(ආනන්ද ඉ. ජයකොඩි)
නිරෝධායන ඇඳිරි නීතිය කඩකරමින් අද (22) පස්වරුවේ කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ දංඕවිටදී නවත්වා මගින් පිරිසක් ගොඩ කර ගත් දුර ගමන් සේවා පෞද්ගලික මගී බස් රථයක් මාර්ග නිරීක්ෂණ රාජකාරියේ යෙදී සිටි ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික සිල්වා මහතා ප්‍රමුඛ පොලිස් නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.
මේ අවස්ථාවේ එහි සිටි මගීන් පිරිසට පොලිස් අධිකාරිවරයා තරයේ අවවාද කොට ඔවුන් වෙනත් බස් රථ දෙකක නංවා පිටත්කර යැවීය.
බස් රථයේ කොන්දොස්තරවරයාද පොලිසිය විසින් මුදා හැරි අතර, රියදුරා හා බස් රථය නීතිමය පියවර ගැනීම සඳහා නිට්ටඹුව පොලිසියට භාරදෙනු ලැබීය.
ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික සිල්වා හා නිට්ටඹුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසේල පෙරේරා යන මහත්වරු ප්‍රමුඛ පොලිස් නිලධාරීහු පිරිසක් වැටලීමට සහභාගී වූහ.
මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව
ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව
සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
නිරෝධායන ඇඳිරි නීතිය කඩකළ බස් රථයක් අත්අඩංගුවට
සමිත සේනක අලුත්ගමගේ. Thursday, 22 October 2020 01:55 PM
කොවිඩ් විතරක් නොවෙයි වෙනත් රෝගත් බෝවෙන ක්‍රමයක් තමයි මේ පොල් පටවලා වගේ, වවුලන් එල්ලන් යනවා වගේ සෙනඟ ගෙනයාම. මේ තත්ත්වය ස්ථිර වශයෙන්ම වෙනස් විය යුතුයි. එය රටේ නිරෝගිමත් ජනතාවක් බිහිකිරීම වෙනුවෙනි. කෙසේ වෙතත්, මේ රටේ නම්, කෝවිඩ් තත්ත්වය නැති කාලෙක පොලිසිය මෙවැනි බස් දෙස බලන්නේ හෝ නැත. මෙය තමයි සත්‍යය...
Bamunuarachchi Thursday, 22 October 2020 02:03 PM
ඇයි කොන්දොස්තර නිදහස් කලේ? නමින්ම කියවෙනවා කන්ඩක්ටර් තමයි බස් එක යන්න කියන්නේ... නවත්වන්න කියන්නේ... ඉතින් මිනිහා කීවම රියදුරු නවත්වනවා. යන්න කීවාම යනවා. එම නිසා. කොන්දොස්තරවත් ඇතුළට දමන්න ඕනේ.
chamara Friday, 23 October 2020 05:47 AM
අදත් 143 බස් වැල්ලම්පිටියෙ විනාඩි 20 ක් නවත්තගෙන හිටියා.පොලිසිය ඉස්සරහ බස් හොල්ට් එකේ. පොලිසිය බලගෙන හිටිය මොකුත් නෑ.