාර්තා ඔස්සේ දැකගන්නට ලැබිණි. කඩොලාන ශාක පද්ධතියක් විනාශ කිරීමෙන් පසුව එය යළි ගොඩනැංවීමක් ගැන කතා කිරීමත් ඵලක් නැත. කඩොලාන ශාක පද්ධතියකින් පරිසරය ආරක්ෂා කිරීමට සහ සමතුලිත කිරීමට ඉටුවන සේවය ගණනය කළ නොහැකි තරම් වටිනා බව පරිසරවේදීන්ගේ මතය වෙයි. එවැනි වටිනා පරිසර පද්ධති විනාශකොට එය සිදු කළේ සංවර්ධන කටයුත්තක් සඳහා යැයි පාරම්බාන දේශපාලනඥයන් සිටින තාක් පරිසරය ගැන කතා කිරීමත් නිෂ්ඵලය.

කඩොලාන පමණක් නොවේ. තෙත්බිම් සහිත වනාන්තරද, ලෝක උරුමයක් වශයෙන් නම්කෙරුණු සිංහරාජ අඩවියේ යාබද කැලෑද, සෝමාවතී රක්ෂිතය ද පමණක් නොව හම්බන්තොට දිසාවේ මහා කැලෑ ද විවිධ පුද්ගලයන්, ආයතන සහ සමාගම්වල මැදිහත්වීමෙන් දිගටම හෙළි පෙහෙළි කෙරෙන බව ද වාර්තා වෙමින් තිබේ. පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා පරිසර විනාශයෙන් වළක්වා ගැනීමට දැඩි කැපවීමකින් ක්‍රියා කරමින් සිටියත් සෙසු දේශපාලනඥයන්ගෙන් ඔහුට අවශ්‍ය සහාය ලැබෙනවාද යන්නද සැකසහිතය. කඩොලාන, රක්ෂිත ඇතුළු පාරිසරික වශයෙන් ඉතා වැදගත් වනාන්තර හෙළි පෙහෙළි කිරීම දේශපාලන අධිකාරියේ සහාය ලැබීමකින් තොරව සිදුවිය නොහැකි බැවිනි.

රටේ පරිසරයට හානි සිදුවන්නේ වනාන්තර හෙළි පෙහෙළි කිරීමෙන් පමණක් නොවේ. ගංගා, ඇළ, දොළ ඇතුළු ජල මූලාශ්‍ර, වායු සහ මුහුදු වෙරළ ද දැඩිව දූෂණයට ලක්වෙන අවස්ථා පසුගිය කාලවලදී වාර්තා විය. ඇතැම් පිරිස් ගංගා, ඇළ, දොළ පමණක් නොව මුහුදු වෙරළට පවා විනෝද සවාරි ගොස් ඒ අවට පරිසරය විනාශ කරමින් තමන් ගෙන ගිය ප්ලාස්ටික් මලු‍, පෙට්ටි, බෝතල් සහ පොලිතීන් උර ඇතුළු ආහාර ද්‍රව්‍ය ද එතැනම විසිකර දමා තිබෙනු දැකිය හැක. එය ජල දූෂණයට පමණක් නොව වායු දූෂණයට ද මූලික වන හේතුවකි. එසේම නිවෙස්වලින් බැහැර කෙරෙන කසළ මලු‍ පිටින් තමන් ජීවත් වන අවට ප්‍රදේශයේ මහාමාර්ග අසල ගොඩගසා තිබෙන අයුරු මේ දිනවල දිනපතාම පාහේ අපගේ ‘ලංකාදීප’ පුවත්පතේ පළකෙරෙන ඡායාරූපවලින් දැකගත හැකිය. එවැනි පරිසරය වනසන කසළ වැඩ කළ හැක්කේ ‘බූරුවන්ට’ පමණද යන්න එම ඡායාරූප හරහා ප්‍රශ්න කෙරුණත් තවමත් එම පරිසර දූෂණය නවතින පාටක් පෙනෙන්නට නැත.

මහ කැලෑ සංහාරවලින් නොනැවතී පාරට කුණු බෑග් විසිකරන ‘සංස්කෘතියෙන්’ අප පෙන්වන්නේ රටේ පරිසරය රැකගැනීමේ වැදගත්කම ගැන හැඟීමක් බොහෝ දෙනා තුළ නොමැති බවය. මේවා වැළැක්වීමට දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතුය. එසේ නීතිය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමට කිසියම් දේශපාලනඥයකු ක්‍රියා කරන්නේ නම් ඔහු හෝ ඇය නොපමාව ජනතාව ඉදිරියේම ප්‍රශ්න කළ යුතුය. විල්පත්තු කැලෑව කැපීමේ වැනි චෝදනාවලට වරදකරු වී දඬුවම් ලැබිය යුත්තේ රිෂාඩ් බදියුදීන් වැනි හිටපු ඇමැතීන් පමණක් නොවේ. වර්තමානයේ එවැනි ධුර හොබවමින් කැලෑ කැපීමට, ජල-වායු මූලාශ්‍ර දූෂණයට, පරිසරය වැනසීමට සහාය දක්වන දේශපාලනඥයන්ට එරෙහිව ද නීතිය ක්‍රියාත්මක විය යුතුය. එසේ නොවන්නේ නම් මෙවැනි වන සංහාර නැවැත්වීම සිහිනයක් පමණක් වනු ඇත.

කෘෂිකාර්මික හේතු, යටිතල පහසුකම් සංවර්ධනය, වාණිජ අවශ්‍යතාවල බලපෑම් පරිසරය විනාශ වීමට මූලික වන කාරණා අතර වෙයි. එසේම දේශපාලන අවශ්‍යතා අනුව ජනාවාස බිහිකිරීම ද පරිසර හානියේම තවත් එක් වර්ධනයකි. මේ මොන කටයුත්තක් වුවත් මහ කැලෑ ඇතුළු සෙසු සියලු‍ පරිසර පද්ධති ආරක්ෂා කර ගනිමින් සිදුකිරීම අපහසු නැත. අවශ්‍ය වන්නේ නිවැරදි චින්තනයත් අවංක කැපවීමත් පමණි. ඒ දෙකටම නිසි වටිනාකමක් දීමට සූදානම් නොවන තාක් මේ පරිසර විනාශය ඉදිරියටම ඇදෙනු ඇත.

(***)



අදහස් (5)

පරිසරය වනසන්නන්ගෙන් රට රැකීමට මුල්තැන දෙමු

Rata Perata Monday, 15 February 2021 07:31 AM

අපි හැමෝම දන්නවා කවුද වැඩියෙන්ම පරිසර හානිය කරන්නේ කියලා. අපි හැමෝම එකතුවෙලා ජනපතිතුමාව යවමු..

:       1       24

HoraMonday, 15 February 2021 08:46 AM

මොකද? 8 පාස් නිධන් හොරා ගේන්නද කල්පනාව..?

:       20       6

Anura Monday, 15 February 2021 08:44 AM

පේරාදෙණිය උද්භිද උද්‍යානයේ මේ ගස් 20ක් තියෙනවා කියලා දන්නේ නැද්ද?

:       7       3

Raveendra Monday, 15 February 2021 09:07 AM

කතුවැකියෙහි සඳහන් කරුණු ඉතාමත්ම නිවැරදිය. පරිසරය යම් තාක් දුරට හෝ රැකගැනුමට නම් අප මූලිකව කළ යුත්තේ දියවන්නාව පට්ටියේ සියලුම අය රටින් පිටුවහල් කිරීමය. ඉන්පසු ඒ ඒ දේශපාලකයන්ගේ ළඟම හිතවතුන් සදාකල් රජයේ බෝඩිමේ තිබිය යුතුයි. නොඑසේ නම් පරිසරය වනසන පරයින්ට මරණීය දණ්ඩනය නියම කිරීමට ඉතා ඉක්මණින් නීති සකස් කළ යුතුමයි...

:       0       32

fairoos Monday, 15 February 2021 12:33 PM

ගස් කැපුවට කමක් නැහැ. ඉන්න හිටින්න රටක් තියෙනවනේ.. දැන් සැපද?

:       3       20

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 585 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 252 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 270 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 222 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 344 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 401 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 203 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1498 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site