(ෂෙල්ටන් හෙට්ටිආරච්චි)
නුවරඑළියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 24 දක්වා ඉහළ ගොස් තිබේ.
ගෙවුනු දශක දෙකක කාලයක සිට නුවරඑළියේ පාරිසරික පද්ධති වල ඇති වු වෙනස්කම් හේතුවෙන් දිවා කාලයේ මෙන්ම රාත්‍රී කාලයේදීද උණුසුම් තත්ත්වයක් දකින්නට තිබිණ.
පසුගිය වසන්ත සමයේදී නුවරඑළියේදී සෙබඩෙකු හා කබරයෙකු හමුවිය. නුවරඑළියේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 13 සිට 17ක් දක්වා අගයක පවතින නමුත් එය විටින් විට වෙනස් වෙයි.
අවුරුදු සමයත් සමගම නුවරඑළියට පතිතවන වර්ෂාව ගෙවුනු වසර කීපය තුළදි හරි ආකාරව ලැබී නැති අතර මෙවර මේ දක්වා බක්මහ වැසි දැකගත නොහැකි විය. අප්‍රේල් මස ඇරඹෙන වර්ෂාපතනය ක්‍රමානුකූලව වෙසක් මාසය දක්වා ක්‍රියාත්මක වී ඉන් අනතුරුව නිරිත දිග මෝසම දක්වා වර්ධනය වීම නුවරඑළිය වැසියන්ට හුරු පුරුදු දෙයකි.
එහෙත් මේ වන විට නුවරඑළිය තුළ දැඩි උණුසුමක් දැනෙන්නට පටන් ගෙන ඇත. අද (25 වැනිදා) ප.ව. 3.30 ට පමණ නුවරඑළිය උෂ්ණත්වය 24 ක් දක්වා ඉහල අගයකට ළඟා වී තිබුණි.
ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත
ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා
ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්
රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
නුවරඑළියේ උෂ්ණත්වය සෙල්සියස් 24ට නගී