IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


නීති විරෝධීව ඕස්ට්‍රේලියාවට ආවොත් රඳවා ගන්නවා

(එෆ්.අස්ලම්)

ශ්‍රී ලාංකික සරණාගතයින් නීති විරෝධීව ඕස්ට්‍රේලියාවට ඇතුළු වීම සම්බධයෙන් දැඩි පියවර අනුගමනය කරන බවත් එකී සංක්‍රමණිකයින් රඳවාගැනීමට ඕස්ට්‍රේලියානු රජය පියවර ගෙන තිබෙන බවත් ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හොලී මහතා උතුරු පළාත් ආණ්ඩුකාරවර සුරේන් රාඝවන් මහතා හමුවී ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හොලි මහතා සහ උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා අතර හමුවක් ආණ්ඩුකාරවරයාගේ නිල නිවසේදී සිදුවූ අතර එහිදී මහ කොමසාරිස්වරයා මේ බව අවධාරණය කර ඇත.

මෙම හමුවේදී උතුරු පළාතේ වර්තමාන තත්ත්වය සහ ඕස්ට්‍රේලියානු රජය විසින් සිදු කරනු ලබන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව විස්තරාත්මකව සාකච්ඡා කරන ලද අතර උතුරු පළාතේ  ජල ගැටලුව විසඳීම සඳහා වඩමරාච්චි ජල සම්පාදන යෝජනා ක්‍රමය සහ වඩමරාච්චි ක්ෂේත්‍ර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලාංකික සරණාගතයින් ඕස්ට්‍රේලියාවට ඇතුළුවීමට නීතිවිරෝධී ලෙස උත්සාහ කිරීම පිළිබඳව අදහස් දක්වමින් මහ කොමසාරිස්වරයා කියා සිටියේ නීතිවිරෝධී සංක්‍රමණිකයින් රඳවා තබා ගැනීම සඳහා ඕස්ට්‍රේලියානු රජය දැඩි පියවර ගනිමින් සිටින බවයි.

ඕස්ට්‍රේලියානු රජයේ මහ කොමසාරිස් කාර්යාලය හරහා උතුරු පළාතේ සංචාරක කර්මාන්තයේ දියුණුවට සහාය වීමට තමන් සූදානම් බවත් පුහුණුව ඇතුළු සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපෘති දැනටමත් ආරම්භ කරමින් සිටින බවත් ඕස්ට්‍රේලියානු තානාපතිවරයා පැවසීය.

මේ සම්බන්ධයෙන් ඔවුන් සමඟ කටයුතු කිරීමට ආණ්ඩුකාරවරයා සූදානමින් සිටියි.



අදහස් (11)

නීති විරෝධීව ඕස්ට්‍රේලියාවට ආවොත් රඳවා ගන්නවා

රංග තේනුවර Wednesday, 17 July 2019 02:07 PM

ඉතිං එහෙ රදවා ගන්නවා නං හොදයි නේ, ආපහු හරවල එවන්නේ නැතිව.

:       3       171

chandimaWednesday, 17 July 2019 03:53 PM

එ්ක නේන්නම්, හිරේ උන්නත් ඒ.සී එහෙම දාලා ඇතිනේ? කෑමට හැම්බේකන්, කිරි, බිත්තර, අතුරුපසට ඇපල් එහෙමත් දෙනවා ඇති නේද?

:       0       118

chathuraWednesday, 17 July 2019 06:09 PM

එහෙ හිරේ මදුරුවෝ නැතිද?

:       0       5

de silva Wednesday, 17 July 2019 09:26 PM

රඳවා ගන්නවා කියල කියන්න එපා , අවම පහසුකම් ඇති පරණ සිරකරුවන් සිරකරුවන් ගෙනියන නැවකින් සෝමාලියාවේ තිබෙන සරණාගත කඳවුරකට ගෙනියනවා කියල කියන්න එහෙදි නඩු අහල අපහු ලංකාවට එවනවා කියල කියන්න , නැත්නම් රොත්ත පිටින්ම ඒවි , මොකද ඕස්ට්‍රේලියාවේ හිර ගෙවල් වල තිබෙන සැප පහසුව මේ ගොල්ල චිත්‍රපටි වලින් දැකල තිබෙනවා , ලංකාවේ ඉන්න බහුතරයක් පිනට කාල බිල මුල්ලකට වෙලා ඉන්න හරි කැමතිය

:       0       17

Bamunuarachchi Thursday, 18 July 2019 12:00 AM

ලංකාවේ කොහෙන්ද සරනාගතයින් මිස්ටර් ඩේවිඩ් හොලී? එහෙම බැලුවොත් දේශපාලුවෝ, ඔවුන්ට බලය දුන්න අර 62 හැරෙන්න අන් සියලු දෙනාම සරණාගතයෝ.

:       45       20

Bamunuarachchi Thursday, 18 July 2019 12:03 AM

කොපමණ කාලයක් රඳවා ගන්නවාද? ඊට පස්සේ මොකද කරන්නේ?

:       23       0

muditha Thursday, 18 July 2019 02:48 AM

දැන්නම් ඕස්ට්‍රේලියාවේ හිර ගෙදරක ඉන්න එක ලංකාවේ ඉන්නවාට වඩා සැපයි.

:       0       31

sasith Thursday, 18 July 2019 04:37 AM

හොද දෙයක්. ඉක්මනට යමු

:       0       19

පුරවැසිය Thursday, 18 July 2019 07:09 AM

බමුණුඅාරච්චි අර 62... හරිම අහිංසක සමාජ සේවකයින්..

:       0       0

BamunuarachchiSaturday, 20 July 2019 11:49 PM

නැතුව නැතුව ඒ නිසානේ රට විනාශකරලා.... රට නන්ත්තාර වෙලා රට ආරාජික වෙලා තිබෙන්නේ.

:       0       0

sam Thursday, 18 July 2019 07:31 AM

රඳවා ගන්නේ පැපුවා නිව්ගිනි හෝ නයාරු රැඳවුම් කඳවුරු වල මිසක් ඕස්ට්‍රේලියාව ඇතුලේ නොවෙයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 42 0

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


පාස්කු පරීක්ෂණ ගෙඩිය පිටින් පිට රටට දෙන්නේ නෑ
2024 අප්‍රේල් මස 25 106 0

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම


මත්පැන් බදු ජූනි 30ට පෙර අයකර ගන්න
2024 අප්‍රේල් මස 25 149 0

මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ලබන ජූනි 30 වැනිදා වන විට අයකර ගැනීමට කටයුතු ක‍රන්න ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව ශ්‍රී ලංකා සුරා


විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 299 0

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 679 2

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


නුවරඑළියේ ස්ටෝබෙරි ගමක් හදයි
2024 අප්‍රේල් මස 25 872 0

ශ්‍රී ලංකාවේ පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1688 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site