IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


නීතීඥයාට අඩත්තේට්ටම් කළ වැලිකඩ හිටපු ඕඅයිසී අවුරුද්දක් හිරේට

( තිළිණි ද සිල්වා,  මනෝප්‍රිය ගුණසේකර ,රංජන් කටුගම්පොළ )
 
සිය රථය  පසුකර යෑමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් කෝපයට පත්ව අනෙක් රථයේ ගමන් කරමින් සිටි නීතිඥවරයාට පහරදී අඩත්තේට්ටම් කිරීමේ චෝදනාවට වරදකරු වූ වැලිකඩ පොලීසියේ හිටපු ස්ථානාධිපතිවරයාට වසරක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (18දා) නියම කළේය.
 

මෙලෙස සිර දඬුවම් නියම වූයේ වැලිකඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක කමල් අමරසිංහ මහතාට එරෙහිවය.
 
චූදිත කමල් අමරසිංහට එරෙහි නඩුව මුලින්ම විභාගයට ගත් කොළඹ ප්‍රධාන මහේස්‍ර්තාත් අධිකරණය   ඔහුට එරෙහිව  වසරක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කොට තිබූ අතර, එම දඬුවමට එරෙහිව අමරසිංහ මහතා   අභියාචනයක් ඉදිරිපත් කර  තිබිණි. 
 
එම අභියාචන පෙත්සම විභාගයට ගෙන අවසන් කීරීමෙන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබා දුන්නේය. අභියාචනය නිශ්ප්‍රභ කළ ශ්‍රේෂ්ඨාධිකරණය මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියම කොට තිබූ වසරක බරපතළ වැඩ සහිත සිර දඬුවම අදම (18)   ක්‍රියාත්මක කිරීමටද තීන්දු කළේය.
 
සිසිර ද ආබෘ, ප්‍රසන්න ජයවර්ධන සහ එල්.ටී.බී. දෙහිදෙණිය යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ  ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල අදාළ නියෝගය ප්‍රකාශයට කළේය.



අදහස් (9)

නීතීඥයාට අඩත්තේට්ටම් කළ වැලිකඩ හිටපු ඕඅයිසී අවුරුද්දක් හිරේට

Chanak Los angeles Wednesday, 18 July 2018 09:14 PM

දඬුවමට අකමැතිනම් අසම්මත වැරදි නොකරන්න වගබලාගත යුතුයි .

:       0       0

Bamunuarachchi Wednesday, 18 July 2018 11:28 PM

නියමයි උද්දච්ච කමට උගන්වපු පාඩම

:       0       1

නෙල්සන් Thursday, 19 July 2018 02:35 AM

නීතිඥයාට පහරදුන් නිසා මොහුට මේවගේ දඬුවමක් ලැබුනා. වෙන කෙනෙකුට මේ දේම උනානම් පොලිසිය විසින් නීතිඥ මහත්වරුන්ව අල්ලලා මේක යට ගහනවා. අර මනුස්සයට අබ සරණයි. මේ රටේ නීතිය තරාතිරම අනුව, සල්ලි අනුව, පවුල් පසුබිම අනුව වෙනස්වීම ගැන ඉතාම කනගාටුයි.

:       0       233

gaminii Thursday, 19 July 2018 02:39 AM

හොද නියමයක්. මටත් මෙවැනි අපහසුවක් විදින්නට සිදු උනා.

:       0       8

theshan Thursday, 19 July 2018 03:03 AM

කොට්ටෝරුවා හැම ගහටම කොටලා ගහිල්ල කෙසෙල් ගහට කෙටුව දවසට හොට පටලගන්නවා කියල කියමනක් තියෙනවනේ. මෙය එයට හොඳ උදාහරණයක්. O .I .C මහත්තය හිතන්න ඇති වෙන මිනිස්සු වගේ නිල ඇඳුමට බයේ ඉඳියි කියලා. මමනම් කියන්නේ මෙවැනි සමහර පොලිචේ නිලදරීන්ට උපරිම දඬුවම් දෙන්න ඕනේ අනිත් යට ආදර්ශයක් වෙන්න.

:       0       182

rocky Thursday, 19 July 2018 03:33 AM

වැරදි වැඩ කරලා අහු වෙන පන්සල්වල ඔ.අයි.සී. ලාටත් මේ වගේ දඬුවම් දෙන්න බැරිද?

:       0       3

isurandi Thursday, 19 July 2018 04:21 AM

තීරණය මොකක් උනත් කෙනෙකුට ගහන්න අයිතියක් නැහැ කිසිම කෙනෙකුට වරදක් නැතුව. වරදක් තිබ්බත් එය විසදාගැනීමේ ක්‍රමවේදයක් නැතුව නෙමෙයිනේ.

:       0       23

ruwan Thursday, 19 July 2018 07:59 AM

නිල ඇදුමේ බලය පෙන්නන අයට හොද පාඩම්

:       0       2

KANDEPOLA Thursday, 19 July 2018 08:50 AM

හොඳ වැඩේ...

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 530 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 860 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 503 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1378 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 72 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 2542 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 230 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1542 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site