IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


නිව්යෝර්ක් ටයිම්ස් ප්‍රවෘත්තිය ගැන දිනක විවාදයක්

සුජිත් හේවාජුලිගේ

හම්බන්තොට වරාය ව්‍යාපෘතියේදී  පසුගිය රජය චීන සමාගමකින් ඇමෙරිකානු ඩොලර් බිලියන 7.6 ක මුදලක් අයථා ලෙස ගන්නා ලදැයි චෝදනා කරමින් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ පළවූ ප්‍රවෘත්තියක් පිළිබඳව දිනක විවාදයක් 19 වැනිදා පැවැත්වේ.

විවාදයේ යෝජනාව ඉදිරිපත් කරන්නේ එක්සත් ජාතික පක්ෂයයි.විවාදය සභාව කල් තබන විවාදයක් ලෙස මෙදින දවස පුරා පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල මහතා ලංකාදීපයට පැවැසීය.



අදහස් (15)

නිව්යෝර්ක් ටයිම්ස් ප්‍රවෘත්තිය ගැන දිනක විවාදයක්

සතයපාල Monday, 16 July 2018 04:37 PM

විවාද කිරිමෙන් පමණක් පලක් නැහැ මේ ගැන සොයන්න කොමිසම් සභාවක් පත් කල යුතුයි. මෙහිදී සොයා බැලිය යුත්තේ නිව්යෝර්ක් ටයිම්ස් පුවත් පතේ පළ වු ආකාරයට මෙවැනී මුදලක් දුන්නාද දුන්නා නම් ඒ කුමන පදනමක් යටතේද හා එම මුදල් වලට සිදු වු දේ කුමක්ද යන්නය හා එවැනී දුෂිත ගනුදෙණුවක් සිදුවුයේ නම් එයට වග කිවයුත්තන් කවුරුද යන්න සොයා බලා ඔවුන්ට විරුද්ධව නිත්‍යානූකූලව කටයුතු කල යුතුයි.

:       124       447

EsalaTuesday, 17 July 2018 02:18 AM

හරියට හරි එහෙම තමයි කරන්න ඕනේ. බැරි වලවත් එහෙම දෙයක් වෙලා නැත්නම් ඔප්පු කරන්න බැරි නම් ඒ හා සමාන මුදලක් අපහාස කරාට ලියපු අයගෙන් ඒ ගැන ප්‍රසිද්ධයේ කතා කරන අයගෙනුයි අය කරගෙන විතරක් මදි අඩුම ගානේ අවුරුදු 10 ක් හිරේ දැමිය යුතුයි. මේ වගේ දේවල් ඉදිරියට නොවෙන්න හැමට හොද පාඩමක් ඉගෙන ගන්න. කරන්නේ මඩ ගහන එක විතරයි. අවුරුදු 3,1/2 ක් තිස්සේ මඩ ගහනවා ඔප්පු කරපු එක දෙයක් නැහැ.

:       57       148

සමන්ත Tuesday, 17 July 2018 11:28 AM

තමන් රවට්ට ගත්තට කමක් නැහැ. ඒත් රටක් රවට්ටන්න උත්සහ කරන්න එපා.ඔය මඩ ගහන කතා කොන්ඩේ බැදපු චීනුන්ට කිව්වට කමක් නැහැ , මේ අපිට කියන්න එන්නේ නැතුව. දැන් මේ රටේ මිනිස්සුද මේවා කිව්වේ ..? නෑනේ . ඒක කිව්වේ ජාත්‍යන්තරව පිළිගත් පත්තරයක් විසින්. එතකොට උත්තරේ මේන් මඩ ගහනවා කියලා ලංකාවේ මිනිසුන්ට කෑ ගහන එක නෙමෙයි. ඒ පත්තරේට නඩු දාන එක. ඇයි එයා ඒක නොකරන්නේ? එයා හොරකමක් කරපු හින්ද නේද ඒ ? ( එයාට කොයි තරම් සල්ලි තියෙනවද කියල ඔහෙලා නොදැනගත්තට අපි නම් ඉතා හොදින් දන්නවා.මහජන මුදල් කොල්ල කාපු එවුන් බල්ලෝ කපුටෝ වෙලා උපදින බව දන්නවනේ නේද?)

:       0       1

Thilina Monday, 16 July 2018 06:45 PM

දැන් එතකොට ඇමරිකාවේ ජනාධිපති බැරක් ඔබාමා පැහැදිලි ප්‍රකාශකයක් කලා නේද එදා පැවති පාලනය වෙනස් කරන්න අති විශාල මුදලක් වෙන් කල බවක්. ඒකටත් විවාදයක් ඉල්ලමුද? රතු අලි පැටියා ඕකනම් මග අරිනවා.

:       211       95

සෙනෙවි Monday, 16 July 2018 10:07 PM

මේ දෙන්න ඒක නම් කරන්නෙ නැහැ

:       0       25

C.K.LANKAPUTHRA Tuesday, 17 July 2018 01:12 AM

සත්‍යපාල මහත්තයා කියන්න විවාදයත් කෙරෙයි...... කොමිසමත් පත්කරයි, සොයා බැලීමත් හරියට සිද්ධවෙයි..... අවසානයේ කොමිසම් වාර්තාව කාගේ හරි සාක්කුවට බැහැ...... වැඩේ එතනින් නවතී

:       0       17

Chanak Los angeles Tuesday, 17 July 2018 01:25 AM

මොනවද ඉතින් එක්කෙනෙක් කියයි හොරකම් කළා කියලා හොරුන් කියයි අපි සත පහක් හොරාකාල නැහැ පුලුවන්නම් ඔප්පු කරන්න මම හෙට දේශපාලනයෙන් අයින් වෙනවා කියලා . පසුව දෙගොල්ලොම පිනට ලැබෙන බත් එක කාල ජනතාවගේ බදු වලින් ගෙවන බෙන්ස් රථවලින් ඉගිල්ලිලා මාලිගා වලට යාවි.

:       0       3

ලුම්බිණි Tuesday, 17 July 2018 02:36 AM

හැම දේකටම විවාද පමණයි.

:       0       74

Sapumal. Tuesday, 17 July 2018 03:37 AM

මේ ගැන තව මොන විවාදද ? වහාම මෙයට ජනාධිපති කොමිසමක් පත්කළ යුතුයි. බැඳුම්කරේට වහා කොමිසම් දාපු හා කෑමොර දුන් අය මේකට කොමිසම් දාන්න හදන්නෙවත්, කියන්නෙවත් නැහැ. මෙයටද වහා කොමිසමක් දමා රටට සත්‍ය හෙලිකල යුතුයි. කව්රු කලත් හොරකම හොරකමමයි. එයට පක්ෂ පාට නොබලා දඬුවම් කල යුතුයි. මේ හොරකම එලිවීමත් සමගම බොහෝ දෙනා කසාය බීපු ගොළුවන් සේ නිහඬයි.

:       4       207

sena Tuesday, 17 July 2018 04:20 AM

විවාද මොකටද නිතිය ක්‍රියාත්මක නොකර - මේ ආණ්ඩුවට දුෂණය නැතිකරන්න කිසිම උවමනාවක් නැහැ මේගොල්ලන්ගේ දුෂණ විරෝධය නිකම්ම නිකම් බොරු සෝබනයක් විතරයි.

:       0       27

සංජු Tuesday, 17 July 2018 04:35 AM

ප්‍රවෘත්තිය - ආන්දෝලනයට තුඩ දී පවතින ශ්‍රී ලංකා සිංගප්පූරු ගිවිසුම පිළිබඳව පැය පහක විවාදයක්, ඒ වුනාට නිව්යෝර්ක් ටයිම්ස් එකට දවසක විවාදයක්. මාර නීතියක් නේ, නිව්යෝර්ක් ටයිම්ස් එකට දවසක් නම් සිංගප්පූරු ගිවිසුමට දවස් දෙකක් වත් දෙන්න එපැයි.

:       1       59

ananda Tuesday, 17 July 2018 06:08 AM

ලංකාවේ පාර්ලිමේන්තුවේ වැඩකට නැති විවාදයි, එක එකාට ඇගිල්ල දික්කර කර බැනගන්න එකයි කුණුහරප කිය කියා කෑගහන පිස්සන් කොටුවක් වෙලා .මහජනයාගේ මුදල් නේද මේ කාබාසිනියා කරන්නේ. කවදද ඔය ඉන්න පිස්සු මෝඩයින්ව අයින් වෙලා උගත් පිරිසක් ඔතෙන්ට එන්නේ.මේ කල්පේදී එයිද ?.

:       0       4

Bamunuarachchi Tuesday, 17 July 2018 07:15 AM

මේ කතාව පැරණි එකක්. මේ සම්බන්ධව සී අයි ඩී යට සොයන්න දුන්න කියා පළමුවරට පල උනේ 2015 ජුලි 22 දා ඩේලි නිව්ස් පුවත් පතේ. ඒ දැනට අවුරුදු 3 කට කලින්.

:       0       3

Arachchi Tuesday, 17 July 2018 12:07 PM

සත්‍යපාල කියන එක හරි. මහජනයාගේ මුදල් වියදම් කර කර පාර්ලිමේන්තුවේ කාලය නාස්ති කරන්න එපා. නිත්‍යානුකුලව දඩුවම් දී මුදල් ආපසු ලබාගන්න අපරාධ කරුවන්ගේ වත්කම් විකුණා හරි. පාර්ලිමේන්තුවේ කතා කරන්න කොච්චර දේවල් තියනවද. පිටරට ඉදන් මිනුස්සු සල්ලි හොයනවා නමුත් එ අයට යම්කිසි ආයෝජනයක් කරන්න දිරිමත්කරන්න රජයට උවමනාවක් නැත.

:       0       0

සමන්ත Tuesday, 17 July 2018 12:57 PM

පරණ ඒවාම තමයි හොයන්න ඕනේ. මොකද ඒ කාලේ ඉඳලම කලේ යටගහපු එකනේ කරේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 830 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 296 1

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 355 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 312 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 492 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 4183 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1416 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site