IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


නියෝජ්‍ය පොලිස්පති පුරප්පාඩු 09ක් පුරවයි

(තරිදු ජයවර්ධන)
 
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් නව දෙනකු නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස උසස් කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව අද (18) තීරණය කළේය.
 
පොලිස් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති පුරප්පාඩු නවයක් පැවැති අතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ගෙන් ඒ සඳහා අයදුම්පත් කැඳවූ බවත්,  සම්මූඛ පරීක්ෂණයට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 14 දෙනකු සහභාගී වූ බවත් පොලිස් කොමිෂන් සභාවේ ආරංචි මාර්ග කියයි.
 
එම සම්මූඛ පරීක්ෂණය අනුව ලකුණු ලබා ගත් අනුපිළිවෙළින් නව දෙනකු අධියර දෙකක් යටතේ නියොජ්‍ය පොලිස්පති තනතුරට පත් කිරීමට අද (18) ජාතික පොලිස් කොමිෂන් සභාව වැඩ බලන පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ.
 
ජ්‍යෙෂ් පොලිස් අධිකාරීවරුන් වන ඩබ්ලිව් එස් ඊ ජයසුන්දර, කේ වී ඩී ජේ කරවිට, එස් ඩබ්ලිව් එම් සේනාරත්න, යූ පී ඒ ඩී කේ පී කරුණානායක, පී සී ඒ ධනපාල සහ ජී එම් එච් බී සිරිවර්ධන මහත්වරුන් 2019 පෙබරවාරි පළමු වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත් කර ඇතැයි පොලිස් කොමිසම පවසයි.
 
පී කේ ඩී ප්‍රියන්ත, එන් එල් සී සම්පත් කුමාර සහ එම් එම් සිසිර කුමාර මහත්වරු 2019 ජූලි දෙවැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත් කරනු ලැබ සිටිති.
 
ඉදිරියේදී නියෝජ්‍ය පොලිස්පති තනතුරේ ඇතිවන පුරප්පාඩු අනුව ලැයිස්තුවේ ඊළගට සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත් කරන බව ද පොලිස් කොමිෂන් සභාව කියයි.

 



අදහස් (2)

නියෝජ්‍ය පොලිස්පති පුරප්පාඩු 09ක් පුරවයි

Chanak Los Angeles Thursday, 18 July 2019 02:56 PM

මොනවද මොවුන්ගෙන් රටට ලැබෙන සේවාව ?

:       12       19

yaha Friday, 19 July 2019 03:34 AM

මේගොල්ලන්ට කොච්චර උසස්වීම් දුන්නත් වැඩක් නැහැ. රාජකාරි පහල මට්ටමේ තියෙන්නේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 389 1

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 382 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 120 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 1316 2

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 341 1

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 402 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1703 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1547 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site