IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


නිවියොක් ටයිම්ස් විවාදයේ යෝජනාව ඉදිරිපත් කළ ආකාරය ගැන ඒකාබද්ධයේ විරෝධය

(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)
 
නිවියොක් ටයිම්ස් පුවත පිළිබඳ විවාදයේ යෝජනාව ඉදිරිපත් කළ ඇති ආකාරය ගැන ඒකාබද්ධ විපක්ෂයේ විරෝධය දැක්වීම නිසා විවාදය ආරම්භයේදී මැතිසබයේ අද (19) කාලගොට්ටියක් ඇතිවිය.

 
මෙහිදී ඒකාබද්ධ විපක්ෂයේ මනත්‍රීවරුන් හා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් අතරේ උණුසුම් කතාබස් ඇතිවීමේන් තත්ත්වය පාලනය කිරීමට මුලසුනේ සිටි නියෝජ්‍ය කාරක සභා සභාපති සෙල්වම් අඩේකලනාදන් මහතාට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.
 
නිව්යොර්ක් ටයිම්ස් පුවත පිළිබඳ යෝජනාව මැතිසබයට ඉදිරිපත් කරනු ලැබුවේ කුරුණෑගල දිස්ත්‍රික් එජාප මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතායි.
 
ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා

 
යෝජනාවන් මෙහෙම ඉදිරිපත් කරන්න් බැහැ. මුලින්ම ඒ පුවත මොකක්ද කියලා කියන්න ඕන. එහෙම නැතිව නිකන් කතා කරන්න බැහැ. ඒ නිසා මේ යෝජනාව ඉදිරිපත් කළ ආකාරය ස්ථාවර නියෝගවලට පටහැනියි. එය නිවැරිදි කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි.
 
තුෂාර ඉදුනිල් මහතා
 
නැහැ. මම ඒ විස්තර ඔක්කොම කිව්වා. මෙයාලා මේ හදන්නේ වෙන කචල් එකක් ඇදලා විවාදය කඩාකප්පල් කරන්නයි. ඒකට ඉඩ දෙන්න එපා.
 
අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී  ශෙහාන් සේමසිංහ මහතා
 
අපි මේ විවාදයට බාධා කරන්නේ නැහැ. විවාදය අපට ප්‍රශ්නයක් නැහැ. නමුත් යෝජනාව පිළිවෙළකට ගේන්න.
 
(විමල් වීරවංශ මහතා හා කෙහෙළිය රඹූක්වැල්ල මන්ත්‍රීවරු ද මීට විරෝධය පළකරමින් අදහස් දක්වති)



අදහස් (11)

නිවියොක් ටයිම්ස් විවාදයේ යෝජනාව ඉදිරිපත් කළ ආකාරය ගැන ඒකාබද්ධයේ විරෝධය

sirimal Thursday, 19 July 2018 07:17 PM

විවාදය දියාරු කලේ කාගේ උවමනාවකටද? දැන් බලාගෙන ගියහම මඟුල කාලා තියෙන්නේ මනමාලයා නැතුවනේ.

:       59       230

vidya Thursday, 19 July 2018 08:08 PM

ඔය සෙට් එකේ එක්කෙනෙක් ව්‍යද ප්‍රතිකාර ගැනීමට අමිරිකාවට එනවා නේද? එක්කෙනෙක් ඇමරිකාවට පැනල ඉන්නවා නේද

:       30       315

gayan Friday, 20 July 2018 12:01 AM

ප්‍රවෘත්තිය ඇත්ත බව තහවුරුයි. විවාද අවශ්‍ය නෑ

:       115       475

සෙනෙවි Friday, 20 July 2018 12:06 AM

තාත්ල පුතාල දෙන්නම නැතිව විවදය තිබිල තයෙන්නෙ. පන්සල් වල වයසක උපසකම්මලට උත්තර බඳින්නනෙැතිව විවදයට ඇවිත් නිර්දෝශිකම කියන්න තිබුන

:       53       529

Mahee Friday, 20 July 2018 12:53 AM

වෙන මොනවට සැලසුම් හදන්න බැරි වුනත් මේ ගොල්ලෝ මෙහෙම ප්ලෑන් වලට හරි දක්ෂයි. මෙතන පුරුදු පරිදි බාල්දියක් පෙරලා ගත්තහම විවාදේ නෙමෙයි වෙන වෙන දේවල් කියවන්නේ. දවස ඉවරයි. විවාදෙත් ඉවරයි. මාතුකාවට අදාළ පුද්ගලයා එළියේ.

:       27       397

dasun Friday, 20 July 2018 12:58 AM

කවුරු මොන විවාද කරත් කමක් නැහැ නියම විදිහට හැම හොරාම අල්ලනවානම්. ඔය නිව්යෝර්ක් ටයිම්ස් විතරක් නෙවෙයි, සිඩ්නි මෝර්නින් හෙරල්ඩ් පත්තරේ ගිය පරණ මහවැලි ඇමති කෙනෙක්ට වසර කීපයකට උඩදී ස්නෝවී මවුන්ටන් ඉංජිනේරු සමාගම අල්ලස් දුන්න කියන එකත් හොයන්න.

:       236       318

rohana Friday, 20 July 2018 03:20 AM

අයි මොකද බය වෙලාද?

:       12       75

සතයපාල Friday, 20 July 2018 07:28 AM

විවාදයට එන්නෙම ඕක කඩාකප්පල් කරන්න ඕනේ දූෂිතයෝ, අපරාධකාරයෝ, හොරුටික ඉස්සරහට දාගෙන. අඩුම ගානේ විවාදයට වැදගත් මහත්වරු වගේ මුහුණ දීලා ජය හෝ පරාජය පිළිගන්න තරම් ආත්ම ශක්තිය ධෛර්යය හා විශ්වාසය නැහැ.

:       0       46

chamila Friday, 20 July 2018 08:00 AM

ඔව් ඇත්තෙන්ම...

:       0       6

rohana Friday, 20 July 2018 04:29 PM

රාජපක්ෂ දේපල රාජසන්තක කරන්න තියෙන්නේ.

:       0       15

padmini Saturday, 21 July 2018 05:31 AM

බෙන්තර ගගෙන් එහා බළල්පැටියෙක් වත් විශ්වාස කරන්න එපා කිව්වේ කට කහනවට නෙවෙයිනේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පළාත් කිහිපයකට සවස් කාලයේදී වැස්ස
2024 අප්‍රේල් මස 24 6 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යමසහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍ය


ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 1086 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 2442 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 2828 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 1406 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 362 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 285 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1647 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1518 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site