IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


පණුවන් නිසා මුරියාකුලමේ ජනයාට පීඩා

රෝවන් පෙරේරා  
 
පණු විශේෂයක් හේතුවෙන් මුරියාකුලම ගම්මානයේ විශාල පිරිසක් ප්‍රීඩාවට පත්වී සිටිති. කොහොඹ, බුරුත, තේක්ක, දෙහි වැනි ගස්වල මෙම පණු විශේෂය බහුලව සිටින බව ප්‍රදේශවාසිහු පවසති.
 
සති කිහිපයක පමන කාලයක සිට පණු විශේෂය බෝවීමට පටන් ගෙන ඇති අතර මේ වන විට නිවෙස්වල සිටීමට නොහැකි තත්වයක් උදාවී තිබෙන බව ප්‍රදේශවාසීහු කියති. පණුවන් නිවෙස්වල බිත්තිවල සහා වහලවල එල්ලී සිට, පොළව සහ නිවාසවල ඇති භාණ්ඩ වලටද වැටී එහා මෙහා බඩගෑම නිසා ජන ජීවිතයට බාධා එල්ලවී තිබේ.
 
ප්‍රදේශයේ පවුල් කිහිපයක් නිවාස අතහැර වෙනත් ස්ථාවලට ගොස් ඇත්තේ පණුවන් ගෑවීමෙන් හානියක් නොවුනද දැඩි අප්‍රසන්න භාවය නිසයි.
 
මෙවැනි පණු විශේෂයක් මීට පෙර නොදුටු බවද මෙම පණුවන් සති එක හමාරක් පමණ කාලයකින් පසු සමනලයන් බවට පත්වී පියඹා යන බවද මේ පිළිබඳ කරුවලගස්වැව ප්‍රදේශීය සභාවේ ලේකම්වරයා  දැනුම්වත් කළ බව ද ගම්වැසියෝ පැවසූහ.
 
මේ පිළිබඳ විමසීමේදී කරුවලගස්වැව ප්‍රදේශීය සභාවේ ලේකම් චන්ද්‍රරත්න හේරත් මහතා පැවසුවේ මෙය වාර්තා වූ බවයි.  කඩිනමින් සොයා බලා ගත හැකි පියවරක් ගන්නා බව ද ඔහු කීවේය.



අදහස් (8)

පණුවන් නිසා මුරියාකුලමේ ජනයාට පීඩා

Kumari Sunday, 22 October 2017 05:17 PM

කෘමීන් නිසා පීඩාවට පත්වූ විවිධ පළාත් ගැන ප්‍රවුර්ති අපිට අහන්න දකින්න ලැබුන පහුගිය දවස්වල. ලංකාවට මොකද්ද මේ වෙලා තියෙන්නේ. අපි අපේ ආගම් වලට අනුව අපේ රටට සෙත්පතමු මේ සියලු උවදුරුවලින් අපේ රට මුදාදෙන්න කියල.

:       2       20

නයනා සුන්දරී ගල්ගමුව Sunday, 22 October 2017 06:09 PM

මම හිතන්නෙ මෙය අපිරිසිදු තත්වයන් නිසා ඇතිවන පණුවන් නොව පරිසරයට හිතකර හෝ අහිතකර සලබයන් ගේ බෝවීම් චක්‍රයේ එක් අවස්ථාවක් බවයි. මෙහි ඇති විශේෂත්වයනම් වෙනදාට වඩා අතිබහුලව මෙදා එකවරම දක්නට ලැබීමයි. බියවිය යුතු නැතිබව මගේ හැඟීමයි.සමහර අප්‍රිකානු රටවල සුලභ ආහාරයක්, ඒ වගේම නිව්යෝක් වගේ ලොකු නගරවල ආපනශාලාවල පැෂන් එකටත් අද ඒවායේ මෙයින් පිලියෙලකළ ආහාර දකින්නට පුලුවන්. කව්රු කෙසේ කිව්වත් නුපුරුදු ක්‍රෝටන් කොලවලට වඩා මෙහි ප්‍රෝටීන් බහුලලු.

:       90       27

piyumi (hong kong) Monday, 23 October 2017 02:00 AM

මේ ඉන්නේ පනුවෝ newei. සමනලුන්ගේ පොඩි අවදිය මේ සත්තු සතියකින් විතර සමනල්ලු වෙලා පියබල යනවා . ඒ නිසා ඒවා කඩ බිද දමන්න විනාස කරන්න උවමනාවක් නොවේ . සමනලුන් කියන්නේ ලස්සන අහිංසක සතුන් .මට නම් දැකීම සතුටක් වුනා කිසිම පිළිකුලක් නැත .

:       0       101

සුමේධ ප්‍රනාන්දු Monday, 23 October 2017 04:15 AM

මම අහලා තියෙන්නේ කොහොඹ ගස්වලට පලිබෝධකයින්ට ප්‍රතිරෝධ දක්වනවා කියලා. ඒකනේ කොහොඹ ලී ගුල්ලෝ විදින්නේ නැත්තේ. මෙම පණු විශේෂ කොහොඹ වල රසායනිකයටත් ප්‍රතිරෝධ දක්වන්නේ නෑ වගේ.

:       1       7

DUSARA Monday, 23 October 2017 05:34 AM

අලි මදිවට කොටි කිව්වලු...

:       12       1

chama Monday, 23 October 2017 09:51 AM

පරිසරයේ අහාරදාම වලට බලපෑමක් වෙලා සමතුලිතතාව බිඳුණු අවස්ථාවක් වගේ. මේ සතුන් ආහාරය කරගත් ජීවීන්ට මොනවා හරි වුණාද කියලා හොයලා බලන්න වෙයි.

:       3       156

kumara Sunday, 29 October 2017 07:25 PM

ඉල් මාසය කියන්නේ මොකක්ද කියල මහපොළවේ පස් පගපු කෙනෙක්ගෙන් අහල දැනගන්න . කාලගුණය වෙනස්වීම් නිසා ඉල් මාසයේ සිදුවන දේ සතිය දෙක වෙනස් වී සිදුවේ.

:       0       17

nimantha Wednesday, 01 November 2017 07:46 AM

ඔය පණු‍වො ‍නෙ‍මෙයි. ගැඩවිල් වි‍ශේෂයක්. බය වෙන්න එපා. ‍ගොවියා‍ගේ මිතුරා

:       113       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 115 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 255 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1084 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 140 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 339 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 315 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site