IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


නුවර යන දුම්රිය පල්ලෙවෙලදී පිට පනී

පුෂ්පකුමාර මල්ලවආරච්චි

මාතර සිට මහනුවර බලා ධාවනයවූ සීඝ්‍රගාමී දුම්රිය අද (26) රාත්‍රී පල්ලෙවෙල දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමට ලක්වීම නිසා  මගීහු දැඩි අපහසුතාවයකට පත්වූහ.

මහනුවර බලා ගමන් ගත් දුම්රිය පල්ලෙවෙල දුම්රිය ස්ථානය පසු කරනවාත් සමඟ එහි එන්ජිමේ ඉදිරි රෝද යුගල කිහිපයක් මෙසේ පීලී පැන ඇත. මෙම පීලි පැනීම සිදුව ඇත්තේ ප්‍රධාන දුම්රිය මාර්ග අතර දුම්රිය හුවමාරු කරන ස්ථානය ආසන්නයේදීය.

දුම්රිය පීලි පැනීමෙන් සිල්පර කොට කිහිපයකට හානිවී ඇති අතර මගී මැදිරිවලට හානි සිදුවී  නොමැත. දුම්රියේ ගමන් ගත් මගීහු මේ හේතුවෙන් අපහසුතාවයට පත්ව දුම්රිය වේදිකාවේ මෙන්ම දුම්රිය මාර්ගයේද තැනින් තැන රැදී සිටියහ.

මෙම පීලි පැනීම නිසා වේයන්ගොඩ හා මීරිගම අතර කොටසේ තනි මාර්ගයේ දුම්රිය ධාවනය කරවීමට පියවර ගන්නා බව දුම්රිය බලධාරීහු පැවසුහ. රාත්‍රී තැපැල් දුම්රියන්ද බොහෝ වේලාවක් ප්‍රමාදවීමට ඉඩ ඇති බව දැනගන්නට ඇත.



අදහස් (6)

නුවර යන දුම්රිය පල්ලෙවෙලදී පිට පනී

ගාමිණී Friday, 27 April 2018 03:51 AM

හිමින් යන්නවත් පුළුවන් විදියට දුම්රිය මාර්ගයක් නඩත්තු කරන්න බැරි රටක් අපි. වෘත්තීය අයිතවාසිකම් ඉල්ලල සටන් කරන දුම්රියසේවකයෝ මේවට නිහඬ ඇයි.?

:       0       4

wedage Friday, 27 April 2018 04:18 AM

මේ වගේ අවස්ථා වලදී ප්‍රයෝජනයට ගැනීම සඳහා ඉංජිමේ ජැක් හතරක් නිර්මාණය කල යුතුය එවිට නැවත පීලි මතට ඉංජිම තබා ගැනීම කල හැක.

:       1       2

shan saudi Friday, 27 April 2018 07:17 AM

වෙදගේ, එතකොට කැබින් පීලි පැන්නොත් මොකද කරන්නේ එහෙම උනොත් පෙට්ටියක් ගානේ ජැක් සවිකරන්න වෙනවා මේකට කරන්න ඕනේ වාර්ෂිකව දුම්රිය මර්ගයේ තත්වය සුදුසුකම්ලත් තුන්වන පරීක්ෂක ආයතනයක් (දුම්රිය දෙපාර්තමේන්තුවෙන් පිට) හරහා පරීක්ෂාවට භාජනයට ලක්කර අනතුරුදායක හා ගෙවුන පීලි මෙන්ම අබලන් වූ සිල්පර දිරා පත්වෙමින් යන පීලි මව්න්ට් ඇන ඇතළුව , සෝදාපාලුවට පත්ව ඇති දුම්රිය මාර්ගය පාලම් අදාල වාර්තා අනුව නඩත්තු කිරීමයි තවද වාර්ෂිකව දුම්රිය මැදිරි සහ ඉංජිමේ රෝදවල තත්වයද පරීක්ෂා කර අවැසි නඩත්තු කල යුතුය දුම්රිය වේගයෙන් දාවනය වන විට මාර්ගයේ සමහර තැන උස පත්වන හැටි අප දැක ඇත එම උස පහත වීම මතද දුම්රිය පීලි පැනීමට ඉඩ ඇත, මෙන්ම වංගුවල ආරක්ෂක පීල්ල නොමැති හෝ ගෙවීයාම මතද දුම්රිය පිටතට තල්ලුවීම සිදුවනු ඇත තවද රියදුරන් වේග සීමාවන් අනුගමනය නොකිරීමත් විශාල හේතුවක් ඇත.

:       0       1

wedage Friday, 27 April 2018 08:06 AM

කැබින් පීලි පැනීමට පිලියමක් ලෙස ඉන්ජිමේ දොඹකරයක් නිර්මාණය කල යුතුය. පළමුව ඉන්ජිම පීලි මතට පැමිණ ක්‍රමයෙන් මැදිරි පීලිගත කල යුතුය. දකුණේ දුම්රිය මාර්ගය ඉතා අධික මුදලක් ඉන්දියාවට පූජා කොට 100යේ වේගයට යන්නට අලුත් වැඩියා කළත් පරණ කාල සටහනටම අනුව දුම්රිය ධාවනය වන බව කරුණාවෙන් සලකන්න.

:       1       1

RAJ Friday, 27 April 2018 08:32 AM

මේවා පුද්ගලිකරණය කරන්න ඕනෑ. හැමදාම ප්‍රමාදයි. කිසිම වගකීමක් නැහැ. නොදකින්...

:       110       1

rocky Saturday, 28 April 2018 02:16 AM

පීලි දැමීම නතර කරන්න. කෝච්ච්වලට ටයර් යොදා හයි වේ මාර්ගවල ධාවනය කිරීමෙන් පීලි පැනීම නැවත්විය හැකියි !

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 435 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 1804 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1404 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 789 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1948 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 95 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1548 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1436 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site