IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


නීතිපති දප්පුල ද ලිවේරාට මහකොමසාරිස් ධූරයක්

(මනෝප්‍රිය ගුණසේකර)

නීතිපති දප්පුල ද ලිවේරා මහතා කැනඩාවේ මහකොමසාරිස් ලෙස පත් කර ඇතැයි  රජයේ ආංචි මාර්ග කියයි.

නීතිපති ලෙස කටයුතු කළ දප්පුල ද ලිවේරා මහතා සිය ධූරයෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව ඔහු අදාල මහකොමසාරිස් ධූරය පිරිනමා ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

තමන්ට ලබා දුන් නව පත්වීම වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ස්තුතිය පළ කළ නීතිපතිවරයා තවදුරටත් මේ රටේ ජනතාව වෙනුවෙන්  සේවය කිරීම තම කැමැත්ත බව  පවසා ඇතැයි වාර්තා වෙයි.
 



අදහස් (19)

නීතිපති දප්පුල ද ලිවේරාට මහකොමසාරිස් ධූරයක්

Sashi Thursday, 06 May 2021 05:53 AM

අනේ මගේ රටට බුදුන්ගේ සරණ ලැබේවා

:       2       18

දොලේවත්ත Thursday, 06 May 2021 06:36 AM

සොලිසිටර් ජෙනරාල් විසින් එම පත්වීම ප්‍රතික්ෂේප කරන ලදී

:       0       11

fairoos Thursday, 06 May 2021 07:06 AM

සුබ පැතුම් වරාය නගර තීන්දුව දිලාද විශ්‍රාම ගියේ

:       1       12

BamunuarachchiMonday, 10 May 2021 02:23 AM

තීන්දුව දෙන්නේ මෙයා නොවෙයි තීන්දුව අදාල පුද්ගලයින්ට බාර දෙන්නේ නීතිපති . මෙයා දන්නේ නැහැ මෙයා මොනවද ලියන්නේ කියලා

:       0       0

mihira Thursday, 06 May 2021 07:17 AM

කළගුණ සැලකීම වෙන්න ඇති නේද?

:       1       12

Nazar Thursday, 06 May 2021 09:21 AM

ලැජ්ජයි, කොණ්ඩෙවත් පීරපු නැති කෙනෙක්...

:       61       11

WarudThursday, 06 May 2021 11:57 AM

මම දන්න තරමට මේ මහත්තයා ඒ තනතුර ප්‍රතික්ෂේප කරල..අනික් කාරනේ කොන්ඩෙ පීරල තෙල් ගාල හිටපු උත්තමයො කොරපු විදිය පිට රට ඉන්න අපිට පේනවනෙ.

:       0       76

Mr Don Thursday, 06 May 2021 09:33 AM

ජනාධිපතිගේ කීකරු ටොමියා...

:       6       13

සුධීර Thursday, 06 May 2021 10:43 AM

ඔහු ඒ තනතුර ප්‍රතික්ෂේප කරලා කියලා තිබුනා.

:       1       6

siri Thursday, 06 May 2021 11:03 AM

අපි හිතුවා.

:       0       9

kapila Thursday, 06 May 2021 11:03 AM

මෙයා නීතිපති ලෙස තදින් හිටිය. බොහෝ දෙනෙකුට එක දිරෙව්වේ නෑ. එහෙම අයට කැපිලි වැඩියි. වෛද්‍ය අනිල් ජාසිංහ ට උනෙත් ඕක තමා. එවැනි යට දෙන්නේ තව උසස් තනතුරු.

:       4       21

Sri Lanka Thursday, 06 May 2021 11:21 AM

ජයවේවා.... ඔබතුමා නිතිපති නිසා අහන්නේ ඔය ලොකු ලොකු රස්සාවලට වයස සීමාවක් නැද්ද අපි රස්සාවට යන්න හැදුවොත් වයස අහලා කපලා දානවා ඔබතුමා මේකටත් නීතියක් හදන්නකෝ

:       0       13

Buddika Thursday, 06 May 2021 12:00 PM

තානාපති කම දිලා මදි ආණ්ඩුව වෙනුවෙන් කළ සේවයට අගමැතිකමක්වත් දෙන්න ඕන

:       3       13

Demuni Uduwara Thursday, 06 May 2021 01:13 PM

පාලකයෝ නීතියට කැමැති නැහැ. හැබැයි 20ට නම් නම්‍යශීලීයි.

:       0       1

Jagath KdappuliArachchi. Mundalama. Thursday, 06 May 2021 01:19 PM

අයෙත් ඇමරිකන් පුරවැසියා එහෙට ආවොත් කොහොමහරි අල්ලපු රටට තල්ලුකරවා ගන්න වෙන්න ඇති. අනේ මන්දා...?

:       1       1

chandana Thursday, 06 May 2021 01:20 PM

ඔක්කොම ඩබල් ගේම්. කටින් ගහලා ඇත්ත බොරුව කරන, බොරුව ඇත්ත කරන සෙට් එකක් ඉන්නවා පොහොට්ටුවේ. ආණ්ඩුව වෙනස් වූ දවසක එළි වේවි සියල්ල.

:       3       2

Buddika Thursday, 06 May 2021 01:20 PM

දැන් මෙයාට වඩා හොදට කඩේ යන්න පුළුවන්... කෙනෙක් පත්කර ගනිමු නේද? මෙයත් තමන්ගේ වගේ වැඩ කළේ... මෙයාගේ විශ්‍රාම යාම කෙසේවෙතත් ලොකු පාඩුවක්.. ආණ්ඩුවේ කීකරු සේවකයෙක්. මෙයාගෙන් ඉටුවුනේ ආණ්ඩුවේ වුවමනාවන් විතරයි.

:       0       1

සෙනෙවිරත්න Thursday, 06 May 2021 01:31 PM

මේක එතුමට දීපු තෑග්ගක් නොවන බවත්, ඉස අතගා ටොකු ඇනීමක් නැත්නම් කපන්න බැරි අත සිඹීමක් වගේ දෙයක්. හොඳින් මේ නව තනතුර අරගෙන ෂේප් එකේ ඉන්න කියනව වගේ... මෙතුමා යම් යම් තීරණ ගත්ත පාලකයනට දිරවන්නෙ නැති. ඊනියා ජනාධිපති කොමිසමට එරෙහි වීම එයට නීතීඥයන් නොයැවීම..., රිෂාඩ් පාර්ලිමේන්තුවට ගෙන ඒමට හැකි බව ප්‍රකාශ කිරීම වගේ. ශිරානි බණ්ඩාරනායකට වූ දෙය මෙතුමාට නොවේවා. ඔබගේ තීරණය අගේ කරමි...

:       0       3

Samare Friday, 07 May 2021 03:17 PM

මෙයා ලංකාවේ ඉන්න එක අවදානම්.... අනික් ඡන්දෙට පොදු අපේක්ෂකයා වුනොත්. හොඳම දේ රටින් පිටකිරීම...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 461 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 998 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 1152 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 752 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 201 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1901 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1638 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site