IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


නිහඬ නුවරක හුදකලාවක

(වූහාන් නගරයේ වෙසෙන තරුණියකගේ දින පොතෙන්)

වූහාන් නගරයේ ප්‍රවාහන සේවය නවතා දමා තිබිණි. සියලු වෙළඳ මධ්‍යස්ථානවල දොරගුළු ලාගත් වතින් තවමත් එසේය. නිවාසවලින් පිටත ලෝකයට නොබසින්නැයි කරන දැනුම් දීම් අනුව වූහාන් වැසියෝ හුදකලාව කල්ගත කරමින් සිටිති.

29 හැවිරිදි ගුවෝ ජින් නම් වන තරුණියක් ජනවාරි 23 වන දින සිට මේ දක්වා චීනයේ වූහාන් නගරයේ වාසස්ථානයක සිරවී හුදකලාව දිවිගෙවන්නීය. ජින් සමාජ සහ මානව හිමිකම් ක්‍රියාකාරිනියකි. එසේම ස්වෝත්සාහයෙන් දිවිගෙවන්නියකි. එහෙත් අද ඇයට නිවසින් එළියට බැසිය නොහැකි වී තිබේ.

ගෙවී ගිය සතිය පුරා ඇය කුඩා දින පොතක් පවත්වාගෙන ගියාය. එයින් ගත් සටහන් අපි මෙසේ පළකරමු.

ජනවාරි 23 - අවුරුද්ද ම මෙහෙම ඉන්න වුණොත්

උදේ නැගිට්ටට පස්සේ වයිරසය ගැන ආරංචි වුණාම, මම දැනගෙන හිටියේ නැහැ මොකක්ද කරන්න ඕනෙ කියලා. මොකක්ද  ඒකෙන් අදහස් වෙන්නෙ? කොයිතරම් කාලයක් මේ වයිසරය තියේවිද? කොහොමද ඒකට මුහුණදෙන්නෙ? සූදානම් වෙන්න ඕනෙ කොයිවිදියටද? මේ කිසිදෙයක් මම දන්නෙ නැහැ.

‘වයිරසය ආසාදනය වුණු ගොඩක් මිනිස්සුන්ට ප්‍රමාණවත් රෝහල් තිබුණේ නැහැ’, ‘ඔවුන්ට හරියාකාරයෙන් ප්‍රතිකාර ලබාදෙන්නෙ නැහැ’ වගේ කෝපයෙන් උමතු වෙලා දැක්වූ අදහස් බොහොමයක් සමාජ මාධ්‍යවල පළවෙලා තිබුණා.

මිනිස්සු බහුතරය හිටියෙ මුඛ ආවරණ පැළඳගෙන. යාලුවො මට කිව්වේ පුලුවන් තරම් ආහාර ඇතුළු අත්‍යවශ්‍ය දේවල් මිලදීගෙන තියාගන්න කියලායි. ඒ වෙනකොටත් වෙළඳසැල්වල හාලුයි, නූඩ්ල්සුයි ඉවරවෙලා.

වෙළඳසැලක හිටපු මිනිහෙක් ලුණු බොහෝ ප්‍රමාණයක් මිලදීගනිමින් හිටියා.  ‘ඔච්චර ලුණු මොකටද?’ කිසිවකු ඔහුගෙන් අහනවා මට ඇසුණා. ‘අපිට මුළු අවුරුද්දම මෙහෙම ඉන්න වුණොත්?’ පළමුවැන්නා  පිළිතුරු දුන්නා.

මම ෆාමසියකට ගියා. ඒවෙනකොටත් මිනිස්සු බොහොමයක් එහි පිරිලා බඩු මිලදීගනිමිනුයි හිටියේ. ඒ වෙද්දිත් මුඛ ආවරණ සහ විෂබීජ නාශක විකිණිලාම අවසන්වෙලා.

හැකි තරම් කෑමබීම මිලදීගත්තාට පස්සෙත් මම හිටියෙ කම්පනයෙන්. පාරේ ගිය මෝටර් රථ වගේම පදිකයන් සංඛ්‍යාව ටිකෙන් ටික අඩුවීගෙන යනවා. නගරය එකපාරටම නතරවෙලා. කවදද මේ නගරය ආයිත් පණගැහෙන්නෙ?

ජනවාරි 24 - නිහඬමය නව අවුරුදු සන්ධ්‍යාව

මුළු ලෝකය ම නිහඬ වෙලා. මේ නිහැඬියාව මට ගෙන එන්නේ බියජනක හැඟීමක්. මම ජීවත්වෙන්නෙ තනියම. ඉතිං තවත් මිනිස්සු මගේ අවට ඉන්න බව මට දැනෙන්නෙ උත්සවවලදී ඔවුන් නඟන ප්‍රීතිමත් හඬ මේ කොරිඩෝව දිගේ ගලන් ඇවිත් ඇහෙද්දියි.

ජීවිතය බේරගන්නෙ කොහොමද කියලා හිතන්න මට උවමනාවටත් වැඩියෙන් කාලය තියෙනවා. මට බේරෙන්න වෙන විදියක් නැහැ. වෙනත් සම්බන්ධතා නැහැ.

අසනීප වෙන්න නොදී මාව හොඳින් තියාගන්න එක මගේ එක ඉලක්කයක් වුණා. මම ශාරීරික සුවතාවල යෙදෙන්න ඕනෙ.  ජීවිතේ බේරගන්න කෑමබීමත් ඕනේ. ඒනිසා මිලදීගෙන ගබඩාකරගන්න තරම් ප්‍රමාණවත් කෑමබීම  තියෙනවද කියලා හොයලා බලන්න ඕනේ.

වයිරසය කොයිතරම් කාලයක් තියේවිද, ඒ හින්දා කොයිතරම් කාලයක් අපට නිවෙස්වලට වෙලා ඉන්න වේවිද, අපි ක්‍රියාකරන්න ඕනෙ කොයිවිදියටද  කියලා රජයෙන් දැනුම්දුන්නේ නැහැ.  මිනිස්සු නම් කියන්නෙ මැයි වෙනකම් ම මේ විදියට ගෙවල්වලට වෙලා ඉන්න වේවි කියලයි.

පහළ තට්ටුවෙ තිබුණෙ ෆාමසියයි සිල්ලර බඩු කඩෙයි අද වහලා. ඒත් කෑම බෙදාහරින මිනිස්සු තවමත් සේවයේ යෙදිල ඉන්නවා දකින්න ලැබීම සතුටක්.

සුපිරි වෙළඳසැල්වල තිබුණු නූඩ්ල්ස් සියල්ල විකිණිලා. ඒත් හාල් ටිකක් ඉතිරිවෙලා තිබුණා. මම අද ගිහින් සුදු ලූණු දලු, සැල්දිරි කොළ, බිත්තර මිලට අරගත්තා.

ගෙදර ඇවිත් ඇඟ සෝදාගෙන ඇඳුම් පැළඳුම් හෝදලා දැම්මා. තමතමන්ගේ සනීපාරක්ෂාව ගැන හිතන එක හරිම වැදගත්. දවසකට 20ක් නැතිනම් 30 වතාවක් විතර මම අත් සෝදනවා.

පිටතට යන එකෙන් මට තේරෙන්න ගන්නවා තවමත් මම ලෝකය එක්ක බැඳිලායි ඉන්නෙ කියලා. වැඩිමහලු උදවියයි, ආබාධිත අයයි හුදකලාව ජීවත්වෙන්නේ කොහොමද? ඒක හිතාගන්න බැරි තරම් අමාරු දෙයක්.

සාමාන්‍යයෙන්  උයන ප්‍රමාණයට වඩා අඩුවෙන් උයන්න මට ඕනෙ වුණේ නැහැ. මොකද ඊයේ තමයි සූකර අවුරුද්දෙ අවසාන රාත්‍රිය.  ඒක සමරන්න තිබුණේ ප්‍රණීත ආහාරයකුත් එක්කයි.

රාත්‍රී ආහාරය අවසානයේ මම යාලුවන්ට වීඩියෝ සහිත දුරකතන ඇමතුමක් ගත්තා. වයිරසය මගහැරලා කතාකරන්න දෙයක් තිබුණේ නැහැ. ඇතැම් යාලුවො හිටියෙ වූහාන්වලට කිට්ටු නගරවල. සමහර යාලුවො වයිරසය නිසා ගෙවල්වලට නොයන්න තීරණය කරලා තිබුණා. වයිරසය හින්දා සමහරු අපිව මුණගැහෙන්නවත් කැමැති වුණේ නැහැ.

අපි එහෙම කතාකරමින් ඉද්දි එක යාලුවෙක් කැස්සා. තවත් කෙනෙක් ඇයට විහිලු කළා, වහාම දුරකතනය විසන්ධි කරන්නයි කියලා.

අපි පැය 3කට සැරයක් කතා කළා. මම හිතුවා එහෙම කතාකළාට පස්සේ හොඳ සිතුවිලිවලින් නින්දට යන්න පුලුවන් වේවි කියලා. ඒත් මම ඇස් වැහුවාම, පහුගිය දිනවල වුණු සිද්ධි විදුලි වේගයෙන් මතකෙට එන්න පටන්ගත්තා.

ඇස්වලින් කඳුළු කඩාවැටුණා. මට දැනුනෙ හරිම අසරණ බවක්. කේන්තියකුත්. ඒ වගේම දුකකුත්. මගේ මරණය ගැනත් මම හිතන්න ගත්තා.මට පසුතැවිලි වෙන්න කිසිවක් තිබුණෙ නැහැ. මොකද මගේ රැකියාව ගැන මට තෘප්තියක් තිබුණා. ඒත් මට ඕනෙ වුණේ නැහැ මගේ ජීවිතේ මේ තරම් ඉක්මණින් ඉවරවෙනවා දකින්න.

ජනවාරි 25 - චීන අලුත් අවුරුදු හුදකලාව

චීනයේ අලුත් අවුරුදු දා අදයි. සංස්කෘතික උත්සව සමරන්න මට කවදාවත් විශාල උනන්දුවක් තිබුණෙ නැහැ. ඒත් දැන් අලුත් අවුරුද්ද වෙනදාටත් වඩා, අදාළ නැති කාරණයක් බවට පත්වෙලා.

උදේ කිවිසුම් හරිද්දි ලේ පිටවෙනවා මට පෙනුනා.  නිතරම මගේ මොළය පිරිලා තිබුණේ අසනීපවෙයි කියන කනගාටුදායක සිතිවිල්ලෙන්. මම කල්පනා කරමින් හිටියෙ කාමරෙයන් එළියට යනවාද නැද්ද කියලායි. ඒත් කිසිම උණක් තිබුණෙත් නැතිව මම හොඳ සනීපෙන් හිටියා. ඉතිං මම ටිකකට පිටතට ගියා.

මම මුඛ ආවරණ 2ක් පැළඳගෙනයි හිටියේ. මිනිස්සු නම් කිව්වෙ ඒ වැඩේ නම් කිසිම වැදගැම්මකට නැති දෙයක් කියලයි. මම බයෙන් හිටියේ දුර්වල තත්වයේ මුඛ ආවරණ ගැන. ඒනිසා මුඛ ආවරණ දෙකක් පැළඳගෙන සිටීම මට ආරක්ෂාකාරී හැඟීමක් ලබාදුන්නා.

අර නිහැඬියාව තවමත් එහෙමමයි.

මල් විකුණන වෙළඳසැලක් විවෘත කරලා. වෙළඳසැලේ හිමිකරුවා මළ ගෙවල්වල සැරසිලි කරන්න ගන්න මල් ඉදිරි දොර ළඟ අහුරලා තිබුණා. ඒකෙන් යමක් ඇඟවුණාද සංකේත වුණාද කියලා මම දන්නෙ නැහැ.

සුපිරි වෙළඳසැලේ එළවළු රාක්ක හිස්වෙලා. නූඩ්ල්ස් සහ ඩම්ප්ලින්ග් සියල්ලම වගේ විකිණිලා.  බඩු මිලදීගන්න පෝලිම්වල හිටියෙත් මිනිස්සු ටිකදෙනයි.

මම වෙළඳසැලට එන හැම වතාවකම කෑමබීම බොහෝ ප්‍රමාණයක් මිලදී ගත්තා. ගෙදර හාල් කිලෝ 7ක් තියෙද්දි මම තවත් කිලෝ 2හමාරක් මිලදීගත්තා. බතල, ඩම්ප්ලින්ග්, සොසේජස්, රතු බෝංචි ඇට, කොළ බෝංචි සහ ලුණු දාපු බිත්තර මිලදීගැනීමෙන් මාව වළක්වගන්න මට ම බැරිවුණා.

ලුණු දාපු බිත්තරවලට මම කැමති ම නැහැ. මම ඒවා ගත්තෙ මේ තත්වය ඉවරවුණ දාකට යාලුවන්ට දෙන්නයි.

මේ මාසෙට ඇතිතරම් මට කෑම බීම තියෙනවා. ඉවරයක් නැති මේ කෑම මිලදී ගැනීම උමතුවක්. ඒත් මේ වගේ තත්වයක චීනය තියෙද්දි මම කොහොමද ඒ වෙනුවෙන් මට ම දොස් පවරගන්නේ?

මම ගං ඉවුරු දිගේ ඇවිදින්න ගියා. ක්ෂණික ආහාර අලෙවිකරන අවන්හල් දෙකක් විවෘත කරලා. මිනිස්සු කිහිපදෙනෙක් තමන්ගෙ සුරතල් බල්ලොත් එක්ක නගරයේ ඇවිදිමින් හිටියා. මම දැක්කා තවත් සමහරු නිස්කාන්සුවේ ඇවිදින හැටි. ඒ අයට ඕනෙ වුණේ නෑ වයිරසයක් නිසා ගෙවල් ඇතුළට වෙලා, කොටුවෙලා ඉන්න.

මීට කලින් කිසිම දවසක මම තනිවම පාරේ ඇවිදලා නැහැ. දුරට පෙනෙන පාරක තනියම ඇවිදින එක මට දැනුනේ මගේ ලෝකය තව ටිකක් විහිදිලා ගිහින්, පුළුල් වෙලා වගෙයි.

මතු සම්බන්ධයි

ඩිල්ෂානි චතුරිකා දාබරේ

(බීබීසී සටහන් ඇසුරින්)



අදහස් (10)

නිහඬ නුවරක හුදකලාවක

lanka Friday, 07 February 2020 11:30 AM

එළවලුයි, හාලුයි, බිත්තරයි විතරයි සුපර්මාර්කට් වල ඉතිරිවෙලා තියෙන්නේ... හොඳ සර්ප මස් ටිකක්, වවුල් මස් ටිකක් එහෙම ආසාවටවත් හොයාගන්න ඉතුරුවෙන්න නැතිව ඇතිනේ....

:       1609       21

JayFriday, 07 February 2020 09:50 PM

ලංකා, මිනිස්සු අමාරුවේ වැටිලා ඉන්න වෙලාවක එ්කත් විහිලුවකට ගන්න එපා.. පොඩ්ඩක් හිතන්න ඔයා මේ වගේ අවස්ථාවකට මුහුණ දුන්නා නම් කොහොමද කියලා. අමතක කරන්න එපා... අපි කාට වුණත් මොනවගේ කරදරවලට මොන අවස්ථාවේ මුහුණ දෙන්න වෙයිද දන්නේ නැහැ...

:       0       286

NuwanSaturday, 08 February 2020 09:10 AM

චීනුන්ට ඔවුන්ගේ පව්කාර වැඩ දැන්වත් තේරුණොත් ඇති..

:       41       19

Gamage Friday, 07 February 2020 11:52 AM

චීනයේ යිගූර් කියන ජන කොට්ටාශය දැන් චීන ජාතිකයන් විසින් සම්පූර්ණයෙන්ම පාගා දමා තිබුණා. ඔවුන්ගේ දේවස්ථාන, ඔවුන්ගේ සිරිත් විරිත්, ඔවුන්ගේ ආහාරපාන සම්පූර්ණයෙන්ම තහනම් කර තිබුණා. තවද ඔවුන් මිලියන ගණනින් කඳවුරු වලට ගාල්කරනු ලැබුවා.

:       248       305

lankasri Friday, 07 February 2020 01:20 PM

ඔව් මරණ භය කියන්නේ ලොකුම භයයි. සැමවිටම කුහුඹුවකුගේ හෝ පණ බේරන්න. මදුරුවෙක්වත් මරන්න එපා. මෙවැනි ව්‍යවසනයන්ට ඔබට මුහුණපෑමට සිදුනොවේ. නිරෝගී දිර්ඝායුෂ ලැබේ. දීර්ඝායුෂ ලැබෙන්නේ ධර්මයේ හැසිරී කෙලෙස් දුරු කොට සසරෙන් එතර වීමටයි.

:       9       339

janis Friday, 07 February 2020 01:52 PM

චීන ජාතිකයන්ගේ පොලට ගියවිට ඔබට දකින්න ලැබෙන්නේ ලේ විලක් මැද මරපු සහ මරන්න එකතු කරගෙන ආ සුනඛයින්... ඒ අතරින් ඉතාම දුක්වුනේ අබාධිතයින්ට උදව් කරන වර්ගයේ සුනඛයින්, පවා මරා, එතැනදීම පුළුස්සා කෑමට ගනී. නාගයින්ගේ බෙල්ල කපා ලේ බොන්න සලස්වා දී මුදල් ගනී. මා සිතන්නේ එහි විපාකයි මේ. බුදුරදුන් පවා මේ මාංශ තහනම් කරපු හේතුව මින් මනාව පැහැදිලි වේ...

:       57       264

ලසන්තFriday, 07 February 2020 03:02 PM

මිත්‍රයා, ලංකාවේ අපි හරක් මස් කනවා, ඉන්දියාවේ හින්දූන් එය පිළිකුල් කරනවා. ඌරුමස් කනවා, මැදපෙරදිග මුසල්මානුවන් එය පිළිකුල් කරනවා. අපි මුහුදු බෙල්ලන් රසකර කමින් ගොළුබෙල්ලන් කෑම පිළිකුල් කරනවා. මේ සියල්ල සංස්කෘතික හා සමාජයීය කාරණා... මිනීමස් කා දිවි රැකගත් මිනිසුන්ද අතීතයේ බොහෝ සිට ඇත. කිසියම් ජාතියක් පොදුවේ සංස්කෘතික හෝ සාමාජීය කාරණා අනුව මැනීම සුදුසු නොවේ. තනිතනි පුද්ගලයාගේ සිතෙහි ක්‍රියාව අනුවම කර්ම, ඵලවිපාක තීරණය වේ.

:       14       164

NuwanSaturday, 08 February 2020 09:09 AM

මෙච්චර විනාශයක් වෙලත් තේරෙන්නේ නැති මිනිස්සු ඉන්නවනේ චීනුන්ගේ පව්කාර වැඩ නිසා මේක වුනේ කියලා...

:       113       1

sunil perera Friday, 07 February 2020 10:20 PM

දැන් අපේ චීනයට ගිය එක ශිෂ්‍යයෙකුට වියදම් කරන මුදල අවුරුදු හතරකට වැඩිකිරීම තිස්තුන... ගෙන්වා ගැනීමට සහ නිරෝධායනයට වියදම සියලු එකතුව... දිහා බලනකොට... අනේ පව් මැදපෙරදිග අපේ අම්මලා, අක්කලා.., ජීවිත පූජාවෙන් හම්බකරන විදේශ විනිමය ගැන... කළමනාකාරීත්වයක් නැති අවුරුදු 72ක පාලනය කළ පාර්ලිමේන්තුවේ සාමාජිකයින්ට කාර්වලට පමණක් වියදම් කරන මුදල ගැන හිතනකොට .... ශ්‍රීලන්කන් එකේ පාලකයන්ගේ අල්ලස්... අපි අසරණ වෙලා වගේ දැනෙනවා බුදු හාමුදුරුවනේ....

:       133       213

sampath Monday, 10 February 2020 12:42 PM

චීනේ නොමිලේ ප්‍රතිකාර කරන්නේ නැහැ. සෞඛ්‍ය රක්ෂණය නැත්නම් මැරෙන්නයි වෙන්නේ... ඒ විතරක් නෙවෙයි සාමාන්‍ය ජනයට අාහාර රැස් කරගන්න තරම් වත්කමක් නැහැ. ඉතින් දුක්ඛිත තත්වයකින් ජීවත් වෙන්නේ ලංකාවේ සිසුන් වූහාන් පැත්තේ යවන්න ඕනේ... වර්ජන, නවකවද කරන කට්ටිය සතියකට, දෙකකට අපේ රටේ අධ්‍යාපනය මොනතරම් නිදහස්ද කියලා දෙන්න වූහාන් කවදත් සාමකාමී, සුහදශීලි ජනතාවක් සිටින පළාතක්...

:       0       8

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 1213 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 245 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1291 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1285 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1507 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1390 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 223 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1432 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site