IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


නීතීඥ ලක්ෂාන් ඩයස්ට එරෙහිව පැමිණිලි 04ක්

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

බෞද්ධ භික්ෂූන් වහන්සේලා කිතුණු ආගමික මධ්‍යස්ථාන වලට පහරදී ඇතැයි නීතීඥ ලක්ෂාන් ඩයස් මහතා කළ ප‍්‍රකාශය ගැන පරීක්ෂණයක් පවත්වා සුදුසු නීතීමය පියවර ගන්නැයි පැමිණිලි 4 ක් ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරීවරිය වෙත අද (28) බාර දී තිබිණි.

හිමිවරු තිදෙනෙක් සහ පන්නිපිටිය හිරිපිටියේ පදිංචිකරුවෙක් එම පැමිණිලි බාර දුන්හ.

එම නීතිඥවරයා පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට සහභාගී වෙමින් කළ එම ප්‍රකාශය නිසා මේවන විට මහජන කැළඹීමක් ඇති ව තිබේයැයි එම පැමිණිලිවල සඳහන් වෙයි.

එබැවින් එම නීතීඥවරයා කළ සාවද්‍ය  ප‍්‍රකාශය හේතුවෙන්  තවදුරටත් නීතීඥ වෘත්තීය වැනි ගෞරවනීය වෘත්තීයක නියැලීමට ඔහු සුදුසු නොවන බවත් එලෙස සිය වෘත්තීය අයුතු ලෙස භාවිතා කරමින් ඉහත ආකාරයෙන් ජනතාව ප‍්‍රකෝප කරවන පරිදි ප‍්‍රකාශ සිදු කිරීමට ඉඩ නොතැබිය යුතු බවද පෙත්සමේ සඳහන් වෙයි.



අදහස් (11)

නීතීඥ ලක්ෂාන් ඩයස්ට එරෙහිව පැමිණිලි 04ක්

saman Wednesday, 28 June 2017 03:02 PM

මේක නම් හොඳ වැඩක්. කව්රු වුණත් ජාතිවාදය, ආගම්වාදය දඩමීමා කරගෙන රට ගිනි තියන්න හදනවා නම් ඔවුන්ට උපරිම දඬුවම් දිය යුතුය.

:       8       385

sam Wednesday, 28 June 2017 03:49 PM

ජාතිවාදය අවුස්සලා නම හදාගන්නද මේ හදන්නේ...? හරියට නීති විභාගේ පාස් කළාවත්ද දන්නෑ...

:       0       75

ජයන්ත Wednesday, 28 June 2017 03:50 PM

ඔව්, එතකොට ක්‍රිස්තියානි පල්ලිවලට පහර දෙන එක හොඳයිද?

:       1423       454

dineshaWednesday, 28 June 2017 05:48 PM

ජයන්ත ඇහුනේ නැත්ද කාදිනල් හිමිපාණන් කියනවා ඔය කියපු විදියේ දෙයක් වෙලා නැ කියල.

:       2       214

රවී කරුණානායකWednesday, 28 June 2017 10:01 PM

ජයන්ත කියන්න බලන්න පහර දීපු එක ක්‍රිස්තියානි පල්ලියක් ගැන. සහ ජීවනේ ගැන දැනගන්න ඕනෙනම් ලංකාවේ බුධාගම සහ ක්‍රිස්තියානි අගිමිකයන් ඉන්න විදිහ බලන්න.

:       1       218

සරත් Thursday, 29 June 2017 01:19 AM

නම්ගම් ඇතිව පොලිසියට පැමිණිල්ලක් දාන්න ,සරලයි .පුරාන පන්සල් කඩල ,සඳකට පහන් උද හරක් ගාල් දාල තියෙන ඒවා පොලිසියට කීවත් පොලිසිය බලන්නේ නැහැ ,පුරවැසි බලයට හරි කියල බලන්න ඕනේ. මේ වගේ බොරු කියන ගල් ආන්දෝ තමයි එන්.ජී.ඔ .වලට සල්ලි දෙන උන්ටත් ඕනේ කරන්නේ.

:       4       160

dingirala Wednesday, 28 June 2017 04:08 PM

ඕනෑම කුහක පුද්ගලයකුට හෝ බුදුදහමට වෛර කරන්නෙකුට තමන් හරි වීරයෙක් නැත්නම් හරි සාධාරණ පුද්ගලයෙක් කියල පෙන්වන්න ලේසිම වැඩේ බුද්ධාගමට, විවේචනය කිරීමත් සංඝයා වහන්සේලාට අවමාන කිරීමත්ය... ඒ මක්නිසාදයත් බුදුදහම මුලධර්මවාදී නොවන නිසාත් අන් මත ඉවසීම බුදු දහමට ආවේණික උත්තුංග ගුණාංගයක් නිසාත්ය. බුදුදහමට අවමාන කරන සෑම පුද්ගලයෙක්ම නිරුපද්‍රිතව ජීවත් වන්නේත් එම නිර්මල ගුණාංගය නිසාය.

:       0       220

H M R Bandara Wednesday, 28 June 2017 04:36 PM

හිරිකිතයක් නෙතිව මුදල් වෙනුවෙන් ලක්මව අපකීර්තියට පත් කරන මෙම නරුම යන්ට උපරිම දඬුවන් දිය උතුඉ

:       2       218

පරමේශ්වරන් Thursday, 29 June 2017 04:26 AM

ලෝකේ වැඩියෙන් දැන් තියෙන්නේ ආගම් අතර ගැටුම් නොවේ. බහුතරයක් එකම ආගමේ නිකායන් අතර ගැටුම්... උදාහරණ ලෙස මැදපෙරදිග ශියා - සුන්නි මුස්ලිම් නිකායන්, අයර්ලන්තයේ කතෝලික - ප්‍රොතෙස්තන්ත නිකායන්, බුරුම - තායිලන්ත බෞද්ධ නිකායන්, ඉන්දියාවේ විවිධ හින්දු නිකායන්.... ඒ වගේම, සුළුතර නිකායන්ට එරෙහි ලොකු වෛරයක් බහුතර නිකායන්ට ඇත. එවැන්ජලික, බැප්ටිස්, මෝර්මන් සහ බොහෝ නව යුග නිකායන්ට එරෙහිව කතෝලිකයන්ගෙන් ලොකු මර්ධනයක් ලංකාවෙත් එල්ල වේ. එවැනිම දෙයක්, විශේෂයෙන් නැගෙනහිර මුස්ලිම්වරුන් අතරත් සිදුවේ. මහමෙව්නාව අසපුවට බහුතර බෞද්ධ නිකායන්ගෙන් ඇති විරුද්ධත්වයත් එසේමයි...

:       0       0

jayatilaka Thursday, 29 June 2017 07:14 AM

එක් පල්ලියක් නෙවෙයි... ඉතිහාසේ බොහෝ විනාශ කළ පල්ලි තිබෙනවා. අන්තර්ජාලයෙන් මේ ගැන සොයාබලා තහවුරු තරගන්න.

:       0       13

srimala Thursday, 29 June 2017 07:47 AM

එම නීතීඥවරයා සාවද්‍ය ප‍්‍රකාශයක් කර නැත, අන්තර්ජාලය බැලුවොත් මේ සියල්ලේ සත්‍ය කාටත් දැනගත හැක.

:       0       10

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අඟහරු ගවේෂණ ආදර්ශ මෙහෙයුමට ලාංකික කතක්
2024 අප්‍රේල් මස 18 103 0

ඇමෙරිකාවේ හියුස්ටන් නගරයේ පිහිටි නාසා ආයතනයේ ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පැවැත්වෙන අඟහරු ගවේෂණයේ කිරීමේ ආදර්ශ මෙහෙයුමකට සහභාගී වීමට ශ්‍රී ලංකා


සජබ බෙලිඅත්තේ ලොකු අත්තක් එජාපයට
2024 අප්‍රේල් මස 18 654 0

සමගි ජන බලවේගයේ බෙලිඅත්ත ආසන සංවිධායක වෛද්‍ය ප්‍රවීන් රුවින්ද අතපත්තු මහතා අද(18) එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය.


කෘමියෙක් නිසා ජීවිතයක් අහිමිවෙයි
2024 අප්‍රේල් මස 18 269 0

යාපනය නගරයේ පදිංචි පුද්ගලයෙකුට කෘමියෙකු දෂ්ඨ කිරීමෙන් පසු ඇති වූ රෝගී තත්ත්වයකින් පසු මිය ගොස් ඇතැයි යාපනය පොලීසිය පවසයි.


සමාජ මාධ්‍ය පනතේ පළමු නඩුව නීතීඥ සංගමයේ නිරීක්ෂණයට
2024 අප්‍රේල් මස 18 282 0

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතාගේ පුද්ගලික තොරතුරු අන්තර්ජාලයට මුදා හැරීම හා ප්‍රචාරණය කිරීම වළක්වමින් ඔහුගේ


අන්තිම නැකතේ- පැලයක් සිටුවේ
2024 අප්‍රේල් මස 18 147 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නැකත් සීට්ටුවේ අවසන් අවුරුදු නැකත වශයෙන් යෙදුණු පැල රෝපණය කිරීමේ සමාරම්භක අවස්ථාව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය ම


කාන්තා ක්‍රිකට් පිලෙන් ලෝක වාර්තාවක්
2024 අප්‍රේල් මස 18 774 0

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව දකුණු අප්‍රිකාවේදී පැවැති එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් තර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 196 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1481 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1396 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site