IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික අවිහරණය සඳහාවූ ජාත්‍යන්තර ව්‍යාපාරයට

ස්ටෝක්හෝම්හිදීය (ඒ.එෆ්.පී)

මෙවර නොබෙල් සාම ත්‍යාගය දිනාගැනීමට න්‍යෂ්ටික අවිහරණය සඳහා වූ ජාත්‍යන්තර ව්‍යාපාරය අද (6) සමත්විය. 

න්‍යෂ්ටික අවි සම්බන්ධයෙන් සහ න්‍යෂ්ටික අවි තහනම් කිරීම සම්බන්ධයෙන් වන ගිවිසුම සැබෑවක් බවට පත් කිරීම සඳහා ‘ න්‍යෂ්ටික අවිහරණය සඳහා වූ ජාත්‍යන්තර ව්‍යාපාරය’ කරන ලද සුවිශේෂී කාර්යභාරය අගයමින් නොබෙල් සාම ත්‍යාගය එම ව්‍යාපාරයට ලබාදෙන බව නොබලේ කමිටුවේ ප්‍රධානි බෙරිත් රෙයිස් ඇන්ඩර්සන් පැවැසුවාය. 

“අයිකැන්, එසේත් නැතිනම් ‘න්‍යෂ්ටික අවිහරණය සඳහා වූ ජාත්‍යන්තර ව්‍යාපාරය’ න්‍යෂ්ටික අවි තහනම් කිරීම වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කර තිබෙනවා. න්‍යෂ්ටික අවි තහනම් කිරීමේ ගිවිසුමට යථාර්ථයක් බවට පත් කිරීමට ඔවුන් කළ මෙහෙය කිසිදු අවස්ථාවකදී අමතක කරන්න බැහැ. අපි අද ජීවත්වන්නේ ඉතිහාසයේ කිසිදු අවස්ථාව නොවි විරු අයුරින්, න්‍යෂ්ටික අවි භාවිත කිරීමේ අවදානමක් තිබෙන මොහොතක” යැයි උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවි අත්හදා බැලීම් සම්බන්ධයෙන් ද අදහස් දක්වමින් බෙරිත් රෙයිස් ඇන්ඩර්සන් කියා සිටියායා. 

මෙහිදි තවදුරටත් අදහස් දැක්වූ නොබෙල් කමිටුවේ ප්‍රධානි බෙරිත් රෙයිස් ඇන්ඩර්සන් මෙසේ ද කීවාය.

“නොබෙල් සාම ත්‍යාගය ‘න්‍යෂ්ටික අවිහරණය සඳහා වූ ජාත්‍යන්තර ව්‍යාපාරය’ට ලබාදීමෙන් ලොව රටවලට සුවිශේෂී පණිවිඩයක් ගෙන යනවා. න්‍යෂ්ටික අවි දැඩි නියාමනයකට යටත් කිරීම, න්‍යෂ්ටික අවි ලොවින් තුරන් කිරීම යනාදි පණිවිඩ ලෝකයට ගෙන යනවා. අද වනවිට ලෝකයේ න්‍යෂ්ටික 15,000කට ආසන්න ප්‍රමාණයක් තිබෙනවා. මේ සියල්ල අපේ ලෝකයෙන් ඉවත් කළ යුතුයි”

055

 

 



අදහස් (10)

නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික අවිහරණය සඳහාවූ ජාත්‍යන්තර ව්‍යාපාරයට

ධනුෂ්ක Friday, 06 October 2017 12:32 PM

අැමරිකා ජනපති කියනවා තවදුරටත් න්‍යෂ්ඨික අවි දියුණු කරන බවට. මේ කියන සංවිධානයට පුලුවන්ද එ්ක නවත්තන්න. මේ සංවිධාන අැවිත් අැමරිකාවේ සුපිරි බලය අාරක්ෂා කරදීමට. අනෙක් රටවල් බලවත් වෙනකොට එ්වට බාල්දි පෙරලන්න අාව සංවිධාන. මොවුන්ට පුලුවන් වුනාද එකම රටකවත් න්‍යෂ්ඨික අවියක් ගලවන්න. එහෙම ගැලෙව්වේ එකම එක රටයි. එ් දකුණු අප්‍රිකාව. එ්කත් පාලක සුදු ජාතිකයන් කලු ජාතිකයන්ට පාලන බලය හුවමාරු කරන අවස්ථාවේ. මම හිතන්නේ න්‍යෂ්ඨික අවි තියනකන් ලෝකය සාමකාමි. මොකද දෙවන ලෝක යුද්ධෙයන් පස්සේ න්‍යෂ්ඨික බලැති රටවල් අතර මහපරිමාන යුද්ධ අැතිවුනේ නෑ එ් ඔවුනොවුන් එකිනෙකාට බිය නිසා. උතුරු කොරියවේ එම අවි නැත්තන් අද එ් රට අැමරිකාවේ තවත් එක බලකොටුවක්.

:       221       183

සෙනෙවි Friday, 06 October 2017 02:37 PM

අපේ ගොයියට ඕක දෙනවා කියලා ගොනාට ඇන්ඳෙව්වා නේද ?

:       121       515

RaveendraSaturday, 07 October 2017 12:49 PM

සෙනෙවි මයා වෙත, ඔබගේ අදහසට තවත් එක දෙයක් එකතුකිරීමට කැමැත්තෙමු. අපේ ගොයියෝ 225 දෙනාම ඕකට ඉතාම සුදුසු බැවින් ඔය එක එක හිඟන ව්‍යාපාරවලට වඩා අපේ හිඟන්නෝ 225 වඩාත් සුදුස්සෝ වෙති. තවද අප රටේ දැනට පවතින සියලුම මුදල් ප්‍රශ්ණ මේ 225 ට ලැබෙන ත්‍යාග මුදල් වලින් විසඳාගත හැක.

:       21       114

Sam Friday, 06 October 2017 03:18 PM

අපේ ගොයියා නම් ඕව් ඔව් කියන්න ඇති

:       0       58

Sam Friday, 06 October 2017 04:37 PM

කව්රු කොහොම කීවත් අපේ රටේ යුද බෝම්බ බිය නැතිකළ සැබෑ සාමය උදාකළ නායකයට මගේ ප්‍රණාමය, දැන් අනික් කයිවාරු කාරයන්ට බොරු සාම කයිවාරු ගගහ ඉන්න පුළුවන්. අහිංසක මිනිස්සු මැරෙන එක විතරයි.

:       86       567

GayanFriday, 06 October 2017 05:38 PM

සමීර සඳරුවන් මල්ලි, සාමය සදහා නොබෙල් ත්‍යාගය දෙන්නේ ලෝකෙටම සාමේ වෙනුවෙන් වැඩ කරපු අයට මිසක් ලංකාවේ යුද්ධ කරන්න අණ දුන්න අයට නෙවේ

:       96       22

piripaharanSaturday, 07 October 2017 03:33 AM

ගයන් ඔය හරි මල්ලි ඕක දෙන්න ඕන අපේ තලෙය්වර්ට

:       0       23

K PereraSunday, 08 October 2017 08:24 AM

සෑම් අපේ රටේ යුදබිය නැති කර සැබෑ සාමය අතිකෙරුවේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඇතුළු ත්‍රිවිධ හමුදාව නේද?

:       0       0

ලුම්බිණි Saturday, 07 October 2017 05:55 AM

අයිකැන්, එසේත් නැතිනම් ‘න්‍යෂ්ටික අවිහරණය සඳහා වූ ජාත්‍යන්තර ව්‍යාපාරය’ කර තිබෙන සේවය ගැන බොහෝ දෙනෙකුට දැනුම අඩුයි. ඒ නිසා නිකම් දොඩවනවා. මේ අයට මේක දුන්න එක හොඳ දෙයක්. ඒත් නොබෙල් සාම ත්‍යාගය වැදගත් කමින් අඩු කරන අය නිසා තමා ප්‍රශ්නය. දැන් බලන්න බුරුමයේ (මියන්මාරයේ) අන් සන් සුකි. පේනවා නේද වැඩ කරන හැටි.

:       112       0

Ratnamalala Saturday, 07 October 2017 09:14 AM

පව් අප්පා අපේ උන්නැහේ. දට කට මැදගෙන උන්නේ. බලමු වෙන එකක් ලබන වසරේ. මොකද ලබන අවුරුද්ද වෙන කොට අපේ රටේ දුප්පත් කෙනෙක් හොයා ගන්නවා බොරු. මේ අපි ගෙවන්නේ දුප්පත්කම නැති කරන අවුරුද්දනේ.

:       63       67

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 106 0

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 271 1

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 523 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 509 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


අද කාලගුණය
2024 අප්‍රේල් මස 25 86 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 569 1

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 305 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1677 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site