නීතී විරෝධීව මෙරටින් සංක්‍රමණය වීමට උත්සාහ කළ පුද්ගලයින් 30 දෙනකු අද ( 07) අලුයම නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
දකුණු මුහුදු තීරයේ නාවික සැතපුම් 80 ක් දුරින් යාත්‍රා කරමින් තිබු සැක කටයුතු ධීවර යාත්‍රාවක් නිරීක්ෂණය කළ දකුණු මුහුදු තීරයේ මුර සංචාරයේ නියුතු නාවිකයින් පිරිසක් මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් එම සංක්‍රමණිකයින් රැගත් යාත්‍රාව නාවික හමුදා යාත්‍රා මඟින් මේ වන විට ගොඩබිම වෙත රැගෙන එමින් පවතින බව නාවික හමුදාව සඳහන් කරයි.
(36698)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
නීතී විරෝධී ලෙස ලංකාවෙන් පනින්න හැදූ 30ක් අත්අඩංගුවට
ලෙස්ලි හර්බට් විජේසිංහ Thursday, 07 March 2019 08:14 AM
අනේ ඔය අහිංසක මිනිසුන්ට යන්න දෙන්න තිබ්බේ මේ දේශයේ ඉදලා ගොඩ යාමක් නැති නිසා ඒ මිනිස්සු යන්න හදන්නේ
banda Thursday, 07 March 2019 08:19 AM
මේ අහිංසකයන්ට ජිවත් වෙන්න සුදුසු රටකට යන්න දෙන්න.. ලංකාවේ ඉදලා දැන් පුංචි කාර් එකක්වත් ගන්න බෑ නේද ?
`abaran Thursday, 07 March 2019 08:50 AM
හිනා කාලා පණ යන වැඩ තමයි සිද්ධ වෙන්නේ.. වෙන රටවල ඇතුලට එනකොට අල්ලනවා. අපේ රටෙන් පිටවෙනකොට අල්ලනවා. මේ තරම් සැප සම්පත් තියෙන රටක් දාල මොකට රට යනවද මන්දා....
sirimal Thursday, 07 March 2019 08:55 AM
මේක විශාල පරිමානයේ ජාවාරමක්. රටින් පනින්න උත්සාහ කරන අය අල්ලලා වැඩක් වෙන්නේ නැහැ. මේ අයගෙන් සල්ලි අරගෙන මේ ජාවාරම කරන මිනිස්සුයි අල්ලන්න ඕනෑ.
Mahee Thursday, 07 March 2019 09:11 AM
මේ මිනිස්සු පණ එපා කියල යන ගමනක් මේක. මොවුන්ගෙන් ලක්ෂ ගණන් අය කරලා කරන මහා මිනිස් ජාවාරමක් මේ පසුබිමේ තියෙන්නේ. එක අතකට ජීවිතෙත් මුළු සේසතමත් පරදුවට තියල එහෙම යන්නේ ඇයි? අපේ රට වනසන එවුනුත් එක්ක ඉඳල කවදාවත් හරියන්නේ නැහැ කියල හිතන නිසා නොවේද?
mendis Thursday, 07 March 2019 11:19 AM
අනේ කරුණාකරලා මේ මිනිසුන්ට යන තැනකට යන්ට දෙන්න. ලංකාවේ ඉඳගෙන නිකම්ම උඩ බලාගෙන ඉන්නේ නැතිව, අඩු ගානේ මේ මිනිසුන් පිටරටකට ගිහිල්ල මහන්සිවෙලා වැඩ කරලා රටට විදේශ විනිමය වත් එවයි.
wajira Friday, 08 March 2019 02:03 PM
මැති, ඇමතිවරු හෝ ව්‍යාපාරිකයන්ට පුළුවන් තම මුදල් විදේශීය බැංකුවල නොදමා තිබෙන ව්‍යාපාර විනාශ නොකර අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න...